මේ වසරේ Android වලින් බලාපොරොත්තු විය හැකි දේවල&#353

Mahesh+

Well-known member
  • Jul 3, 2012
    3,316
    807
    113
    Verified ✔
    මේ වසරේ Android වලින් බලාපොරොත්තු විය හැකි දේවල&#353

    මේ වසරේ Android වලින් බලාපොරොත්තු විය හැකි දේවල් 5ක්

    2015-android-660x400.jpg


    2014 වසර Android උපකරණ වලට සහ තාක්ෂනය අතින් නව යුගයකට පිවිසෙන වසරක්. විවිධ වර්ගයේ Android උපකරණ පසුගිය අවුරුද්දේ වෙළදපොලට ආවනෙ බලමු මොනවද 2015 වසරේ Android වලින් අපිට බලාපොරොත්තු වෙන්න පුළුවන් දේවල් කියලා.

    ANDROID WEAR බොහොම දියුණු වෙනවා

    4118694364_777d787725_z-640x425.jpg


    Android Wear මුලින්ම වෙළද පොලට හැදින්වුවේ 2014 වසරේය. Samsung, LG, Motorola වැනි සමාගම් වලින් Android Wear වෙළදපොලට නිකුත් වූවත් සමහර සමාගම් Android Wear උපකරණ වෙළදපොලට හැදින්වුවේ නැත. Fossil සමාගම මෙවැනි එක සමාගමකි. 2014 වසරේ මාර්තු මස Android Wear නිපදවීමේ ව්‍යාපාරයට Google සමාගම සමග Fossil සමාගම එකතු වුවත්, Fosil සමාගමෙන් Android Wear කිසිවක් 2014 දි එලි දැක්වුණේ නැත.

    තවත් සමාගම් බොහොමයක් තරගයට එකතු වෙනවා බලාගන්න පුළුවන් වෙයි,මොකද Apple සමාගමෙන් පළමු Apple Watch එක 2015දි එලි දක්වන බව කියා ඇත.

    SAMSUNG VIRTUAL REALITY

    gear-vr-on-hear-640x427.jpg


    2014 වසරේ නිකුත් වූ Samsung Gear VR සහ Oculus Rift උපකරණයත් සමග, පාරිභෝගිකයන්ට නවතම “Virtual Reality” අද්දැකීමක් ලබා දුන්නා. 2015 වසරේදි Oculus උපකරණය ජංගම තත්වයටත් (Oculus Mobile platform) android සමාගම් සමග නවතම සහයෝගිත ඇතිවෙන හැටි බලාගන්න පුළුවන් වෙයි. Samsung VR හි තවත් සංස්කරණයක් 2015දි හදුන්වා දීමට Samsung බලාපොරොත්තු වෙයි. Sony PlayStation එකට Virtual Reality තාක්ෂනය ඇතුලත් කරයිද ? Nexus දුරකතනයට Virtual Reality තාක්ෂනය එකතු වෙයිද ?

    ගණන් අඩු අලුත් NEXUS ස්මර්ට්ෆොන් සහ PROJECT ARA එලි දැක්ම

    Nexus-4-back-phandrizzle-640x397.jpg


    2014 වසර Android වලට දැනට උදා වුනු හොඳම අවුරුද්දයි. විවධ වර්ගයේ නවීන ස්මර්ට්ෆොන් වෙළදපොලට නිකුත් විය. 2015 දි “Project ARA” එලි දැක්වීම දැකගන්න පුළුවන් වෙයි.
    Project ARA මගින් තමන් ට කැමති පරිදි තමන්ගේ ස්මර්ට්ෆොන් එක හදාගන්න පුළුවන්, තමන්ට පින්තුර ගන්න ඕනේ නම් මෙගාපික්සල් වැඩි කාමර එකක් දන්නා පුළුවන්, ගේම් ගොඩක් ගහනවානම් Processor එකේ වැඩි කරගන්නට පුළුවන්. Project ARA වලින් ලැබෙන හැකියාවන් බොහෝය.

    තවද, Android Silver ක්‍රියාවලිය නවත්විමත් සමග වැඩි දියුණු කල Nexus දුරකථන වැඩි බැටරියක් සහිතවද වඩා ක්‍රියාකාරී processor එකක් සමගද අඩු මිලකටද වෙළඳපොලට පැමිණෙන බව කියයි.

    ANDROID හා CHROME හි තිබෙන පරතරය අඩු වීම

    Chromebook_Nexus_Smart_Lock_Easy_Unlock-640x447.jpg


    අපි මේ කතාකරන්නේ Chrome Operating System එකේ ගැන. Android හා Chrome හි තිබෙන පරතරය අඩු කිරිමට Google සමාගම පටන් අරන් ඇත. මේගොල්ලෝ හදන්නේ Android සම්පුර්ණ Operating System එකක් කිරීමටයි, නිකන් Windows හෝ Linux වගේ.

    Chrome Operating System එක හා Android දෙක එකතු වෙයිද ? නැත්නම් Android සම්පුර්ණ Operating System එකක් වෙයිද කියන එක අපට තම හරියට කියන්නට බෑ. නමුත් මේ දෙකටම 2015 වසරේ විවාධ අලුත් වෙනස්කම් බලාපොරොත්තු වෙන්නට පුළුවන්.

    ඉන්දියාව ගැන අවදානයෙන්

    one-2200-640x355.jpg


    2015දි Google, Motorola, Xiaomi, Oppo, Micromax හා වෙනත් ජංගම දුරකථන සමාගම් ඉන්දියාවේ ජංගම දුරකථන වෙළඳපොළ අල්ලා ගැනීමට පොරකනවා බලාගන්න පුළුවන් වෙයි. මෙයට හේතුව 2014 අවසන් වන විටත් ඉන්දියාවේ බ්ලියනයක ආසන්න ජනගහනයෙන් 29% පමණලු ජන්ගම දුරකථන භාවිතා කරන්නෙ. Google Android One හා වෙනත් Android ෆෝන් නිෂ්පනදනය කරන සමාගම්, ඉන්දියානු වෙළද පොලෙහි මිලට සරිලන ආකාරයට අඩු මිලට නව නිර්මාණ කිරීමට බලාපොරොත්තුවෙන් සිටියි.

    උපුටා ගැනීම