උබ ගොඩක් පරණ නිසා උත්තරයක් දැන්නම්. නැත්තම් මේ වගේ ප්‍රස්ග්ස්ති වලට රිප්ලයි කරන කාලය අපරෙදේ. තරහ උනත් කියන්න ඕනි කිසිම ගතයුතු කරුණක් නැහැ. තනිකරම වන්දි බට්ට වැඩක් විතරයි
මේ මනුස්සය යුද්දේ කරන්න නිදහස දුන්න. යුද්දේ කියන්න මහින්ද විතරක් කරපු දෙයක් නෙමයි. එකට රටේ සියලුම මිනිස්සු අඩු වැඩියෙන් දායක උනා, වැඩි ගෞරවයක් මහින්දට කරන්න පුළුවන්. අනික උබම හිතලා බලපන් රටක ජනාදිපති කෙනක් කියන්නේ කවුද? අයි අපි ජනාදිපති කෙනෙක් පත් කරගන්නේ. රටේ පාලනය ක්‍රමවත්ව පවත්වාගෙන යාමට. ජනාදිපති කියන්නේ රජ කෙනෙක් නෙමයි. ජනවාර්ගික අර්බුදය පිලිබදව යුද්දෙන් හෝ සාමෙන් හෝ විසදුමක් දීම තමයි ජනදිපත්ගේ එතන වගකීම වුනේ. මහින්ද එක ඉටු කළා . ඉටු කළා කියන්න මහින්දට එක ඉටු නොකර බැරි උනා. මොකද දෙශප්‍රෙමි බලවේග මහින්දව යුද්දේ කරන තැනට ඇදලා දැම්ම. මහින්ද අපු ගමන් යුද්දේ කරන්න හැදුව නැහැ. අනිත් සේවා මොනාද??? පාරවල් ගුවන් තොටුපලාවක් හදපු එකද? වාර්ෂික අයට වඩා වැඩි නය වාරිකය. උබ හිතන්නේ රටක් කියන්නේ බිල්ඩින් විතරක් කියලද??
රට කියන්නේ රටේ මිනිසසු, මිනිසුන්ගේ සංකෘතිය, ආගම ඒවාටයි රට කියන්නේ. රටේ භුමිය විතරක් නෙමයි. එක තේරුම් ගන්න.
මහින්ද
රටේ නිතිය බල්ලට දාලා තියනවා උබ දැකලා නැද්ද, උබට එක උබේ හිතෙන අහන්න බැරි උනාද?
කුඩු විකුනපු දුමින්ද මිනිමරපු වෙලේ බේරාගත්තේ එක උබේ හිතට එකහගද
කටුගේ තිබ්බ අපේ ඉතිහාසගත් දේවල් උස්සපු එක ඒවා හිතට එකගද මචං
කළු සල්ලි සුද්ද කරන අර දම්මික පෙරේරාව රකින්න රතු පස් වල මිනිසුන්ට වෙඩි තියපු එක හරිද කියලා උබේ හදවතින් අහන්න අමතක උනාද මචං
ලාම්පුතෙල් මිල අඩු කරන්න කියලා උද්ගෝෂණය කරපු දිවරයන්ට වෙඩිතියන්න කියපු දිවර ඇමති මහින්ද කියලා ඔයාට අමතක උනාද???
අරන්තලාවේ හම්දුරුවෝ පෙති ගහපු පිල්ල්ල්යාන් දැක්කම උබේ හිතට දැනෙනවද සතුටක්?
හොරුන්ව රකිනවා කියලා ප්‍රසිද්දියේ කියපු ෆයිල් කතාව උබේ හදවතින් අහන්න අමතක උනාද බන්
තව කියන්න නම් කොච්චර දේවල් තියනවද බන්. එකොච්ච්ර කිවුවත් උබ මහින්දට චන්දේ දෙන බවත් අපි දන්නවා. දෙනවා නම් දීපන් එක ප්‍රශ්නයක් නැහැ. හැබැයි ගහ දන්නා මිනිස්සුන්ට කොළ කඩා පාන්න එපා. රටේ අනාගතය කන එකා වෙනුබෙන් කතා කරන උබලට මිනිස්සු සාප කරයි. උබ කොච්චර ලස්සනට හැගීම් බරව කිවුවත් කියලා තියෙන්නේ රට විනාස කරන එකාගේ හොද . ගනිකාවකට ඔසරියක් අන්දලා පත්තිනි අම්ම කියන්න එන්න එපා මචං. උබට රස්සාවක් හරි මොකක් හරි ලැබෙන්න ඇති සමහරවිට. සමහරවිට උබ පට්ට සල්ලි කාරයෙක් වෙන්නේ ඇති. ඒ නිසා උබට මිනිස්සු දුක් විදිනවා පෙන්නේ නැතුව ඇති.
අනික වයිරි දේශපාලන කරන්න එපා කියලා ඇල්වතුරත් නිවලා බොන ටෝක් දෙන්න එපා.
රට කන එකාට අයුක්තිය රජ කරවන එකාට , නිතිය බල්ලට දාන එකාට ඇත්ත යුත්ත පෙන මිනිස්සු වයිරයි තමයි,
දුක් විදින , තමනගේ අනාගතේ ගැන බයෙන් ඉන්න, ළමයිනේ අනාගතේ ගැන බයෙන් ඉන්න මිනිස්සු වයිරයි තමයි බන්. ඒ කලේ ප්‍රබකරන්ට වයිර කළා වගේ තමයි.