මේ දවස් වල කාලකන්නි වෙන්න එපා

Boole

Well-known member
  • Nov 4, 2015
    5,777
    6,853
    113
    මේ දවස් වල කාලකන්නි වෙන්න එපා

    මේ දවස් වල ගෙදරම ඉන්න නිසා Depressed නොවී productive විදියට ඉන්න බලමු.



    තමන්ගේ කාමරේ අනිවාම පිළිවෙලට අස්කරලා තියාගන්න නැත්නම් stress වෙනවා. උදේට නැගිටිනකොට හැමදේම පිළිවෙලකට තියෙන ලස්සනට ඇස කරපු කාමරයක් නම් තියෙන්නේ වැඩක් උනත් කරන්න හිතෙනවා නිකන්ම. තමන් වැඩ කරන්නේ කම්පියුටර් එක්ක නම් අනිවාර්යෙන්ම කාමරේ නීට් එකට ක්ලීන් එකට තියෙන්න ඕනේ. කම්පියුටර් එකත් ෆයිල් පිළිවෙලට හදල එකේ වැඩක් කරන්න හිතෙන විදයට තියාගන්න. බලපු ෆිල්ම් ටීවී සිරිස් ඔක්කොම මකන්න. බලපුවා දෙපරාක් බලන්න තරම් වහලෙක් වෙන්න එපා ඒවාට. බැලුවත් ඕවා දැන්ම බලන්නේ නෑ ආයේ බලන්න ඕනේ වෙනකොට හොයාගෙන බලන්න.


    ගෙදරත් ටිකක් අස් කරන්න. ගෙදර අපාය වගේ නම් හැමතැනම බදු දාල සෑහෙන්න අපිළිවෙලයි නම් දවසම මූසලයි ඒවා දැක්කම. උදේට එහෙම අපිළිවෙලට තියෙන ගෙදරකට නැගිට්ටාම දවසේ වැඩක් කරන්න තියෙන Energy එක නිකන්ම නැති වෙලා යනවා. ඒ නිසා ගෙදරත් අස් කරගන්න.ඕනේ නැති ඒවා ගද ගහගෙන ඉන්න එපා. හොදට space එක තියාගන්න. ගෙදර පිළිවෙලට ලස්සනට තියාගන්න එකේ රහස තමයි හැම බඩුවකටම නියමිත තැනක් තියාගන්න මොඅක් හරි දෙයක් අරන් වැඩේ ඉවර උනාම ආපහු ඒක තිබ්බ තැනින් තියන්න



    දවසම ෆිල්ම් ටීවී සීරිස්බලන්න එපා. මුළු දවසම අනාතයෙක් වගේ ෆේස්බුක් යන්න එපා, පිස්සෙක් වගේ වැල බල බල දවසම රිලවා පොලවගහන්නත් එපා. ලිමිට් එකකට කරන්න. ගේම් ගහනව නම් උදේ වරුවේ මොකක් හරි productive වැඩක් කරලා දවස් වෙලා ප්ලේ කරන්න මුලින්ම ගේම පටන්ගන්න එපා. ෆිල්ම් එකක් ටීවී සිරිස් එකක් බලනවා නම් Productive වැඩක් කරලා ඒකට reward එකක් විදියට ඒක බලන්න . විනාඩි 15ක tutorial එකක් බලල පැය හතක අටක් එකදිගට ටිවිසිරිස් බලන ගොබ්බයෙක් වෙන්න එපා



    ඉතුරු ටික අනිත් ත්‍රෙඩ් එකේ දාන්නම්
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,379
    1
    101,252
    113
    34
    Kalutara
    මොන ගේම් එක වුනත් සතියයි ඊට පස්සේ එපාම වෙලා යනවා. වැල බලන කතාව නම් ඇත්ත. :sorry:
     

    සොහොන

    Well-known member
  • Dec 27, 2012
    13,888
    1,332
    113
    revolυтιoɴαry
    http://www.elakiri.com/forum/showthread.php?t=1935124

    කැමති උන් වරෙව් පටන් ගත්තා වැඩෙ 😍

    Corona-5.jpg