මේ සිංදුව අහන අන්තිම දවස අද වෙයි.

hecker_thama

Well-known member
  • Dec 27, 2022
    6,764
    6,978
    113
    මේ සිංදුව අහන අන්තිම දවස අද වෙයි.

    මේ සිංදුවත් එක්ක ලස්සන බැදීමක් මට තිබුණා. 01/01/2012 දි අපි දෙන්නා හම්බෙන්නේ මුලින්ම මගේ බල්ලා නිසා. එදා මුලින්ම අපි දෙන්නට දෙන්නා ඇස් වලින් දකින්නේ. මේ සිංදුවේ වචන එදා දවස වගේමයි. එදා ඒ දවස අද වගේ මතකයි.. අපි දෙන්නගේ සිංදුව මේක තමයි. එදා ඉදන් පටන් ගත්ත ආදරේ අවුරුදු 11ක් ම ආවා තේරුනේ නෑ. මගේ පලවෙනි ආදරේ එයා. ආදරේ ඉගෙනගත්තේ එයාගෙන්. ගොඩාක් සතුටින් හිටියා. මට කවුරුත් යාලුවොත් නැති ඔයා මං ගාව හිටියා. කවදාවත් අඩුවක් කලේ නෑ මට. රණ්ඩු කර කර මොනදේ උනත් හැමදාමත් එකට හිටියා. අවුරුදු 7ක්ම රට හිටියේ එයා. එහෙම රට ඉදලත් strong relationship එකක් තිබුණා. ගොඩාක් සතුටින් හිටියා. මට ගොඩාක් දේවල් ලැබුනා. . මුලින්ම live cricket match එකක් බැලුවේ එයා හින්දා. මට ගොඩාක් දුක හිතුන දවසේ මගෙ බල්ලා නැති උන දවසේ ඊට පහුවෙනිදම තව බලු පැටියෙක් ගෙනාවා. ඒත් මං වෙනුවෙන් හැමදේම කරපු එයා අද මං ගාව නෑ.
    😭
    💔
    Corona කියන දේ නොතිබුණා නම් සමහරක්විට එයා තාමත් මං ගාව ඉන්න තිබුණා. මේක හීනයක් වගේ. එයා නැති ජීවිතයක් ගැන හිතලා තිබුනේ නෑ කවදාවත්. ඒත් තාමත් හිත හයිය කරන් ඉන්නවා. හිතුවා එයා කොහොමහරි ඉක්මනට මං ගාවට ආයෙත් එයි කියලා. මං නැතුව එයාට ඉන්න බෑ කියලා හිතුවේ. ඒත් ඒ දේවල් බොරු වෙලා. එයා අද සතුටින් ඉන්නවා. එයා සතුටින් නිසා මං හිත හදාගන්නවා. එයාගෙ සතුට මට ගොඩාක් වැදගත් මට වඩා. දුකයි තමයි. එයා මාව අමතක කරලා ඇති. ඒත් එයාව මට ඕනේ වෙනවා . මට ආයෙත් එක පාරක් එයාව දකින්න තිබුනා නම්. මට එයාට සමුදෙන්නත් බැරි උනා. හිතාගන්නත් අමාරුයි. හැමදාම මතක් වෙනවා. එයා ආයෙත් මේ සිංදුව අහන්නෙ නැති වෙයි. මං දන්නවා මේක අහනකොට එයාට මාව මතක් වෙයි කියලා. මේ සිංදුව ඇහෙනකොට හදවතේ වේගය ගොඩාක් වැඩි වෙනවා. අමතක කරන්න බැරි වෙයි. ජීවීතේ ගොඩාක් සුන්දර මතකයන් තියෙනවා ඒ අතීතය එක්ක. හැමදාමත් මගේ හදවතේ ඔයා ඉන්නවා. ආයෙත් මට ඔයා ආදරේ ට දාපු නම් අහන්න බැරි වෙයි. ගොඩාක් තියෙනවා. මට සමාවෙන්න මගෙන් වැරද්දක් උනා නම්.. ගොඩාක් ස්තූතියි මාව බලාගත්තට. මං මෝඩ ඇති. ඒත් කමක් නෑ. සතුටින් ඉන්න හැමදාමත්. ආයෙත් කවදහරි දවසක එක පාරක් හම්බුනොත් එදාට මට ගොඩාක් සතුට දැනෙයි... මං යනවා Jan 1 ඒ park එකට. මං ඔයාට ආදරෙයි....
    ❤
    ️ කැටිකොට ගුවනට මුසුකොට මගේ රස හැගුම් ... ඔබ වෙත ගීයකින් එවන්නම්.... මතු දිනයක මගේ දෙනෙතට ඔබ හමුවේනම්.... එදින නැවත මා හිනහෙන්නම්....


    ඔයාගෙ Mawwe (Malba) RnB 21/11/2022 00.58p.m
    Show less