මේ_මොකාද?

neyohk

Well-known member
  • Oct 31, 2015
    16,113
    16,942
    113
    සිංහරාජයෙන් අමුතු සතෙක් : වලිගයක් නෑ

    සිංහරාජ වනාන්තරයේ වැද්දාගල හා පොතුපිටිය අතර පනාපොළ කොස්ගුලනේ දී හඳුනා නොගත් අමුතු සිව්පාවකු සොයා ගත් බව වනජිවි අමාත්‍යාංශය කියයි.ඉරිදා (28) සවස 4.00 පමණ මේ සතා දැක ඇත. පෙනුම අනුව මේ සතා රන් හෝතබුවා වැනි සතකුගේ පෙනුමට ආසන්න පෙනුමක් ඇතත් වලිගයක් නැතැයි නිලධරයෝ කියති.

    සතාගේ ඇඟේ කහ , කළු හා දුඹුරු වර්ණ පවතී.උගුඩුවනට වඩා මේ සතා වෙනස් බව ද කියති. කොස්ගුලනේ දී සොයාගත් ‍සතාගේ බර කිලෝ 3 ග්‍රෑම් 300 ක් ද දිග සෙන්ටීමිටර 60 ක් බවත් බාහු ප්‍රදේශයේ උස සෙන්ටිමීටර 36 ක් බව කියති.

    කුඩා කාලයේ දී ම මේ සතාගේ වලිගය කැඩී ඇත් දැයි සැකයක් පවතින බව වනජිවි නිලධරයෝ පවසති. සතා හඳුනා ගැනීමට ගැමියන් හා වෙනත් පුද්ගලයන්ගේ සහාය පතන බව වනජිවි සංරක්ෂණ දෙපාර්තමේන්තුව කියයි.



    IMG_83431.jpg


    IMG_83761.jpg


    IMG_83781.jpg


    IMG_83651.jpg