මේ රස සැන්ඩ්විච් 5 හැදුවොත් බෙදාගෙන නෙවෙයි බදාගෙන කන්න හිතෙයි

siri_ayya

Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113
    ලොකු පොඩි බේදයක් නැතුව ඕනෙ කෙනෙක් පොඩි බඩගින්නට වගේම ඩයට් කරද්දි කන සැන්ඩ්විච් එකේ ඉතිහාසෙ දන්නවද? 18 වන ශතවර්ෂෙ සැන්ඩ්විච් නම් අර්ල්වරයා තමා සූදු මේසයෙන් නැඟිටින්න තිබ්බ අකමැත්තට පාන් පෙති මැදට මස් දාල ඉල්ලල තියෙනවලු. එයාගෙ නමින් මේ කෑම ප්‍රසිද්ධ උනා කියලයි කියන්නෙ. එයා වගේ සූදුවට නොගියට අපිත් ඉතින් හදිස්සියට වගේම බත් කන්න කම්මැලි වෙලාවක හදාගන්න කෑමක් තමා සැන්ඩ්විච් කියන්නෙ.

    අද අනිවා රෙසිපි වලින් අපි ගේන්නෙ ලේසියෙන් හදාගන්න පුළුවන් රසම රස සැන්ඩ්විච් වර්ග 5ක්. වෙනස්ම රස 5කින් හදාගන්න පුළුවන් මේ සැන්ඩ්විච් ඔයාල නිතර හදන සැන්විච් වලට වඩා නැවුම් වෙනසක් ඔයාලට ගෙනේවි.

    1. Cuban Ham and Chicken Sandwich – For Meat lovers​


    මස් වර්ග වලට ප්‍රිය කරන ඔයාලට ගැලපෙන සිම්පල් සැන්ඩ්විච් එකක්. එළවළු මුකුත් නොදා මස් සහ චීස් විතරක් දාලයි මේක හදන්නෙ. කැමති නම් සලාද කොලයක් හෝ පිපිඥ්ඥා පෙත්තක් තියාගන්නත් පුළුවන්.

    අවශ්‍ය ද්‍රව්‍ය
    1. බැදගත් හැම් පෙත්තක්
    2. බටර් ගාගත් පාන් පෙති දෙකක්
    3. පෑන් ෆ්‍රයි හෝ ග්‍රිල් කරගත් චිකන් පෙත්තක් හෝ කැමති පිසගත් මස් වර්ගයක් (හොඳටම ගැලපෙන්නෙ Pulled pork තමා)
    4. චීස් ස්ලයිස් එකක්
    5. අබ ක්‍රීම්
    • බටර් ගාගත් පාන් පෙති මත අබ ක්‍රීම් තවරා ගන්න. ඒ මත හැම් පෙත්ත සහ චිකන් පෙත්ත තබා චීස් පෙත්ත තියාගන්න.
    • අනෙක් පාන් පෙත්ත ඒ මත තබා ගන්න. බටර් ස්වල්පයක් පෑන් එකක දමා රත් කර සාදාගත් සැන්ඩ්විච් එක දෙපැත්තම පෑන් ටෝස්ට් කරගන්න.

    2. Chick Pea Sandwich – For Veggie Lovers​


    එළවළු විතරක් කෑමට ගන්න ඔයාලට මේ සැන්ඩ්විච් එක අපූරුයි. කඩල එක් කරගන්න නිසා පෝශණයෙන් අඩුවකුත් නැහැ. මේ මිශ්‍රණයට අමතරව සලාද කොල, තක්කලි වගේ දෙයක් උනත් එකතු කරගන්න පුළුවන්. සැරට කැමති නම් චොප් කරගත්තු අමු මිරිස් ටිකක් එකතු කරගන්න.

    අවශ්‍ය ද්‍රව්‍ය
    1. පාන් පෙති දෙකක්
    2. තම්බා පොඩි කරගත් කඩල
    3. චොප් කරගත් සැලරි ටිකක්
    4. චොප් කරගත් ලූනු
    5. ලුණු
    6. ගම්මිරිස්
    7. මයොනිස් සෝස්
    • තම්බා පොඩි කරගත් කඩල වලට අනෙක් සියල්ල එක් කර මිශ්‍ර කරගන්න. බටර් ගාගත් පාන් පෙති මැදට මිශ්‍රණය එක් කර රස බලන්න.
    මේ හැම සැන්ඩ්විච් එකකටම ඔයාලට පාන් පෙත්ත කලින්ම ටෝස්ට් කරල ගන්නත් පුළුවන්. නැත්නම් රෙසිපි එකේ තියෙන විදියටම අරගන්නත් පුළුවන්. බටර් ටිකක් හරි ඔයිල් ටිකක් හරි දාගෙන පාන් පෙත්ත ටෝස්ට් කරන එකෙන් ලස්සන ගෝල්ඩන් බ්‍රවුන් එකක් ලැබෙනව වගේම පොඩි ක්‍රිස්පි ගතියකුත් එකතු වෙනව. කැමති විදියකට පාන් ටෝස්ට් කරගන්න මේ ලින්ක් එකේ ක්‍රම කීපයක්ම තියෙනව ඔන්න.

    3. Honey and Apple Sandwich – For Sweet Lovers​


    ටිකක් පැණි රසට කැමති අයට එහෙමත් නැත්නම් හවස තේ වෙලාවට මෙහෙම දෙයක් කන්න කැමති අයටයි මේ සැන්ඩ්විච් එක. කුරුඳු කුඩු පින්ච් එකකුත් එකතු කරගත්තම වෙනස්ම රසක් එක් කරගන්න පුළුවන්. පෑන් ටෝස්ට් කරල කන්න කැමැති නම් ටෝස්ටර් එකක දාලා ටෝස්ට් කරගන්නත් පුළුවන්.

    අවශ්‍ය ද්‍රව්‍ය
    1. බටර් තවරාගත් පාන් පෙති දෙකක්
    2. කුරුඳු කුඩු
    3. මී පැණි
    4. ඇපල් පෙති කීපයක් හෝ කෙසෙල්
    • බටර් තවරාගත් පාන් පෙති මත කෙසෙල් හෝ ඇපල් පෙති අතුරන්න. ඒ මත කුරුඳු කුඩු එක් කරගත් මී පැණි තවරා බටර් තවරාගත් තැටියක තබා දෙපැත්තම ටෝස්ට් කරගන්න.
    මේ සැන්ඩ්විච් වර්ග 5 හදාගන්න ඔයාලට බ්‍රවුන් බ්‍රෙඩ් යොදාගන්න පුළුවන්. සුදු පාන් කනවට වඩා ඒකෙ සෞඛ්‍යමය වාසි වැඩියි. තන්තුමය ගුනය නිසා ආහාර ජීරණය පහසු කරනව වගේම පොඩි ප්‍රමාණයකින් බඩ පිරෙන නිසා බර අඩු කරගන්න හිතන අයට ගොඩක්ම වාසිදායකයි. පිරිපහදු පිටි වලින් හදන සාමාන්‍ය පාන් වලට වඩා පෝශණ ගුණයෙනුත් ඉහලයි. රසට වගේම සෞඛ්‍ය සම්පන්නව කෑම කන්න කියලත් අපි අනිවා බලන අපේ හිතවතුන්ට ආදරෙන් මතක් කරනව.

    4. Avocado Sandwich – For Health Lovers​


    එක එක ඒවා නිතරම කන අය අතරෙ සෞඛ්‍ය ගැනත් හිතන අය ඉන්නවනෙ. මේක එහෙම කෙනෙක්ට ලන්ච් එකට උනත් ගන්න පුළුවන්. කැමති නම් බිත්තර කහ මදය නැතුව ස්ක්‍රැම්බල් එක දාගන්න. පරළු පාන් පෙති දෙකක් මේ විදියට හදාගන්න පුළුවන්.

    අවශ්‍ය ද්‍රව්‍ය:
    1. බටර් තවරාගත් පාන් පෙති 2
    2. හොඳින් ඉදුණු අලිගැට පේර
    3. පෑන් ෆ්‍රයි කරගත් චිකන්
    4. තක්කලි පෙත්තක්
    5. සලාද කොලයක්
    6. ස්ක්‍රැම්බල් කරගත් බිත්තරයක්
    7. ලුණු
    8. ගම්මිරිස් කුඩු රස අනුව
    • අලි ගැට පේර සමඟ, ලුණු, ගම්මිරිස් එක් කර හොඳින් පොඩි කරගන්න. බටර් තවරාගත් පාන් පෙති මත අලිගැට පේර මිශ්‍රනය තවරා ඒ මත සලාද කොලය තබා පිළිවෙලින් චිකන්,තක්කලි සහ බිත්තරය තබා අනෙක් පාන් පෙත්තෙන් වසා ගන්න.
    • කැමති නම් මෙය මේ ලෙසම හෝ පෑන් එකක දමා ග්‍රිල් කර ගත හැකියි.

    5. Prawn Sandwich – For Seafood Lovers​


    මස් වර්ග වලින් පොඩ්ඩක් ඈත් වෙලා සැන්ඩ්විච් එකක් රස බලන්න කැමති කෙනෙක්ට මේ සැන්ඩ්විච් එක හොඳටම ගැලපෙනව. ක්‍රීමි ප්‍රෝන්ස් සැන්ඩ්විච් එකක් රස විඳින්න නම් මේ විදියට හදල බලන්න.
    අවශ්‍ය ද්‍රව්‍ය
    1. බටර් තවරාගත් පාන් පෙති 2ක්
    2. තම්බා පොතු ඉවත් කල ඉස්සන්
    3. මයොනිස් සෝස්
    4. ලුණු, ගම්මිරිස් කුඩු රස අනුව
    5. දෙහි ඉස්ම ස්වල්පයක්
    6. සලාද කොලයක්
    7. චීස් ස්ලයිස් එකක්
    • තම්බාගත් ඉස්සන් කුඩාවට පොඩි කරගන්න. එයට මයොනිස් සෝස්, දෙහි, ලුණු, ගම්මිරිස් එක් කර හොඳින් කලවම් කරගන්න.
    • සාදාගත් ඉස්සන් මිශ්‍රණය පාන් පෙත්තක් මත තවරා එයට උඩින් සලාද කොලයක්, ලූනු පෙත්තක් සහ චීස් ස්ලයිස් එක තබා අනෙක් පාන් පෙත්ත ඒ මත තබා රස බලන්න.
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම
    ඕකක් හදන්න බෑ දැන් අඩුම 1500ක් නතුව.


    6. පරිප්පු සැන්විච්


    පාන් බාගයක් ගත්ත
    මැද හරියා හාරල නිකන් කෑව
    වලට පරිප්පු දැම්ම
    තද කරල , කන්න තියෙන්නෙ හව් හව් ගාල
     

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    6. පරිප්පු සැන්විච්


    පාන් බාගයක් ගත්ත
    මැද හරියා හාරල නිකන් කෑව
    වලට පරිප්පු දැම්ම
    තද කරල , කන්න තියෙන්නෙ හව් හව් ගාල
    ඉස්සර trip යද්දි කනවා
    පරිප්පු හොදි නැති වෙන්න හිදලා පාන් කෑලි අස්සට දාගෙන යනවා
    අමුතුම රහක් තියෙන්නේ:P
     

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,334
    1,716
    113
    Gotham City 👁
    Mr Bean Eating GIF
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,115
    19,708
    113
    Miami
    මම බර්ගර් ස්ටයිල් එකට සැන්ඩ්විච් හැදුවා වේස මයිනගෙ සනුහරේ අරින්න කලින්. චීස් ස්ලයිසස්, ටොමැටෝ/චිලී සෝස්, සලාද කොළ, mayonnaise එහෙම දාල හොඳ ඔම්ලට් කැල්ලක් දාල
     

    Bowman

    Well-known member
  • Feb 18, 2022
    454
    1,172
    93
    ඕකක් හදන්න බෑ දැන් අඩුම 1500ක් නතුව.


    6. පරිප්පු සැන්විච්


    පාන් බාගයක් ගත්ත
    මැද හරියා හාරල නිකන් කෑව
    වලට පරිප්පු දැම්ම
    තද කරල , කන්න තියෙන්නෙ හව් හව් ගාල

    රොටී පුච්චන තැටියට පාන් පෙත්තක් බටර් ගාල දාල යන්තම් කර උනාම උණු උණුවෙන්ම කන එක තමයි මගේ සැන්ඩ්විච් එක
     

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,963
    1
    29,872
    113

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,210
    198,860
    113
    Colombo, Sri Lanka
    ඕකක් හදන්න බෑ දැන් අඩුම 1500ක් නතුව.


    6. පරිප්පු සැන්විච්


    පාන් බාගයක් ගත්ත
    මැද හරියා හාරල නිකන් කෑව
    වලට පරිප්පු දැම්ම
    තද කරල , කන්න තියෙන්නෙ හව් හව් ගාල

    Fran Healy Reaction GIF by Travis
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,167
    113
    ඕකක් හදන්න බෑ දැන් අඩුම 1500ක් නතුව.


    6. පරිප්පු සැන්විච්


    පාන් බාගයක් ගත්ත
    මැද හරියා හාරල නිකන් කෑව
    වලට පරිප්පු දැම්ම
    තද කරල ,
    ඔක්කොමත් හරි...හැදුවයි කියමුකො... :love2:
    කන්න තියෙන්නෙ හව් හව් ගාල
    බල්ලො වාගෙ මළ පෙරේත ලීලාවෙන් කන්නෙ කොහොමද යකෝ...:baffled::dull:
     

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,167
    3
    118,943
    113
    Gampaha
    ඉස්සර trip යද්දි කනවා
    පරිප්පු හොදි නැති වෙන්න හිදලා පාන් කෑලි අස්සට දාගෙන යනවා
    අමුතුම රහක් තියෙන්නේ:P
    ට්‍රිප් යනකොට ගෙනියන පරිප්පු හොද්දෙ, පරිප්පු ඇට හොයන්න අමුඩ ගහං පරිප්පු ඇතිළියට බැහැල කිමිදෙන්න ඕනෙ....
     
    • Haha
    Reactions: PrasangaSPerera

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,238
    29,818
    113
    ට්‍රිප් යනකොට ගෙනියන පරිප්පු හොද්දෙ, පරිප්පු ඇට හොයන්න අමුඩ ගහං පරිප්පු ඇතිළියට බැහැල කිමිදෙන්න ඕනෙ....
    ape ammala nam trip yaddi hadanna ganata. ethakota narak wenne na ikmanin kiyala.
     
    • Like
    Reactions: PHBhagya