මෛත්‍රීපාල අවු 6ම

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    මිනිස්සු චන්දෙ දුන්නෙ දින 100 ජනාධිපතිවකම අහෝසි කරනවා කිව්ව හින්ද මිසක් සම්පූර්ණධුර කාලයම ඉන්න ජනාධිපතිකෙනෙකුට නෙමෙයි.

    ඔව්, මේක ඇතුලෙ එක එක පාර්ශව හිටියනෙ බන්. රට දෙකට කඩන්න ඕන අයත් ඡන්දෙ දෙන්න ඇතිනෙ. මේක සිංගප්පූරුවක් කරන්න ඕන උනුත් ඡන්දෙ දෙන්න ඇතිනෙ. ඒත් ඒ එකක්වත් වෙලා නෑනේ. ප්‍රතිපත්ති ප්‍රකාශනයෙ තිබ්බෙ සෝභිත හාමුදුරුවන්ගෙයි රතන හාමුදුරුවන්ගෙයි හදපු ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරනව කියලා. කරන දේ හරියටම පොයින්ට් කරලා කියලා නෑ. ඒ නිසා උබ ඔය කියන කතාවෙ 100% අත්තක් නෑ. හැබැයි ඔය මතය නියෝජනය කරපු ජනතාවකුත් හිටියා. උබටනම් ඉතින් අදාලම නෑනේ. නෙහ්? :D
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    Mama kiwwe. http://sinhala.lankafocusnews.com/archives/97090

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ධුර කාලය අවසන් වන දිනය සම්බන්ධව. ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසා ඇත්තේ ඒ මහතා දෙවන වරටත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් නොවන නිසා බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (10දා) පැවසීය.

    19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිධුරය වසර පහකට සීම කිරීම මෛත්‍රීපාල සිරිසේන මහතාට බලනොපාන බවද ඇමතිවරයා සඳහන් කළේය.

    “එතුමා ලෑස්ති වුණේ 2020 ජනාධීපතිවරණයට යෑමට. නමුත් පසුගිය දිනක එතුමාට දන්වලා තියෙනවා කාලය අවසන් වෙන්නේ 2021දී කියලා.ඒ අනුව එතුමා සාමාන්‍ය විදියට සුප්‍රිම් උසාවියට යවලා ප්‍රසිද්ධ කරල කරුණු විභාග කරලා මේ පිළිබඳව තීන්දුවක් ගන්න.

    19 වැනි ව්‍යවස්ථාව අනුව ජනාධිපතිධුර කාලය අවුරුදු පහකට අඩුවෙලා තියෙනවා. එතනදී ගණන් ගන්නේ 2015 සිට 2020 දක්වා කාලය.ඒක වත්මන් ජනාධිපතිවරයාට බලපාන්නේ නැහැ කියන මතයේ මම ඉන්නේ. ඒක තමයි අන්තිමට එන නීතීය .නීතියක් කියන එක පිටුපසට එන්නෑ.ඒක තමයි එතුමා අහලා තියෙන්නේ.
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    අවුරුදු 6 ම ඉන්න හදන්නේ ජනතාවට මේ අවුරුදු 3 කරපු සේවේ වගේ සේවේ කොරන්න වෙන්න ඇති මයේ හිතේ :angry::rofl:

    හොද්ද රහවටුනම ගෙවලයෝ එලොනවා බොරු :sorry:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    මරුසිරා;22713112 said:
    හොද්ද රහවටුනම ගෙවලයෝ එලොනවා බොරු :sorry:

    ගැහුවා නේද හිටං බලං උඩ කෙළ:rofl::rofl:
     

    coolbigc

    Junior member
  • Nov 9, 2006
    437
    8
    18
    පෘථිවියේ
    නැත්නම් එකම අවස්ථාවේ නිතී 2ක් බලාත්මක වෙනව නේද?

    අද සම්මත කරන නීති ඊයෙටත් වලංගුද? :confused::confused::confused::confused:

    19 සම්මත උනු ගමන් 18 බල ශුන්‍ය වෙනව නේද?. එතකොට කොහොමද තර්ක කරන්නේ අවුරුදු 6 ක් කියල?. නිතිය අනුව නම් 5 ක් විය යුතුයි.

    අතීතයට බලපාන ලෙස නීති වෙනස් කරන් නෑ නේ ...

    ඔය ප්‍රශ්න හින්ද තමයි ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසූවේ
     

    coolbigc

    Junior member
  • Nov 9, 2006
    437
    8
    18
    පෘථිවියේ
    19 100% ක්‍රියාත්මක වෙන්නෙ 2021 පත්වෙන ජනාධිපති කෙනෙකුට විතරයි. මෛත්‍රීට 19න් බොහොම පොඩ්ඩයි අදාල වෙන්නේ. ඒවායින් ජනාධිපති ධූරයට ලොකු බලපෑමක් නෑ. ඇත්තටම බැලුවොත් ගොඩක් දේවල් අදාල වෙන්නෙ නෑ බන්. මොකද මෛත්‍රී පත් උනේ 18 බලාත්මකව තියෙද්දිනෙ. ඒ නිසා මෛත්‍රී බලය දන් දුන්න කතා කිව්වට ඒක බොරුවක්. හැබැයි යම්කිසි සාධනීය දේවලුත් කෙරුනා. ඒවා හොඳයි. හොඳ දේට හොඳයි කියන්න ඕන. 19 කියන්නෙ මෛත්‍රීට අදාල දෙයක් නෙවේ. හැබැයි පොරත් මට අදාලයි වගේ ඉන්නවා. මම විධායක ජනාධිපති ධූරය අහෝසි කරනවට විරුද්ධයි. හැබැයි අත්තනෝමක්තික බලතල වලට විරුද්දයි. මේක උඩින් පේන්න අයිසින් දාපු කේක් එකක් වගේ බන්. තාමත් ඇතුලෙ තියෙන්නෙ තනිකරම කඩු පොලු කැති කිනිසි.

    මම නීතිය ඉගෙනගෙන නෑ. ඒත් මට හිතෙනවා, ඔය කපපු බල තල මෛත්‍රී දැනට මට අදාලයි වගේ හිතාගෙන බොරුවට රඟපාන ඒවා පවා ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහින් අභියෝගයට ලක්කරලා ඒවා ආයිත් මේ ධූර කාලයට වලංගුයි කියලා පවර ගන්න බැරි කමක් නෑ. උදාහරණයක් විදිහට, මෛත්‍රීට පාර්ලිමේන්තුව විසුරවන්න ඕන උනොත්, ශ්‍රේෂ්ඨාධිකරණයේ කලින් තීන්දුවට අභියෝග කරන්න පුළුවන් කියලා මට හිතෙනවා. මේක මගෙ පෞද්ගලික අදහසක්.

    චන්ද්‍රිකාලා මහින්දලා මේවා අහෝසි කරන්න ආවට ඉස්පිල්ලක් පාපිල්ලක් වෙනස් කරන්න කැමති උන අය නෙවේ. මහින්ද තව වැඩි කරගත්ත කෙනෙක්. ඒ අර්ථයෙන් බලනකොට මෛත්‍රී දශම ගානකින් හරි බලය ඇත් හැරලා තියෙනවා (ස්වාධීන කොමිසම් වගේ දේවල්) පොඩ්ඩක් හරි කැප කිරීමක් කරලා තියෙනවා. අනාගත ජනාධිපති කෙනෙක්ට ලැබෙන බලය අඩු කරන්න වැඩ කරලා තියෙනවා. ඒකත් හොඳ දෙයක්. ඒවා අගයන්න ඕන දෙයක්. බලය දන් දුන් ජනාධිපති වගේ කතානම් බොරු කතා. ඒවාට අහුනොවී ඉන්න දැනගන්න ඕනේ.

    මමත් හිතන්නේ එහෙම තමයි.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    මරුසිරා;22713949 said:
    විදායකේ අයින් කරලා ගෙදර යනවා කිව්ව් හිටන් නෙමේ නේද මේ :rofl::rofl:

    රස දන්නෝ - දා නොමයන්නෝ :D
    උබ කලින් කිව්ව එක මහින්දටත් අදාලයි හොඳේ:yes::yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    මෛත්‍රීපාල ඔය මොත්තෙ පාර බන් දාන්නෙ. මෛත්‍රී දන්නවා අවුරුදු 6ක් කියලා. ඒත් ශ්‍රේෂ්ඨාධිකරණයේ අදහස් විමසලා මහා ප්‍රජාතන්ත්‍රවාදී නායකයෙක් කියලා හඟවන්න කරපු දෙයක්. ඌ ඔය පොඩි පොඩි දේවල් වලින් ලකුණු දාගන්නවා.

    මිනිස්සු ඡන්දෙ දුන්නෙ ධූර කාලය අවුරුදු 6ක් තියෙන ජනාධිපතිවරනයකට. මිනිස්සුන්ගෙන් ඩිරෙක්ට් පරමාධිපත්‍ය පාර්ලිමේන්තු මන්ත්‍රීලට අත් උස්සලා වෙනස් කරන්න බෑ. එහෙනම් ඒකට ආයිත් ජනමතයක් තියන්න ඕනේ. ඒත් ප්‍රතිපත්ති ප්‍රකාශනයෙ ජනමතයකට යන වගන්ති වලට අත නොතියනවයි කියපු නිසා. ව්‍යවස්ථා වෙනසකට අදට වත් ජනමතයකට යන්න බෑ. මෛත්‍රී මහජනතාවගේ ඡන්දෙන් පත්වෙච්ච ජනාදිපතිකෙනෙක් නිසා ඒක හරියන්නෙ නෑ. ඉන්දියාවෙ වගේ ජනාදිපති කෙනෙක්ව නම් පාර්ලිමේන්තුවේ අත් උස්සලා වෙනස් කරන්න පුළුවන්. මොකද එහේ ජනාදිපතිව පත් කරන්නෙ අගමැතිනෙ.

    මම නම් හිතන්නෙ ඉන්ඩ පුලුවන් අවුරුදු 5යි....පාර්ලිමේන්තුවෙ 2/3 චන්දෙන් සම්මත් උනේ පනත... දෝසාබියෝගයකින් ජනාධිපතිව අයින් කරද්දිත් ඔනෙ වෙන්නෙ සරල බහුතරය..මිනිස්සු චන්දෙ දුන්න කතාව අදාල වෙන්නෙ නැ, ...ඒක නිසා අවුරුදු 5යි...අපි බලමු තීරනය..
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අපිත් මුන්ට කඩේ ගියානේ ...ශිකේ ශිකේ ...විලි ලැජ්ජයි :sorry::sorry::sorry::sorry:
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113
    මම නම් හිතන්නෙ ඉන්ඩ පුලුවන් අවුරුදු 5යි....පාර්ලිමේන්තුවෙ 2/3 චන්දෙන් සම්මත් උනේ පනත... දෝසාබියෝගයකින් ජනාධිපතිව අයින් කරද්දිත් ඔනෙ වෙන්නෙ සරල බහුතරය..මිනිස්සු චන්දෙ දුන්න කතාව අදාල වෙන්නෙ නැ, ...ඒක නිසා අවුරුදු 5යි...අපි බලමු තීරනය..

    එහෙනම් ඉතින් සෙංකෝලේ ගෙනියන කෙනාට උනත් ජනධිපති ධූරය පවරන්න සංශෝධනයක් ගෙනල්ලා පා.ම ටික අත් උස්සලා 2/3න් සම්මත කරා නම් පොරත් අපේ අති ගරු ජනපති කියන්න තිබ්බා.

    හරි හරි උබේ අදහසට මම ගරු කරනවා. මේක විසංවාදයක් නිසානෙ ජනාධිපතිත් ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසන්නෙ. ඒ නිසා අපි බලාගෙන ඉමු. තිරය පිටිපස්සෙ වෙන දේ මම කියලා තියෙන්නෙ. ඒක ඒ විදිහටම උනාට පස්සෙ ශ්‍රේෂ්ඨාධිකරණය හොර කරා කියන්න ඔට්ටු නෑ හොඳේ. මුන්ගෙ නාඩගම් දිහා බලන් ඉඳලම දැන් හැරෙනකොටම කියන්න පුළුවන්.


    මරුසිරා;22714136 said:
    ඉතින් මන් නැ කිව්වද ?:rofl:

    නෑ ඉතින් උබ එහෙම එකෙක්ව තවත් තියා ගන්න ඡන්දෙ දුන්න නිසයි මම එහෙම කිව්වෙ. කවුරුත් එකයි බන් :D
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,891
    40,669
    113

    :rofl::rofl::rofl:
    අපේ රටේ දේශපාලනය මම තේරුම් ගත්තු විදිහට. ඒ ඒ නායකයො නිතර කතා කරන, තමන් මෙසේ යැයි අන් අයට හඟවන්න වැඩ කරන ගති ගුණ ගුණාංග, මෝඩ මිනිස්සුන්ව රවට්ටන්න මුන් තුරුම්පුවක් විදිහට මේක ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා. මොකද උන් ඒ ගති ගුණ ඉස්සරහට දාලා වැරදි කරාම මිනිස්සු ඒ වැරදි භාර නොගන්න තරම් අන්ධ වෙලා ඉන්නෙ.

    මෛත්‍රී: මම සරලයි. මම බලය දන් දුන් එකම ජනාධිපති වගේ කතා කියලා මිනිස්සුන්ව දිනාගන්න උත්සහ කරනවා. හැබැයි පොර නොකරන්නෙත් ඒකම තමයි. තව ටිකක් කොහොමද ඉන්නෙ කියලයි බලන්නෙ. ජනතාවගෙ දැඩි ඉල්ලිම මත කියාගෙන දෙවැනි වතාවටත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් නොවුනොත් තමයි පුදුමෙ.

    ඔය විදිහට රනිල්ව ගත්තොත්. මිස්ටර් ක්ලීන් කියලා කිව්වට, ඒ නම පාවිච්චි කරලා ඕනම හොරකමක් කරලා බේරෙන්න පුළුවන් කියලා පොර හිතනවා. මහින්ද බැලුවොත්, ජාත්‍යාලය ඉස්සරහට දැම්මොත් ඕන දෙයක් වහගන්න පුළුවන් කියලා පොර හිතනවා. අනුරව ගත්තොත්, පීඩිත කම්කරුවො ගැන කතා කරලා සමාජවාදේ ඉස්සරහට දාලා ඕන සැපක් ගන්න පුළුවන් කියලා පොර හිතනවා.
     
    Last edited:

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,203
    18,823
    113
    අදාල නෑනේ
    :rofl::rofl::rofl:
    අපේ රටේ දේශපාලනය මම තේරුම් ගත්තු විදිහට. ඒ ඒ නායකයො නිතර කතා කරන, තමන් මෙසේ යැයි අන් අයට හඟවන්න වැඩ කරන ගති ගුණ ගුණාංග, මෝඩ මිනිස්සුන්ව රවට්ටන්න මුන් තුරුම්පුවක් විදිහට මේක ගොඩක් වෙලාවට පාවිච්චි කරනවා. මොකද උන් ඒ ගති ගුණ ඉස්සරහට දාලා වැරදි කරාම මිනිස්සු ඒ වැරදි භාර නොගන්න තරම් අන්ධ වෙලා ඉන්නෙ.

    මෛත්‍රී: මම සරලයි. මම බලය දන් දුන් එකම ජනාධිපති වගේ කතා කියලා මිනිස්සුන්ව දිනාගන්න උත්සහ කරනවා. හැබැයි පොර නොකරන්නෙත් ඒකම තමයි. තව ටිකක් කොහොමද ඉන්නෙ කියලයි බලන්නෙ. ජනතාවගෙ දැඩි ඉල්ලිම මත කියාගෙන දෙවැනි වතාවටත් ජනාධිපතිවරණයකට ඉදිරිපත් නොවුනොත් තමයි පුදුමෙ.

    ඔය විදිහට රනිල්ව ගත්තොත්. මිස්ටර් ක්ලීන් කියලා කිව්වට, ඒ නම පාවිච්චි කරලා ඕනම හොරකමක් කරලා බේරෙන්න පුළුවන් කියලා පොර හිතනවා. මහින්ද බැලුවොත්, ජාත්‍යාලය ඉස්සරහට දැම්මොත් ඕන දෙයක් වහගන්න පුළුවන් කියලා පොර හිතනවා. අනුරව ගත්තොත්, පීඩිත කම්කරුවො ගැන කතා කරලා සමාජවාදේ ඉස්සරහට දාලා ඕන සැපක් ගන්න පුළුවන් කියලා පොර හිතනවා.

    තව මේකෙ මරුම සෙට් එකක් ඉන්නවා, මයිත්‍රිගෙ රනිල්ගෙ වැරදි පෙන්න පෙන්න ආයෙ මහින්දව බලයට ගේන්න තටමන සෙට් එක :rofl: