එහෙම දෙයක් වෙනව නම් ඒක Miracle එකක් කියල මම හිතන්නෙ. ලංකාවෙ ඉතිං එදා හිටපු සාම්ප්‍රදායික මිනිස්සු නේ ඉන්නෙ බං. වෙනසකට තියෙන්නෙ ලක්ෂ 5-6ක් මැරිල අලුතෙන් ලක්ෂ 11ක් එකතු වෙලා. එතැන වෙනස තමයි ඉතිං එන්නෙ.
මේකට මම එකඟ වෙන්නෙ නැති තැන් කීපයක් තියෙනව මචං. මම පොයින්ට් එකටම කතා කරන්නම්,
එදා රාජපක්ෂ, පවුල් පාලනය කියන සීන් එක ගොඩක්ම හංගල තිබ්බෙ ගෝඨගෙන්. මොකද ගෝඨව මාකට් කරේම ඌ නිකං අර රාජපක්ෂලගෙන් වෙන් වුණ තනියම කෙලින් වැඩ කරන, රාජපක්ෂල කරන්න දුන්නෙ නැතොත් දමල ගහල යන විදියෙ කෙලින් කැරැක්ටර් එකක් විදියට ඌව මාකට් කරේ. ඒ නිසාම ඔය රාජපක්ෂවාදය කියන කතාව මිනිස්සු Ignore කරලමයි ඡන්දෙ දුන්නෙ. හැබැයි ජාති වාදී සීන් එක ගැන මට අදහසක් නෑ. හැබැයි ඒ දෙක ඒ විදියටම තිබ්බ කියල හිතුවත් අනිත් පැත්තෙන් JVP එකට අවාසියක් තියෙනව, මොකද ජවිපෙට අකමැති වැඩිහිටි පිරිසක් ඉන්නව අතීතයෙ වෙච්ච සිද්දි එක්ක. උඹ ඒ ගැන දන්නව ඇති නේ, අන්න ඒ බේස් එක රාජපක්ෂ විරෝධී බේස් එකටම කපල දාන්න පුලුවන්.
අනිත් Key point එක, ලංකාවෙ එදා ඉඳලම ඉන්නව Mid level & upper mid level class එකේ ටිකක් හිතල ඡන්දෙ දෙන සෙට් එකක් ලොජිකලි හිතල, එදා මහින්ද පපුවට අතගහගෙන, බයියො බේස් එකට ඇමතුව ලස්සනට. ඒ වගේම ගෝඨ වියත්මග කියල එකක් හදාගෙන අර Crowd එකට ඇමතුව. ඒකෙන් අර රියල් බයියො & ලොජිකලි ඡන්දෙ දෙන Professionals හැමෝම ගෝඨට දුන්න. මේ පාර ඔය මම කිව්ව සෙට් එක රනිල්ට නැඹුරු වෙනව. ඔය වගේ ලස්සන දේවල් ටිකක් මේක ඇතුලෙ තියෙනව බං.
------ Post added on Sep 20, 2024 at 12:39 AM
මෙහෙමයි බං ඕක ඕක perception එක නේ අපි දෙන්නගෙ.. ඕක වෙනස් වෙනව අපි ආශ්‍රය කරන මිනිස්සු අනුව සහ අපේ පර්සනල් එක්ස්පීරියන්ස් අනුව..
උබයි මමයි ඉන්නෙ බබල් දෙකක වෙන්න පුලුවන්.. ඒ කියන්නෙ මම ආශ්‍රය කරන බබල් එකේ ඉන්න මිනිස්සු උඹේ බබල් එකෙන් වෙනස් වෙන්න පුලුවන්. ඒ හින්ද මං උඹ වැරදියී මං හරි කියල කියන්නේ නෑ.. මං කිව්වෙ මට දැනෙන වෙනසක් තමයි.. අපි බලමු 21න් පස්සෙ මොකද වෙන්නෙ කියල.. මගේ මතය නං උබ ඔය කියන miracle එක වෙනව කියල .. අනික් එක ඔව් upper mid level ක්ලාස් එක මේ පාර රනිල්ට යයි.. හැබැයි lower mid level එක මේ පාර ගොඩක් අනුරට කියල තමයි මං කියන්නෙ.. ගෝඨගෙ කැම්පේන් එකේ වියත් මග වගේ ටාගට් කරේ ඒ ක්ලාස් එක.. මේ පාර අනුර ටාගට් කරෙත් ඒක.. upper mid level එක රනිල්ට යන්න හේතුව බොහෝ දුරට අනුරයි උනුයි අතර අයිඩියොලොජිකලි තියෙන එකඟ නොවීම කියල මං කියන්නෙ.. ගොඩක් දක්ශිනාංශික දේශපාලනයක් විශ්වාස කරන අය අනුර එක්ක එක ලයින් එකට එනව අඩුයි..
හැබැයි ලංකාවෙ මේ තියෙන පොලිටිකල් ක්‍රයිසිස් එකත් ඕකම තමයි.. ලංකාවෙ මේ වෙලාව කෙලිං මිනිස්සුන්ට භය නැතුව එකඟ වෙන්න පුලුවන් දක්ශිනාංශික දේශපාලනයක් නෑ ලංකාවෙ 72 වෙනකං තිබ්බ වගේ... ඒ නිසා upper mid class එකෙනුත් පුංචි කෑල්ලක් කැඩිල අනුරට යනව කියල මං කියනව මේ වෙලාව ඔන්න ඔය අයිඩියොලොජි එක මැච් නොවුනත් මේ වෙලාවෙ තියෙන පොලිටිකල් ක්‍රයිසිස් එක නිසා.. අපි 22 බලමූ
දැන් කොහොමහරි හැමෝම අලුත් දේශපාලන සංස්කෘතියක් ගැන හොරු ගැන ආපහු කතා කරනවා. ඒ කියන්නේ 2022 කරපු ආර්ථික වැඩ ටික හරි ගිහින්. කාටවත් තෙල් ගන්න ලයිට් ගන්න අමාරුවක් නැහැ. ආර්ථිකය ගැන අමාරු තීරණ ටිකක් ගත්තා. ඒ හින්දා ගොඩක් උන්ට ආර්ථිකය ගැන කම්ෆර්ටබල් ගතියක් ඇති වෙලා. අන්න දැන් මූලික අවශ්‍යතාවයක් වෙච්ච ආර්ථිකය ගැන බය නැති වෙනකොට ඊගාවට තියෙන අවශ්‍යතා වන අලුත් දේශපාලන සංස්කෘති ගැන ආපහු කරලියට ඇවිල්ලා.
මේක මචං ඇත්තටම හොඳ පොයින්ට් එකක්.. ඇත්තටම මේක තමයි චක්‍රය..
ඔතන ප්‍රශ්නේ තියෙන්නෙ මේකයි.. ලංකාව කියන්නෙ ඔන්න ඔය අවම basic needs(physiological needs කියල චාර්ට් එකේ තියෙන්නෙ) ටික අවුරුදු ගානක් තිස්සෙ සූප්පු කරන්න දීල "ඔන්න උඹල ගේම ගහනව නං ගේම ගහපං" කියල පවත්වගෙන ආපු රටක්.. ඔය නිසා තමයි ඔය ගොඩක් ප්‍රසිද්ධ මතයක් තියෙන්නෙ දේශපාලකයෝ විතරක් නෙවෙයි මිනිස්සුත් හොරු කියල. ඒකට හේතුව පවතින ක්‍රමය ඇතුලෙ මිනිස්සු අතර මතයක් හැදෙනව "ගොඩ යන්න නං ගේමක් ගහන්නම ඕන" කියල.. ඔතන ගේම කියන්නෙ මේ සිස්ටම් එක ඇතුලෙ අපිට මේ බේසික් නීඩ්ස් ටිකට අමතරව දෙයක් ලබා ගන්න නං කොහෙං හරි කැරි කමක් කරන්න වෙනව කියන එක. දැන් එතකොට උඹල කවුරු හරි කියන්න පුලුවං අඩෝ එහෙම කැරි කමක් කරන්න ඕන නෑනේ.. මං IT සයිඩ් එකේ මේ අංක හයේ හොඳ පඩියක් අරං වන්ඩියක් අරං ජීවත් වෙන්නේ .. ගේම ගහල නේ කියල.. හැබැයි එතනදිත් වෙන්නෙ පවතින සමාජ ක්‍රමේ උඹ යම්කිසි විදිහකට සර්වයිව් වෙන ගමං අර සමාජය ඇතුලෙ ඉන්න බහුතරයක් උඹ හා සමාන අවස්තා නොලැබුණු පිරිස් දිහා බලල උඹේ වර්තමාන සෝශල් ස්ටේටස් එක ගැන සෑහීමකට පත්වීම විතරයි.. ඒ කිව්වෙ ලංකාවෙ IT සයිඩ් එක කියන්නෙ ලංකාවට ෆොරින් ඉන්වෙස්මන්ට් හොඳටම එන සෙක්ටර් එකක්.. හැබැයි මේ රටේ ජීවත් වෙන මනුස්සයෙක් හැටියට IT විතරක් කරල ජීවත් වෙලා ඉන්න බෑ, උඹට කන්න එලවලු ඕන, මාලු ඕන, අදින්න ඇදුම් ඕන, බොන්න තේ ඕන. ඔන්න ඔය වගේ හැම සෙක්ටර් එකකටම උඹට ඔය IT ෆීල්ඩ් එකේ ලැබෙන ඉන්වෙස්මන්ට් ලැබෙන්නෙ නෑ.. ඒක වක්‍රාකාරව උබටත් බලපානව.. එතකොට උබ ඔය මේන්ටේන් කරං යන සෝශල් ස්ටේටස් එක පවත්වාගෙන යන්න උඹ නොදැනුවත්ම උබේ මානසික, ශාරීරික සුවය කැප කරල තියෙනව මොකද ඌබ ලබන ආදායම හොඳ උනත් උඹ ජීවත් වන සමාජ ක්‍රමය උබට සාපේක්ශව ඉදිරියට යන්නෙ නැති නිසා.. උදාහරණයක් විදිහට උබට ඒ සමාජය ඇතුලේ සමාජ ආරක්ශනයක් ලැබෙන්නේ නෑ,, උඹ ගෙවන බදු මුදලට සාපේක්ශව හොඳ සෞඛ්‍ය පහසුකම් ලැබෙන්නෙ නෑ, මානසික නිදහස ලබන්න එන්ටර්ටේන්ට්මන්ට් පැත්ත ලැබෙන්නෙ නෑ, අනාගතය ගැන ගැරන්ටියක් නෑ.. ඊට පස්සෙ උඹට ඔය පවත්වාගෙන යන සෝශල් ස්ටේටස් එක මදී, තව දියුණු වෙන්න ඕන කියල හිතෙනව නං එතනත් උඹට යන්න වෙන ලිමිට් එකක් තියෙනව.. සරලව තර්ඩ් වර්ල්ඩ් කන්ට්‍රි කියල අපිව හංවඩු ගහල තියෙන්නෙ ඕක හින්ද.. අපි ඔය ඩිවලොප්ඩ් කන්ට්‍රි වෙන්න හීන දකින්න ඕනත් නෑ.. හැබැයි.. අඩුම තරමේ රටක් විදිහට අවශ්‍ය පොදු ප්‍රාවාහන සේවය, අධ්‍යාපනය, සෞඛ්‍ය, නීතිය, විනෝදාස්වාදය නෑ කියන්නෙ උඹල අපිට බේසික් නීඩ්ස් වලිං එහාට යන්න පුලුවං දුර සීමිතයි මේ රටේ..
ඉතිං ඔය ඔක්කොටම හේතුව මේ දේශපාලන සංස්කෘතිය.. ඕක නිකං චක්‍රයක් වගේ තමයි හැබැයි ඔය චක්‍රය උඩින් කැඩෙනව කියන්නෙ පහලට එනව.. රටේ එකොනොමික් ක්‍රයිසිස් එකක් තියෙනව තමයි හැබැයි ඒ ක්‍රයිසිස් එක ගැන කතා කරන කවුරුත් පොලිටිකල් ක්‍රයිසිස් එක ගැන කියන්නේ නෑ.. පොලිටිකල් ක්‍රයිසිස් එකේ ප්‍රතිඵලයක් විදිහට තමයි එකොනොමික් ක්‍රයිසිස් එකක් එන්නෙ.. ඉතින් පොලිටිකල් ක්‍රයිසිස් නැති වෙලා කවද හරි එකොනොමික් ක්‍රයිසිස් එකත් නැති උනා කියමු.. ඊට පස්සෙ අනිවා කොහොමත් එනව වෙන ක්‍රයිසිස් එකක්.. ඔය මනුශ්‍යයාගෙ තියෙන අවශ්‍යතා නිසා.. ඒක එහෙමයි කියල අපි දැන් මේ තියෙන ක්‍රයිසිස් එකේම ඉඳං ආ මේ ඉන්න විදිහ හොඳයි කියල ඉන්න අවශ්‍ය නෑ..
අනික් එක තමයි රනිල් කැරි බොරුවක් කරනව දැන් එකොනොමික් ක්‍රයිසිස් නෑ .. ක්‍රයිසිස් විසඳුවා කියල.. ඒක පට්ට පල් බොරුවක්.. අපි තාම ඉන්නෙ ලොකු ක්‍රයිසිස් එකක.. ඕක දිගටම කතා කරන්න පුලුවන් ඉතින්.. ඒ වුනාට වැඩක් වෙයිද දන්නෙ නෑ
------
Post added on Sep 20, 2024 at 3:16 PM