මෛත්‍රි ජනපති වුණේ- gota
ආණ්ඩුවේ තර්ජන වලට අප කිසිදු මොහොතක බිය නොමැති බවත් මව්බිමට දිනා දුන් නිදහස පාවා දීමට ආණ්ඩුවට ඉඩ නොතබන බව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාබය රාජපක්ෂ පවසයි .කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක් වෙමින් ඔහු මේ බව කියා සිටියා.
එහිදි වැඩිදුරටත් අදහස් දැක්වූ ගෝඨාබය රාජපක්ෂ ,
අපි ජාතික ආරක්ෂාව සම්බන්ධයෙන් කතා කරන අවස්ථාවන්හිදී විරුද්ධවාදීන් අප නැති යුධ බියක් ඇතිකරන්න උත්සාහ දරන ජාතීවාදීන් වශයෙන් හඳුන්වමින් විවිධ චෝදනා එල්ල කරනවා . යුද්ධය අවසාන වුනාට පස්සෙ අපි අවුරුදු 5ක කාලයක් තුළ ආරක්ෂාව පිළිබඳව විශාල ස්ථාවරත්වයක් මේ රටට ගෙනාවා. ඒක මේ රටේ ජනතාව දන්නවා. විශේෂයෙන්ම උතුරු නැගෙනහිර එල්ටීටීඊ සංවිධානයේ කිසිම පෝස්ටරයක්වත් ගහන්න අපි ඉඩ දුන්නෙ නෑ. ඒකට හේතුව මරාගෙන මැරෙන තරමට සිත් වෙනස් කරගත්ත ත්‍රස්තවාදීන් තවමත් සිටීම. ඔබතුමන්ල දන්නවා අවුරුදු 30ක් මේ රටේ තිබුනු ත්‍රස්තවාදය විසින්, ප්‍රභාකරන් සහ එල්ටීටීඊ සංවිධානය විසින් මරාගෙන මැරෙන්නන් වශයෙන් පවා ඔවුන්ව භාවිතා කිරීමට හැකිවන අයුරින් ත්‍රස්තවාදීන්ගේ මනස් විශාල වශයෙන් වෙනස් කරල තිබුනා.
අපි දොළොස්දහස් අටසිය ගනනක් ත්‍රිවිධ හමුදාවට භාර වුනු ත්‍රස්තවාදීන්ව පුණරුත්ථාපනය කළා. ඒ එක්කම බූස්ස සහ වෙනත් කඳවුරු වල අවුරුදු ගණනාවක් තිස්සේ සැක සහිතව අත් අඩංගුවට අරගෙන තිබුණු පන්දහස් ගණනක් හිටියා. ඒ අයගෙන් හාරදහසකට ආසන්න සංඛ්‍යාවක් පුණරුත්ථාපනය කරල අපි සමාජ ගත කළා. මෙසේ පුනරුත්ථාපනය කළාට පස්සෙ ඇමරිකාවෙ ප්‍රමුඛ මෙළේ විශ්ව විද්‍යාලයක කථිකාචාර්යවරුන් දෙදෙනෙක් හරහා පරීක්ෂණයක් කළා මේ පුනරුත්ථාපනය කළ අයගේ ප්‍රචන්ඩකාරී ත්‍රස්තවාදී මානසිකතවය කොපමන දුරට සිතෙන් අතහැරිලද යන්න පරීක්ෂා කරන්නට. එයට අදාළ වාර්ථාව කියවුවහොත් තේරේවි අවුරුදු 3ක් 4ක් තිස්සේ මේ පුනරුත්ථාපන ක්‍රියාවළිය සිදුවන විට ක්‍රම ක්‍රමයෙන් ඒ අයගේ සිත්වලින් මේ දරුණු අදහස් 90%ක් පමන ප්‍රමානයක් දක්වා ඉවත් වී ඇති බව.
නමුත් 10% ක් පමන ප්‍රමානයකින් තවදුරටත් ඒ අදහස් ඔවුන්ගේ සිත් හි ඉතිරිව තිබෙනවා.
ඒ එක්කම අපි ඔය දෙසිය ගණනක් දැනට බූස්සෙ රඳවල සිටින අයගෙ මානසිකත්වය කුමනාකාරද කියල පරීක්ෂා කරන්නට තවත් පරීක්ෂණයක් පැවැත්වුවා. ඒ අයගෙන් වැඩි දෙනෙක්ම කිවුවෙ ඒ අය ත්‍රස්තවාදීන් බවට පත් වුනේ ඔවුන්ගෙ නායකය ඔවුන්ට ලබා දීල තියන ඉලක්ක සම්පූර්ණ කිරීමට බව. ඒ ඉලක්ක සපුරා ගන්නා තුරු ඔවුන් තම අදහස් ඉවත් නොකරන බවයි ඔවුන් ප්‍රකාශ කරල තිබෙන්නේ. ප්‍රභාකරන් නැති වුනත්, එල්ටීටීඊ සංවිධානය හමුදාමය වශයෙන් පරාජය වුවත් ඔවුන්ට භාර දීල තිබෙන ඉලක්කය ඔවුන් කවදාහෝ ඉටු කරනව කියල තමයි ඔවුන් ප්‍රකාශ කරල තිබෙන්නේ. මේ වාර්ථා සියල්ල යුධ හමුදාවෙ බුද්ධි අංශය සතුව තිබෙනවා.
විශේෂයෙන්ම මම දන්නව ඔය නිදහස් කරන්න හදන අය අතර ඉන්නව “මොරිස්” සහ “ගිරි” කියල පුද්ගලයන් දෙදෙනෙක්. ඒ අයගෙ නියම නම් මේව නොවෙයි. එල්ටීටීඊ සංවිධානය තුළ ඔවුන්ව හඳුන්වල තිබෙන්නෙ මේ නම් වළින්. ඔවුන් තමයි ප්‍රභාකරන්ගේ සහ පොට්ටු අම්මාන්ගේ ඍජු උපදෙස් යටතේ මුළු කොළඹ ප්‍රදේශයම භාරව ත්‍රස්තවාදී ක්‍රියා මෙහෙයවපු දෙදෙනා. මේ දෙදෙනව අත් අඩංගුවට ගැනීමට අපි විශාල පරිශ්‍රමයක් දැරුවා. යුද්ධය අවසන් වුනාටත් පසුව තමයි ඔවුන්ව සොයා ගැනීමට හැකියාව ලැබුනේ. මේ දෙදෙන තමයි කොළඹ සිදුවුනු සෑම ත්‍රස්තවාදී ක්‍රියාවකටම වගකිව යුත්තේ. යුධ හමුදා මූලස්ථානය ඇතුළෙදි එවකට හිටපු යුධ හමුදාපතිවරයට බෝම්බ දමපු තැනැත්තියව ඒක ඇතුළට එක්කගෙන ගියේ මේ මොරිස් කියන පුද්ගලයා. මොවුන් තමයි මරාගෙන මැරෙන ත්‍රස්තවාදීන්ව වන්නියෙ සිට රැගෙන ආවෙ, පුහුණුකළේ, ත්‍රස්තවාදී ක්‍රියා සිදු කිරීමට අවශ්‍ය විමර්ෂන සිදුකළේ, සැළැස්ම සකස් කළේ, “සේෆ් හවුසස්” (ආරක්ෂා සහිත නිවාස) කියන නිවාස සොයාගෙන නඩත්තු කළේ.
මේ සියලම කළේ මේ උදවිය. මෙන්න මෙවැනි පුද්ගලයන්ව නැවතත් කිසිම හැඟීමක් නැතිව සමාජයට එක් කළ හැකිද? අද රජයෙ ඉන්න කිසිම කෙනෙක් දන්නෙ නෑ මේ අයව අත් අඩංගුවට ගන්න කොතරම් වෙහෙසක් දැරුවද කියලා. ඒ ගැන අවබෝධයක් නෑ. මේ අය හුදෙක්ම දේශපාලන වාසි ලබා ගැනීමට මෙවැනි පුද්ගලයන්ව නිදහස් කරනවා. එහෙම නැතිනම් ජාත්‍යන්තරයේ අවශ්‍යතාවය අනුව නිදහස් කරනවා. මේවා මිනිස්සුන්ව භය කරන්න කියන දේවල් නොවෙයි. අපි කිවුවත් නැතත් අපේ ජනතාව දන්නව අවුරුදු 30ක් තිස්සෙ මොකද වුනේ කියලා. මම හිතන් නෑ ජනතාව අමුතුවෙන් භය කරන්නට අවශ්‍යයි කියලා.
අපි තරම් මේ ජනතාවට නිදහස ලබා දුන්නු වෙනත් රජයක් නෑ. ඔය සුමන්දිරන්ලා සම්බන්ධන්ලා මොනව කිවුවත් උතුරු නැගෙනහිර පළාත්වලට ප්‍රජාතන්ත්‍රවාදය දෙන්න අපි තරම් වැඩ කළේ නෑ වෙන කිසිවෙක්. අවසානයේදී අපි උතුරු පළාත් සභා ඡන්දයත් පැවැත්වුවා. මුළින්ම බිම් බෝම්බ ඉවත් කළා. අවුරුදු 3ක් ඇතුළත අවතැන් වූ පුද්ගලයන්ව නැවත පදිංචි කෙරෙවුවා. ඊට පසුව සංවර්ධනය ඇති කළා. පාසල් ඇතිකළා. ළමයින්ට ඉගෙනගන්න අවස්ථාව ලබා දුන්නා. 2009 වන විට මුළු යාපන අර්ධද්වීපයම වගෙ හමුදාව යටතේ තිබුනේ. ගෙවල් විශාල සංඛ්‍යාවක අපි හිටියා. නමුත් ක්‍රම ක්‍රමයෙන් අත්‍යවශ්‍යම ප්‍රමානය පමනක් තබා ගනිමින්, ඉන් 90%ක් පමන ප්‍රමානයක් අපි ජනතාවට නිදහස් කළා.
මේව ගැන ජාත්‍යන්තරය කතා කරන්නෙත් නෑ, දෙමළ දේශපාලන නායකයො කතාකරන්නෙත් නෑ. නමුත් මෙය තමයි සැබෑ තත්ත්වය. මේ මොන කතන්දර කිවුවත් මේ දක්වා මේ ආණ්ඩුව මොනවද මේ පළාත්වලට ලබා දීල තිබෙන්නේ? ප්‍රජාතන්ත්‍රවාදය ඇතිකරන්න හෝ සංවර්ධනය කරන්න මොවුන් මොනවද කරල තියෙන්නෙ. අපි ඇති කරපු ප්‍රජාතන්ත්‍රවාදය තමයි ඒ ප්‍රදේශවල තවමත් පවතින්නේ.
නමුත් එලෙසින් නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය ගෙනෙන අතර නැවතත් අර ත්‍රස්තවාදය ඇති නොවන්නට අපි හමුදා සහ බුද්ධි අංශ අතරින් වැඩසටහනක් ක්‍රියාත්මක කළා. එම හේතුව නිසා තමයි අවුරුදු 5ක් ගතවෙලත් ඒ ප්‍රදේශවල අඩුම තරමින් එල්ටීටීඊ එකට කිසිම පෝස්ටරයක්වත් අලවන්නට නොහැකි වුනේ. මොකද අපි දන්නව මේ නිදහස ලබා ගත්තේ, මේ භූමිය අත්පත් කරගත්තේ, ප්‍රභාකරන්ව පරාජය කළේ, එල්ටීටීඊ එක පරාජය කළේ දාඩිය , මහන්සිය, ලේ, ජීවිත පූජ කරලා. ඒ අමාරුකම දන්නවනම් එලෙසින් අමාරුවෙන් ලබාගත්ත ස්ථාවරත්වය, ආරක්ෂාව මෙළෙසින් වැනසෙන්නට කිසිවෙක් ඉඩ දෙන්නෙ නෑ . යම් අවබෝධයක් තියන, මේ රට ගැන දර්ශනයක් තිබෙන කිසිම පුද්ගලයෙක් කිසි සේත් මේ වගෙ ආරක්ෂාවට තර්ජනයක් වෙන දේවල් සිදු කරන්නෙ නෑ. නමුත් මේව ගැන අවබෝධයක් නැතිව හුදෙක්ම පටු දේශපාලන අරමුණු ඉටුකරගැනීමට පමනයි මොවුන් ක්‍රියාත්මක වෙමින් සිටින්නේ.
ඇත්ත වශයෙන්ම දෙමළ ජාතික සංධානය (ටී.එන්.ඒ. සංවිධානය) තමයි මෛත්‍රීපාල ජනාධිපතිතුමාව ඒ තනතුරට පත් කළේ. දෙමළ ජනතාව ඡන්දෙ දුන්නෙ නෑ. හොර ඡන්ද දැම්මා. ඒක අපි හොඳටම දන්නවා. අපි දැක්ක උතුරු පළාත් සභාවෙදි ඒ අය පෙරහුරුවක් කලා. ඒ පළාතෙ හැම ඡන්ද පොළකටම ගියේ ටී.එන්.ඒ. අය පමනයි. වෙන කවුරුවත් හිටියෙ නෑ. ඔබතුමන්ල දන්නවා, මැතිවරණය දවසෙ හැම වෙලාවෙම ඒ ප්‍රදේශවලින් ආපු ප්‍රවෘතිය තමයි, පෝළිමේ කවුරුත් නෑ කියන එක. නමුත් හවස ඡන්දෙ ගණනය කරල බලනවිට 80%ක්, 90%ක් ඡන්දය දාල තියනවා. අපි දන්නව අපේ පලාත්වල නිදහස ලැබුනු දවසෙ ඉඳලම ඡන්දය භාවිතා කළත්, ගෙයින් ගෙට ගිහින් ඡන්දය දමන්නට කියල ඉල්ලා සිටියත්, ඡන්දය දමන හැටි කියල දුන්නත් කිසිඳු අවස්ථාවක එළෙසින් ඉහළ ප්‍රතිශත වළින් ඡන්දය භාවිතා කරල නෑ.
ටී එන් ඒ එක මෛත්‍රීපාල සිරිසේන මහත්මයට සහාය දක්වනව කියල කිවුවේ ඡන්දයට දින 4කට පෙර. ඔවුන්ට ජනතාව සූදානම් කරන්න තිබුනෙ දින හතරයි. දින හතරයි ටී එන් ඒ එක ඡන්දය කළේ. හංසය කියන්නෙ පුරුදු ලකුණකුත් නොවෙයිනේ. හැබැයි 90% හංසයට ඡන්දෙ දානවා. මෙය සිදුවිය හැකි දෙයක්ද? ඉතින් මෙන්න මේ මංකොල්ලයට උපහාරයක් වශයෙන් තමයි ඒ අයට අවශ්‍ය ආකාරයට මේ සියළුම දේවල් ලබා දීමට මේ රජය උත්සාහ කරන්නේ.
ත්‍රිවිධ හමුදාව සහ බුද්ධි අංශ මේ රට රැකගැනීමට ජීවිත පරිත්‍යාග කළේ මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගෙ සමයෙදි විතරක් නොවෙයි. යුද්ධය පටන් ගත්තු දවසෙ සිට 30,000ක පමන රණවිරුවො ප්‍රමානයක් ජීවිත පරිත්‍යාග කරල තියනවා. 50,000ක් පමන පිරිසක් අත් පා නැතිව ආබාධිත තත්ත්වයට පත් වෙලා තියනවා. චන්ද්‍රිකා මැතිණියගේ කාලේ, ප්‍රේමදාස මැතිතුමාගේ කාලේ, යුද්ධය ආරම්භ වුනු ජේ. ආර්. ජයවර්ධන මැතිතුමාගේ කාලේ මේ හමුදාව ජීවිත පරිත්‍යාගයෙන් ක්‍රියා කළා. මොන ආණ්ඩුවක් ආවත් ඒ අය ඒ අයගෙ රාජකාරිය ඉටු කළා. මගෙ හමුදා ජීවිතයෙන් වැඩි කාලයක් මම සටන් කරල තියෙන්නෙ එක්සත් ජාතික පක්ෂය යටතේ. හමුදා සෙබළුන්ට පක්ෂ භේදයක් නෑ. ඒ අය අවුරුදු ගණනාවක් තිස්සෙ කරපු ජීවිත පරිත්‍යාගයන්හි ප්‍රතිඵලය නිවැරදි ආකාරයට අපි මෙහෙයවපු නිසා අවුරුදු තුන හමාරක් ඇතුළත මේ ත්‍රස්තවාදය පරාජය කරන්නට හැකිවුනා.
නමුත් අපි මතක තියාගන්නට ඕනි මේ ත්‍රස්තවාදය නැවත ඇති වෙන්නට හැකියාව තිබෙනවා, ඊට අවශ්‍ය සියළු කාරණා තිබෙනවා කියලා. මේ රට තුළ ත්‍රස්තවාදය හමුදාමය වශයෙන් පරාජය කළත් ජාත්‍යන්තරයේ සිට ක්‍රියාත්මක වෙන, අරමුදල් එකතුකරපු පිරිස, ජාත්‍යන්තර රාජ්‍යයන් මෙහෙයවපු පිරිස තවමත් සිටිනවා. ඒ සංවිධාන තවමත් තිබෙනවා. ඒ සංවිධාන තමයි අපි තහනම් කළේ. අද ඒ තහනම ඉවත් කරල ඒ සංවිධානවලට නැවතත් ඒ ඒ රටවල් තුළ ක්‍රියාත්මක වීමට මුදල් එකතු කිරීමට අවස්ථාව ලබා දීල තියනවා. දැන් මේ තහනම ඉවත් කරපු දවසට පසුදාම එල්ටීටීඊ කොඩිය උස්සගෙන කැනඩාවෙ සහ එංගලන්තෙ ඒ අය එය සමරනවා. ඒ සංවිධාන තමන් මෙතුවක් දරපු අන්ත ත්‍රස්තවාදී අදහස් අතහැරල කියල ප්‍රසිද්ධියෙ කියනවනම්, ඒකීය ශ්‍රී ලංකාවක් තුළ එකට ජීවත් වීමට කැමතියි කියල කියනවනම් මේ තහනම එවත් කිරීම ප්‍රශ්නයක් නොවෙයි. නමුත් ඒ අය එහෙම කියන්නෙ නෑ. එල්ටීටීඊ සංවිධානයේ ප්‍රභාකරන් කියපු දේම තමයි ඒ අය තවමත් කියන්නෙ. මේ රට දෙකට බෙදල ඒ අයට ඊළාම් රාජ්‍යයක් අවශ්‍යයි කියලයි ඔවුන් අදත් කියන්නෙ. දැන් මේ තහනම ඉවත් කිරීමට පෙර එයට මුල් වුනු අය මේ පිරිස්වළින් ඇහුවද ඔවුන් බෙදුම්වාදයෙන් ඉවත්වී ඇතිද කියල? ඊළාම් අදහස් අතහැරලද තියෙන්නෙ කියල ඇහුවද? ප්‍රකාෂයක් ලබාගත්තද? නැහැ. එහෙම දෙයක් සිදුකරල නැහැ. මෙය තමයි භයානක තත්ත්වය. මෙළෙසින් ක්‍රියා කරන විට නැවතත් අසූව දශකයේ සිදු වූ ආකාරයටම බෙදුම්වාදය ශක්තිමත් වෙනවා.
http://lankanewsalert.com/archives/46460#ZQsqJ8kFWJ8zkcxv.99

Last edited: