මෛත්‍රීට විරුද්ධ දෝෂාභියෝගය
ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට විරුද්ධව දෝෂාභියෝග යෝජනාවක් ගෙන ඒමට එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු කණ්ඩායමක් උත්සහ දරන බවට වාර්තා වනවා .ඊයේ රාත්‍රියේ හිටපු අමාත්‍ය ජි .එල් පීරිස් මහතාගේ නිවසේදී සන්ධාන මන්ත්‍රීවරු පිරිසක් ඒ පිළිබඳව සාකච්ජාවක් පවත්වා තිබෙනවා .එම සාකච්ජාව මෙහෙයවා ඇත්තේ ආචාර්ය දයාන් ජයතිලක මහතායි .හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හිතවත් සියලුම මන්ත්‍රීවරු මෙම සාකච්ජාවට සහභාගී වී තිබෙනවා .සාකච්ජාව අවසානයේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට විරුද්ධව මන්ත්‍රීවරුන් 112කගේ අත්සනින් යුතු දෝෂාභ්යෝග චෝදනාවක් සකස් කර කථානායක චමල් රාජපක්ෂ මහතා වෙත ඉදිරි දිනකදී භාරදීමට එකඟත්වය පලවී ඇතැයි සඳහන් .එම සාකච්ජාවට සහභාගී වූ තරුණ මන්ත්‍රීවරයෙකු සියළු තොරතුරු අද පාර්ලිමේන්තුවේදී එක්සත් ජාතික පක්ෂ අමාත්‍යවරයෙකු වෙත පවසා තිබෙනවා .