මේ තියෙන්නේ දැන් ටිකකට කලින්

hmhm95

Well-known member
  • Mar 2, 2015
    2,580
    731
    113
    FB_IMG_1681480603157.jpg


    මේ තියෙන්නේ දැන් ටිකකට කලින් (ප.ව. 2.59 ට පස්සේ) ගත්ත තරු සිතියමක්
    (Ref : SkyView app)

    මේ හැටියට නම් තාම සූර්යයා ඉන්නේ මීන රාශියේ. මේෂ රාශිය තමයි ඊට වම් පැත්තෙන් පැහැදිලිව පේන තරු 4 ක් විදිහට තියෙන්නේ.

    මේක බලලා ඉතිං කියන්න තියෙන්නේ,
    බුදු හාමුදුරුවෝ දේශනා කරලා තියන විදිහටම,

    "අත්ථො අත්ථස්‌ස නක්‌ඛන්තං
    කිං කරිස්‌සන්ති තාරකා"

    අර්ථවත් දේ හඳුනාගෙන කරන අර්ථවත් දේ ඉටු වේ නම් එයම නැකැතය. තරු වලට කුමක් කළ හැකිද?

    මේකෙන් කිව්වේ නෑ අවුරුද්ද සමරන්න ඕන නෑ කියලා. කාටවුණත් සුභ, සෞභාග්‍යය, වාසනාව ප්‍රාර්ථනා කරන එක හැමෝගෙම හිත් වලට හොඳයි.
    හැබැයි නැකැතක් වැරදුනා කියලා පසුතැවිලි වෙන්න වගේ දේවල් කොහොමටවත් ඕන නෑ.
    මොකද තරුවලින් හදන නැකැත් වලට කරන්න පුළුවන් මුකුත් නෑ.

    - විමුවා -
     
    • Like
    Reactions: B.Chat