මේ සිංදුව මොනවා ගැනද liyala

Sri_Sampath

Well-known member
  • Jan 26, 2010
    12,385
    8,214
    113
    මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න
    මගෙ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න

    සඳැස් විදා මොණරු නටති මේඝවළා පාවේ
    බලා වැලෙන් ගෙලේ වැටෙයි මලිගිය මල් මාලේ
    සහ ගුම් බිඟු පේළි සැදී නගත මධුර නාදේ
    මල්ගොමු තුල නිල් පළු දළ යහන් නිබද සෑදේ

    ලවන් ඔඩම තුඩ තබමින් බොත රස මධු පානේ
    සුරත් සහන් එළි දැල්වෙයි දෙනුවන් මිණිපානේ
    ලඹ දුන් සපු දුනුකේ මැද පිපුණු එකම යායේ
    ඇවිදිමු මුතු පබළු වැටෙන සිහිළැල් හඳපානේ




    මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න...'' කියලා නන්දා මාලනී ගයන ගීතය ඔබ අහලා තියෙනවන. එයින් කියවෙන්නෙ, තමන් හදා ගත්ත සහ තමන් කැමති මනෝ ලෝකයෙම ඉන්න ඉඩ දෙන්න කියන එක. ඒක එක විදිහක ලස්සන කතාවක්.
    ''ඇවිදිමි මුතු පබළු වැටෙන සිහිලැල් හඳ පානෙ...'' ඇය ගයනවා.
    මේ කතා නායිකාව, තම සිහින ලෝකය දිගේ ඉතිං ඇවිදගෙන යනවා.
    ඇත්තටම පියවි ලෝකයට වඩා මවාගන්න සිහින ලෝක සුන්දරයි, පිවිතුරුයි. ඒත් කොහොමද, එහෙම ලෝකයක ජීවත්වෙන ගමන් ප්‍රයෝගික ලෝකය තුළ පවතින්නෙ? ඒක බරපතළ ප්‍රශ්නයක්. හේතුව, මවාගත්ත ලෝකය සහ ප්‍රයෝගිකව අත්විඳින ලෝකය අතර තියෙන පරතරය. මේ පරතරය නිසාම අර මවාගන්න ලෝක කඩා වැටෙනවා, එතකොටම ජීවිතත් කඩා වැටෙනවා. සමහරු එපාවෙලාම ජීවිතය හැරදමා යන්නෙත් එහෙම තමයි.
    මත්පැන් සහ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වෙච්ච හුඟාක් අය ඒ හරහා මැවෙන ලෝකවලට ආශා කරනවා. ඒ ආශාව ඇබ්බැහිවීමක් බවටත් පත්වෙනවා. ඒ තත්වය නං ඉතාම අයහපත්.
    හොඳම දේ, ප්‍රායෝගික ලෝකය තුළ ජීවත්වෙන එක. බුදු දහමට අනුව අට ලෝ දහම තේරුම් ගන්න පුළුවන් නං ජීවිතය සරලව විඳින්න ඉඩ හැදෙනවා. ඒ තමයි හොඳම විදිහ.
    හැබැයි කෙනෙකුට ඕන නං, තමන් කැමති සිහින ලෝකයක් හදාගෙන, එය සිහින ලෝකයක් බව දැනගෙන ප්‍රායෝගික ජීවිතයට මුහුණ දෙන්න පුළුවන්.
    මම පුද්ගලිකව අත්විඳින දෙයක් ඔබට කියන්න ද?
    මම කියවපු සහ කියවන පොත් පත්වල ඉන්න වෙනස් චරිත සජීවීව මාත් එක්ක පවතිනවා කියල මම මවා ගන්නවා. එය ඉතාම සොඳුරු අත්දැකීමක්. එතකොට මේ ප්‍රයෝගික ලෝකය තුළ හමුවන හිස් මිනිස්සු නිසා හිත් රිදවීම් ඇතිවෙනවා අඩුයි. කරදර මැද්දෙ හුදකලා වෙනකොටත් ඒ මවා ගන්න ලෝකය තුළ හුදකලාවක් නැහැ. හැබැයි දැනගෙන අත්විඳින්න ඕන තත්වයක් මේක.
    උත්සහ කරන්න! හැබැයි දැනගෙන...
    කොහොමටත්, මවාගන්න ලෝකවලට වඩා අප පවතින ප්‍රායෝගික ලෝකය අමාරු බව මතක තියාගන්න එක නං අතිශය වැදගත්!
    ඔබට සුන්දර දවසක අත්දැකීම් ලැබේවා!
    CHAPA

    මීට වෙනස් දෙයක් දන්නවා නම් කියන්න
     
    • Like
    Reactions: hodakolla

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    8,605
    3
    49,087
    113
    Gampaha
    මේක මගේ පුද්ගලික අදහසක්....,

    මගෙ සිහිනය මට දකින්න ඉඩ හරින්න
    මගෙ සිහිනෙන් මා මුදන්න ලං නොවන්න

    මෙතනදි සිහිනයක් කියල කිවුවට මේ කියන්නෙ එයාගෙම ජීවිතේ කොටසක් ගැන.
    මට දැනෙන විදිහට බොහෝ දුරට මේ කියන්නෙ කවදාවත් එක් විය නොහැකි විදිහේ ප්‍රේමයක් ගැන.
    එක්විය නොහැකි පෙමක් නිසා තමයි මේ පෙම සිහිනයක් විදිහට පෙන්නන්නේ....


    සඳැස් විදා මොණරු නටති මේඝවළා පාවේ
    බලා වැලෙන් ගෙලේ වැටෙයි මලිගිය මල් මාලේ
    සහ ගුම් බිඟු පේළි සැදී නගත මධුර නාදේ
    මල්ගොමු තුල නිල් පළු දළ යහන් නිබද සෑදේ

    මේ කියන්නෙ, අත්විඳින ප්‍රේමයේ තියෙන සුන්දරත්වය, අසම්මතය සහ භයාණක කම මිශ්‍ර වෙලා මේ කෙනාට දැනෙන විදිහ.

    සඳැසක් තරම් සුන්දරව මොණරුන් රැඟුවත් කළු වළාවක අඳුරක් තියෙනව.

    ගෙලේ පළඳගෙන ඉන්න මාලතීමල් කොච්චර සුන්දර සහ සුවඳ හමන මලක් උනත්. මේ මල පිපෙන්නෙ රෑට ඒ වගේම මල් අමුනල තියෙන්නෙ කොක්පෙළක් වැලක් විදිහට අරගෙන.

    (බලා වැල = කොක්පෙළ
    තේරුම කවි සිළුමිණෙන් තමයි උපුටා ගත්තෙ වෙනස් තේරුමක් තියෙනවනං කියන්න)

    මීමැස්සන් පවා ගැවසෙන මල් ගොමුවක් උනත්,
    ඒ මල් ගොමුව හැදිල තියෙන්නෙ නිල් පලු දළ වගේ අඳුරු පාට මල් වර්ග වලින්.


    ලවන් ඔඩම තුඩ තබමින් බොත රස මධු පානේ
    සුරත් සහන් එළි දැල්වෙයි දෙනුවන් මිණිපානේ
    ලඹ දුන් සපු දුනුකේ මැද පිපුණු එකම යායේ
    ඇවිදිමු මුතු පබළු වැටෙන සිහිළැල් හඳපානේ

    මෙතනදි පෙන්නන්නෙ මේ ප්‍රේමය අසම්මත, භයානක, කිසිදා ලංවිය නොහැකි පෙමක් උනත් එම පෙම අත් නොහැර විඳීමයි...
     
    Last edited:

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    12,385
    8,214
    113
    මේක මගේ පුද්ගලික අදහසක්....,

    නොහැර විඳීමයි...
    ස්තුතියි
    මේ සින්දුවයි ගැඹුරු බුදුදහමයි අතර සම්භන්දයක් තියේ ද

    කොහෙදි හරි සුනිල් ආරියරත්න මහත්තය මේක ගැන කියාල තියන්ව ද