මෛත්‍රීගේ වෙනස
මොකක්ද මේ මෛත්‍රීගේ වෙනස
ජනාධිපතිවරණයෙන් පසු පාර්ලිමේන්තුව මුල් වරට රැස් වූයේ ජනවාරි විසි වැනිදාය. හිටපු විපක්ෂය ආණ්ඩුව ලෙසත් ආණ්ඩුව විපක්ෂය ලෙසත් පුටු පෙරළියක් වූ එදින නව ජනපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුවට එන බවක් කියැවිණි. ජනාධිපතිතුමා අද පාර්ලිමේන්තුවට එන්නේ නැත්දැයි අපේ මාධ්‍ය මිතුරෙකු ඇසුවේ වෙනදාට ජනපතිවරයකු දියවන්නාවට එන විට දක්නට ලැබෙන පෙර සූදානම එදින දක්නට නොලැබුණු බැවිණි.
වෙනදාට නම් ජනපතිවරයාට පෙර මැති සබයට එන්නේ නිල සුනඛයන්ය. පාර්ලිමේන්තුවේ ආරක්ෂාවට පාර්ලිමේන්තු පොලීසියක් ඇති මුත් ජනපතිවරයා පැමිණෙන දවසට එය ජනපති ආරක්ෂක අංශයේ අණසකට යටත් වන්නේය. ඒ අතරේ ගුවන් යානා නාශක අවි රැගත් ගුවන් භටයෝ පාර්ලිමේන්තු තණපිටියේ ස්ථාන ගතවෙති. නාවික හමුදාවේ ප්‍රහාරක යාත්‍රා දියවන්නාවේ ජල තලය දෙබෑ කරගෙන ඒ මේ අත යති. ස්නයිපර් තුවක්කුකරුවෝ මැති සබයේ සෑම මහලකම සිටිමින් දුර දක්නවලින් අවට පිරික්සති. එවැනි තුවක්කුකරුවෝ දෙදෙනෙක් පාර්ලිමේන්තුවේ තෙවැනි මහලේ වූ ප්රවෘත්ති කාමරය අබියසද සිටිති. මේ සියලු කටයුතුවලින් ඉක්බිතිව ජනපතිවරයා එන්නේ දුසිමක් පමණ වන යතුරු පැදි බළකායක් හා ඩිෆෙන්ඩර් රිය පෙරහරක් පෙරටු කර ගෙනය. ඒ සෑම රියකම ප්‍රභූ ආරක්ෂාවේ කෙළ පැමිණි කොමාන්ඩෝ සෙබළු සිටින්නෝය. ජනපතිවරයා එනතුරා කුරා කූඹියකුටවත් පාරේ ගමන් කිරීම තහනම්ය. ඇතැම් අවස්ථාවලදී රථ පෙරහර ගොඩින් ආවද ජනපතිවරයා එන්නේ හෙලිකොප්ටරයෙනි. ජනපතිවරයා සමග එක හෙලිකොප්ටරයක් නොව දෙකක්ද එන්නේය.
නව ජනපති මෛත්‍රීපාල සිරිසේන පාර්ලිමේන්තුවේ මංගල රැස්වීමට එන්නේ නැත්දැයි අපේ මිතුරා ඇසුවේ මේ කිසිදු පෙර දසුනක් එදින පෙනෙන්නට නොතිබුණු බැවිණි. මේ අතරේ මෝටර් රියක් දියවන්නා පාරෙන් මැති සබයට ආවේය. ඇමැති කෙනෙක් වෙන්නැති එය දුටු බොහෝ දෙනෙක් සිතූහ. එනමුත් මෝටර් රියේ දොරටු හැරගෙන ආවේ ඇමැතිවරයකු නොව ජනපති මෛත්‍රීය. ඇමැති ධුරය දැරූ කාලයේ මෙන්ම කිසිදු විශේෂත්වයකින් තොරව ජනපති වූ පසුවද ඔහු පාර්ලිමේන්තුවට ආවේ එසේය. නිල සුනඛයන්ද ස්නයිපර් තුවක්කුකරුවන්ද , නාවික යාත්‍රා, හෙලිකොප්ටර්, රිය පෙරහරවල් ඇතුළු විසූක දස්සන ඔහුට නොවීය. ඒ මෛත්‍රීගේ හැටිය. හිටපු ජනපතිගේ ආරක්ෂාවට එකල වෙනම බළසේනාවක් තිබුණි. මේජර් ජෙනරාල් ජගත් අල්විස්, මේජර් ජෙනරාල් චාගි ගාල්ලගේ හා බ්‍රිගේඩියර් ජී.වී. රවිප්‍රිය පිළිවෙළින් එම බළසේනාවට අණ දුන්හ. කොමාන්ඩෝ සෙබළු ඇතුළු විවිධ රෙජිමේන්තුවල සෙබළුන්ගෙන් එම බළසේනාව සැදී තිබුණි. එනමුත් මෛත්‍රීට ඒසා ආරක්ෂකයන් නොවීය. මැති ඇමැතිවරුන්ට හමුදා ආරක්ෂාව තහනම් කරමින් අගමැති රනිල් වික්‍රමසිංහ දැමූ නීතියට මෛත්රීද එකඟය. දැන් ඔහුගේ ආරක්ෂාවට සිටින්නේ පොලීසිය හා විශේෂ කාර්ය බළකාය පමණි.
“ජනපති ආරක්ෂක සේනාවට සෙබළුන් හාර දහසක් පමණ සිටියා. ඒ හාර දහස මම දාහට අඩුකළා. මම හෙලිකොප්ටර් භාවිතා කරන්නේ නිල ගමනකට විතරයි. ඒකත් අත්‍යවශ්‍ය කාරණාවකට සීමා කරනවා. ඒ වගේම මගේ බිරියට දරුවන්ට වෙනම හෙලිකොප්ටර් නෑ. රට වටේ තියන ජනපති මන්දිරවල මා නවාතැන් ගන්නේ නෑ. අඩුම තරමේ ජනපති මන්දිරයේ පදිංචියට යන්නේ නෑ.” ජනපති මෛත්‍රී එසේ කීවේ ගිය ඉරිදාවේ රූපවාහිනී වැඩසටහනකට සහභාගි වෙමිනි. ජනපතිවරයා සිය පවුලට පනවා ඇත්තේ හෙලිකොප්ටර් තහංචි පමණක් නොවේ.
මීට පෙර ජාතික නිදහස් සමරු උළෙලවල්වලදී ඉදිරි පෙළ ආසන හිමි වූයේ ජනපති හා ඔහුගේ බිරියට පමණක් නොවේ. ජනපතිවරයාගේ දරුවෝ තිදෙනාද ඉදිරිපෙළ ආසනවල වූහ. රාජ්‍ය උත්සවවලදී ආසන පැනවීමේ ධූරාවලිය පැත්තට දමා ජ්‍යෙෂ්ඨ මැති ඇමැතිවරු පසුපස සිටියදී නවක මන්ත්‍රීවරයකු ඉදිරියේ සිටියේය. නාවික හමුදාපති ධුරය දරන වයිස් අද්මිරාල්වරයා දෙවැනි පෙළ අසුනේ සිටින විට නිලධාරීන්ගේ ජ්‍යෙෂ්ඨත්වයෙන් අඩුම නිලය වන උප ලුතිනන් නිලය දරන්නෙකු ඉදිරිපෙළ අසුනේ වාඩිවිය. එනමුත් එවැනි කටයුතු හමුවේ විධායකයේ යකඩ සපත්තුවට පෑගී හුන් ජ්‍යෙෂ්ඨ ඇමැතිවරුන්ට මුව පියා සිටීම හැර වෙන විකල්පයක් නොවීය.
ගිය හතරවැනිදාවේ පාර්ලිමේන්තු පිටියේ පැවැති හැට හත්වැනි නිදහස් සැමරුවේ ජනපති මෛත්‍රීගේ දරුවන් ඉදිරිපෙළ ආසනවල දක්නට නොවීය. මෛත්‍රීගේ වැඩිමහලු දියණිය චතුරිකා හුන්නේ දෙවැනි පෙළ ආසනයකය.
ඉකුත් කාලයේ අප අසා තිබුණේ සමාජ ශාලාවල බිමතින් පිස්සු නටන මැති ඇමැති දරුවෝය. සිය පියාට ලැබෙන ප්‍රභූ ආරක්ෂකයන් පිරිවරාගෙන අන්‍යයන්ගේ ඔළු පලන මැර දරුවෝය. එවැනි දරුවන්ට ඔවදන් දී ඔවුන් හදා වඩා ගැනීමට මැති ඇමැතිවරුන්ට ඕන කමක් නොතිබුණි. ඒ අතරේ නව ජනපති මෛත්‍රීපාල සිරිසේන ගේ පුත්‍රයා වන දහම් ගැනද කතාවක් වබේ අඩවියක පළ වී තිබුණි. ඒ ඔහු සමාජ ශාලාවකට ගොස් කළ ඇතැයි කියන තර්ජනයක් පිළිබඳවය. ඒ සිද්ධිය සැලවූ සැනින් ජනපතිවරයා දහම්ට තරයේ අවවාද කර මින් මතුවට එවැනි සිද්ධීන් නොවීමට වග බලා ගන්නා ලෙස දැන්වූ බව වබේ අඩවිය වාර්තා කර තිබුණි. මේ කතාව එතැනින් නතර වන්නේ නැත. එම වබේ අඩවිය ජනපතිවරයාට ස්වකීය ගෞරවය පුද කරමින් කියා තිබුණේ මෙවැනි සිද්ධියක් වාර්තා කළ විට මින් පෙර වූයේ එම වබේ අඩවියට තහංචි දැමීම බවය. එනමුත් මෙවර තමා කී කතාව පිළිබඳ උනන්දුවක් දැක්වමින් ඒ පිළිබඳ ක්‍රියාත්මක වීම ගැන ඔවුහු ජනපතිවරයාට කෘතඥතාව පළකර තිබුණි. මේ කතාව ගැන ගහේ කටු උල් කරන්නට ඕනෑ නැත. ඒ මින් පෙර දහම් මුහුණ දුන් සිද්ධියකදී මෛත්‍රීපාල සිරිසේන කටයුතු කළ ආකාරය තවමත් රට්ටුන්ට මතක බැවිණි. වරක් දහම් ඩී.අයි.ජී.වරයකුගේ පුතෙකු සමග ගැටුමක් ඇති කරගෙන පොලිස් අත්අඩංගුවට පත්විය. එකල ඇමැතිවරයකු වූ මෛත්‍රී තම පුතාට ඇප ලබා ගැනීමට පොලීසියේ බංකුව මත පැය තුනක් වාඩි වී බලා සිටියා මිසක් ඇමැති බලය පාවිච්චි කර සිද්ධිය යට ගහන්න ගියේ නැත.
මේ අතරේ මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා ලෙසද පරිසර හා මහවැලි ඇමැතිවරයා ලෙසද වැඩ භාරගත් පසු සිය ගම්බිම් ප්‍රදේශවලට තහංචි දැම්මේය. ඒ වැලි ගොඩ දැමීමට එරෙහිවය. මෛත්‍රීගේ මේ තහංචිය ඔහුගේ සොයුරකු වන ප්‍රියන්ත සිරිසේන කඩ කරන බවට ගිය සතියේ චෝදනාවක් එල්ල විය. මේ සිද්ධිය දැනගත් වහාම ජනපතිවරයා සිය අමාත්‍යාංශ නිලධාරීන්ට හා පොලීසියට නියෝග කරමින් කීවේ තම සොයුරාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙසය. ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ඔහුගේ ඒ ක්‍රියාව නතර කෙරුණි.
හැදෙන ගහ දෙපෙත්තෙන් පෙනෙන සේ මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයා හිටපු ජනපතිවරුන්ට වඩා හාත්පසින් වෙනස් චරිතයක් බවට ඔහු පසක් කළේ ජනපති ධුරයේ දිව්රුම් දුන් මොහොතේ සිටය. ඔහුගේ දිව්රුම් දීමේ උළෙලට වැය වූ මුදල රුපියල් හයදහසකි. එම මුදලත් වැය වී තිබුණේ මල් සැරසිලි සඳහාය. ඔහු ජනපති ධුරයේ වැඩභාර ගනිමින් අත්සන් කළේ රුපියල් පහළොවක් වටිනා බෝල්පොයින්ට් පෑනකිනි.
ඔහු ජනපති වූ පසුව සිය ප්‍රතිවාදියා අත්අඩංගුවට ගත්තේ නැත. ප්‍රතිවාදියාගේ විරුද්ධවාදීන් සිටින විනිශ්චය මණ්ඩලයක් පත් කර ඔහුට එරෙහිව කැලෑ නීතියෙන් නඩු අසා හිරේ දැම්මේ නැත. ඔහු සිය පරාජිත අපේක්ෂකයාට ගමට යාමට හෙලිකොප්ටර් ද නිල නිවසක්ද, ආරක්ෂාවද දීමට එකඟ විය.
එනමුත් වසර පහකට පෙර ජනවාරියේ සිද්ධ වූයේ මීට වඩා හාත්පසින් වෙනස් වූ සිද්ධියකි. එකල ප්‍රතිවාදියාට නිවාස වෙනුවට හිමි වූයේ හිරගෙදරය. වසර හතළිහක් දුක් මහන්සි වී රාජ්‍ය සේවයෙන් උපයා ගත් විශ්‍රාම වැටුපද අහිමි කෙරුණි. එපමණක් නොව රට වෙනුවෙන් ලේ හැලීම හේතුවෙන් ඔහුට හිමි පදක්කම් පවා කැලෑ නීතියෙන් ගැලවුවේය. තම බසට අවනත නොවූ කළ අගවිනිසුරුවරියද ගෙදර යැව්වේය.
සරත් ෆොන්සේකාට නඩු පැවැරීමට නීතිපති දෙපාර්තමේන්තුව තමා යටතට පවරා ගත්තේය. වසර එකසිය පහළොවක් ස්වාධීන ආයතනයක් වූ නීතිපති දෙපාර්තමේන්තුව ජනපතිවරයාගේ අණසකට ලක්විය. එහි ප්‍රතිඵලය වූයේ කුඩු ජාවාරම්වලට සම්බන්ධ බවට චෝදනා ලැබූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට එරෙහිව පවරා තිබූ බාලවයස්කාර දැරියක් දූෂණය කිරීමේ නඩුව නීතිපති අනුහසින් ඉල්ලා අස්කර ගැනීමය. තවත් හිටපු මන්ත්‍රීවරයකුට එරෙහිව තිබූ මිනී මැරුම් චෝදනා නීතිපති ඉල්ලා අස්කර ගත්තේය. තමා යටතේ තිබෙන නීතිපති දෙපාර්තමේන්තුව ලවා තම ප්‍රතිවාදියාට එරෙහිව නඩු පවරා ඔහුගේ නම ඉතිහාස පොතින් බලහත්කාරයෙන් මකා දැමීමට උත්සාහ කළේය.
එනමුත් ඒ ජනවාරිය හා මේ ජනවාරිය අතර ඇත්තේ මහා වෙනසකි. මෛත්‍රී ජනපති වූ විගස ජෙනරාල් සරත් ෆොන්සේකාට හා ශිරාණි බණ්ඩාරනායකට ඉතිහාසයේ වූ වරද නිවැරදි කළේය.
තමා රජවරයකු නොවන බව කී ජනපතිවරයා තමාට අතිගරු යනුවෙන් ආමන්ත්‍රණය නොකරන්නැයි ඉල්ලා සිටියේය. ඒ අනුව මෛත්‍රීපාල සිරිසේන වෙන ජනපතිවරු මෙන් ඔහුඅතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන උතුමාණන් වහන්සේ නොවේ. ඔහු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාය. තම බිරියට ආර්යාව යනුවෙන් ආමන්ත්‍රණය නොකරන්නැයි ජනපතිවරයා ඉල්ලීමක් කළේය. ඇය දැන් ජනපති බිරිය ජයන්ති පුෂ්ප කුමාරි මහත්මියය.
ජනපතිවරයා ඉකුත් ඉරිදාවේ කීවේ තමා පැමිණෙන උත්සව සඳහා ප්රශස්ති ගැයීමට පාසල් ළමුන් සහභාගි කර නොගන්නා ලෙසය.
පැය ගණනක් එම දරුවන් අව්වේ වේලි වේලි. අඩුම තරමේ ගැහැනු දරුවෙකුට වැසිකිළියකටවත් යාමට නොහැකිව දුක් විඳන අයුරු පසුගිය කාලයේ තමා දුටු බව ජනපතිවරයා කීවේය.
අයවැයෙන් හිටපු ජනපතිවරයා ස්වකීය සුඛ විහරණයට වෙන් කරගෙන තිබූ කෝටි නවදහසක මුදල නව ජනපතිවරයා කෝටි දෙසීය විසිපහකට බැස්ස වීය. නිල බලයෙන්ම ජනපති ධුරයට හිමිව තිබෙන රජගෙදර හෙවත් ජනපති මන්දිරයේ රජසැප පිළිකෙව් කළ මෛත්‍රී පදිංචියට තෝරා ගත්තේ හිටපු ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල හුන් නිල නිවසය. ඒ අනුව ජනපතිවරයා දැන් විඳින්නේ ජනපති ධුරයට හිමි පහසුකම් නොව ඇමැති වරප්‍රසාදය.
රජගෙදර යාන වාහන හෙලිකොප්ටර් ඇතුළු රජසැප එපා නම් ජනපති ධුරයට පත් වූයේ මොන බම්බුවකටදැයි දේශපාලනඥයකු අසන ආකාරය ගැන අපූරු කාටුනයක් ගිය සතියේ පත්තරයක ඇඳ තිබුණේ මෛත්‍රීගේ මේ වෙනස ලංකාවේ දේශපාලනයට ආගන්තුක බැවිනි.
මෛත්‍රී මෙන් මෙවැනි අල්පේච්ඡ දිවි පවෛතක් ගත කළ ජනපතිවරයෙකු වේ නම් ඔහු ඩී.බි. විජේතුංගය. දැහැමින් සමෛන් රට පාලනය කළ ඔහු සරල ගැමියෙකු විය. ඩී.බි.විජේතුංග මෙන්ම මෛත්‍රීත් ගැමියෙකි. දෙදෙනාගේ වෙනස මෛත්‍රී, ඩී.බි.ට වඩා හද්ද ගැමියෙකු වීමය. මගේ කල්පනාවේ හැටියට ජනපති ධුරයේ දිව්රුම් දුන් පසු මේ ටික දොහට මෛත්‍රී ඩී.බි.විජේතුංග පසුකර ගව් ගණනක් බොහෝ දුර ගොසිනි.
මිහිරි ෆොන්සේකා
-Lakbima_
දැන් ඉතින් උඹල මෙතන මරා ගනිල්ලා

(+7)