මේ පිරිත මොකක්ද ?

keerthi.mac

Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    මෝර පිරිත

    හිරු උදා වන විට පවසන ගාථාව

    උදේතයං චක්ඛුමා ඒකරාජා
    හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ‍
    තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං
    තයජ්ජ ගුත්තා විහරේමු දිවසං

    යේ බ්‍රාහ්මණා වේදගූ සබ්බධම්මේ
    තේ මේ නමෝ තේච මං පාලයන්තු
    නමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා
    නමෝ විමුත්තානං නමෝ විමුත්තියා
    ඉවං සෝ පරිත්තං කත්වා මෝරෝ චරති ඒසනා

    ලොව අඳුරු දුරු කොට, ඇස් ඇති එකම රජු සේ, රන්වන් ‍රැස පතුරවා මහ පොලොව බබලවන්නා වූ මේ සූර්යයා උදා වෙයි. මහපොලොව බබුලුවන ඒ හිරු මඩල වඳින්නෙමි. ඔබගෙන් ආරක්ෂාව ලබන අපි මේ දවස සැපසේ වෙසෙමු.

    යම් බ්‍රාහ්මණ කෙනෙක් (බුදු කෙනෙක්) දත යුතු සියලු ධර්මයන් දැන සම්බුද්ධත්වයට පැමිණියේ ද, උන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා. උන් වහන්සේලා මා ආරක්ෂා කරන සේක්වා. අතීත බුදුවරයන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වේවා. උන් වහන්සේලාගේ ලොව්තුරා බෝධි ගුණයට ද මාගේ නමස්කාරය වේවා. විමුක්තිය ලත් උතුම් රහතුන් හට මාගේ නමස්කාරය වේවා. ඒ රහත් ඵලයට මාගේ නමස්කාරය වේවා. ඒ බොසත් මොණරා මේ ලෙසින් පිරිත පවසා දවසේ කටයුතු වල හැසිරුණේ ය.

    හිරු බසින විට පවසන ගාථාව

    අපේතයං චක්ඛුමා ඒකරාජා
    හරිස්සවණ්ණෝ පඨවිප්පභාසෝ
    තං තං නමස්සාමි හරිස්සවණ්ණං පඨවිප්පභාසං
    තයජ්ජ ගුත්තා විහරේමු රත්තිං

    යේ බ්‍රහ්මණා වේදගු සබ්බධම්මේ
    තේ මේ නමෝ තේ ච මං පාලයන්තුනමත්ථු බුද්ධානං නමත්ථු බෝධියා
    නමෝ විමුත්තානං නමෝ විමුත්තියා
    ඉමං සෝ පරිත්තං කත්වා මෝරෝ වාසමකප්පයීති

    ලොව අඳුරු දුරු කොට, ඇස් ඇති එකම රජු සේ, රන්වන් ‍රැස පතුරවා මහ පොලොව බබලවන්නා වූ මේ සූර්යයා බැස යයි. මහපොලොව බබුලුවන ඒ හිරු මඩල වඳින්නෙමි. ඔබගෙන් ආරක්ෂාව ලබන අපි මේ රැය සැපසේ වෙසෙමු.

    යම් බ්‍රාහ්මණ කෙනෙක් (බුදු කෙනෙක්) සියලු දත යුතු ධර්මයන් දැන සම්බුද්ධත්වයට පැමිණියේ ද, උන් වහන්සේලාට මාගේ නමස්කාරය වේවා. උන් වහන්සේලා මා ආරක්ෂා කරන සේක්වා. අතීත බුදුවරයන් වහන්සේලාට ද මාගේ නමස්කාරය වේවා. උන් වහන්සේලාගේ ලොව්තුරා බෝධි ගුණයට ද මාගේ නමස්කාරය වේවා. විමුක්තිය ලත් උතුම් රහතුන් හට මාගේ නමස්කාරය වේවා. ඒ රහත් ඵලයට මාගේ නමස්කාරය වේවා. ඒ බොසත් මොණරා මේ ලෙසින් පිරිත පවසා සුවසේ වාසය කළේ ය.
     
    බොහෝම පින්

    :cool::cool::cool::cool::cool::cool:
    ;);););););)