මේ වසරේ ලංකාවට සම්බාධක එනවමයි
ප්‍රතිචාර නැත්නම් ශ්‍රී ලංකාවට සම්බාධක පැනවිය යුතුයි – ඇමරිකාව
July 22, 2011 at 11:47 am | Lanka C News.
‘channel 4′ වීඩියෝ පටය මඟන් පෙන්වා දෙන ලද සහ බෑන් කී මූන්ගේ උපදේශන කමිටු වාර්තාව මඟින් පැවසෙන මානුෂීය මෙහෙයුමේ අවසන් අදියරේ දී සිදුව ඇතැයි කියන මානව හිමිකම් උල්ලංඝණය වීම් සහ යුද අපරාධ සම්බන්ධයෙන් වගකිව යුතු පිරිසට එරෙහිව කටයුතු කිරීමට ශ්‍රී ලංකා රජය කටයුතු කළ යුතු බවත් අදාල සිද්ධීන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය වගකීමෙන් යුතුව ප්‍රතිචාර නොදක්වන්නේ නම් ශ්‍රී ලංකාවට ලබාදෙන ආධාර අත්හිටුවිය යුතු බව අමෙරිකාව පවසයි.
මානුෂීය ආධාර, බිම්බෝම්බ ඉවත් කිරීමේ කටයුතු සහ යහපාලනය සඳහා ලබාදෙන ආධාර හැර සෙසු ආධාර කපා හැරිය යුතු බව එරට විදේශ කටයුතු පිළිබඳ කොංග්රස් කමිටුව ප්‍රකාශ කර තිබේ.
එසේම මාධ්‍ය නිදහස ස්ථාපනය කිරීම සහ හදිසි නීතිය ඉවත් කිරීම සඳහා ද අවධානය යොමු විය යුතු බව එම කමිටුව ප්‍රකාශ කර ඇත. පසුගිය 2010 වසර සඳහා ශ්‍රී ලංකාව වෙනුවෙන් අමෙරිකානු ඩොලර් මිලියන 13 කට ආසන්න මුදලක් අන්තර්ජාතික සංවර්ධනය සඳහා වන අමෙරිකානු ඒජන්සිය වෙන් කර තිබුණි