මේ බුදුන්ගේ දේශයද?

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    මේ බුදුන්ගේ දේශයද?

    මේ බුදුන්ගේ දේශයද?

    වසර පහක්‌ තුළ ස්‌ත්‍රී දූෂණ 6343 ක්‌ සහ ළමා අපචාර 15158 ක්‌ සිදුවී ඇති බව ළමා සංවර්ධන හා කාන්තා කටයුතු නියෝජ්‍ය අමාත්‍ය එම්. එල්. එම්. හිස්‌බුල්ලා මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළ බව 2012 මැයි මස 10 වැනිදා ජාතික පුවත්පතක පළවී තිබුණි. මෙම සංඛ්‍යාලේඛන ලිතව වාර්තා වූ ඒවා පමණි. මීට අමතරව වාර්තා නොවන අපරාධ තවත් කොතරම් ඇද්ද. දිවා රෑ බණ පිරිත් අහන බෞද්ධයෝ සිටින නිර්මල ථෙරවාදී බුදුදහම සුරැකෙන "බුදුන්ගේ දේශයයි" කියා බෝඩ් ගසා ගත් අය සිටින අප රටේ සිදුවන අපරාධවලින් ස්‌වල්පයකි ඉහතින් පළවුණේ. එම අපරාධ දෙස බලන විට අපට ඇතිවන්නේ තදබල වේදනාවකි. රටේ මෙතරම් අපරාධ සිදුවන යුගයක්‌ අප මතකයෙහි නැත. ඉහතින් දැක්‌වූයේ කාන්තා දූෂණ හා ළමා අපචාර පමණි. මීට අමතරව කාන්තා ඝාතන, ළමා ඝාතන, මංකොල්ල, කප්පන් ගැනීම්, ආදී අපරාධ එකතු වන විට මෙය බුදුන්ගේ දේශයයි කිව හැකිද?

    post_rape.jpg


    තවත් අපරාධ තිබේ. දියණියන් ජාතක කළ පියා තම දියණිය දූෂණය කරයි. එක කුසේ උපන් සහෝදරයා සිය සහෝදරිය දූෂණය කරයි. එපමණක්‌ නොව ගෙදර බුදුන් සහ උත්තරීතර පදවියෙන් පිදුම් ලබන තම මව දූෂණය කරන පුතුන් ගැන පසුගිය දිනක තොරතුරක්‌ අපි දුටුවෙමු. ඒ එක පැත්තකි. දස මසක්‌ තම කුසයේ තබාගෙන සිටින බිලි¹ බදාගත් ගමන් ගඟක, මුහුදක වැසිකිළි වළක දමන අම්මලාට ගෙදර බුදුන් යන පූජනීය නාමයෙන් ඇමතිය හැකිද? මෙම සියලු වැරදිවලට චෝදනා ලබන්නේ අපේ බෞද්ධයන් වීමයි අපට උහුලන්නට බැරි. මෙතෙක්‌ කලක්‌ මහා සංඝයා වහන්සේ ඝාතනය අපට අසන්නට ලැබුණේ ඉතාමත් කලාතුරකිනි. ඉකුත්දා රුපියල් ලක්‍ෂ පහක්‌ ගැනීමට යතිවරයන් දෙපලක්‌ ඝාතනය කළහ. ලංකාවේ මිනිසුන් භයානක අපරාධ කිරීමට දැන් බියක්‌ නැත. ඒ තරමට නීතිය හෑල්ලුවී ඇත. යන්තම් සැනසීමට ඇත්තේ අධිකරණය විශ්වසනීයව පැවතීමයි. එහෙත් මංකොල්ලකරුවන් බලවතුන්ගේ හයිය තම ඇඟට හිතට අරගෙන උසාවි මංකොල්ලකෑමට යති. අපරාධවලට
    පොලිස්‌ අත්අඩංගුවට ගන්නා අපරාධකරුවන්ට දේශපාලන බලවතුන්ගේ ආරක්‍ෂාව නොඅඩුව ලැබෙයි. යට කී අපරාධ රැල්ල එක්‌ අතකින් වර්ධනය වෙද්දී සිංහල රටේ සිංහල ජාතියේ උරුමය, සංස්‌කෘතිය ඉතිහාසය පුරාවිද්‍යාත්මක වස්‌තූන් වසර දහස්‌ ගණනක්‌ තිසෙaස්‌ සුරක්‍ෂිතව තිබිණ. ඒ අනාගත පරපුරට අපේ අතීත නරපතියන් කළ කී දැ දැක ඉදිරියටත් එබඳු නිර්මාණයන් කිරීමට උනන්දුව ඇති කිරීමටයි.

    මෙතෙක්‌ නිරුපද්‍රිතව රැකුණු ජාතික උරුමයන්ද අද විනාශයට යමින් තිබේ. පිළිම හා විහාර මන්දිර කොල්ල කෑමට පියවර ගෙන තිබේ. ඒවාට නීතිමය ආරක්‍ෂාවක්‌ නැත. කෞතුකාගාරයට කළ වින්නැහිය හොඳම සාධකය වෙයි. වසර තිස්‌ දහසකට වැඩි සංස්‌කෘතිමය උරුමයන් අකාමකා දමන්නට මේ අපරාධකරුවන් ඒවා විනාශ කරති.

    මෙම නිහීන නින්දිත වසල ක්‍රියා නොදකින්නට අපේ අනාගත පරපුර කර ඇති පාපකර්මයන් කොතරම් ෙ€දවාචකද? රටට ජාතියට ආගමට ආදරය කරන වත්මන් පරපුරෙහි වගකීම හා යුතුකම වන්නේ එම උරුමයන් ආරක්‍ෂා කර සංවර්ධනය කර සංරක්‍ෂණය කර තැබීමයි.

    බුදු හිමියන්ගේ ප්‍රතිමාවල සිරස සිඳ දමා තිබේ. මොවුන්ගේ අභිප්‍රාය වන්නේ බුද්ධ ශාසනය මෙරටින් මකා දැමීම දැයි අපට සිතේ. ඇප්ඝනිස්‌ථානයේ තිබූ බාමියන් බුදු පිළිම තලෙයිබාන්වරුන් විසින් විනාශ කිරීම නිසා එම අපරාධ කළවුන්ට ඒවායේ විපාක පඩිසන් දුන්නා වගේම අපේ රටේ බුදු පිළිම නිධන් වස්‌තු කොල්ල කන අයට නුදුරු අනාගතයේ දඬුවම් ලැබෙනු ඇත. තිස්‌තුන්කෝටියක්‌ දෙවිවරු මේ අපරාධ දෙස බලා සිටින බව අපට විශ්වාසය. එබැවින් සුදුසු වෙලාව එළැඹුණවිට දෙවියෝ නිසි දඬුවම් ලබාදෙති. අපි එදෙස බලා සිටිමු.

    මෑත යුගයේ සිදුවන මෙම අපරාධ රැල්ලට හේතුවක්‌ ලෙස ජනමාධ්‍ය මගින් දෙන ප්‍රචාරයත් හේතුවක්‌ බව පසුගිය දිනවල මේ රටේ සංඝනායක මහා තෙරනමක්‌ පවසා තිබෙනු ජනමාධ්‍යවලින් අපි දුටිමු. අද මිනීමැරුම්වලට විශාල ප්‍රචාරයක්‌ දීම ඇතැම් මාධ්‍යවල සිරිතක්‌ වී ඇත. අපරාධකාරයන්ට කුඩුරජා ගෞරව නාම පිළිගන්වති. එපමණක්‌ නොව මහ මොලකාර පාතාලයින් වශයෙනි. ඒ අනුව බලන විට අපරාධකාරයන්ද රටේ ප්‍රභූවරු ලෙස ඉදිරියෙන් සිටින සමාජ විරෝධීන් ගැන කථා කරන විට අප අමතක නොකළ යුතු කරුණකි. දරුවන් ගැන කථා කිරීමට අපේ ගුරුවරු තමාගේ දරුවන් කුඩා කල අරගෙන දෙන සෙල්ලම් බඩු දෙස බලමු. කුඩා ප්ලාස්‌ටික්‌ පිස්‌තෝල අරගෙන දෙනු මා දැක ඇත. එම සංකේතය මගින් දරුවා මරුවෙක්‌ කිරීම නේද එම පියාගේ අපේක්‍ෂාව. දරුවෙකුට අරගෙන දෙන සෙල්ලම් බඩුවෙන් යමක්‌ උගෙනීමට හැකිවිය යුතු වේ. දරුවන් අපරාධකරුවන් වන්නේ දෙමව්පියන්ගේ වරදින් මයි.

    අද බොහෝ ටෙලි නාට්‍ය හරසුන් බව අමුතුවෙන් කිව යුතු නැත. ප්‍රකෘති ජීවිතයේ යථාර්ථය වෙනුවට මායාව හා හොල්මන් පසු පස දිවීම ටෙලිනාට්‍යවල පොදු දුබලතාවයයි. භූතයන්ටද පිශාචයන්ටද දෙවියන්ට මෙන් මිනිස්‌ වෙසින් පෙනී සිටිය හැකි බව සමහර ටෙලි නාට්‍යවලින් පෙන්වයි. මේවා මෝඩයන් ආකර්ෂණය කරන උපාය මාර්ග විය හැක. එදා අප දුටු වෙදහාමිනේ දඬුබස්‌නා මානය, දූ දරුවෝ, නිසල විල, පලිඟු මැණිකේ වැනි අගනා ටෙලිනාට්‍ය අද නැත. ඇතැම් ටෙලිනාට්‍යවලින් සමාජය දූෂණය කෙරේ. ආදරය යන අකුරු හතර උත්තරීතර වදනකි. ලෝකයේ පැවැත්මට එය අනිවාර්ය අවශ්‍යතාවකි. එහෙත් රූපවාහිනි ටෙලි නාට්‍යවල ආදරය මංකොල්ල කන්නේ පිස්‌තෝල එල්ල කරමිනි. ආදරය සුන්දරය. එය ඇතිවන්නේ දෙදෙනෙක්‌ගේ හිතේ ඇති වන භක්‌තිය ළෙන්ගතු කම හා විශ්වාසය අනුවය. එසේ නැතිව කෙල්ලෙකුට පිස්‌තෝලය අල්ලා ආදරයක්‌ ලබාගත හැකිද? තිස්‌ අවුරුදු යුද්ධයක්‌ තිබුණු රටක ඒ අත්දැකීම කියන්නට කෙනෙක්‌ නැද්ද? ජීවිතයෙන් බින්දු මාත්‍රයක්‌ පෙන්වා දෙන්නට ඇයි බැරි? මාධ්‍යවලට බණින අය වුවද මේ පරිහානි ලක්‍ෂණ නොකියති. අද තිබෙන්නේ ජාම බේරා ගැනීමේ ප්‍රවණතාවකි. මේ ආකල්ප වෙනස්‌ නොකර අපට පෙරට යැමට බැරි බව පමණක්‌ ලියා තබමි.

    තිලක්‌ සමරසිංහ
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    :rolleyes:ethakota uba kiyanne lankawe rape,robbery,murder karanne buddagame aya witharak kiyalada???????????
     

    JEYkamal

    Member
    Mar 9, 2012
    1,068
    108
    0
    :rolleyes:ethakota uba kiyanne lankawe rape,robbery,murder karanne buddagame aya witharak kiyalada???????????
    potta amanayo U kiyala thiyana tika avaboda karaganna tharam umata molayak nedda.... u kiyanne vedi hariyak me deval velaa thiyenne bauddhayangen kiyalai...anika U kiyala thiyenne aththa... vechcha deval sampurna aththa...eka kawru karath veradi veradimai:yes::yes:piligannavaanam piliganin... neththam vena thred ekakata pala vada nodi.....ada bauddhyan budunge vadan valata savan nodeeme prathipala thamai mevaa piliganiw:angry::angry:
     

    Lanka Out

    Member
    Jun 9, 2012
    57
    17
    0
    මිසදිටු අදර්මිශ්ඨ පාලකයන් රජකරන විට ඔවුන්ගෙ දරදඩු පාලනය අඩු විහිදවන විට අපරාධ වැඩිවෙනවා කියලා බුදුරජානන් වහන්සෙ වාදාළා තියෙනවා.
       
     

    Lanka Out

    Member
    Jun 9, 2012
    57
    17
    0
    potta amanayo U kiyala thiyana tika avaboda karaganna tharam umata molayak nedda.... u kiyanne vedi hariyak me deval velaa thiyenne bauddhayangen kiyalai...anika U kiyala thiyenne aththa... vechcha deval sampurna aththa...eka kawru karath veradi veradimai:yes::yes:piligannavaanam piliganin... neththam vena thred ekakata pala vada nodi.....ada bauddhyan budunge vadan valata savan nodeeme prathipala thamai mevaa piliganiw:angry::angry:

    මොහයෙන් මුලාඋන මහින්ද ලෙවන්නොන්ට අද බුදුදහම අවබොධකරගෙන රටට වෙන විපත තෙරුම් ගන්න බුද්ධියක් නැහැ.උන්ව තක්කඩි පාලකයා ගොනාට අන්දලා තියෙන්නෙ.
     

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,656
    113
    potta amanayo U kiyala thiyana tika avaboda karaganna tharam umata molayak nedda.... u kiyanne vedi hariyak me deval velaa thiyenne bauddhayangen kiyalai...anika U kiyala thiyenne aththa... vechcha deval sampurna aththa...eka kawru karath veradi veradimai:yes::yes:piligannavaanam piliganin... neththam vena thred ekakata pala vada nodi.....ada bauddhyan budunge vadan valata savan nodeeme prathipala thamai mevaa piliganiw:angry::angry:


    moko me tho puka wikagena ka gahanne?mama thogen ahuwe naha pons.mama ahuwe me thread eka dapu ekagen.
     

    Dead Island

    Member
    Mar 22, 2012
    5,350
    681
    0
    මේ රට කාලා තියෙන්නේ හම්බයෝ සහා කුරුසයෝ. නැත්නම් ලංකාව ඉස්සර බෞද්ධ රජවරු පාලනය කරන දවස් වල හොද රටක්. මේ තියෙන්නේ ඒකට සාධක. කුරුසයෝ 1505 ඉදලා වගේම හම්බයෝ මේ ළගකදි ඉදලා වගේම මේ රට ටික ටික ප්‍රපාතයට ගෙනියනවා. දැන්වත් නැගිටපල්ලා.!

    156287_336880383040862_100001567097225_914437_455403507_n.jpg
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    dan hama ratema oya wage ewa wadi wenawa tika tika. dan godak minissunta agamak tiyenne namata witarai.
     

    1992buwa

    Member
    Apr 20, 2012
    544
    34
    0
    Gedara
    නරියට කුකුල්ලු බාර දුන්න වගේ වැඩක් මේක අවුරුදු 6 ක පොඩි එකෙක් ව බැඳල ඒ පොඩි එකාව දූශනය කර කර ඉන්නකොට මැරුන එකෙක් කියපු ආගමක් අදහන එකෙකුටද ලන්කාවෙ ළමයි ටිකයි කාන්තාවොයි බලාගන්න දීල තීන්නෙ