මේ සින්දුව හොයලා දෙන්න පුලුවන්ද

adithyag

Well-known member
  • Jun 15, 2016
    2,433
    4,710
    113
    Colombo
    මේ සින්දුව හොයලා දෙන්න පුලුවන්ද

    මචන්ලා පුලුවන්නම් මේ සින්දුවේ original එක හොයලා දෙන්න පුලුවන්ද..

    පට්ට වචන ටික. youtube එකෙත් බැලුවා හොද version එකක් හොයා ගන්න නෑ සින්දුව කාපු remix ටිකක් විතරය් තියෙන්නෙ


    ඇහුන විදියට වචන ටික මෙහෙමය් තියෙන්නෙ


    ගීත රසමන්ජරී මාගෙ ප්රියනන්දනී මාගෙ මාලා
    ඔයා කොහෙදෝ ගියේ මාව දාලා
    ඔයා කොහෙදෝ ගියේ මාව දාලා.....//

    මම විහිලුවටය් මල් කඩලා ගැහුවේ
    ඒක රිදිලාද සුදු මාලා ඇඩුවේ.....//
    මට මතකය් සුදා ඒ කාලෙ පටන් අපි දෙන්නා
    අත් වැල් අල්ලන් ගන් තීරෙ දිව්වා.....//

    ගීත රසමන්ජරී මාගෙ ප්රියනන්දනී මාගෙ මාලා
    ඔයා කොහෙදෝ ගියේ මාව දාලා
    ඔයා කොහෙදෝ ගියේ මාව දාලා.....//

    මධු සමයෙන් වෙලී ලබැදීලා මන්දිරෙ පාලුය් ඔබ නැතිදා මාලා
    මට මතකය් සුදා ඒ කාලෙ පටන් අපි දෙන්නා
    අත් වැල් අල්ලන් ගන් තීරෙ දිව්වා.....//

    ගීත රසමන්ජරී මාගෙ ප්රියනන්දනී මාගෙ මාලා
    ඔයා කොහෙදෝ ගියේ මාව දාලා
    ඔයා කොහෙදෝ ගියේ මාව දාලා.....//

    කාලයද දරුණු මෑණියද දරුණු කීවාට වැටහෙන්නෙ නෑනේද කරුණු
    කාලයද දරුණු......
    කාලයද දරුණු මෑණියද දරුණු කීවාට වැටහෙන්නෙ නෑනේද කරුණු
    කාලයද දරුණු......

    පෙම් කරපු හදවතම හතරකට පලලා මෑණියට පුලුවන්ද හිනහෙන්න බලලා.....//
    හිනහෙන්න බලලා.....//
    කාලයද දරුණු මෑණියද දරුණු කීවාට වැටහෙන්නෙ නෑනේද කරුණු
    කාලයද දරුණු ....//


    මේ version එක ටිකක් shape

     
    • Like
    Reactions: Roxxx