මේ පින්තූර දැකලා තියනවද?

anurusun

Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    මේ පින්තූර දැකලා තියනවද?

    1-400x300.jpg


    ලංකාවේ පැරණි තොරතුරු නිරූපණය කෙරෙන පින්තූර, නොයෙක් වෙබ් අඩවි සහ බ්ලොග් අඩවිවල වරින්වර පලවෙනවා. ඒ පින්තූර බොහොමයක්, විවිධ ආයතන, පුද්ගලයන් විසින් ලබාගත්, ඓතිහාසික වටිනාකමකින් යුත් ඡායාරූප බව, එම ඡායාරූප සහිත අඩවි වලට ගියවිට පෙනී යනවා. මේ මෑතකදී, එවැනි ඡායාරූප එකතුවක්, මට දකින්නට ලැබුණා. එම ඡායාරූප මට පෙන්වූ අය, පසුව එයින් කීපයක් මට ඊ මේල් මගින් ඒවා තිබුනේ, මා එම ඡායාරූප කෙරෙහි දැක්වූ දැඩි උනන්දුව නිසයි.
    මට මේ ඡායාරූප ලබාදුන් මගේ මිත්‍රයා සඳහන් කල පරිදි, මෙවැනි ඓතිහාසික ඡායාරූප විශාල එකතුවක්, ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව තිබෙනවා. මෙම පින්තූරත්, එයින් ලබාගත් ඒවා වන්නට පුළුවන්.
    මේ සෑම පින්තූරයකටම මාතෘකාවක් යොදා තිබුණා. නමුත් ඒ මාතෘකාව පින්තූරය සමග දැක්වුණේ නැති නිසා, මා එම මාතෘකා නැවත මේ පින්තූර මත යෙදුවා. ඒ සමගම, මේ පින්තූර ගැන යම් හැඳින්වීමක් කරන්නටද මා සිතුවා. එහෙනම් අපි බලමු මේ පින්තූර.
    හපුතලේ සීතල, මේ පින්තූරයෙන් මොනවට පිළිබිඹු වෙනවා. මෙහි දැක්වෙන බරකරත්ත අදනම් දකින්නට නැහැ. ගොනුන් දෙදෙනෙකු බඳින මෙවැනි කරත්තයක, අද තිබෙන කුඩා ලොරියක ගෙනයන තරම් බරක් ගෙනයනවා.

    2.jpg


    ඒ කාලයේ, නුවරඑලිය කොතරම් පාලු ස්වභාවක ගන්නට ඇද්දැයි, මේ පින්තූරයෙන් පෙනෙනවා. මේ පින්තූරය ගත් ස්ථානයේම සිට, අද පින්තූරයක් ගත්තොත්, අර ඈත පෙනෙන කඳු, හොරෙන් කපා අල්ලාගෙන, ගෙවල් හදාගෙන, එළවලු වගාකරගෙන, ඉන්න හැටි පෙනෙනවා. පසුගිය අවුරුදු 20 ක පමණ අතීතයේ, මා දුටු නුවරඑළිය සහ අද අතරත් විශාල වෙනසක් තිබෙනවා. මේ පින්තූරයේ දැක්වෙන ග්‍රෙගරි වැව, බ්‍රිතාන්‍ය ජාතිකයන් විසින් කළ නිර්මාණයක්.

    3.jpg


    මේ පින්තූරය ලංකාවේදී ගත් එකක් ලෙස මා නම් විශ්වාස කරන්නේ නැහැ. 1885 දී, සුද්දන්ට, අපේ රටේදී කාලතුවක්කු පාවිච්චි කරන්න අවශ්‍යතාවක් තිබුනේ නැහැ. පළමුවැනි ලෝක යුද්ධය ඇරඹුණේ 1914 දී පමණ, දෙවැනි ලෝක යුද්ධය 1942 දී පමණ. ඒ අවස්ථා වලදීවත්, මෙවැනි කාලතුවක්කු, ලංකාව ඇතුළත පාවිච්චි කරන්න අවශ්‍යතාවක් තිබුනේ නැහැ.
    මේ ඡායාරූපය ඉන්දියාවේදී ගත් එකක් බව, මට සෑහෙන්න විශ්වාසයක් තිබෙනවා. මෙහි අලි පිට ඉන්න අය ඇඳලා ඉන්නේ, ඉන්දියානු ක්‍රමයේ යුද හමුදා නිළ ඇඳුම්. පාර අයිනේ තියන කරත්තයේ, කරත්තකරු ඇඳගෙන ඉන්න ඇඳුමත්, ඉන්දියානු දෝතියක් වගේ එකක්. ඒ කරත්තයේ බැඳ සිටින ගොණුන්, ඉන්දියාවේදී බහුලව දකින්නට ලැබෙන වර්ගයක්.

    4.jpg


    මෙහි මුල් පින්තූරයේ දැක්වෙන්නේ Bandarawela කියා නොවෙයි Bandarawilla කියායි. බණ්ඩාරවෙල ගැන දන්නා අයට, මේ කොතනද කියා හඳුනාගැනීම එතරම් අපහසු නැහැ. මේ කරත්ත එන්නේ, හපුතලේ පැත්තේ සිට. මේ හරිය නගරයට සහ බණ්ඩාරවෙල දුම්රියපොළට ආසන්න ප්‍රදේශය. මේ පින්තූරයේ දකුණු පැත්තේ ඇති බෑවුම, අදනම්, ගොඩනැගිලි වලින් පිරිලා තියෙන්නේ.

    5.jpg


    අපි කුඩා දරුවන් කාලේ, මේ ස්ථානයෙන් බස් රථයක යාම, තරමක් ත්‍රාසය ඇති කරවන දෙයක්. ඒ කාලයේ, අදමෙන්, ද්‍රාව පීඩක බලයෙන් යුත් සුක්කානමක්, කිසිම මෝටර් රථයකට තිබුනේ නැහැ. මේ ස්ථානයට ආසන්නවම, පහලින් තිබෙන වංගුව එකවර ගැනීමට බර වාහනවලට බැහැ. කීප වරක් ඉදිරියට පසුපසට ගෙන තමයි, වංගුව ගන්නේ. මේ අසළ, පහලින් තේ කම්හලක් තිබුණා. 1960 දශකයේදී, මහනුවර දෙස සිට පැමිණි ලොරියක්, පාලනය කරගත නොහැකිව, එම තේ කම්හල තුළට කඩා වැදී, මහත් විනාශක් වුණා. මේ ආසන්නයේ ඇති මහා ප්‍රපාතයට, වාහන වැටුණු අවස්ථා තිබෙනවා.

    6.jpg


    එකල ජනජීවිතය මැනැවින් පිළිබිඹු කරන ඡායාරූපයක් ලෙස, මෙය දක්වන්නට කැමතියි. බලන්න, උඩරට නිළමේ වරයකු පළඳින, සාම්ප්‍රදායික හිස් වැස්මක් පැළඳි අයකුද, මෙහි ඉන්නවා. ඇඳුම් වල සැකැස්ම ගැන බලන්න පිරිමි අය උඩුකය නිරාවරණව ඉන්නේ.

    7.jpg


    ඡායාරූපකරණ විෂයය අතින් ගෙන බැලුවොත්, ඒ කාලයේ තිබුන පහසුකම් යටතේ ලබාගත්, ඉතා හොඳ ඡායාරූපයක් ලෙස හඳුන්වන්න පුළුවන්. මෙය බොහෝවිට හපුතලේ, බණ්ඩාරවෙල, ප්‍රදේශයේදී ගත් ඡායාරූපයක් වන්නට පුළුවන්.

    8.jpg


    බ්‍රිතාන්‍ය ජාතිකයන් ලංකාවේ තේ වගාව ආරම්භ කළ පසු, එය සීඝ්‍රයෙන් පැතිරුනා. බලන්න, පින්තූරයේ ඉන්න සුදු ජාතික වතු අධිකාරී වරයා, ගමන් කරන්නේ, වත්තේ සේවය කරන, ද්‍රවිඩ ජාතිකයකු විසින් අදින, ‘රික්ෂෝ’ එකකින්.

    9.jpg


    මට පෙනීයන ආකාරයට, මේ ගම්පොල හෝ තලවාකැලේ ප්‍රදේශයයි. මෙය මහවැලි ගඟේ ඉහළ ප්‍රදේශය කියා මට හිතෙනවා.

    12.jpg


    ගොල්ෆ් ක්‍රීඩාව, 15 වැනි සියවස දක්වා ඇදීයන ඉතිහාසයක් හිමි ක්‍රීඩාවක්. මේ ක්‍රීඩාව කිරීමේදී, සහායකයකු අවශ්‍ය වනවා. ඔහුව හඳුන්වන්නේ කැඩී caddy (or caddie) යන නමින්. ක්‍රීඩාවේ ඒ ඒ අවස්ථාවේදී ක්‍රීඩකයා පාවිච්චි කරන විවිධ පිති සහ අනෙකුත් උපකරණ ඇතුළත් බෑගය ඔසවාගෙන, මුළු ගොල්ෆ් කලාපය course පුරා ඔහු ඇවිදිනවා. එපමණක් නොවෙයි, ඔහුට ඒ ගොල්ෆ් කලාපය ගැන මනා විශේෂඥ දැනුමක් තියනවා. ඔහු ක්‍රීඩකයාට උපදෙස් දෙනවා, ඒ ඒ අවස්ථාවේදී ක්‍රීඩා කළයුතු ආකාරය ගැන.

    13.jpg


    කොළඹ තිබෙන රජ ගෙදරට අමතරව, තවත් රජ ගෙදර කීපයක් ලංකාවේ තියනවා. මේ තිබෙන්නේ, නුවරඑළියේ තිබෙන රජ ගෙදර. වර්තමානයේ ජනාධිපති මන්දිරය. මෙය බ්‍රිතාන්‍ය පාලන සමයේදී ඉදිකර තිබෙන්නේ, ලංකාවේ ආණ්ඩුකාරවරයාගේ නිළ නිවසක් ලෙසයි. අදටත් මේ මන්දිරය මේ ආකාරයෙන්ම පවතිනවා.

    14.jpg


    15.jpg


    මේ ඡායාරූපය ගත් තැන සිට අද ඡායාරූපයක් ගත්තොත්, නගරයක් මැද ඉන්නවා මෙන් පෙනෙනු ඇති. කෙසේ වෙතත්, නුවරඑළියේ මේ ගොල්ෆ් ක්‍රීඩා කලාපය, අදටත් හොඳින් ක්‍රියාත්මකව පවතිනවා.

    16.jpg


    ඒ කාලයේ සිටම, මාළිගාවේ ඇතාට, ලොකු තැනක් තිබුන බව මේ පින්තූරයෙන් පෙනෙනවා. අපි පාසල් යන කාලයේ, මට මතකයි සමහර පුද්ගලයන් හැඳින්වුණා, ‘මාලිගාවේ ඇතා වගේ’ කියලා. එයින් අදහස් කළේ, සියලු සැප සම්පත් නොමිලේ ලබාගනිමින්, කිසිදු කාර්යයයක නොයෙදී, සැපට ඉන්න කෙනා යන අදහසින්.

    10.jpg


    මේ ඡායාරූපයෙන් දීර්ඝ විස්තරයක් පෙන්නුම් කරනවා. බ්‍රිතාන්‍ය පාලකයන්, මාලිගාව සංරක්ෂණය කරන්නට, කිසිදු පියවරක් ගෙන නැති හැටිත්, මාලිගාව කොතරම් අභාවයට ගොස් ඇතිද යන්නත්, පෙනෙනවා.
     

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    මමත් ආසම වැඩක් තමයි පරණ කාලේ පින්තූර එ කාලේ ලංකාව තොරතුරු දැනගන්න..නියම පොස්ට් එකක්.

    ඔබට ස්තුතියි