වැඩ ඉවර කරලා youtube පැත්තේ ගියාම අහම්බෙන් video එකක් සෙට්වුනා නුලෙ title එකට ළඟින් යන title එකක් තිබුණ.. මටත් දෙමළ කතා කරන්න බැරි නිසයි, දෙමළ මොකුත් බැරි එකෙකුටත් කතා කරන්න පුළුවන් කියල තිබ්බ නිසයි පොඩ්ඩක් video එක open කරලා බැලුව.. විනාඩි 13 ක් වුණාට ඒ video එක බැලුව එක නම් කිසි පාඩුවක් උනේ නෑ.. පොර ගේ දෙමළ උගන්නන විදිහ නම් මට සුපිරියට සෙට් වුණා..
මේකේ ඉන්න ගොඩක් උන් කියවන්න ලියන්න ආස උන් නිසා සහ (නැත්නම් මේ forum අස්සට එන්නෙ නෑ නෙ

), විනාඩි 13ක් එකතැන ඉන්න ඉවසීමක් නැති නිසා

මං හිතුව නිකම්ම video එක දානවට වඩා video එකේ summary එකක් මේ නුලෙ දාන එක හොඳයි කියල..
ඔන්න එහෙනම් කිරියනි නමෝ විත්තියෙන්ම පළවෙනි දෙමළ පාඩම පටන්ගමු..
ආමන්ත්‍රණය
භාෂාවක් ඉගෙනගන්න්කොට මුලින්ම දැනගන්න ඕන දෙයක් තමා අනිත් මිනිසුන්ට කතා කරන විදිහ.. බලමු අපි දෙමලෙන් මිනිස්සුන්ට ආමන්ත්‍රණය කරන්නෙ කොහොමද කියාලා..
සාමාන්යෙන් අපි දැකල නැති වැදගත් පෙනුමක් තියෙන කෙනෙක්ට අයියා කියන්න පුලුවන්.. අයියා කියන්නේ දෙමලෙන් මහත්තයාට..
ඒ විදිහට ම වැදගත් නෝනා කෙනෙක්ට අම්මා කියන්න පුළුවන්.. දෙමලෙන් අම්මා කියන්නේ නෝනාට
බාල අයට නම් තම්බි (මල්ලි ) කියලයි තන්ගච්චි (නංගි ) කියලයි තමා කියන්නේ..
වැඩිමල් අඳුරන පිරිමි අයට අන්නා (අයියා), වැඩිමල් ගෑණු අයට අක්කා (අක්කා) කියන්න පුලුවන්..රහල් ට නම් මස්සිනාට උනත් අන්නා කියන්න පුළුවන්

..
සුබ පැතීම
දෙමලෙන් කරන්න පුළුවන් ලේසිම සරලම සුබ පැතීම තමයි වනක්කම් (ආයිබෝවන්) කියන එක.. මේක ඕනෑම කෙනෙක්ට කියන්න පුලුවන්..
නිතරම ඕන වෙන වචන
ඔන්න මේ ටික තමයි මට නම් මේ පාඩමේ පුද්ගලිකව වැදගත්ම හරිය..
වේන්ඩුම් / වේනුම්
මේ වචන යොදා ගන්නෙ දෙයක් ඕන කියල කියන්න.. සමහරු වේනුම් කියලත් කියනව.. හැබැයි ලංකාවේ දෙමළ අය භාවිතය කරන්නෙ වෙන්ඩුම් විදිහට
උදා:
සෝරු වේන්ඩුම් - බත් ඕන
Food වේන්ඩුම් - කෑම ඕන
Water වේන්ඩුම් - වතුර ඕන
Dinner වේන්ඩුම් - dinner ඕන
@K A R A W A L A Y A ට එහෙම අනුන්ගේ thread වලට පැනල පැත්තෙන් %ක දෙද්දී එනක්කු anal වේන්ඩුම් කියල කියාගෙන එන්න පුළුවන් .
වෙන්ඩාම් / වේනාම්
මේ වචන දෙක තමන්ට දෙයක් ඕන නෑ කියන්නත්, තව කෙනෙකුට දෙයක් එපා කියන්නත් කියන දෙකටම use කරන්න පුලුවන්..හම්බයෝ වානා කියලත් කියනවා..
උදා:
සෝරු වෙන්ඩාම් - බත් එපා
Problem වෙන්ඩාම් - ප්‍රශ්න එපා
Disturb වෙන්ඩම් - disturb කරන්න එපා
පන්නුංග
මේකත් දෙමළ පටන්ගන්න කෙනෙක්ට ගොඩක් වැදගත් වචනයක්.. මේකේ තව variations දෙකක් තියෙනවා...
පන්නුංග - කරන්න
පන්නවේනුම් - කරන්න ඕන
පන්නවෙන්ඩාම් - කරන්න එපා
මේ වචන use වෙන්නෙ මෙහෙමයි..
* Call පන්නුංග - call කරන්න
* block පන්නුංග - block කරන්න
* Disturb පන්නවෙන්ඩම් - disturb කරන්න එපා
* Drive පන්නවෙන්ඩාම් - drive කරන්න එපා
අපි කිරියට ආවේනික උදහරනයකුත් අරන් බලමු..
කුලී කමෙන්ට් බයි රැල ban කරන්න කියල කියල ban කරේ නැති උනාම ඔයාලට කියන්න පුළුවන්.,
@erozan ban පන්නුංග
එතකොට
@AnuradhaRa කිරියෙන් යන්න හදනකොට ඉන්න ඉන්න කියද්දීත් ඌ යන්නම හදනවා නම් අපිට වෙන බාසාවකින් try කරන්න පුළුවන්..
@AnuradhaRa leave පන්නවේන්ඩාම්
ආයේ අපි පාඩමට එමු
අපි හිතමු අපිට දොර අරින්න කියල කියන්න ඕන වුණා කියලා.. හැබැයි අපි දොරට දෙමලෙන් කියන එක දන්නෙත් නෑ අරින්න කියන එකට දෙමලෙන් කියන එක දන්නෙත් නෑ.. එතකොට අපිට කියන්න පුලුවන්..
Door Open පන්නුංග
මෙහෙම කඩ්ඩ දෙමළ පටලන එකේ කිසි අවුලක් නෑ.. අදහස එනවා නම් එච්චරනේ.. දෙමළ film එකක් උනත් අරන් බලන්න ඒවයෙත් ඔහොම තමා කතා කරන්නෙ..
ඕනනම් ඉතින් දොර අරින්න කියන එක කදවෛයිල් තරවුන්ගල් කියල කියන්නත් පුළුවන්..

හැබැයි එතකොට අහන් ඉන්න එකාට දැනෙන්නේ සිංහල රාජ කතාවක ද්වාරය විවර කරන්න කියනවා වගේ feeling එකක්..

ඊට වඩා කඩ්ඩ පටලන කොට modern ගතියක් තියෙනවා..
ඉරුක්කා / ඉල්ලෙයා
මේ වචන දෙක භාවිත වෙන්නෙ තියෙනවද, නැද්ද කියන දෙක අහන්න තමා..
ELK ලොක්කා අත්වැඩ THREAD එකේ මොනවහරි share කරොත් උඹලට අහන්න පුළුවන්,
Photo ඉරුක්කා - photo තියෙනවද
video ඉරුක්කා - video තියෙනවද කියලා
තව දෙයක් තමයි මේක කියවද්දී කට උල් කරලා "රු" කියන්න එපා.. නිකං "ඉරක්කා" වගේ කියවෙන විදිහට තමයි කියන්න ඕන..
Sir ඉල්ලෙයා - sir නැද්ද
Madam ඉල්ලෙයා - madam නැද්ද
කිරියට
@Emios ගොඩ කාලෙකින් ඇවිත් නැත්නම් අපිට අහන්න පුළුවන් thread එකක
emios ඉල්ලෙයා (emios නැද්ද )
හැබැයි හොඳට මතක තියාගන්න පුතී පුද්ගලයෙකුට ඉරුක්කා දාන්න එහෙම එපා.. Sir ඉරුක්කා කියල ඇහුවොත් එන්නෙ sir තියෙනවද වගේ තේරුමක්.. එක ඉතින් සෙට් නෑ නෙ.. ඒ නිසා Sir ඉරුක්කා කියලා අහන්නෙ නෑ.. ඉල්ලෙයා කියලා අනිත්පැත්තට අහන්න.. ඒ කියන්නේ sir ඉල්ලෙයා (sir නැද්ද ).. ඒ විදිහට..
ඕම්/ආමා, ඉල්ල
අපි උඩ අහපු ප්‍රශ්නයක් කවුරුහරි අපෙන් ඇහුවොත් උත්තර දෙන්නෙ කොහොමද? එතකොට තමයි ඕම් (ඔව්), ඉල්ල (නෑ) කියන වචන දෙක use කරන්න පුළුවන්..
උදා:
රහල් ගෙදර ඉන්න වෙලාවක මස්සිනා හොඳටම බීල ගෙදර එනවා..
මස්සිනා : රහල් ඉල්ලෙයා?
රහල් (අක්කට) : ඉල්ලේ සොල්ලුංග (නෑ කියන්න )
අක්කා: ඉල්ලේ (නෑ නෙ )
පරවාල
පරවාල කියන වචනේ use කරන්නෙ shape කියල කියන්න.. වලියක් එහෙම යන්න ඔන්න මෙන්න කියල තියෙද්දී එතනින් මාරුවෙන්න පරවාල (අවුලක් නෑ) කියන්න පුළුවන්..
පොයිට්ටුවාරන්
දෙමලෙන් පොයිට්ටුවාරන් කියන්නේ ගිහින් එන්නම් කියන එක.. සිංහල වලදී වගේම දෙමළ වලදීත් මේක පාවිච්චි වෙන්නෙ සමුගනීමකදී තමයි..
උදා :
මස්සිනා airport එකේදී රහල් ට: පොයිට්ටුවාරන් (ගිහින් එන්නම්)
ඔන්න ඔය වචන ටික තමයි මං මේ video එක බලලා ඉගෙනගත්තෙ.. ඇත්තටම මේ වීඩියෝ එක බැලුවම දෙමළ ඉගෙන ගන්න ආසාවක් ආවා මුලින්ම දෙමළ කතා කරන්න ඉගෙනගෙන ඊට පස්සේ ලියන්න කියවන්න ඉගෙන ගන්නවා කියලා හිතන් ඉන්නේ.. උදාහරණ නම් video එකෙන් නෙවෙයි ගත්තෙ ඔන්න..
Video එක බලන්න කැමති අයට video එකත් දැම්මා..