මේ මස් කරපු කාර් එක මොකද්ද?

Kolama

Well-known member
  • Sep 11, 2008
    19,471
    23,733
    113
    ලිම්පෝපෝ කන්දෙ

    කර්නල් බිරිඳගේ මෝටර් රථය බේරුවලදී ‘මස්’ කරලා​


    යුද්ධයේදී දිවිපිදූ යුද හමුදා විශේෂ බළකායේ කීර්තිමත් කර්නල්වරයකුගේ බිරිදට අයත් රුපියල් කෝටියක් පමණ වටිනා කාර් රථය සොරකම් කර කෑලිවලට ගැළවූ පුද්ගලයන් සිව්දෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

    එම කාන්තාව පදිංචිව සිටින බම්බලපිටිය දුම්රිය ස්ථානයට ආසන්න ප්‍රසිද්ධ මහල් නිවාස සංකීර්ණයේ රථගාලේ නවතා තිබියදී එම මෝටර් රථය කිසියම් පිරිසක් පසුගිය නොවැම්බර් මස 10 වැනිදා සොරකම් කර ඇති බව කී පොලිසිය රථ ගාලේ ආරක්ෂක නිලධාරියකු වෙනත් පුද්ගලයකු යොදවා රථය සොරකම් කර ඇති බව ද සඳහන් කළේය.

    කොළඹ අපරාධ කොට්ඨාසයේ ඒකක අංක 07 හි ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ලසන්ත ධර්මරත්න මහතා ඇතුළු නිලධාරීන් රථගාලේ මුරකරු සහ රථය රැගෙන ගිය බව කියන මාලිගාවත්තේ පදිංචි පුද්ගලයා අත්අඩංගුවට ගත් බවත් ඔවුන්ගෙන් ලද තොරතුරු මත වාහනය කෑලිකර තිබියදී බේරුවල ප්‍රදේශයේදී තවත් පුද්ගලයකු සමඟ සොයාගත් බවත් පොලිසිය කීය.

    කෑලිකර තිබූ කාර් රථය චැසි අංකය ආධාරයෙන් සොයාගත් බව කී පොලිසිය පැවසුවේ සැකකරුවන් අද (8) අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 22 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ බවයි.


    image_7059fa808e.jpg


    image_2bea34a547.jpg


    Source: https://www.lankadeepa.lk/latest_news/කර්නල්-බිරිඳගේ-මෝටර්-රථය-බේරුවලදී-‘මස්’-කරලා/1-604481
     

    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    කර්නල් කෙනෙක් කොහොම ද කෝටියක කාර් එකක් ගන්න වත්කම්
     

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    අහු උනාම ඉවරයි කරපු එකා.. ඇටේ ඉදන් තලයි :lol:
    අහු වෙලානේ.. දෑන් ඉතින් සම්බුව ලෑබෙයි.. පොලිසියට ඕනේ නම් අපරාධ හොයන්න පුලුවන්. ඒත් මේ විදිහට මේ අය ජිවත් වෙන තෑන් ගෑන හෙලි කරන එක නම් හොද නෑ.. මාධ්‍ය වලට අදාලම නෑනේ කර්නල් ද මේජර් ද හමුදාවෙද කතා. වාහනයක් උස්සලා ඒක කරපු එවුන් පොලිසියෙන් අල්ලලා. ඒ විස්තර දුන්නම ඈතිනේ. හොරු ගෑන ලියලා නෑ අයිතිකාරයා ගෑන තමා ලියන්නේ
     

    Similar threads