මේ ෆයිල් ඇතුළේ තියෙන්නේ මොනවද?

caltonhp

Well-known member
  • Apr 25, 2016
    375
    2,721
    93
    279330639_1508429156262822_5034980212502334293_n.jpg

    පිටිසර ගමක් තියෙනව. ඒ ගමේ දුප්පත් අම්මා තාත්තා කෙනෙකුට දරුවෙක් උපදිනව. ඒ දරුවා තමන්ගේ දුප්පත්කම අරගෙන ඒකෙන් බේරෙන්න පාසල් යනව. රෑ කාපු බත් පත මිසක්, උදේ කෑම එකවත් ඒ දරුවට ලැබුණේ නෑ. පාසල් විවේක කාලය උදා වෙනව.
    උහුලගන්න බැරි බඩගින්න නිසා, ඉස්කෝලේ දියසෙවල ගලන ටැප් එකට කට තියලා බඩ පිරෙන්න වතුර බොනව.
    එයා වතුර බොන ගමන් හිතනව, "කවදාහරි මම ඉගෙනගෙන මේ සාපයෙන් ගැලවෙනව.." මේ ෆයිල් ඇතුළේ තියෙන්නේ එහෙම අහිංසක විදියට සිහින මවන, දුප්පත් ළමයෙකුගේ සිහිනයේ සොරකම.. මේ මහා පොළවේ උපදින්න ඉන්න දරුවන්ගේ පවා අනාගතයේ සිහින හා බලාපොරොත්තු වල හූරාකෑම..
    හද්ද පිටිසර ගල්ගමුව පැත්තේ ගමක් තියෙනව. ඒ ගමේ ජීවත් වෙන අම්මා කෙනෙකුට ගැබ්ගෙල පිළිකාවක් තියෙනව. ඒ අම්මා අනුරාධපුරයේ රෝහලේ පිළිකා අංශයේ යකඩ පුටුවක වාඩි වෙලා මගෙත් එක්ක කියනව, "පුතේ මගේ ඇඟෙන් ලේ පිට වෙනව.."
    මම ඒ අම්මා දිහා බලනව.
    "ඔයා කොහොමද ඔහොම ගෙදර යන්නේ?"
    "අවසාන බස් එක තියෙන්නේ හවස.. එතකන් මම ඉන්නව.."
    ඒ අම්මා ගල්ගමුවට ගිහිං පයින්ම කිලෝමීටර් ගණනක් ඇවිදගෙන ගෙදර යනව. මේ තියෙන්නේ ඒ අම්මා තමන්ගේ පිළිකාවට, ඒ පිළිකා ප්‍රතිකාර නිසා දැනෙන වේදනාවට ගන්න වේදනා නාශක බෙහෙත් වල උදුරා ගැනීම..
    සමහර දවස් වලට ෆාමසියෙන් ගන්න සිද්ධ වෙන බෙහෙත් පෙත්තකට මදිවෙන රුපියල් කීපයක් නිසා දැනෙන ආත්මයටම කිඳා බැහැපු අසරණකම..
    මේ පුංචි රටේ ඉපදිලා, මේ මහ පොළව උඩ පැලවෙච්ච පුංචි පුංචි අහිංසක හීන තියෙන මිනිස්සු ඕන තරම්..
    ඒ මිනිස්සු අතර,
    පුංචියට තමන්ගේම කියලා වාහනයක් අරගෙන, ගෙයක් හදාගෙන, කසාදයක් බැඳගෙන පවුලේ අයත් එක්ක විනෝද ගමනක් ගිහිං රොටියක් කාල - ප්ලේන්ටියක් බොන්න හීන දැකපු තරුණයෙකුගේ අහිංසක සිහිනයක උදුරා ගැනීම මේ ෆයිල් ඇතුළේ තියෙනව.
    මහ කන්නයේ වපුරලා අස්වැන්න ගෙට අරගෙන, යල කන්නය වෙනකොට දරුවන්ට කුඹුරු ටික ලියා දීලා ගොවිකමින් විශ්‍රාම ගිහිං,
    දඹදිව වන්දනා ගමනක් ගිහිං එන්න හිතාගෙන හිටපු ගොවි තාත්තෙක්ගේ ජීවිතයේ අවසාන සහ එකම අහිංසක බලාපොරොත්තුවේ ඝාතනයට ලක්වීම මේ ඇතුළාන්තයේ තියෙනව.
    උසස්පෙළ සමත් වෙලාත්, අධ්‍යාපනයේ අවම පහසුකම් සැපයීම නිසාත්, සම්පත් හිගකම නිසාත් සිසුන්ව බඳවාගැනීම් කප්පාදු කරන්න හේතු වෙච්ච, දරුවන්ගේ අහිංසක අධ්‍යාපනික සිහින උදුරාගන්න හේතු වෙච්ච ෆයිල් එකක් මෙතැන තියෙනව.
    මෙතැන මේ රටේ හැම මිනිහෙක්ගේම අසරණකමට හේතු වෙච්ච කොටසක් තියෙනව.
    මේ රටේ මිනිස්සු දුප්පත් නෑ. මේ රටේ මිනිස්සුන්ව මේකේ නායකයෝ මංකොල්ල කාල තියෙනව.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,405
    49,789
    113
    සේදවත්ත
    View attachment 169763

    ඔවා අස්සේ තියෙන්නේ ෆුල්ස්කැප් කොල හරි හාෆ් ශීට් හරි