෴ සුද්දා, මහින්ද, එදා සහ අද ෴
සුදු අධිරාජ්‍යවාදීන් අපේ රටට විනයක් කියල ඒ කාලේ ඉඳපු සමහර දුර දිග පෙනෙන සිංහල නායකයෝ කියන කොට, අපේ මුතුන් මිත්තෝ මෙන්න මෙහෙම කිව්වා.
“සුදු මහත්තුරු අපේ රටේ තාර පාරවල් හැදුවා, රේල් පාරවල් හැදුවා, විදුලි බලය ගෙනාවා, වරාය හැදුවා, ගුවන් තොටුපොළවල් හැදුවා, ඉස්කෝල හදල අපේ ළමයින්ට ඉගැන්නුවා. අපේ රටට මෙච්චර සේවයක් කරපු සුදු මහත්වරු රටට වින කරනවා කියල කියන්නේ කුහකයෝ”
“උඹලට කෙලෙහි ගුනේ නැද්ද? ලන්දේසීන්ගේ යකඩ සපත්තුවෙන් අපිව මුදවා ගත්තේ මේ ඉංග්‍රීසි කාරයෝ නේද?”
අපේ මුතුන් මිත්තොන්ව හොඳට හඳුනාගෙන ඉඳපු සුදු මහත්වරු, මෙහෙම කියන උන්දලාට මුදලි කම් දුන්න, ගම වර දුන්නා, ඉන්ගලන්තෙට නව සංචාර දුන්නා, තව නොයෙකුත් වර දාන දුන්නා. ඒ වර දාන අරගත්තු අපේ මුතුන් මිත්තෝ, “අපෝ! මේ සුදු පාලනය තරම් තවත් කාර්යක්ෂම පාලනයක් ලංකාවට කවද ලැබෙයිද?” කිය කියා තව තවත් සුද්දොන්ට රටේ බලය තහවරු කරගන්න දුන්නා.
මේ අතරේ දුර දිග පෙනෙන නායකයෝ කීප දෙනෙක් සුද්දොන්ට විරුද්දව කැරලි ගහන්න උත්සාහ කරා. ම සුදු පාලනයේ තියෙන අනතුර මිනිස්සුන්ට ඒත්තු ගන්නන්න හැදුවා. එත්, ඒ නායකයෝ ඔක්කොම ද්‍රෝහියෝ විදියට හංවඩු ගහලා සුද්දොන්ට පාවා දෙන්න අපේ මුතුන් මිත්තො කටයුතු කළා.
ලෝකේ ටිකෙන් ටික දියුණු වුනා. මුද්‍රණ යන්ත්‍ර ආවා, පොත පත ආවා. මිනිස්සු මේවා කියවනකොට, උන්ගේ මොලේ ටික ටික පෑදෙන්න ගත්තා.
“මේකට කියන්නේ අධිරාජ්‍යවාදය” එක මුතුන් මිත්තෙක් තව එකෙකුට කිව්වා. “මුන් අපිට පාරවල් හදල දුන්නේ, වරාය, ගුවන් තොටුපොල හදල දුන්නේ, අපේ රටේ තියෙන හැම සම්පතක්ම හුරගෙන උන්ගේ මඩිය තර කර ගන්න” තව එකෙක් කිව්වා. අපේ රටේ සම්පත් හුරගෙන කාල, උන්ගේ රටවල් 1000% කින් විතර දියුණු වුනා. අපි, අර පාරවල්, රේල් පාරවල්, වරාය, ගුවන්තොටුපොළ හප කර කර හිටියා.
“දැන් ඉවසුවා ඇති! මේ සුරා කමට තවත් ඉඩ දෙන්න බැහැ” අපේ මිනිස්සු නිදහස වෙනුවෙන් සටනට බැස්සා.
ඒත්, ඒ වෙනකොට අවුරුදු 152ක් ගෙවිල ගිහින්. වෙන්න ඕන හරිය රටට වෙලා ඉවරයි. රටේ සම්පත් සේරම කුණු කොල්ලෙට හුරගෙන කාපු සුද්දා, විසි වන සියවසේ ශීෂ්ට සම්පන්න බව, ස්වාපාලනය, වගේ ලොකු වචන අපිටම කියල “නිදහස” බන්දේසියක තියල අපිට දීල යන්න ගියා.
අද වෙනකොට උන්ගේ ජීවිත අපේ ජීවිත වගේ දහස් ගුණයකින් සැප සම්පත් වලින් පිරිලා. ඒ අපෙන්ම හුරගෙන කාපු සම්පත් වලින්.
සුද්දෝ එදා අපිව අන්දපු මේ සුත්තරේ අවුරුදු 200 කට පස්සේ තේරුම් ගත්තේ මහින්ද රාජපක්ෂ කියන මහත්තයා.
ඔව් එයා ත්‍රස්තවාදයෙන් රට මුදාගන්න නායකත්වය දුන්න තමයි. පාරවල් හැදුවා තමයි. ගුවන් තොටුපොළවල් හැදුවා තමයි. වරායවල් හැදුවා තමයි….
එත්, අර සුද්දෝ වගේම ඒ දේවල් කරන අතරේම, එයා සහ එයාගේ පවුලේ අය මේ රට මහා අසීමාන්තික සුරා කමකට ලක් කළා. එදා අපේ මුතුන් මිත්තෝ වගේ, “අනේ මහින්ද මහත්තයා අපේ පාර හදල දුන්න, වරයා හැදුවා, කොටි එලෙව්වා” කියා කියා නැවත නැවතත් බලය දුන්නොත්, ඇත්ත තත්වය තේරෙනකොට තව අවුරුදු 150ක් ගිහිල්ලා තියෙයි.
ඉතින් මේ ඇවිත් තියෙන්නේ 1817 ඌව වෙල්ලස කැරැල්ල වගේ අවස්තාවක්. අපේ මුතුන් මිත්තෝ කරපු මෝඩ කම අයෙත් නොකර, මේ නව “පවුල්රාජ්‍යවධියා” අපි මේ මොහොතේ පරාජය කල යුතුමයි.
හොඳින් හිතන්න. මෛත්‍රීපාල බොරු කලොත්, අපි ඒක එදාට බලා ගමු. දැන් තියෙන්නේ මේ අදූරදර්ශි, තමන්වාදී, පිළිලය උඩු දුවන්න ඉස්සෙල්ලා ඉවර කරන එක.
උපුටා ගැනීම අන්තර් ජාලයෙනි


පොදු සිරිසේන හිතවාදීන්ට අනුව...
අප මහින්ද රාජපක්ෂට ඡන්දය දෙන්නේ...
යුද්ධය ඉවරකර නිසා..
බෙදුම්වාදී ත්‍රස්ථවාදය පරාජය කල නිසා..
ඔහුට 'කළෙහි ගුණ සැලකීම' පිණිසය...
ඒ ඇත්තද...
කිසිසේත්ම නැත...
අප මහින්ද රාජපක්ෂට ඡන්දය දෙන්නේ...
යුද්ධය ඉවර කර නිසා..
බෙදුම්වාදී ත්‍රස්ථවාදය පරාජය කල නිසා..
පමණක්ම නොවේ...
ඔහු...
රටේ ඒකීයභාවය පිළිගෙන.. එය ආරක්ෂා කරන නිසාය...
උතුරු නැගෙනහිර ඒකාබද්ධ නොකරන නිසාය...
උතුරෙ හමුදා කඳවුරු ශක්තිමත්ව පවත්වාගෙන යන නිසාය...
කිසිඳු ත්‍රස්ථ ක්‍රියාවක් නොකල හැකි ලෙස හමුදා බුද්ධි අංශ වලල්ලක්
පවත්වාගෙන යන නිසාය...
ජාතික ආරක්ෂාව අඩු තක්සේරුවට නොදමන නිසාය..
පළාත් සභාවලට ඉඩම් පොලිස් බලතල පිදේණි නොදෙන නිසාය...
බලය නොබෙදන නිසාය...
ඉන්දියාවෙ ධීවරයොයි කියන කොටි සප්ලයි ගැන්සිවලට ඉඩක් නොදෙන නිසාය....
දෙමළ ඩයස්පෝරාවට රටට ඇතුළුවීමට ඉඩක් නොදෙන නිසාය...
රට වෙනුවෙන් ජීවිත කැප කල සෙඹළුන්
කොටි අවතාරවලට පාවා නොදෙන නිසාය...
පොදු සිරිසේන සහ ඔහු වටා රොද බැද සිටින
උපන්ගෙයි පාවා දෙන්නන්..
බෙදුම්වාදීන්...
අන්තවාදීන්... සමග එකට සිට ගෙන
මහින්දට තවමත් කෙලෙහිගුණ දක්වනවාදැයි
අපට සමච්චල් කරන නිවටුනි...
නුඹලා අන්ධයින් සේ කර තබා ගෙන යන
ඊණියා 'මෛත්රීපාලන ප්‍රකාශයේ'...
රටේ ඒකීයභාවය..
ජාතික ආරක්ෂාව..
උතුරෙ හමුදා කඳවුරු..
පළාත් සභාවලට ඉඩම් පොලිස් බලතල..
උතුරු නැගෙනහිර ඒකාබද්ධ නොකිරීම..
බලය නොබෙදීම..
ඉන්දියාවෙ ධීවරයොයි කියන කොටි සප්ලයි..
දෙමළ ඩයස්පෝරාව..
වැනි මව්බිමේ අනාගතයට සෘජුව බලපාන..
අනතුරු උගුල් ගැන..
වචනයක් වත් සදහන් නැති බව..
සිතා මතා අමතකර ඇති බව...
නොවැදගත් කොට සලකා ඇති බව..
දන්නවාද....??????????
එසේ නම් ලැජ්ජවිය යුත්තේ...
මව්බිමට එරෙහිව යන නුඹලාම නොවේද....??????
එන්න..
තමිල්නාඩු ඊළාම්වාදීන්..
ත්රස්තවාදීන්...
බෙදුම්වාදීන්... සමග...
සිනාසෙමින්...
''මහින්දට ගිනි තබන්න.....''

ඔව් මචං පට්ට නිදහසක්, වෙනසක් ඇති වෙන බව දැනෙනවා , මහින්දගේ පවුල් ආණ්ඩුවෙන්, හොරුන්ගෙන් ,කුඩු මුදලාලිලාගෙන්,හෙන්චයියලාගෙන් ,8 පාස් නැති ගොන්නුන්ගෙන් රට මිදෙනවා කියන්නේ පුදුම නිදහසක් සහා යහපානයක් රටේ ඇති වේ පාටලී ,වගේ වැඩ කරන්න පුළුවන් හොද සෙට් එකක් දැන් ඉන්නවා ඒ සෙට් එක රටේ ආර්ථිකය ගොඩගනී කියලා විශ්වාසකරන්න පුළුවන් ආර්ථිකය සංවර්ධනය කරන්න පුළුවන් පට්ට උගත් සෙට් එකක් UNP එකෙත් ඉන්නවා. සුවමින්වහන්සේලා මුල්තැන අරගෙන වැඩ කරන නිසා රට ආගමට දාමට ලැදි යහපාලනයක් තියෙන ප්‍රජාත්‍රන්තවාදය සුරකින තැනක් වේ කියලා විශ්වාසකරන්න පුළුවන් ..
![]()
ane palayan huyanno yanta.mama eka ekage project koranne ne. thopi tama mongala ge ponna media eke set eka. hadisiye reg wela, pora talks denawa

දින 100 ඇතුලත සිදුකරන සහන ක්‍රියාවලිය සහා ප්‍රතිපත්ති ප්රකාශනය ,
මෙම ප්‍රතිපත්ති ප්රකාශනයේ තියෙන කරුණු අතරින් මෙම පොස්ට් එකට ඇතුලත් කරන්නේ කරුණු කිහිපයක් පමණයි .
21 . දැනට පවතින අත්තනෝමතික විධායක ජනාධිපති ක්‍රමය වෙනුවට කැබිනට් මණ්ඩලය හරහා පාර්ලිමේන්තුව හා සම්බන්ධ වූ විධායකයක් සහිත ආණ්ඩුක්‍රම ව්‍යුහයක් ස්ථාපිත කිරීම සහ 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝදනය අහෝසිකරමින් ස්වාධින අධිකරණ කොමිසම ,ස්වාධින පොලිස් කොමිසම ,ස්වාධින රාජ්‍ය සේවා කොමිසම ,ස්වාධින මැතිවරණ කොමිසම ,ස්වාධින අල්ලස් හා දුෂණ කොමිස හා මානව හිමිකම් කොමිසම බලාත්මක කිරීම ඇතුලත් 19 වන ආණ්ඩුක්‍රම ව්යවස්තවාක් සංශෝධනය කෙටුම් පතක් ලෙස සම්මත කරගැනීම .
28. මනාප ජන්ද ක්‍රමය සහමුලින්ම අහෝසිකිරීම . එවෙනුවට සමානුපාතික ක්‍රමයක් ලබාදීම.
05 පසුගිය කාලයේ සිදුවී ඇති මහා පරිමාණ දුෂණ සොයාබැලීම සදහා විශේෂ විනිශ්චය සභා පත් කිරීම .
3. දේශපාලන වහල් වැඩ සදහා යොදාගෙන සිටින උපාධිදාරින්ට සුදුසු රැකියා ලබාදීම .
4.විශ්‍රාමික වැටුප් විෂමතා ඉවත්කරනු ලබන තෙක් ඔහුන්ට රුපියල් 3500 මාසික අන්තර් දීමනාවක් ලබාදීම .
5.දරුවෙක් බිහිකරන සැම මවකටම පෝෂ්‍යදායි ආහාර ලබාගැනීම සදහා රුපියල් 20000 දීමනාවක් ලබාදීම .
8 .අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය 10 අධික බදු ඉවත් කර මිල පහල දැමීම .
9. ඉන්දනවලින් රාජ්‍ය දැනට අයකරගන්නා කෝට් 4000 ක අධික තීරුබදු ඉවත්කර , ඉන්දන මිල අඩු කිරීම එහි වාසිය මහජනයාට ලබාදීම .
11 ගුහස්ත ගැස් සිලින්ඩරයක මිල රුපියල් 300කින් අඩු කිරීම.
20. මහමුහුදේ දි ජිවිත අහිමිවන ධිවරනයන් වෙනුවෙන් රුපියල් දස ලක්ෂයක රක්ෂණයක් රාජ්‍ය දායකත්වයෙන් ලබාදීම .
22 ධිවර ,ගොවි ,ප්‍රජාව සදහා නව විශ්‍රාම වැටුපක් ලබාදීමේ ක්‍රමයක් ආරම්භ කිරීම .
24.විදේශ රැකියාවන්හි නියුතු සේවක සේවිකාවන් සදහා විශ්‍රාම වැටුප් ක්‍රමයක් ආරම්භ කිරීම ඔහුන්ට මෙරට අනේවාසික ගිණුම් සදහා 2.5% පොලියක් දැනට ඇති පොලියට එකතු කිරීම .
33 . නොමිලේ ඉන්ටනෙට් ලබාදීම .සැම නගරයකම ප්‍රසිද්ද ස්ථානවල WiFi කලාප ඇති කිරීම .
32.තරුණ තරුණියන්ට තමන් කැමති මතයක් දැරීමට ප්‍රකාශ කිරීමට හා ඒවා පිලිබුම් වන පරිදි නිර්මානකරණයන් යෙදීමට මෙන්ම නිදහස් තරුණ ජීවිතය භුක්තිවිදීමට ඇති අයිතිය තහවුරු කිරීම.
37 අපනයන වැඩි කිරීමට සහ රැකියා වැඩි කිරීම ඉලක්ක කරගෙන GPS+ සහනය නැවත ගැනීම .
42.අයවැයෙන් නිදහස් සෞඛ්‍ය දැනට වෙන් කර ඇති 1.8%ක් ප්‍රමාණ ප්‍රමාණය 3%දක්වා වැඩි කිරීම .
54.රේගු බදු නොගෙවා සිදුකරන එතනෝල් ජාවාරම් මර්ධනය කිරීම .
55.දැනට අයවැයෙන් නිදහස් අධ්‍යාපනය සදහා වෙන් කර ඇති 1.7%ප්‍රමාණ ප්‍රමාණය 6% දක්වා ඉලක්කයක් කරා රැගෙන යෑම.
57 .සරසවි මහපොළ ශිෂයධාරය රුපියල් 5,000 ක් දක්වා වැඩි කිරීම .
62. ජාත්‍යන්තර පාසල් රාජ්‍ය අධීක්ෂණයට භාජනය කිරීම .
69. දැනට තණකොළ කැපීමට ,පාරවල් අතු ගෑමට කානු ශද්ද කිරීමට යොදවා ඇති විරෝදාර රණවිරුවන් එයින් මුදවා ගෙන තිවිඩ හමුදාව ,හමුදා වැඩ කටයුතුවලට පමණක් සිමා කිරීම .
73. වතුකරයේ ජනතාවට දැනට ජිවත්වන් දුෂ්කර ලයින් කාමර ජිවිතයෙන් මුදවාගෙන ඔහුන්ට ඉඩම් අයිතිය ද සමග සබැ නිවසක හිමිකාරත්වය ලබාදීම .
80 . ආගමික ස්ථානවලට අවශ්‍ය රැකවරණය ලබාදීම .
83.ශි දළදා මාලිගාව ඇතුළු පුජනිය ස්ථාන ආශිතව පවත්වාගෙන යන සුරාසැල් ඉවත් කිරීමට ක්‍රියාත්මක කිරීම .
85. සම්ප්‍රධායක පිරිවෙන් අධ්‍යාපනය සංවර්දනය කිරීම .
91. මත දැරීමේ හා අදහස් පල කිරීමේ නිදහස ආරක්ෂා කිරීම .
94. හිටපු හමුදාපති ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා හස 43 වෙනි අගවිනිසුරු ශිරානි බණ්ඩාරනායක මහත්මිය ඇතුලේ දේශපාලන පලිගැනීමට ලක්වූවන්ට අහිමි වූ තනතුරු හා අයිතිවාසිකම් යලි ලබාදීම .
95 . දේශපාලනීකරණය නොවූ විදේශ සේවයක් නැවත ස්ථාපිත කිරීම .