'මේ හිමිවරු හඳුනා ගන්න සහයවෙන්න'

mage diviya

Member
Dec 27, 2013
174
38
0
'මේ හිමිවරු හඳුනා ගන්න සහයවෙන්න'

වටරැක විජිත හිමි සෙවීම සඳහා බව පවසමින්, 2014 අප්‍රේල් 23 දා දහවල් කර්මාන්ත හා වානිජ්‍ය අමාත්‍යංශයට බලහත්කාරයෙන් ඇතුළුවූ බොදුබල සේනා සංවිධානයේ භික්ෂුන් වහන්සේලා හඳුනා ගැනීමට පොලිසියට ජනතාවගේ සහය අවශ්‍ය වී ඇත.

චෝදනා එල්ලවී ඇති මේ හිමිවරුන් හඳුනා ගත නොහැකි තත්වයක් උද්ගතව ඇති බව පොලිසිය පවසයි.

කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට පොලිසිය එම ප්‍රකාශය කළේ බොදු බල සේනා සංවිධානයේ භික්ෂූන් වහන්සේ රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාගේ අමාත්‍යංශය තුළට ඇතුළු වූ බවට එල්ල වී ඇති චෝදනා විභාගයට ගත් අවස්ථාවේදීය.

අදාළ පැමිණිල්ල කැඳවු අවස්ථාවේ දී කරුණු දැක්වූ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීහු අධිකරණ නියෝගයකට අනුව මාධ්‍ය ආයතන හයකින් ලබා ගත් වීඩියෝ පට පරික්ෂාවට ලක් කල බව කියා සිටියහ.

එහෙත් සිද්ධියට සම්බන්ධ සැකකාර භික්ෂූන් වහන්සේ හඳුනා ගැනීමට නොහැකිවී ඇති බව පොලිසිය කියා සිටියේ ය.

පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේ ඒ පිළිබඳව තවදුරටත් පරීක්ෂණ සිදු කිරීම සඳහා කාලය ලබා දෙන ලෙසයි.

මෙම ඉල්ලීමට ඉඩ දුන් අධිකරණය පැමිණිල්ල ලබන මස 31 වන දා නැවත කැඳවීමට නියම කර තිබේ.

එදිනට පරීක්ෂණවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස පොලිසියට නියම වී ඇත.
මීට පෙර අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරමින් පොලිසිය දැනුම් දී සිටියේ බොදු බල සේනා සංවිධානයේ භික්ෂූන් වහන්සේ අදාළ අමාත්‍යංශයට ඇතුළු වූ අවස්ථාවේ එහි සවිකර තිබූ ආරක්ෂක කැමරා පද්ධතිය අක්‍රිය වී තිබූ බවයි

339u83t.jpg

 

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මං දන්නවා....
    මගේ දිවිය කියන එකාට නම් කියන්නේ නෑ.........
    මේ අර සිහින දේශය කියල ආපු ලොල්ලා නේහ්!!!