මේ මොහොතේ මගේ වීරයා "මහින්දානන්දයි"...
ඇයිද කිව්වොත්, මේ ආණ්ඩුව 2/3 ගැනීම වැළක්වීමේ එක පෙරගමන්කරුවෙක් වන්නේ එතුමායි. කරුණා අම්මාන්ටත් මේ ගෞරවය එලෙසම හිමිවෙයි....
නිකංම දිනන චන්දයක් කටේ තියාගෙන, 20 වසරක විතර දේශපාලන අත්දැකීම් ඇති, ප්‍රබල දේශපාලනික සොල්දාදුවෙක් වන මහින්දානන්ද මේවැනි "Suicide" කථාවක් "සිරසට" ම ගොස් කළේ නිකංම නිකං නොවන බව පොලිටිකල් අත්පොත දන්නා ඕනෑ එකෙක් දනියි. ඒ "මැච්" එකේ හරිම දිශානතිය කොහේදැයි එළිවන තෙක් අප ඉවසීමෙන් බලාසිටිය යුතුය... එහි target එක ඔය දැන් කඳුළුයි බතුයි කන ක්‍රිකට් ලෙජන්ඩ්ලා නොවන බවනම් මට 100% ක් ෂුවර් ය.... එතැන කළේ "බූරුවා" කොලයකින් " ආසියා" කොලයක් වැහීමය......
එතෙක්,
විධායකය හා ව්‍යවස්ථාදායකය එකලෙස "සම අසුන්" ගැනීම ඉතා දුර්වල රාජ්‍ය ව්‍යුහයක් බව අප පහුගිය වසර පහක "යහපාලනයෙන්" ඉගෙන ගතිමු. බලය සමබර වියයුත්තේ විධායකය සහ ව්‍යවස්ථාදායක අතර නොවේය. මක්නිසාද එවිට විධායකය සහ ව්යවස්තාදයකය නිරන්තර බලයේ "කඹ ඇදීමක" නිරත වන නිසාය. සැබෑවටම බලය "සමබර" වියයුත්තේ ආණ්ඩුව සහ විපක්ෂය අතරය.
එබැවින් ආණ්ඩුව දිනිය යුත්තේ මන්ත්‍රීධුර 120 ට අඩු ගණනකිනි......"නමුත් මේ මොහොතේ ඔවුන් දිනිය යුතුය"...... එහෙත් උම්මත්තක අධිබලයක් "කිසිසේත්ම" නොලැබිය යුතුය......
ඊළඟට පාර්ලිමේන්තුව තුල "ජ.වි.පෙ" ස්ථාවර විය යුතුය. ඉතා ශක්තිමත් සහ විවේචනාත්මක, තාක්ෂණිකව විපක්ෂයක් වෙනුවෙන් ජවිපෙ පෙනී සිටීම ඉතා වැදගත් ය. තමන්ට වැදී ඇති "රතු අලි පැටව්" ලේබලය ගලවා ගැනීම වෙනුවෙන් ජවිපෙ වැඩකළ යුතුය. ඒ වෙනුවෙන් කළයුතු ඕනෑම උපායමාර්ගික "කැපකිරීමක්" ජවිපෙ කළ යුතුය....
මේ ගෝලීය වසංගත මොහොතේ බලයේ කේන්ද්‍රය වියයුත්තේ "ජනාධිපතිවරයා" වන අතර ඔහුගේ බලයට අභියෝග කළ යුත්තේ ඔහුගේ "රජයට" පාර්ලිමේන්තුව තුල විශාල පීඩනයක් විපක්ෂය විසින් ඇතිකිරීමෙනි.... ඒ වෙනුවෙන් ආණ්ඩුව 2/3 "නොලැබිය" යුතුමය.
උන්ට "සැපක්" නැතුව අපට "රටක්" ලැබෙන්නේ එතකොටය... එනම් බලය "සමබරව" බෙදීයාමෙනි.......
( "සමබර" සහ "සමාන" යනු දෙකක් බව ඔබ දනී යයි සිතමි)
ඔබේ පුද්ගලික මතය ඉදියට දමාගෙන මට බැනීම පසෙක තබා "බලය" නැමති ඉතා භයානක විෂය ඔස්සේ මේ කරුණ හිතාබලන්න....
ප.ලි
"මහින්දත්" ඔය 2/3 ඉල්ලන්නේ 2/3 ඕනෑවටම නෙවෙයි විය හැක. කාලතුවක්කුවක්වත් ඉල්ලුවොත් "පතුරම් තුවක්කුවකින්වත්" වැඩේ නවතින බව තම දේශපාලන ජීවිතයේ 50 වසර ඊයේ පෙරේදා පසුකළ එතුමා හොඳින් දන්නවා ඇතිය.......
FB : Laka Darmarathna