මේ comment බලන්න

Anyhacker

Well-known member
  • Oct 5, 2026
    956
    535
    93
    ලින්ක් එක විතරයි තියෙන්නේ, comment එකේ තියෙන්නේ මොකක්ද කියලා මෙතනම පොඩි විස්තරයක් දැම්මා නම් බලන අයට ලේසියි.
     

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,776
    15,113
    113
    Milagiriya


    2010 කළු පෙබරවාරිය - යුද විරුවන් 14 ක් මහපාරට

    *කොළඹ - අප විශේෂ වාර්තාකරු*

    2010 ජනාධිපතිවරණය නිමවී දින 6ක් යද්දී, එනම් පෙබරවාරි 01 දා, ලංකා ඉතිහාසයේ කිසිදා නොවූ ආකාරයේ හමුදා සංහාරයක් සිදුවිය. Army Regulations Act 1992 හි 39 වගන්තිය මුවාවෙන්, සරත් ෆොන්සේකාට හිතවත් යැයි අභූත චෝදනා නගමින් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 14 දෙනෙකුට එකපාර අනිවාර්ය විශ්‍රාම ගැන්වීය. කිසිදු විභාගයක් නැත. කිසිදු හමුදා උසාවියක් නැත. තිබුණේ දේශපාලන නියෝගයක් පමණි.

    ගෙදර යවන ලද නිලධාරීන් මෙසේය:

    *මේජර් ජෙනරාල්වරු 05 දෙනා:

    1. *මේජර් ජෙනරාල් ජම්මික ලියනගේ* - ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක. යුද්ධයේ සැපයුම් මෙහෙයුම් වල ප්‍රධානියා.

    2. *මේජර් ජෙනරාල් රජිත ද සිල්වා* - ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ. බුද්ධි මෙහෙයුම් වල ප්‍රවීණයෙක්.

    3. *මේජර් ජෙනරාල් ජයනාත් පෙරේරා* - මේ අතරින් වඩාත්ම කැපී පෙනන අසාධාරණය මෙය විය. චීනයේ National Defence Academy හි උසස් යුද පාඨමාලාවක් හදාරමින් සිටියදී, පාඨමාලාව මැදින් කඩා, ලංකාවට ගෙන්වා ගෙදර යවන ලදී. 56 වන සේනාංකයේ අණදෙන්නා ලෙස කිලිනොච්චිය දක්වා ගිය වන්නි මෙහෙයුමේ වීරයාට, විදෙස් රටකදී මහත් අපහසුතාවකට පත් කලේය. මෙය හුදෙක් විශ්‍රාම ගැන්වීමක් නොව, ජාත්‍යන්තර වේදිකාවේදී සිදු කළ නින්දාවකි.

    4. *මේජර් ජෙනරාල් සමන්ත සූරියබණ්ඩාර* - වොෂින්ටනයේ ආරක්ෂක උපදේශක, යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ නිලධාරියෙක්.

    5. *මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක* - පසුව යුද හමුදාපති වූ නිලධාරියා. එදා Army HQ හි සිටියදී "තර්ජනයක්" ලෙස නම් කෙරිණි.

    *බ්‍රිගේඩියර්වරු 05 දෙනා:*

    6. බ්‍රිගේඩියර් බිමල් ඩයස් - මුලතිව් ආරක්ෂක සේනා

    7. බ්‍රිගේඩියර් දුමින්ද කැප්පෙටිවලාන - අම්පාර සටන් පුහුණු පාසලේ සේනාවිධායක

    8. බ්‍රිගේඩියර් ජනක මොහොට්ටි - 22 වන සේනාංකයේ සැපයුම් සම්බන්ධීකාරක

    9. බ්‍රිගේඩියර් අතුල හෙන්නදිගේ - 221 වන බලසේනාවේ අණදෙන්නා

    10. බ්‍රිගේඩියර් වසන්ත කුමාරප්පෙරුම - 553 වන බලසේනාවේ අණදෙන්නා

    *අනෙකුත් නිලයන් 04 දෙනා:*

    11. කර්නල් තිලක් උබේවර්ධන - හමුදා පොලීසිය
    12. ලුතිනන් කර්නල් L.J.M.C.P ජයසුන්දර - විජයබා පාබල රෙජිමේන්තුව
    13. කැප්ටන් R.M.R රණවීර - විජයබා පාබල රෙජිමේන්තුව
    14. කැප්ටන් B. ක්‍රිෂාන්ත - ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළුව

    මොවුන්ට එරෙහිව නැගූ "කුමන්ත්‍රණ" සහ "ජාතික ආරක්ෂාවට තර්ජනයක්" යන චෝදනා, අද දක්වා කිසිදු උසාවියක ඔප්පු වී නැත. තිබුණේ එකම එක සාක්ෂියකි - ඔවුන් යුද්ධයේදී සරත් ෆොන්සේකා යටතේ සටන් කිරීම.

    මෙය ආරක්ෂක පියවරක් නොව, දේශපාලන පලිගැනීමකි. විරුවන් 14 දෙනාට කළ අසාධාරණයට, ඉතිහාසය සමාව දෙන්නේ නැත.