මේ සරත් හා ඒ සරත්
මේ සරත් හා ඒ සරත්
මහාචාර්ය නලින් ද සිල්වා
දිවයින 2009/12/06
ඒ සමත් සරත් ය. මේ අසමත් සරත් ය. ඒ වෘත්තීය සෙබළ සරත් ය. මේ අපරිණත දේශපාලනඥ සරත් ය. ඒ අතිශූර සෙන්පති සරත් ය. මේ වැඩබැරි දේශපාලනඥ සරත් ය. ඒ නොනැමුණු කොන්දක් ඇති සරත් ය. මේ එජාපට දණ නැමූ සරත් ය. ඒ තම හෘදය සාක්‍ෂියට එකඟ ව ක්‍රියා කළ සරත් ය. මේ හෘදය සාක්‍ෂියක් නැති සරත් ය. ඒ රට වෙනුවෙන් අණ දුන් සරත් ය. මේ රනිල්ගේ අණට කඩේ යන සරත් ය. ඒ ඉතිහාසයේ නමක් තැබූ සරත් ය. මේ ඉතිහාසයේ කුණු කූඩයට යන සරත් ය. ඒ දෙමළ ත්‍රස්‌තවාදයට හා ජාතිවාදයට අභියෝග කළ සරත් ය. මේ දෙමළ ජාතිවාදයට යට වූ සරත් ය. ඒ මහින්ද රාජපක්‍ෂ මහතා යටතේ කොටි පරාජය කිරීමට සටන් මෙහෙය වූ සරත් ය. මේ රනිල් වික්‍රමසිංහ යටතේ දෙමළ ජාතිවාදයට රට විකිණීමට යන සරත් ය. ඒ දේශප්‍රේමී සරත් ය. මේ දේශෙද්‍රෝහී නඩයකට එකතු වූ සරත් ය.
මේ ලැයිස්‌තුව තවත් දික්‌වුව ද අපට ඉන් සමුගැනීමට සිදුවෙයි. සරත් ෆොන්සේකා යන එකම නමින් පෙනී සිටිය ද පුද්ගලයෝ දෙදෙනෙක් වෙති. බුදුදහමට අනුව නම් එකම පුද්ගලයකුවත් නැත. එහෙත් අපි ව්‍යවහාර අර්ථයෙන් මෙහි දී පුද්ගලයෝ දෙදෙනෙක් ඇතැයි කියමු. අඩුම තරමින් රූපාන්තරණයක් ගැන කියමු. මෙහි දී පැහැදිලිව ම රූපාන්තරණයක් සිදු වී ඇත. ඒ දළඹුවාගෙන් සමනලයා ඇතිවන ආකාරයේ රූපාන්තරණයක් නොව සමනලයාගෙන් දළඹුවා ඇතිවන ආකාරයේ රූපාන්තරණයකි. ජෛවීය විද්‍යාවන් අනුව එවැනි රූපාන්තරණයක් සිදුවිය නොහැකි වුව ද මිනිස් සිතෙහි වෙනස්‌වීම මුල්කරගෙන ඇතිවන රූපාන්තරණ ගැන අපට කතාකළ හැකි ය. මෙහි දී රූපාන්තරණය යන්න හුදෙක් රූපය පමණක් මුල්කරගෙන සිදුවන්නක් ලෙස නිර්වචනය නො වේ. බටහිරින් ආ රූපාන්තරණය යන්නට අපි වඩා පුළුල් අර්ථයක් දෙමු. එවැනි පුළුල් අර්ථයක් දීමට මා කවුදැයි යනුවෙන් ප්‍රශ්න කරන්නේ ද මෙරට ජාතික ව්‍යාපාරයෙහි ම වෙති. ඒ කෙසේ වෙතත් මෙහි රූපය මුල්කරගත් රූපාන්තරණයක් ද වෙයි. හමුදාපති ඇඳුම වෙනුවට කපටි කිට යනුවෙන් හැඳින්වෙන සුදු කබාය හා කලිසම මතු වී ඇත.

Last edited: