මේ වාසිය අපිට ගමු

riduna pm

Well-known member
  • Jun 22, 2018
    5,915
    3,416
    113
    මේ වන විට ඉන්දියාව සහ මාලදිවයින අතර හට ගෙන තිබෙන රාජ්‍ය තාන්ත්‍රික අර්බුදය නිසා ශ්‍රී ලංකාවට වාසි සහගත තත්ත්වයක් ඇති වීමේ ඉඩක් තිබෙනවා.

    මේ අර්බුදයට අඩිතාලම වැටෙන්නේ පසුගිය වසරේ ජනාධිපතිවරණය ජයග්‍රහණය කරමින් මාලදිවයිනේ ජනාධිපතිවරයා වූ Mohomad Muizzu චීනයට සමීප වීමයි. මාලදිවයින මෙතෙක් India First ප්‍රතිපත්තියක් අනුගමනය කළ අතර සිය දූපත් සඳහා සැපයුම් ලබා ගැනීමට ඉන්දියාව මත ප්‍රමුඛතාව ලබා දී කටයුතු කළා. ඒ සමගම ඉන්දියානු හමුදාවේ 75 දෙනෙකුගෙන් යුතු හමුදා අනුඛණ්ඩයක් ද මාලදිවයිනේ රැඳී සිටිනවා. නව ජනාධිපතිවරයා සිය මැතිවරණයේදී පොරොන්දු වූයේ මේ හමුදා අනුඛණ්ඩය ඉවත් කරන බවටත්, India First ප්‍රතිපත්තිය අවලංගු කරන බවටත්. අනතුරුව ඔහු චීනයේ බීජිං වෙත දින හතරක නිළ සංචාරයක් සඳහා අද පිටත් වී යෑමට නියමිතව තිබෙනවා.

    ඒත් සමගම කලාපීය බලවතා වන ඉන්දියාව මේ පිළිබඳව දැඩි රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරමින් සිටිනවා. දකුණු ආසියාවේ සිය ආධිපත්‍යය මොට කරවා ගැනීමට ඔවුන් සූදානම් නෑ. ශ්‍රී ලංකාව තුල ක්‍රමයෙන් චීනයේ බලය ඉහළ යෑම ඔවුන්ගේ දුර්වලතාවයක් ලෙස සළකන්න පුළුවන්. ඒත් ක්‍රමිකව ඒ බලපෑම යළි ගොඩ නගා ගැනීමට අපේ ආර්ථික අර්බුදයෙන් ඔවුන් සමත් උනා. මේ වන අපිට චීනයට වඩා ඉන්දියාවේ බලපෑම ප්‍රභලයි. විශේෂයෙන් ගෝලීය යුද අර්බුදයක් පැන නැගෙමින් තිබෙන මෙවන් කාලයක අපි සාපේක්ෂව මධ්‍යස්ථ ඉන්දියාවට සමීප වීම හොඳ තත්ත්වයක් ලෙස දකින්න පුළුවන්. එහි දීර්ඝකාලීන වාසි ලබා ගැනීමට අපි කටයුතු කළ යුතුයි.

    මාලදිවයිනේ මේ ප්‍රතිරෝදයට ඉන්දියාව දැක්වූයේ අපූරු පිළිතුරක්. ඒ ලෝකයේ ජනකාන්තම දේශපාලකයා ලෙස සැළකෙන ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝඩි ඉන්දියාවේ දූපත් සමූහයක් වෙන ලක්ෂාද්වීපයට යවා එහි ඡායාරූප ප්‍රසිද්ධ කරමින් දේශීය සංචාරක කර්මාන්තය මාකට් කිරීමයි. ඒ කියන්නේ ඔවුන් සෘජුවම ඉන්දීය සංචාරකයන්ට මාලදිවයින වෙනුවට දේශීය දූපත් තෝරා ගන්න යැයි බලපෑමක් කරනවා. එය සෘජුවම කීම රාජ්‍ය තාන්ත්‍රික කැළඹීමක් විය හැකි බැවින් වක්‍රාකාරයෙන් කියන්නේ මාලදිවයිනට යන්න එපා කියලා. ඉන් මාලදිවයින ආර්ථික අපහසුතාවකට පත් කිරීමට මෝඩි රජය කටයුතු කරනවා. බීජේපීයේ දේශපාලන මතවාදය වන හින්දුතුවා සමග ගෝලීයව ඉන්දීය අනන්‍යතාවය වර්ධනය කරමින් සිටින මෝඩිට මේ වෙලාවේ ලොකු පිළිගැනීමක් ඒ රට තුල තිබෙනවා. ඔහු ඉන්දියානු අභිමානය උත්කර්ෂවත් කරමින් හින්දුතුවාව වර්ධනය කරමින් සිටින මේ කාලයේ ඔහුගේ කිම අහන්න ඉන්දියානුවන් පැකිළෙන්නේ නෑ.

    මේ ක්‍රියාවට ප්‍රතිරෝදය දක්වමින් මාලදිවයිනේ ඇමති මණ්ඩලයේ ප්‍රභලයින් තුන් දෙනෙකු ටුවිටර් පණිවිඩ නිකුත් කරමින් මෝඩිගේ මේ ක්‍රියාකලාපය විවේචනය කළා. ඔවුන් මෝඩිට විහිළුකාරයෙකු, ත්‍රස්තවාදියෙකු මෙන්ම ඊශ්‍රායලයේ රූකඩයෙකු ලෙස ගැරහීම් කළා. මේ ප්‍රකාශයන් ඉන්දියාව තුල කැළඹීමක් ඇති කළා. ජනප්‍රිය පුද්ගලයන් වන හර්දික් පාණ්ඩ්‍යා, අක්ශේ කුමාර් පවා ඊට එරෙහිව හඬ නැගුවා. බිලියන 1.4 ක් මිනිස්සු ඉන්න රටක් එක්ක හැප්පෙන එක මිලියන භාගයක්වත් මිනිස්සු නැති රටකට කරන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේ වැඩෙන් මාලදිවයින දෙදරා ගියා. ඔවුන්ගේ ජනාධිපතිට අර ඇමති වරුන් තිදෙනාම නිල වලින් පහ කරන්නට සිදු වූ අතර, ඒවා පුද්ගලික මතයන් බවත් මාලදිවයිනේ රජයේ ස්ථාවරය නොවන බවත් නිල නිවේදනයක් නිකුත් කරමින් මාලදිවයින කියා සිටියා. දැනට මේ අර්බුදය මෙතන නතර වෙලා.

    මේ ඔස්සේ මාලදිවයිනේ යන්න හිටපු ඉන්දියානු සංචාරයකයන් යම් පිරිසක් ශ්‍රී ලංකාවට ෆලයිට් එක හරව ගන්න වැඩි ඉඩක් තිබෙනවා. මොකද ලක්ෂද්වීපයේ තවමත් විශාල සංචාරයක කර්මාන්තයක් නෑ. ඒ නිසා මින් අපිට ලොකු වාසියක් වීමට ඉඩ තිබෙනවා. වසර 2023 දී ශ්‍රී ලංකාවට සංචාරයකයන් මිලියන එකහාමාරක් පැමිණ තිබුන අතර ඉන් වැඩි පිරිසක් ආවේ ඉන්දියාවෙන්. ජනවාරි මාසයේ පළමු දින 4 ට ආපු 25,000 ක් සංචාරයකයන් අතරේ දෙවැනියට වැඩිම පිරිස ඉන්දියානුවන්. ඉතිං මේ වසරේ සංචාරක ඉලක්ක වලට යන්න, මිලියන 2 පන්නලා සංචාරයකන් ගෙන්න ගන්න මේ මාලදිවයින සහ ඉන්දියාව අතර ගැටුම අපිට හේතුවක් වෙයි. එහි වාසිය ඔබට ලැබෙයි. එසේම ඉන්දියාවෙන් ලබා ගන්න සැපයුම් වෙනුවෙන් ඊළඟට සැපයුම් ලබා ගන්න මාලදිවයිනට යොමු වෙන්න වෙන්නේ අපේ දිහාවට. ඒ නිසා අපගේ එලවළු පලතුරු අපනයන කරුවන්ට මින් වාසි අත් වීමත් සිදු වෙන්න පුළුවන්.

    ඒ වගේම භූ දේශපාලනිකව මෙය යම් අවුල් සහ ගත තත්ත්වයක්. මාලදිවයින ගෝලිය වම සමග කඳවුරු බැඳීමත් , ඉන්දියාවට ඊශ්‍රායලයේ රූකඩයක් යැයි චෝදනා කිරීමත් ගෝලීය බෙදීම වර්ධනය කරන්නක්. යුද කාලයක මෙසේ කඳවුරු බෙදී යෑම කියන්නේ ලෝකය සටනට සමීප කිරීමක්.

    වාසිය ලබා ගන්නත් අවාසිය මග හරින්නත් ඔබට පුළුවන් !
    ජයවේවා!

    පැතුම් කර්නර් #පැතූනොමික්ස් #හරිත
     
    • Like
    Reactions: Asmodeus

    riduna pm

    Well-known member
  • Jun 22, 2018
    5,915
    3,416
    113
    ආර්ථිකයක් වර්ධනය වෙනවා කියන්නේ යම් රටක මිනිස්සුන්ගේ ජීවිත වල ගුණාත්මකභාවය වර්ධනය වෙන එකට.

    ලෝකයේ වේගයෙන්ම දියුණු වෙන ඉන්දියාවේ මේ වන විට ආර්ථික වර්ධන වේගය 6-7% අතර. ඒකට සාපේක්ෂව මිනිස්සුන්ගේ ආදායම් ඉහළ යෑම වේගවත් වෙනවා. දුප්පත් මිනිස්සු පොහොසත් මිනිස්සු බවට පත් වෙනවා. අලුත් ව්‍යාපාර බිහි වෙනවා, රැකියා බිහි වෙනවා. රැකියා බිහි වෙනවා. තියෙන රැකියා වල ආදායම් වැඩි වෙනවා.

    මේ සියල්ලෙන් කියැවෙන්නේ ඒ රට තුල ජනතාවට ධනය ජනිත වීම. ඒ ඔස්සේ ඔවුන්ගේ ජීවිත වල ගුණාත්මකභාවය ඉහළ යනවා.

    මෙවන් වර්ධනයක් වෙන කොට මිනිස්සු ගුවනින් යෑම වැඩි වෙනවා. ඒ වර්ධනයට සාපේක්ෂව ඉන්දියාවේ ගුවන් සේවා වල දැවැන්ත වර්ධනයක් පෙන්නුම් කරනවා. ශ්‍රී ලංකන් එක ලබා ගත යුතුව තිබුනේ මේ වාසිය. ඒකම හොයා ගෙන තමයි අර්බුදය වෙලාවෙත් FitsAir ලංකාවට එන්නේ. දැන් ඔවුන් සාර්ථකව පියාඹනවා.

    ඉන්දියාව කියන දැවන්තයාගේ ආර්ථික ගමනට ප්ලග් වෙන එක තමයි අපිට තියෙන ලේසිම ආර්ථික උපක්‍රමය. වල් ඌරෝ කැකුණ තලන කොට හබන් කුකුළන්ට රජ මගුල් කියනවා නේ.

    නිදහස් වෙළෙඳපොළ ඉන්දියාවේ මිනිස්සුන්ගේ දෛවය වෙනස් කර තිබෙනවා. අපි තාම ඒවා ගැන සාකච්ඡා කරනවා.

    පැතුම් කර්නර් #පැතූනොමික්ස් #හරිත #රටහදනහරිපාර