මේ විදිහට හිතුවොත් ...

KBW123

Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    මේ විදිහට හිතුවොත් ...

    ලක් වැසියන් කෙරෙහි නැමී
    අරහත් මහ මිහිඳු හිමි
    පෙව්වෙ උතුම් සදහම් මී
    පුත නුඹටත් මම පොවමි එමී
    ජාතිය රන් විමනක් වේ
    ආගම මිණි පහනක් වේ
    එය ‍රැකගන්නට මෙලොවේ
    සමත් වෙතොත් පුත නුඹ වේ

    මෙබඳු උතුම් ලංකාවේ
    දසතින් දුසිරිත් බෝවේ
    මේ ගැන වැඩ කොලොත් ලොවේ
    නුඹෙත් මගෙත් නම කියැවේ
    ඉටු කොට කල යුතු යුතුකම්
    ලැබුණත් ලෝකෙන් ගැරහුම්
    ඉවසන්නට පුළුවන්නම්
    නුඹයි මගේ පුතා උතුම්

    තමන් ලැබූ දිවි පෙවෙතේ
    කොටසක් රට සමය වෙතේ
    පුද නොකොලොත් නුඹෙන් පුතේ
    මෙලොවට කිසි පලක් නැතේ
    මේ ගැන වැඩ කොට ඉමහත්
    ලැබෙන දුකක් හිරිහැරයක්
    නිවනට සරිකොට සිතතොත්
    නුඹයි මගේ පුතා සමත්

    කාටත් හිමි පොදුදේ නම්
    නැති බැරි හිඟ අවහිරකම්
    මේ දේ මැඩගෙන දස්කම්
    පෑම තමයි සුරුවිරු කම්
    උස් තැන් දැක හැකිලෙන්නේ
    මිටි තැන් දැක පුප්පන්නේ
    නිවටුන් බව සිතමින්නේ
    මගේ පුතා ලොකු වෙන්නේ


    ගායනය :සුනිල් එදිරිසිංහ
    පද රචනය : ටිබෙට් ජාතික එස් මහින්ද හිමි
    සංගීතය : රෝහණ වීරසිංහ


    hqdefault.jpg


    මේ සින්දුවේ විදිහට හිතුවොත් අපේ සමාජේ හොද මගට ගන්ඩ පුලුවන් නේද මචං ,මේ වගේ සින්දු ටීවී එකේ රේඩ්යෝ වල යන්නේ නැති තරම්:(:(:(නිදහස් දවසට විතරක් පට්ට ගහව:angry::angry:.මේ වගේ සින්දු උබලගේ ළමයින්ට අහන්ඩ දීපන්(ඉනවන් විතරක් නැත්තන් හදපු දවසක:rofl::rofl:).

    උබලගේ අදහස් දාපල්ලා
     

    Sinhala King

    Well-known member
  • Feb 2, 2013
    1,104
    552
    113
    දැන් මචං හරවත් කියලා සිංදුවක් යන්නේ නැති තරම්නේ. හොද වෙලාවට අපි පොඩිකාලේ ඕවා අහන්න පුලුවන් උනේ. දැන් හැමදේම ඕනවට වඩා වාණිජකරණය වෙලා :dull:
     

    KBW123

    Well-known member
  • Jun 28, 2016
    920
    234
    63
    කුරුණෑගල
    දැන් මචං හරවත් කියලා සිංදුවක් යන්නේ නැති තරම්නේ. හොද වෙලාවට අපි පොඩිකාලේ ඕවා අහන්න පුලුවන් උනේ. දැන් හැමදේම ඕනවට වඩා වාණිජකරණය වෙලා :dull:

    ඔව් බන් 2000 ට කලින් ඉපදුන එවුන් ගොඩක් වාසනාවන්තයි