මේ ලක්ෂණ ඇත්නම් ඔබටත් මානසික රෝගයක අවදාන&#3512

wijaindu

Well-known member
  • Sep 15, 2012
    715
    888
    93
    මේ ලක්ෂණ ඇත්නම් ඔබටත් මානසික රෝගයක අවදාන&#3512

    මානසික රෝග කියන්නේ අනිත් කායික රෝග වගේ බැලූ බැල්මට පෙනෙන හෝ වේදාවක් ඇතිවෙන අසනීප නෙවෙයි. ඒ නිසාම තමයි ලෝකයේ මානසික ආබාධ තිබෙන බොහෝ දෙනෙක් තමන්ට එහෙම අසනීපයක් තියනවා කියලවත් නොදැන ජීවත් වෙන්නේ.

    යම් කෙනෙක්ට මානසික රෝගයක් ඇත්නම් ගොඩක් වෙලාවට ඒ ලක්ෂණ පෙනෙන්නේ ඒ පුද්ගලයාට නෙවෙයි, ඒ පුද්ගලයා වටේ ඉන්න අනෙක් පුද්ගලයන්ටයි. විවිධ අසාමාන්‍ය ලක්ෂණ, අසාමාන්‍ය හැසිරීම් සහ සාමාන්‍ය තත්වය විකෘති ලෙස පවත්වාගැනීම වගේ අවස්ථාවාලදි මානසික රෝගයක අවදානම ගැන පුරෝකථනය කරන්න පුළුවන්.

    ඔබ හෝ ඔබ ආසන්නයේ ඉන්න කෙනෙක් දිගින් දිගටම මෙන්න මේ ලක්ෂණ පෙන්වනවනම් මානසික රෝගයක ප්‍රතිඵල නිසා එහෙම වෙනවා ඇති. ඔබට පිස්සු කියලා බයවෙන්නවත්, කලබල වෙන්නවත් එපා. හැම මානසික රෝගයක්ම පිස්සුවක් බවට පෙරලෙන්නේ නෑ. ඒ නිසා ටිකක් හොඳින් මේ ටික කියවලා කල්පනා කරලා බලන්න.

    පැටලුණු කල්පනාව

    ඒ කියන්නේ යම් කෙනෙක් දිගින් දිගටම කල්පනා කරමින් ඉන්නවා. ඒ වගේම වික්ෂිප්ත බවක් හරි නිතරම තමන් කල්පනා කරන දේ ගැන විශ්මයට පත්වෙලා වගේ ඉන්නවා නම් මේක මානසික රෝගයක මූලික ලක්ෂණයක්.

    අසීමාන්තික වේදනාව

    නිතරම වේදනාවකින් හරි පසුතැවීමකින් හරි ඉන්නවානම්, සහ එයට සාධාරණ හේතුවකුත් නැත්නම් බොහෝවිට මෙය මානසික රෝගයක ලක්ෂණයක් වෙන්න පුළුවන්.

    දිගින් දිගටම දැනෙන දිවිනසාගැනීමේ වුවමනාව

    අපි බොහෝ දෙනෙක්ට ජීවිතේ එකපාරක් හරි මැරෙන්න තියනවනම් කියලා හිතෙන්න පුළුවන්. ඒ අපි මුහුණදෙන ප්‍රශ්න එක්ක. ඒත් දිගින් දිගටම කෙනෙක්ට එහෙම හිතෙනවනම් සහ ඒක ක්‍රියාත්මක කරන්න මාර්ග හොයනවනම් මේක දරුණු මානසික අවපාතයක හෝ රෝගයක ප්‍රතිඵලයක් විදිහට ඇතිවෙන දෙයක් වෙන්න පුළුවන්.

    හුදෙකලාවීම සහ මිතුරන් ප්‍රතික්ෂේප කිරීම

    ගැටළුවලදී තාවකාලිකව හුදෙකලාවීම නැත්නම් මිතුරන් ඈත් කිරීම සිද්ධවෙන්න පුළුවන්. ඒත් හේතුවක් නැතිව මිතුරන්ගෙන් ඈත්වීම, හුදෙකලාව කටයුතු කිරීමට එකපාරම පෙළඹීම කියන්නෙත් මානසික රෝගයක පොදු ලක්ෂණයක්.

    අනියත බිය සහ අසීමිත බිය

    සමහරු කිසිම හේතුවක් නැතිව නිතරම බයට පත්වෙලා ඉන්නවා දකින්න පුළුවන්. ඒ වගේම පුංචි දේටත් හිතාගන්න බැරි තරම් බය වෙනවනම් ටිකක් හිතන්න ඕන දෙයක්. මොකද මේක මායා රෝගයක ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඒ වගේම මේක මානසික රෝගයක් නිසා මතුවෙන ලක්ෂණයක් කියලත් හිතන්න පුළුවන්.

    ආහාර රටාවේ ප්‍රබල වෙනසක්.

    වෙනදට කෑම ගන්න වෙලාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙන එක. බොහෝ වෙලාවට කෑම ප්‍රතික්ෂේප කරන එක. කවදාවත් නැති විදිහට කෑම වර්ග තෝරා බේරාගෙන කෑමට ගන්න එක වගේ ලක්ෂණ පෙන්නුම් කරනවනම් ටිකක් කල්පනාවෙන්.

    දරුණු ආවේගය සහ හිංසනය

    ඇතැම් මානසික රෝගවල ලක්ෂණයක් තමයි අධික විදිහට තරහා යන එක. මේක අසාමාන්‍ය මට්ටමේ ආවේගශීලීත්වයක්. එහි ප්‍රතිඵලයක් විදිහට විවිධ හිංසාකාරී දේවල් පවා කරන්න පුළුවන්.

    එදිනෙදා ඇතිවෙන සාමාන්‍ය ගැටළු පවා විසඳගැනීම අපහසුවීම

    සාමාන්‍යයෙන් පුංචි දරුවෙක්ට වුනත් විසඳගන්න පුළුවන්, ඉවසගන්න පුළුවන් සාමාන්‍ය ජීවිතේ ප්‍රශ්න වලට දැඩිලෙස කලබල වෙන එක සහ ඒකේ ප්‍රතිඵලයක් විදිහට ඒ පුංචි ප්‍රශ්න විසඳගන්න බැරිව අපහසුතාවයට පත්වෙන එකත් මානසික රෝගයක ලක්ෂණයක් විය හැකියි.

    අවබෝධය අපහසුවීම

    ඉතා සරල දේවල් පවා අවබෝධ කරන්න අමාරුනම්, කියල දෙන බොහෝ දේවල් වෙන විදිහකින් වටහාගැනීම කියන්නෙත් අවධානය යොමුකල යුතු ලක්ෂණයක්.

    මෙන්න මේ ලක්ෂණ එකක් දෙකක් නෙවෙයි, වැඩි ප්‍රමාණයක් ඔබගෙන් හරි ඔබ ආශ්‍රය කරන වෙනත් කෙනෙක්ගේ චර්යාාවෙන් හරි පෙනෙන්න තිබෙනවනම් ඒක මානසික රෝගයක ලක්ෂණයක් වෙන්න පුළුවන්. ඒ වගේ තත්වයක් තිබෙනවනම් මුලින්ම මනෝ විද්‍යා උපදේශකයෙක් හමුවෙන එක වඩාත් හොඳයි. එතනදි මානසික රෝගයක් පිළිබඳ හඳුනාගැනීමක් සිදුවුනොත් වැඩිදුර ප්‍රතිකාර සඳහා මනෝ වෛද්‍යරවයෙක් වෙත යොමු කරාවි.

    මානසික රෝග හැදෙන්න ලොකු පොඩි කියලා වෙනසක් හෝ කාන්තා පිරිමි කියලා වෙනසක් නෑ. ඒ විතරක් නෙවෙයි මානසික රෝගයකට සාමාන්‍ය මනුස්සයෙක්ද නැත්නම් ජනාධිපති කෙනෙක්ද කියලත් නෑ. ඕනම කෙනෙක්ට ඇතිවෙන්න පුළුවන් නිසා හොඳම දේ අවබෝධයෙන් ඉන්න එකයි.

    මූලාශ්‍රය - https://her.lk/healthy-life/898-mental-disorder
     
    • Like
    Reactions: garfieldzz and IKL

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    ®plus machan
    11.gif