මේ POST ඵක ගහන්නට මා වින්ද දුක.

wasangaama

Well-known member
  • Feb 5, 2009
    3,771
    354
    83
    www.amaphoneshop.com
    මේ POST ඵක ගහන්නට මා වින්ද දුක.

    :angry: ස්ටක් වීමට අධිපති දේවතාවා මාගේ නිවසට වැඩ ඇත.:angry:
    අද සවස මා පරිඝනකය ඔන් ක‍ලේ ‍ලෝක දැලට පිවිසී‍මේ පිරිසිදු චේතනා‍වෙනි.
    නමුත් කුමක්දෝ කරුමයකට xp බාගෙට බූට් වී ස්ටක්විය (බූට් ස්ක්‍රීන් ඵ‍කේදී).
    නැවත Safe Mood වලින් ට්‍රයි කලෙමි.
    ඵවි‍ටද බාගෙට බූට් වී ස්ටක්විය.
    නැවත නැවත ට්‍රයි කලෙමි.
    ඵකම තැනකදි ස්ටක් වෙයි.
    ම‍ගේ හාඩ් ඩිස්ක 2ක් ඇත.
    HDD0 ඵක XP ය අනිකේ (HDD1) Vista ය.
    Vista වලින් ට්‍රයි කලෙමි.
    බාගෙට බූට් වී ස්ටක්විය.
    Vista Safe Mood වලින් ට්‍රයි කලෙමි.
    XP සේම ස්ටක්විය.
    දෘඩාංග වල ‍ලෙඩක් බව පෙනින.
    ගැල‍වීමටද කම්මැලි බවක් දැනුනි.
    Bios Setup ඵකට පි‍විස ඇති අත‍ර Power Off කිරීමට සිත්විය.
    Power Button ඵක ඔබාගෙන තත්පර 5 ක් සිටියෙමි.
    මුකුත් ‍නොවීය.
    නැවත නැ‍වත ඵබීමි.
    මුකුත් ‍නොවීය.
    Reset කර නැවත Bios Setup ඵකට පි‍විස Power Button ඵක ඵබීමි
    මුකුත්ම ‍නොවීය.
    UPS ඵ‍කෙන් ඔෆ් කර ඔන් ක‍ලෙමි.
    ඵව‍ර නම් බූට් විය.
    ඉන්පසු ජංගම දුරකථනයට Data SIM ඵක දමා ඔන්කර Network Mode ඵක UMTS ‍වලට දමා (ඵසේ නොක‍ලොත් සිග්නල් අඩු වූ විට පන්ඩිත කමට GSM වලට ස්ව‍යංක්‍රී‍යව මාරු වී Broad Band ඵක Narrow Band වීම පමනක නෙවී Disconnect වීමද සිදුවී දුරකථනය නිශ්පාදනය කළ හා ‍අන්තර්ජාල සේවා සපයන සමාගම් ගැන නරක සිතිවිලි පහලවේ) Select ඵබුවා පමනි.
    ‍බටන් ඵකක් ඵබූ විට නැගෙන බීප් නාදය නතර නෙවී දිගටම පැවතිනි.
    දුරකථනයද ස්ටක්විය.
    බටරි‍ය ගලවා නැවත සවික‍ර දුරකථනයද ජ‍නේල‍යෙන් ඵලියේ තබා (අපට සිග්නල් අඩු‍ය) USB රැහැන් 2 න් (3m පමන දිගය) සුපුරුදු පරිදි අටවා ‍ලෝක දැලට පිවිසුනෙමි.
    (ඇතැම් විට දින ගනනක් ඵක දිගට මගේ Post දකනට නැතිවුනොත් මගේ ‍‍මවු පුවරුව හෝ දුරකථනය‍ අවසන් ගමන් ගොස් ඇති බව සිතන්න. මට ඵලකිරි අමතක වී යැයි ‍නොසිතන්න.)