මේ-රාත්‍රියේ නෑ
මේ රාත්‍රියේ නෑ තවම සදු නැගිලා....
පාළුයි අහස් ගැබ තරු රටා මැකිලා.....
ගිය දා පටන් ඔබ නොයෙන්නම කියලා.....
කුමරියේ මගෙ ලොව ආදරේ මැරිලා.............
ආදරේ උල්පත මවා හද මැද...
කියා දුන්නේ දයාවෙන් ඔබ....
නිදා ඔබලග....තියාගෙන හිස.....
සොදුරු කාලය සිහිනයකි අද......
සදුට උපමා කෙරුනු සුදු වත...
තරුට උපමා කෙරුනු නෙතු යුග...
සුරගනන් පැරදවූ ඔය ගත....
නිසසලයි කුමරියේ කෝ ඔබ.....
අපේ සොදුරුම අනාගත ලොව...
රජ මැදුරු බිම හෙලා සදහට.......
අනේ මා හැර නොයන් මේ ලෙස....
මගේ ආදර සුදු මැණික ඔබ.....
පියා දෙනුවන් දෙනක් තුල හිද...
ලොවෙන් ඈතට ඇදී යනු දැක...
කෙසේ ඉවසම් ඉතින් තව මම......
අවසරද ඔබ ලුහුබදින්නට......!
මේ රාත්‍රියේ නෑ තවම සදු නැගිලා....
පාළුයි අහස් ගැබ තරු රටා මැකිලා.....
ගිය දා පටන් ඔබ නොයෙන්නම කියලා.....
කුමරියේ මගෙ ලොව ආදරේ මැරිලා.............
ආදරේ උල්පත මවා හද මැද...
කියා දුන්නේ දයාවෙන් ඔබ....
නිදා ඔබලග....තියාගෙන හිස.....
සොදුරු කාලය සිහිනයකි අද......
සදුට උපමා කෙරුනු සුදු වත...
තරුට උපමා කෙරුනු නෙතු යුග...
සුරගනන් පැරදවූ ඔය ගත....
නිසසලයි කුමරියේ කෝ ඔබ.....
අපේ සොදුරුම අනාගත ලොව...
රජ මැදුරු බිම හෙලා සදහට.......
අනේ මා හැර නොයන් මේ ලෙස....
මගේ ආදර සුදු මැණික ඔබ.....
පියා දෙනුවන් දෙනක් තුල හිද...
ලොවෙන් ඈතට ඇදී යනු දැක...
කෙසේ ඉවසම් ඉතින් තව මම......
අවසරද ඔබ ලුහුබදින්නට......!



