මේ මොකද්ද මේ

Mr.Wikirana

Well-known member
  • Jun 28, 2023
    4,518
    10,277
    113
    44
    Living in an Atom
    448766984_1038974058229603_4482038429597073274_n.jpg



    ඔබට පෙනෙන්නේ අපගේ මන්දාකිණියේ විහිදී ගිය විශාල නිහාරිකාවකි, එය ආලෝක වර්ෂ 50ක් පමණ පරාසයක මෙය විහිදී ඇත. මෙම නිහාරිකාව "The Giant Squid Nebula" ලෙස නම් කර තිබෙන්නේ එය දැල්ලෙකුගේ හැඩයක් ගෙන ඇති නිසාවෙනි. මෙහි ඔබට පෙනෙන නිල් ආලෝකය, අයනීකරණයට ලක් වූ ඔක්සිජන් පරමාණු බහුලවීමෙන් ඇතිවී ඇත. තවද, නිහාරිකාව මධ්‍යයේ ඔබට නිල් පැහැති තරුණ තාරකාවක් දක්නට ලැබේ. එය තනි තාරකාවක් ලෙස පෙනුනත්, සැබවින්ම එය ත්‍රිත්ව තාරකා පද්ධතියකි. නමුත්, ත්‍රිත්ව තාරකා පද්ධතිය පියවි ඇසට පෙනෙන්නේ නැත. තරු තුනේම ආලෝකය එකට එක්වී මෙම ඡායාරූපයේ ඔබට පෙනෙන්නේ එසේය.

    මෙම නිහාරිකාව සොයාගෙන තිබෙන්නේ 2011 වසරේ ප්‍රංශ ජාතික තාරකා විද්‍යාඥයකු වන Nicolas Outters විසිනි. ඡායාරූපයේ රතු පැහැති පසුබිමක් දැකිය හැක. මෙම නිහාරිකාව පිහිටා තිබෙන්නේ SH2-129 ලෙස හඳුන්වන හයිඩ්‍රජන් බහුල තාරකාවන් බිහිවන කලාපයකි. එම කලාපයම ඡායාරූපයේ රතු පැහැති පසුබිමක් සාදයි. තාරකා විද්‍යාඥයින් සොයාගෙන තිබෙන දත්ත අනුව, මෙම දැල්ලෙකුගේ හැඩැති නිහාරිකාව පෘථිවියෙන් ආලෝක වර්ෂ 2300ක් පමණ දුරින් පිහිටා ඇත.

    ඡායාරූපය සහ මූලික අයිතිය: Alex Lind