මේ සක්වලෙහි පරම සත්‍යය

Niluka dissanayake

Active member
  • Mar 24, 2015
    370
    106
    43
    මේ සක්වලෙහි පරම සත්‍යය

    පරම සත්‍යය

    මේ සක්වලෙහි(සූර්යක්ග්‍රහ මන්ඩලයෙහි) අනන්ත අප්‍රමාණ සත්වයන්[1]ඇත්තේය. ඔවුන් අපායික සතුන්, ප්‍රේතයින්, තිරිසනුන්, මනුෂ්‍යයින්, දේවියන්(බ්‍රහමයන් ද ඇතුලත්ව) ආදී වූ වර්ග 5කට බෙදිය හැකි බවත් අපාය, පෘතුවිය, දෙවු ලොව, බ්‍රහම ලොව ආදී වශයෙන් විවිද වර්ගයේ ස්ථාන[2]වල ජීවත් වෙන බවත් බුදු රජානන් වහන්සේ වදාල සේක. මෙමෙ සත්වයන් ඔවුන් විසින් කරන ලද්දාවූ කර්මයන්ට අනුකූලව සැමවිටම ඉපදී මියයමින් සිටින බව සියල්ල අවබෝද කරා වූ බුදු රජානන් වහන්සේ වදාල සේක. මෙමෙ චක්‍රය අනන්ත කාලයක සිට පැවත එන බවත් එහි ආරම්භයක් නොමැති බවත් වදාල සේක. අවුරුදු කෝටියකට පෙරද, අවුරුදු කෝටි කෝටියකට පෙරද, පෙන්විය හැකි ඕනෑම කාලයකට කාලයකට පෙරද සත්වයින් මැරෙමින් ඉපෙදෙමින් සිටියේය. සියල්ල අවබෝද කලාවූ බුදුරජානන් වහන්සේ, අවුරුදු කෝටි කෝටියක කාලයකට පෙර ආදීවූ අවශ්‍ය ඕනෑම කාලයකට පෙර සතුන්ගේ ඉපදීම් මැරීම් ආදිය විනිවිද දැකිය හැකි ඤාණයෙන් යුක්තවිය.
    මේ ආරම්භයක් නොමැති සංසාරයේ සෑම සත්වයෙක්ම සෑම වර්ගයකම සත්වයන් හැටියටම ඉපදී ඇත්තේය. එක් එක් වර්ගයක සත්වයෙක් හැටියට(උදාහරණයක් ලෙස දෙවියන් විදියට උවද) අනන්ත වාරයක් ඉපිද ඇත්තේය.
    මේ සංසාරය අනන්ත ලෙස දීර්ග බැවින්, එක සත්වයෙකුගේ මව නොවූ, පියා නොවූ, සහෝදරයෙක් නොවූ, සහෝදරියක් නොවූ, පුතෙක් නොවූ හෝ පියෙක් නොවූ තවත් සත්වයෙකු සොයාගැනීමට අපහසු බව දේශනා කර ඇත.
    මෙමෙ අනන්ත සංසාරයේදී එක සත්වයෙකු විසින් බොනලද මවුකිරි ප්‍රමාණය හෝ අඩනාවිට සැලූ කඳුලු ප්‍රමාණය හෝ අනිකෙකු විසින් බෙල්ල කැපා දැමූ වාරයන්හිදී පිටවූ ලේ ප්‍රමාණය හෝ මහ මුහුදේ වතුර ප්‍රමාණයට වඩා වැඩි බවද දේශනා කර ඇත.
    තවද දිලිඳු අරූපී හිගන්නෙකු දුටු විටදීද, අලංකාරයෙන් සැරසුනු පොහොසත් කෙනෙකු දුටු විටද මේ සංසාරයේ මමද මෙසේ විසුවෙමියි යයි තේරුම් ගතයුතු බවත් බුදුරජානන් වහසේ වදාල සේක.
    මේ අනන්ත සසරේදී සත්වයින් වැඩිවශයෙන්ම ඉපදෙන්නේ අපායේය. එබැවින් ඔවුනට සතර අපාය(නරකය, තිරිසන් යෝනිය, ප්‍රේත නිකාය, අසුර නිකාය) සිය නිවස බඳුය. එක් එක් සත්වයෙකු විසින් වර්ෂ සිය ගනනකට වරක් වත් පිපාසය සංසිදෙන පමණට වතුර හෝ කුසගින්න සංසිදෙන පමණට අහරක් හෝ නොලැබ ඉතා දුකසේ කල් යවන ප්‍රේතයෙක්ව අතීතයේ අනන්ත වාර ප්‍රමාණයක් ඉපදී ඇත්තේය. තවද භයානක යම රකුසන් විසින් වෑ පොරෝ ආදියෙන් කපමින්, උල් වලින් අනිමින්, ගිනියම් ලෝහ ගුලි ලෝදිය පොවමින් අපමණ දුක්දෙන නරකවලද අනන්තව ඉපිද ඇත්තේය. සත්වයෙකු වරක් නරකයක ඉපදුන විට බොහෝ කාලයක් එහි අපමණ දුක් විදින්නෙය.
    වර්ත්මාන සමාජයේ මිනිසුන් තණ අග පිනි බිඳක් වැනිවූ මේ ජීවිතය සැමදා පවතින එකක් සේ, සැප යැයි කියාගන්නා මිරිගුවක් පසු පස යමින් එකිනෙකා පරයමින් නැගී සිටීමට උත්සහා කරමින් සිටිති. අරයාට වටිනා වාහනයක් ඇත, වටිනා රැකියාවක් ඇත, හොඳ ගෙයක් ඇත, අර රටේ සංචාරය කරඇත ආදී වශයෙන් සිතමින්, ඊර්ශ්‍ය කරමින් දුක් විඳිමින් කිසිදා ලබාගත නොහැකි සැපයක් පසුපස තන්හාවෙන් දුවමින් සිටියි, සෑහීමකට නම් පත් නොවෙති. හෙට හෝ අනිදා හෝ මාසයකින් හෝ අවුරුදු 10කින් හෝ 20කින් අනිවාර්යයෙන්ම ගෙවල් දොරවල්, යාන වාහන, දූදරුවන් නෑදෑයන් ආදී සියල්ල හැරදමා යන්නට සිදුවන බවත් සියල්ල අනිත්‍ය බවත් සිතන්නටත් අකමැතිය.
    අප මේ ඉපිද ඇත්තේ ඉතා දුර්ලභ බුද්දෝත්පත්ති කාලයකය. ඉතා දුර්ලභ මණුෂ්‍යත්වයද ලැබී ඇත. සියල්ල අවබෝද කරගත් බුදු රජුන් දිව්‍ය සැප, බ්‍රහ්ම සැප ආදීන්ට වඩා අති උතුම්වූ නියම සැපයවූ නිර්වාණ සැපයට යන මාර්ගයද දේශනා කර ඇත.
    පරම සැපයවූ නිවනට නොපැමිනියහොත් සත්වයාට අනාගතයේදීද කටුක දුක් බොහෝ විදින්නට සිදුවන්නේය. සියල්ල විනිවිද දැක්කාවූ බුදු රජානන් වහන්සේ විසින්, මහා කරුණාවෙන් නිවනට පැමිනීම සඳහා ධර්මය දේශනා කලේ එබැවිනි. නිවනට වඩා වටිනා සැපයක් ඇතිනම් මාහා කාරුණික වූ බුදුරජුන් නොවදාරා නොසිටිනසේක. මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම යන තුන්ලෝ වාසී සියලු සත්වයින් ලබන්නාවූ සියලුම ලෞකික සැපයන් හා සසඳන කල ලක්ෂ්‍ය වාරයකටද වඩා වැඩි ශාන්තියක් නිවනට පැමිනි එක් සත්වයෙකු ලබන්නේය.
    අති උත්තම වූ නිර්වාණය පහසුවෙන් ලැබිය හැකි දෙයක් නොව, බොහෝකල් උත්සහ කිරීමෙන් ලැබිය යුත්තකි. අවුරුදු දහස් ගනනක් වුවත් ජාති දහස් ගනනක් උවත් උත්සහ කොට කෙතෙරම් උසස් පරිත්‍යාගයකින් උවද ලබාගැනීමට සුදුසු වටිනා දෙයකි. නිවනට නොපැමිණ සිටියහොත් සත්වයෙකුට අනාගත සංසාරයේදී අන් දුක් විඳින්නට වන කාලය තබා හඬන්නට සිදුවන කාලයම අවුරුදු දහස් ගනනකට වඩා බොහෝ දිගය.
    සසර දුකින් මුදවා සත්වයාට නිවන් සුවය ලබාදෙන්නාවූ මාර්ග ඤානය පැවිද්දන්ට පමණක් නොව සුදුසු පරිදි බෝදිපාක්ෂ්‍ය ධර්මයන් වැඩීම(විදර්ශනා වැඩීම) කලහොත් ගිහිගෙහි වෙසෙන තැනත්තාටද ලබාගත හැකිය. බුදු වරුන් හමුවූකල දහම් අසා පහසුවෙන් සෝවාන් ආදී මර්ග ඵලවලට පැමිණ නිවන් දකින්නෝ පෙර ජාති වලදී බෝදිපාක්ෂ්‍ය ධර්මයන් වඩා තිබුනා වූ පුද්ගලයෝය.එබැවින් මෛත්‍රී බුදුන් දැක නිවන් දකින්නට බලාපොරොත්තුවන්න්නෝද ශීලයෙහි(පන් සිල්, අට සිල්, දස සිල් හි) පිහිට බෝදිපාක්ෂ්‍ය ධර්මයන් වැඩිය යුතුය.ශීලය බිඳුනද නැවත නැවත් ශීලයෙහි පිහිටා සතිපට්ටාන අදී භාවනා කිරීමෙන් නිවන් මගට බැසගතහැකිය. සියළු සත්වයෝ බෝධිපක්ෂ්‍ය ධර්මයන් වඩා, චතුරාර්ය සත්‍ය ප්‍රත්‍යක්ෂ්‍යකොට නිවන් සුවය ලබාගනිත්වා !


    [1]සත්‍ය වශයෙන්ම සත්වයන් කියා දෙයක්ද නොමැත. ඇත්තේ පෘතුවි, ආපෝ, තේජෝ, වායෝ ආකාශ, විඤාන යන ධාතූන් ගේ එකතුවක් පමණි.මේවාට සත්වයෙකු(මම, නිමල්, අමර, කොටියා, හරකා ආදී වශයෙන්) කියා වරදවා තේරුම් ගෙන, ඇතිවන තන්හාව නිසා මෙමෙ ධාතූන් නොසිඳී පවතින බව බුද්ධ දේශනයයි.

    [2] මිනිස් ඇසින් නොපෙනෙන පදාර්ත වර්ගයකින් සෑදී ඇත්තාවූ අපගේ සූර්යක්ග්රහ මණ්ඩලයට අදාල දිව්යලෝකයන් ආදිය මෙමෙ සූර්යක්ග්රහ මණ්ඩලය තුලම පිහිටා ඇති බව බුද්ධ දේශනයට අනුව තේරුම් ගත හැක. වඩා සුදුසු උෂ්ණත්වක් ඇති පෘතුවිය අසලම ද්ව්‍ය ලෝක පිහිටා තිබිය හැක. ගිනියම් වූ පොලව, ලාවා අදිය දක්වා ඇතිබැවින් නරකයන් ආදිය සූර්යාට ලගින් පිහිටිය යුතුය. මහත් වූ ශීත නරකයක් ලෙස දේශනාකර ඇති ලෝකාන්තරික නරකය හැම කල්හිම ගන අඳුරින් වැසී ඇතිබවත්, පතුලෙහි අතිශයින් ශීතල ජලය ඇති බවත්, සත්වයන්ගේ ශරීරය පුපුර පුපුරා ශීත්ලෙන් බැදෙන බවත් දේශනාකර ඇති බැවින් මෙම නරකය සූර්යාගෙන් බොහෝ ඈත්ව පිහිටිය යුතුය(නෙප්චූන් හෝ ප්ලූටෝ ??).




    රේරුකානේ චන්දවිමල මහනාහිමිපනන් වහන්සේගේ ධර්ම පොත් ඇසුරෙනි.
     
    Last edited:

    Helo1

    Well-known member
  • Sep 7, 2014
    2,782
    295
    83
    TrustWorld
    අකුරු ලොකු කරන්න.

    ඔයාට
    තෙරුවන් සරණයි!
     
    Last edited:

    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    මහත් වූ ශීත නරකයක් ලෙස දේශනාකර ඇති ලෝකාන්තරික නරකය හැම කල්හිම ගන අඳුරින් වැසී ඇතිබවත්, පතුලෙහි අතිශයින් ශීතල ජලය ඇති බවත්, සත්වයන්ගේ ශරීරය පුපුර පුපුරා ශීත්ලෙන් බැදෙන බවත් දේශනාකර ඇති බැවින් මෙම නරකය සූර්යාගෙන් බොහෝ ඈත්ව පිහිටිය යුතුය(නෙප්චූන් හෝ ප්ලූටෝ ??).

    ඔය ලෝකාන්තරික නරකය සක්වල 3ක් මැද්දෙ තියෙන්නෙ, සක්වලක් කිය්න්නෙ එක් සූර්යයෙක් චන්ද්‍රයෙක් වටේ තියෙන එකක් ඒවගේ 3ක් මැද්දෙ ඕක ත්යෙන්නෙ, ග්‍රහයෙක් නෙවෙයි.