මෛත්‍රීට නොබෙල් තෑග්ග!

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,173
    12,167
    113
    Ohio, USA
    මෛත්‍රීට නොබෙල් තෑග්ග!

    733263d34c0161f73e23a0fed66b1312_L.jpg

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නම මීළඟ නොබෙල් සාම ත්‍යාගය සඳහා යෝජනා කිරීමට ජාත්‍යන්තර සංවිධානයක් සූදනම් වන බව රන්දිව පුවත් පත වාර්තා කරයි.

    ජාතිවාදයෙන් ආගම් වාදයෙන් තොර සාමකාමී සහජීවනයෙන් යුතු ශ්‍රී ලංකාවක් ගොඩ නැඟීම සඳහා අවශ්‍ය තීරණාත්මක දේශපාලන කාර්යභාරයක් ඉ‍ටු කිරීම වෙනුවෙන් මෙලෙස නොබෙල් සාම ත්‍යාගය සඳහා ඔහුගේ නම යෝජනා කිරීමට නියමිතය.

    වසර තිහක් තිස්සේ පැවැති සිවිල් යුධයයෙන් පසුව මෙරට ජාතික සංහිඳියාව නිර්මාණය කිරීම පැවැති රාජපක්ෂ රජය හිතා මතාම ප්‍රමාද කළ බවත් දූෂිත ආර්ථික ක්‍රමෝපායන් අනුගමනය කළ බවත් පෙන්වා දෙන බටහිර හා ඉන්දීය දේශපාලන විචාරකයන් එවැනි පාලනයක් පෙරලා දැමීමට රටෙ ජනතාව තීරණය කිරීම බියකරු ගෝලීය ප්‍රවනතාවයකට එරෙහිව ජනතා අප්‍රසාදය පළ වීමක් බවත් සඳහන් කරති.

    එම තීරණාත්මක දේශපාලන පරිසරය නිර්මාණය කිරීමෙහිලා මෙරට ප්‍රධාන දෙශපාලන පක්ෂ දෙකේ නායකයන් දෙපළ ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතාත් අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේත් දේශපාලන භුමිකාව ජාත්‍යන්තර විචාරක අවධානයට පාත්‍රව ඇත.

    එම සාමුහික ක්‍රියා කාරිත්වය දකුණු ආසියාවේ දීර්ගතම දේශපාලන අර්බූදයක් සංහිඳියාවෙන් අවසන් කිරීම සඳහා ගැණුන වැදගත් ප්‍රවේශයක් ලෙස හඳුනාගෙන ත්බේ.

    පහතින් පල වන්නේ ව්‍යවස්ථා සංශෝධය සම්බන්ධයෙන් ලෝක අවධානය යොමු වීම ගැන වූ සිළුමිණ පුවත් පතේ පළවූ ලිපියකි.

    ලොව නායකයන් මවිත කළ ව්‍යවස්ථා සංශෝධනය

    මෛත්‍රීපාල සිරිසේනමහතා 2015 ජනවාරි 8 දා ලංකාවේ 6 වැනි විධායක ජනාධිපති පදවියට පත්වූයේ ජනපති තනතුරේ බලතල තවත් වැඩි කර ගැනීමට නොවේ; එම බලතල කප්පාදු කිරීමටය. අඩු කිරීමටය; තමා නම්‍යශීලී පුද්ගලයකු බව ජනතාවට ක්‍රියාවෙන්ම පෙන්වීමටය. ඒ බව ඔහු රටේ පොදු මහජනතාව හමුවේ පෙන්වා දීම 2015 අප්‍රේල් 28 දා සිදුවිය. මුළු මහත් බලයම තම ඇඟිලි අතරට ගුලි කර ගැනීමේ අවශ්‍යතාවක් තමාට නැති බව ඔහු ජනතාව හමුවෙහි කියා පෑවේ ඉකුත් සතියේ අඟහරුවාදාය.

    මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මෙන් බලයෙන් හිස උදුම්මා ගැනීම මෛත්‍රීගේ ප්‍රතිපත්තිය නොවීය. තමාට ජනතාව පැවරූ බලය කප්පාදු කරගත් එකම පාලකයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාය.

    19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවේ සම්මත වීම මඟින් මෛත්‍රීපාල සැබෑ මානව හිතවාදී ජනතා පුත්‍රයකු බව සමස්ත ලෝකය පිළිගත්තේය.

    මීට වසර 37 කට පෙර එනම් 1978 වසරේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දෙමින්, විධායක ජනාධිපති ධුරය ස්ථාපිත කළේ ජේ. ආර්. ජයවර්ධන මහතාය. එවක ඔහු රටේ අගමැතිය. හයෙන් පහක බලයක් ලබාගත් අගමැති ය.

    වසර 37 කට පෙර ජේ. ආර්. නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරද්දී එදා එනම් 1978 වසරේ රජයේ මාධ්‍ය ලේකම්වරයකු වශයෙන් පාර්ලිමේන්තුවේ සිට එම අවස්ථාව නැරඹීමි. ඊට හරියටම වසර 37 කට පසු මෙදා එම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය සම්මත කර ගැනීමේ අවස්ථාව ද මම දුටුවෙමි. එදා පාර්ලිමේන්තුවේ සිටි මන්ත්‍රීවරුන්ගෙන් එක් අයකු වූ රනිල් වික්‍රමසිංහ මහතා මෙදා ද පාර්ලිමේන්තුවේදී මට දැකගත හැකි විය. එදා යෞවන කටයුතු පිළිබඳ ඇමැති තනතුර දැරූ රනිල් මෙදා අගමැතිය. ඔහු මෛත්‍රීපාල ජනපති අසලම වාඩිවී සිටියේය.

    ප්‍රජාතන්ත්‍රවාදය

    මෙය රටට ප්‍රජාතන්ත්‍රවාදී අවකාශයක් විවෘත කළ අවස්ථාවකි. පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් 215 දෙනකුම මෙම සංශෝධනයට අත් එසවීම ඓතිහාසික සිද්ධියකි. ලංකාවේ රාජ්‍ය පාලනයට ආවේනිකව තිබූ කොල්ලකාරී ස්වරූපය අහෝසි වී ඇති මොහොතක මෙය සම්මත වීම ජනතා අභිලාෂයන් ඉටු වීමකි. අශීලාචාර වී තිබු රටක් ශීලාචාර වෙමින් පවතින්නේ මෛත්‍රී රනිල් යුගයේ ප්‍රතිඵලයක් වශයෙනි.

    19 වැනි ආණ්ඩුක්‍රම සංශෝධනය අශිෂ්ටත්වය අබිබවා ශිෂ්ටත්වය ජය ගැනීමකි. ආඥාදායකත්වය සුනු විසුනු කර දැමීමකි. ප්‍රජාතන්ත්‍රවාදය සුරක්ෂිත කිරීමකි. පොදු ජන යුගයක් ආරම්භ කිරීමකි. මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් වික්‍රමසිංහ එක්වී පිහිටුවාගත් නව රජයට දින සීයක් ගතවූ මොහොතක මෙය සම්මත වීම පොදු ජන අ‍පේක්ෂාවක් මල්ඵල ගැන්වීමකි.

    පක්ෂ විපක්ෂ සියලු මන්ත්‍රීවරුන් මෙයට අත් එසවූයේ ජනතා බලයට එරෙහි වන පාලකයන්ට දේශපාලනයේ කුණු බක්කිය හිමිවන බව ඔවුන් සියලු දෙනාම අවබෝධ කරගෙන තිබෙන නිසාය.

    මේ අතර ශ්‍රීලනිප, එජාප සභාග රජය ජනතා සිතුම් පැතුම් හා අභිලාෂ මුදුන්පත් කරවමින් තවත් ටික කලක් පවත්වාගෙන යෑමට මාර්ගය පෑදෙන බව ද මෙහිදී කිව යුතුය.

    ඇමෙරිකාව, බ්‍රිතාන්‍යය, ප්‍රංසය, ජර්මනිය, ඕස්ට්‍රේලියාව වැනි කිසිදු රටක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් මෙතරම් වැඩි ඡන්ද සංඛ්‍යාවකින් සම්මත වී නැත. එමෙන්ම මෙහිදී මගේ විදෙස් අත්දැකීම් අනුසාරයෙන් එක් දෙයක් සඳහන් කළ යුතුය. එනම් ආණ්ඩු පක්ෂය සහ විපක්ෂය සියලු භේද දුරලා සාමූහිකව එක්වී පාර්ලිමේන්තු ගර්භයක් තුළදී රටට වැඩ දායක සංශෝධනයක් සම්මත කරගත් ප්‍රථම අවස්ථාව ලෙස ද ලෝක ඉතිහාසයට එක්වනු ඇත.

    ත්‍රස්ත ප්‍රහාර

    2001 සැප්තැම්බර් 11 වැනිදා ඇමෙරිකාවට ඔසාමා බින් ලාඩන්ගේ ත්‍රස්ත කල්ලිය ප්‍රහාරයක් එල්ල කළ විට එවකට ජනාධිපති ජෝර්ජ් බුෂ්ගේ ඉල්ලීම පරිදි ඇමෙරිකා පාර්ලිමේන්තුවේ (කොන්ග්‍රස් සභාවේ) සහ සෙනෙට් සභාවේ ඩිමොක්‍රටික් හා රිපබ්ලිකන් යන ආණ්ඩු පක්ෂයේ මෙන්ම විපක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු දෙනා රට බේරා ගැනීමේ සටනට එක්වූ අයුරු එදා මම දුටුවෙමි.

    මවුබිම ආරක්ෂක දෙපාර්තමේන්තුව හෙවත් ඩිපාර්ට්මන්ට් ඔෆ් හෝම් ලෑන්ඩ් සෙකියුරිටි (DEPARTMENT OF HOME LAND SECURITY) නමින් යුත් නව රාජ්‍ය ආයතනයක් ආරම්භ කළ යුතු බවට ජෝර්ජ් බුෂ් ජනාධිපතිවරයා ගෙනා යෝජනාවට රජයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන් සියලු දෙනාම අත් ඔසවා සම්මත කරගත් අයුරු මම දුටුවෙමි. එය ද ඇමෙරිකාවේ ආරක්ෂාව සහ ජනතාවගේ අභිවෘද්ධිය තකා ගෙනා මහඟු යෝජනාවකි.

    රටක විධායක ජනාධිපතිවරයකුගේ බලතල කප්පාදු කිරීම සඳහා ගෙන එන ලද 19 වැනි ස‍ංශෝධනය ලංකා පාර්ලිමේන්තුවේදී මෙසේ සම්මත වීම ඇමෙරිකාවේ මීට වසර 14 කට පෙර සිදුවූ යථෝක්ත සිද්ධිය හා සමානය. 1978 වසරේ සිට ලංකාවේ පොදු මහජනතාව විධායක ජනපති තනතුරේ බලය අහෝසි කරන ලෙසට උද්ඝෝෂණය කළහ. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මෙම උද්ඝෝෂණ ව්‍යාපාරයන්හි පෙරමුණේම සිටියේය. අද මෙය සම්මත කිරීමට එරෙහිව ප්‍රකාශ නිකුත් කරන අයගෙන් මුල් තැන හිමි වන්නේ ද හිටපු ජනපති මහින්දටය.

    විධායක බලතල

    තමා සතු විධායක බලතල අඩු කර ගැනීමට මෙන්ම තම ධුර කාලය වසර 5 ක් දක්වා අඩු කිරීමට තරම් නම්‍යශීලී වූ එකම රාජ්‍ය පාලකයා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා බව විවිධ මාධ්‍ය සඳහන් කර තිබුණි. ඔහුගේ සරල දිවි පෙවෙත හා ගුණගරුකභාවය පිළිබඳ වතිකානුවේ ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප් වහන්සේ විශේෂ ප්‍රකාශයක් කර තිබුණි.

    මේ අතර ඇමෙරිකාවේ ජනාධිපති බැරැක් ඔබාමාගේ ඉල්ලීම පරිදි ශ්‍රී ලංකාවට ළඟාවීමට පෙර, ඇමෙරිකාවේ රාජ්‍ය ලේකම් ජෝන් කෙරී සඳහන් කළේ මෛත්‍රිපාල සිරිසේන ජනාධිපතිවරයා ලොව බොහෝ පාලකයින්ට ආදර්ශයක් ලබා දුන් ශ්‍රේෂ්ඨ පාලකයෙකු බවයි. ස්වකීය විධායක ජනපති පදවියෙහි විවිධ බලතල තමාගේ ඉල්ලීම පරිදිම කප්පාදු කර ගැනීමෙන් පසු, මෛත්‍රිපාල සිරිසේන ජනපතිවරයා හමුවූ ප්‍රථම විදේශ රාජ්‍ය තාන්ත්‍රිකයා වන්නේ ද ඇමෙරිකා රාජ්‍ය ලේකම් ජෝන් කෙරී ය.

    දින සියය

    ගතවූ දින සියයක කාල සීමාව තුළදී ජනපති මෛත්‍රී හා අගමැති රනිල් ජාත්‍යන්තරයේ හොඳ හිත දිනා ගැනීමට සමත් වූහ. මහින්දගේ පාලනයට එරෙහිව විරසකව සිටි බොහෝ රාජ්‍යයන් යළි මිතුරු විය. ඇමෙරිකාව සහ බ්‍රිතාන්‍යය මින් රටවල් දෙකකි. ඉන්දියාව, චීනය සහ පාකිස්ථානය සමඟ සබඳතා තර කර ගැනීමට ද සමත් විය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ද ලංකාව කෙරෙහි යහපත් ප්‍රතිචාරයක් දැක්වීය. මානව හිමිකම් චෝදනා විභාග කිරීම කල් දැමීය.

    ශ්‍රී ලංකාවට එරෙහිව සම්බාධක දැමීමේ අවදානම තුරන් විය. ජාත්‍යන්තරය ලංකාව කෙරෙහි යහපත් ප්‍රතිචාරයක් දැක්වීම රටේ අභිවෘද්ධියට හේතුවකි. නම්‍යශීලී පාලකයෙකු පත්වීම තුළින් ශ්‍රී ලංකාව පිළිබඳව මුළු ලොවම කතා කරන තත්ත්වයකට පත්වී තිබේ.

    යළි ජාතිවාදය පැතිරවීමට කරන පැසිස්ට්වාදී නිර්ලජ්ජිත කුමන්ත්‍රණ රටපුරා සිදුවෙමින් පවතින බව ද දකින්නට ඇත. අසන්නට ද ලැබිණි.

    මේ සියලු කුමන්ත්‍රණ පරදවාලීමට 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වීම ඔස්සේ මාර්ගය පෑදෙන බව මෙහිදී සඳහන් කළ යුතුමය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් සම්මත වූ ජාතික කොඩිය විකෘත කිරීම සාහසික ක්‍රියාවකි. ඊට සම්බන්ධ වූවන්ට දැඩි දඬුවම් දිය යුතු ය. මේවා සිදු කරන්නේ පටු දේශපාලන වාසි තකා බව පැහැදිලිය. මෙවැනි අනිටු ක්‍රියා රටට අහිතකරය.

    නීතියට ඉහළින් කිසිවකුට සිටිය නොහැක. නීතියේ උත්තරීතර භාවය සුරක්ෂිත කළ යුතුය. 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය තුළින් සිදුවූයේ නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීමයි.

    ප්‍රංසයේ හිටපු ජනාධිපති ඩිගෝල්ට නොතිබූ බලතල පවා ශ්‍රී ලංකා ජනපතිවරයාට හිමි වී තිබුණි. ඇමෙරිකා ජනාධිපති බැරැක් ඔබාමාට මෙවන් බලතල නැත. ලංකාවේ විධායක ජනාධිපති ධුරයට ඒකාධිපති පාලනයකට අවශ්‍ය සම්පූර්ණ පසුබිම හා නෛතික රාමුව සකස් කර දී තිබුණි. 1978 වසරේ පාර්ලිමේන්තුවේ හයෙන් පහක බලයකින් ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා විසින් නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කර ගනිද්දී එවකට රජයේ මාධ්‍ය ලේකම්වරයකු වශයෙන් පාර්ලිමේන්තුවේ සිට එම විවාද නැරැඹූ අයුරු මට සිහි වේ. එසේ වෙනස් කළ ව්‍යවස්ථාව යළි වෙනස් කර ගන්නා අයුරු ද ඊට වසර 37 කට පසු මම දුටුවෙමි.

    එතෙක් මීට පෙර හැම අවස්ථාවකදීම සිදුවූයේ විධායක ජනපතිවරයා සතු බලතල වැඩි කර ගැනීමයි.

    සංශෝධන

    ස්වකීය විධායක බලතල වැඩි කර ගැනීමට මහින්ද රාජපක්ෂ ජනපතිවරයා ඉදිරිපත් කළ ව්‍යවස්ථා සංශෝධනයට පක්ෂව අත් එසවූ මන්ත්‍රීවරුන් සියලු දෙනාම, ඊට එරෙහිව ඡන්දය ප්‍රකාශ කිරීම විස්මයජනක නොවන්නේ ද? ඔවුන් එසේ කළේ, එසේ නොකර බැරි නිසාය. ජනතාව හමුවට යාමට නොහැකි වන නිසාය.

    සාධාරණ සමාජයක් සඳහා වූ ජාතික ව්‍යාපාරය සහ පුරවැසි සංවිධාන එකමුතුව මේ ඓතිහාසික අවස්ථාවේදී ප්‍රශංසා සහගත දේශපාලන කර්තව්‍යයක් ඉටු කළේය. මෙහි මුළු ගෞරවය හිමි විය යුත්තේ මාදුළුවාවේ සෝභිත හිමියන්ට සහ අතුරලියේ රතන හිමියන්ටය. රටට හා ජාතියට ආදරය කරන සියලු දෙනා මීට සහාය දුන්හ.

    තමන් වැරැදි කළ බව සොරුන් ආරක්ෂා කළ බව සොරුන් නිසා තමන්ට වැඩ වැරදුණ බව මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිවරයා මල්වට්ටි රැගෙන රට වටේ යමින් ප්‍රකාශ නිකුත් කරද්දී, 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සම්මත වූයේ ඔහුගේ ගෝල බාලයින්ගේ ද පූර්ණ සහයෝගයෙනි.

    සිරී හීන්පැල්ල

    http://lankadaily.com/latestnews/item/6604-2015-05-02-04-23-07
     
    • Like
    Reactions: shenic and djiresh
    Jan 24, 2013
    275
    63
    0
    දැන් රිදිලා දුවගෙන එයි වහල්ලු ටික :lol::lol:
    ඉජුක් ඉජුක් ඉජුක්
    ඉජුක් ඉජුක් ඉජුක් ඉජුක් ඉජුක් ඉජුක් ඉජුක් ඉජුක් ඉජුක් ඉජුක් ඉජුක් ඉජුක් ඉජුක් ඉජුක් ඉජුක්
     
    • Like
    Reactions: djiresh

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    වහල්ලු පෝලිමේ එන්න..................
    එන්න එන්න එන්න
    පෝලිමේ එන්න...................
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    බොරුවක් වෙන්න ඇති :yes: :yes: :yes:
    එහෙනං මැන්ස් රේඩර්ටත් නොබෙල් සාම ත්‍යාගය දෙන්න එපායැ.. :yes: :yes:
    තෙන්ස්ල, ජයන්ට්ස්ල, කී දෙනෙක්වනම් එකට එකතුකලාද... :yes: :yes:
    ඒ එකක්වත් මැන්ස්ට රජ කරන්නද ? උට සැප විදින්නද ? :) :)
    නෑනෙ සේරම ඒ මිනිස්සුන්ව බේරගන්න :yes: :yes: :yes:
    මැන්ස් තරම් නොබෙල් සාම ත්‍යාගයට සුදුස්සෙක් මේ ලෝකෙ නෑ :no: :no: :no:
    කිසිම යුද්ධෙකිං පෞද්ගලික ලාභ ප්‍රයෝජනයක් ලැබුවෙ නෑ.. :no: :no:

    All hail king beyond the wall :yes: :yes:
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    බීඩි කොටා;18284073 said:
    දැන් රිදිලා දුවගෙන එයි වහල්ලු ටික :lol::lol:
    ඉජුක් ඉජුක් ඉජුක්
    ඉජුක් ඉජුක් ඉජුක් ඉජුක් ඉජුක් ඉජුක් ඉජුක් ඉජුක් ඉජුක් ඉජුක් ඉජුක් ඉජුක් ඉජුක් ඉජුක් ඉජුක්

    :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    :dull: :dull: :dull: :dull: :dull:
     
    Apr 15, 2015
    10
    2
    0
    මම නම් කියන්නේ Raymond Reddington තමයි ඕකට සුදුසුම පුද්ගලයා
     
    deanXX

    Well-known member
  • Oct 15, 2013
    21,508
    16,262
    113
    බොරුවක් වෙන්න ඇති :yes: :yes: :yes:
    එහෙනං මැන්ස් රේඩර්ටත් නොබෙල් සාම ත්‍යාගය දෙන්න එපායැ.. :yes: :yes:
    තෙන්ස්ල, ජයන්ට්ස්ල, කී දෙනෙක්වනම් එකට එකතුකලාද... :yes: :yes:
    ඒ එකක්වත් මැන්ස්ට රජ කරන්නද ? උට සැප විදින්නද ? :) :)
    නෑනෙ සේරම ඒ මිනිස්සුන්ව බේරගන්න :yes: :yes: :yes:
    මැන්ස් තරම් නොබෙල් සාම ත්‍යාගයට සුදුස්සෙක් මේ ලෝකෙ නෑ :no: :no: :no:
    කිසිම යුද්ධෙකිං පෞද්ගලික ලාභ ප්‍රයෝජනයක් ලැබුවෙ නෑ.. :no: :no:

    All hail king beyond the wall :yes: :yes:

    මලාලට දුන්න එකේ මේක මොකක්ද බං.
     
    dileeshakr

    Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    මට මතක විදියට ඕක මහින්දගේ කාලේ යුද්ධේ ඉවර කලාමත් කිව්වා මහින්දට නොබෙල් ත්‍යාගයට නම් කරනවා කියලා ලෝකේ පළමු වතාවට ත්‍රස්තවාදයක් නිමා කිරීම හේතුවෙන්.

    අනේමන්දා. කාට දුන්නත් ලංකාවට ආඩම්බරයි :cool:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මලාලට දුන්න එකේ මේක මොකක්ද බං.

    මලාල සටන් කලේ අල්කයිඩා එකට විරුද්ධවනෙ.. තලේබාන්ද මන්ද...
    මැන්ස් රේඩර් එහෙම නෙමේ :no: :no:
    අල්කයිඩාත් ත්‍රස්තවාදියොද වයිට් වෝකර්ස්ල එක්ක බලද්දි :no: :no:
    වෙඩි කාල මැරිල යනව..
    නැත්තං මැරිල නැඟිටල ඇවිත් උඹේම අම්මව තාත්තව සහෝදරයව ලමයව කනව..
    කෝකටද වැඩියෙන් භය හිතෙන්නෙ ? :no: :no:
     
    ssss1987

    Well-known member
  • Jan 23, 2008
    700
    393
    63
    Colombo
    ethakota mahindath ehemada. eyath horakan hema oya kare na kiyala kiyanne. minihawath propose karanna puluwanne ubalata. Puluwanda?????
    crazybuddy; said:
    බොරුවක් වෙන්න ඇති :yes: :yes: :yes:
    එහෙනං මැන්ස් රේඩර්ටත් නොබෙල් සාම ත්‍යාගය දෙන්න එපායැ.. :yes: :yes:
    තෙන්ස්ල, ජයන්ට්ස්ල, කී දෙනෙක්වනම් එකට එකතුකලාද... :yes: :yes:
    ඒ එකක්වත් මැන්ස්ට රජ කරන්නද ? උට සැප විදින්නද ? :) :)
    නෑනෙ සේරම ඒ මිනිස්සුන්ව බේරගන්න :yes: :yes: :yes:
    මැන්ස් තරම් නොබෙල් සාම ත්‍යාගයට සුදුස්සෙක් මේ ලෝකෙ නෑ :no: :no: :no:
    කිසිම යුද්ධෙකිං පෞද්ගලික ලාභ ප්‍රයෝජනයක් ලැබුවෙ නෑ.. :no: :no:

    All hail king beyond the wall :yes: :yes:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,321
    100,170

    Oke thiyena tikama thama meheth wene wena nam walin wena wali walin. same story eka.
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    බීඩි කොටා;18284073 said:
    දැන් රිදිලා දුවගෙන එයි වහල්ලු ටික :lol::lol:
    ඉජුක් ඉජුක් ඉජුක්
    ඉජුක් ඉජුක් ඉජුක් ඉජුක් ඉජුක් ඉජුක් ඉජුක් ඉජුක් ඉජුක් ඉජුක් ඉජුක් ඉජුක් ඉජුක් ඉජුක් ඉජුක්

    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: