මෛත්‍රීට_කැමැතිවෙයි

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
මෛත්‍රීට_කැමැතිවෙයි

මෛත්‍රී නැෂල් ජෝග්‍රැෆි ඉන්ස්ටග්‍රෑම් අඩවියේ: පැය දෙකට ලොව පුරා හැට හත් දහසක් මෛත්‍රීට කැමැතිවෙයි



Maithree_in_Natgeo.jpg




ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සේයාරුවක් ලෝකප්‍රකට නැෂනල් ජෝග්‍රැෆි මාධ්‍ය ආයතනයේ නැට් ජියෝ නම් ඉන්ස්ටග්‍රෑම් වෙඩ් අඩවියේ සේයාරුවක් සඳහා තෝරාගෙන තිබේ. එම සේයාරුව නම් ජනාධිපතිවරයා පසුගියදා බාලදක්ෂ ජම්බෝරියකට සහභාගී වූ අවස්ථාවේදී බංග්ලාදේශයෙන් පැමිණි බාලදක්ෂිකාවක් වූ සන්ජිතා නම් දැරියකගේ සෙල්ෆි සේයාරුවකට පෙනී සිටි අන්දමයි.
නැට් ජියෝ ඉන්ස්ටග්‍රෑම් අඩවිය සමග ලොව පුරා මිලියන 45 ක පමණ ජනතාවක් එක්ව සිටින අතර මෙතෙක් එවැනි සේයාරූ දස දහසකට අධික සංඛ්‍යාවක් පළ කර තිබේ. කෙසේ වෙතත් මෛත්‍රී ජනාධිපතිවරයාගේ සේයාරුව පළ වී පැය දෙකක් තුල හැට හත් දහසකට අධික සංඛ්‍යාවක් ඊට කැමැත්ත පළකර තිබේ. 375 ක් ඒ ගැන විවේචන පළ කර ඇත.
මෙහි දැක්වෙන්නේ එම සේයාරුවයි.
ජනාධිපතිවරයා පසුගියදා සාර්ථක යුරෝපීය රටවල් දෙකක සංචාරයක යෙදුනු අතර ඒ ජර්මනිය සහ ඕස්ට්‍රියාව විය. ජර්මනියට ශ්‍රී ලංකාවේ නායකයෙකු ගියේ වසර 42 කට පසුව වන අතර ඕස්ට්‍රියාවෙන් මෙතෙක් කිසිදු ශ්‍රී ලංකා රාජ්‍ය නායකයෙකු ඇරියුම් ලබා තිබුනේ නැත. මෛත්‍රී පළමුවැන්නා විය. මෙම රටවල් දෙකේදීම ආයෝජකයන් හමුවූ අතර ජර්මනියේ දී 200 ක් පමණ ද ඕස්ට්‍රියාවේදී 100 ක් පමණද ආයෝජකයෝ සහභාගී වූහ. ලංකාවේ ආයෝජනය කිරීමට දැඩි උනන්දුවක් යුරෝපීය ආයෝජකයන් තුල තිබිණ.
 
  • Like
Reactions: DjAtrocity

upCountry

Member
Nov 12, 2014
484
86
0
එක ගොනෙකුට ගොන්නු හැට හත් දහසක් කැමති වෙලා .
ඕව සමානය දේවල් :lol::lol::lol::lol::lol:
 
  • Like
Reactions: fakerandi

toiya

Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    අම්මට සිරි පවු බන් කොල්ලගේ කොටු තුන අපහු දෙක වෙලා නේද ?

    මචන් අමරබන්දු රූපසිංහ ඇහුවද? එකට නම් ගොඩක් උන් කැමති නැහැ වගේ නේද


     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ
    අම්මට සිරි පවු බන් කොල්ලගේ කොටු තුන අපහු දෙක වෙලා නේද ?

    මචන් අමරබන්දු රූපසිංහ ඇහුවද? එකට නම් ගොඩක් උන් කැමති නැහැ වගේ නේද

    මුට දැන් ජනාදිපති මාධ්‍ය ලේකම් කර්යලයෙනුත් ගෙවන්නේ නැහැලු! :lol::lol:
     

    chathupatiya

    Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    එක ගොනෙකුට ගොන්නු හැට හත් දහසක් කැමති වෙලා .
    ඕව සමානය දේවල් :lol::lol::lol::lol::lol:
    ඇයි බොට මතක නැද්ද මීට ටික කලකට කලින් එක ගොපොල්ලෙකුට ගොන්නු ලක්ෂ 54ක්ම කැමැත්තෙන් හිටියා . . .