මෛත්‍රීපාල පඹයෙක්ද ?

saturn

Well-known member
  • Mar 21, 2015
    5,345
    9,111
    113
    Around the world
    මෛත්‍රීපාල පඹයෙක්ද ?

    මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ඉතාමත්ම දුර්වල පුද්ගලයෙකු බවට ප්‍රචලිත අදහසක් තිබේ. එය කොතෙක් පොදු පිළිගැනීමකට ලක්ව තිබේදැයි කිවහොත්, ජනාධිපතිවරයාම කිහිප අවස්ථාවකදී එබඳු අදහසක් සමාජයේ පවතින බව පවසා සිටියේය. මෙතරම් බලගතු ධුරයක් හිමිව තිබෙත්දීත් එහි බලය පාවිච්චි කරන්නට නොහැකිව සිටින ඔහු දෙස බොහෝ අය අවඥාවෙන් බලන අතර, මීට පෙර සිටි ජනාධිපතිවරු කොතෙක් තේජාන්විතව, බලවත්ව සිටියේදැයි අපට මතක් කර දෙති. මෛත්‍රීපාල සිරිසේන මහතා මෙසේ දුර්වලව සිටින්නේ ඔහුගේ පුද්ගලික දුර්වලතාවක් නිසාද? නොඑසේනම්, ඔහු වෙනුවට මේ මොහොතේ ජනාධිපතිව සිටියේ ජේ. ආර්. ජයවර්ධන, ආර්. ප්‍රේමදාස හෝ මහින්ද රාජපක්ෂ නම් ඔවුන් බලවත්ව සිටිනු ඇත්ද? පිළිතුර නැත යන්නයි. ප්‍රචලිත අදහස කුමක් වුවත්, මේ දක්නට ලැබෙන්නේ මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුද්ගලික දුර්වලතාවක් නොව, ලංකාවේ දැනට ක්‍රියාත්මක විධායක යැයි කියන, අතිශය බලසම්පන්න යැයි කියන ජනාධිපති ධුරයේ ඇත්ත තත්ත්වයයි.

    1978 ආණ්ඩුක්‍රම මගින් ඇතිකරන ලද්දේ 'විධායක ජනාධිපති ක්‍රමයක්' නොව අර්ධ ජනාධිපති හෙවත් මිශ්‍ර ක්‍රමයක් බව දැනට සිය වතාවකටත් වඩා කියා ඇත. මෙය පාර්ලිමේන්තු හෙවත් කැබිනට් ක්‍රමයේත්, ජනාධිපති ක්‍රමයේත් මිශ්‍රණයකි. විධායකයේ නායකයා වන ජනාධිපතිවරයා, ඒ සඳහාම වූ මැතිවරණයක් වන ජනාධිපතිවරණයකින්, ජනතාව විසින් ඍජුවම තෝරා පත්කර ගත්තත්, විධායකය සම්පූර්ණ වීමට කැබිනට් මණ්ඩලයකුත් අවශ්‍යය. කැබිනට් මණ්ඩලය පත්වන්නේ පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි කණ්ඩායමෙනි. මේ ක්‍රමයේදී 'ආණ්ඩුව' පත්වන්නේ එසේය. සාමාන්‍යයෙන්, හැමවිටම පාහේ ජනාධිපතිවරණයක් පවත්වා ඒ සමගම මහා මැතිවරණයක් පවත්වන බැවින්, ජනාධිපතිවරයා පත්වන පක්ෂයට හෝ එය අයත් සන්ධානයට පාර්ලිමේන්තුවේ බලයද හිමිවේ. ඒ අනුව විධායකය සම්පූර්ණ වන්නේ එකම පක්ෂයක ජනාධිපතිවරයෙකුගෙන් සහ කැබිනට් මණ්ඩලයකිනි. වෙනත් අයුරකින් කිවහොත් ජනාධිපතිවරයා යනු අන් කවරෙකුවත් නොව, පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි පක්ෂයේ හෝ සන්ධානයේ නායකයාය. එම පක්ෂ සම්බන්ධය නිසා පාර්ලිමේන්තුවේ එම බහුතර කණ්ඩායම හෝ කැබිනට් මණ්ඩලය, ජනාධිපතිවරයාට එරෙහිව යන්නේ හෝ ඔහු සමග ගැටෙන්නට යන්නේ නැත. ඒ අනුව පාර්ලිමේන්තුව වෙත පැවරෙන බලයක් වෙතත් එයත් තම මනාපයට භාවිත කරමින් ජනාධිපතිවරයා තමන්ට අවශ්‍ය ලෙස පාලනය ගෙන යයි.

    මේ හා සම්බන්ධයෙන් යම් උපන්‍යාසයක් ගොඩ නැගීමට කැමැත්තෙමි. එනම්, පවත්නා ආණ්ඩුක්‍රමය තුළදී ජනාධිපතිවරයා බලවත්ව ඇත්තේ ඇත්තෙන්ම ඔහුට එම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ලැබෙන බලයට වඩා තම පක්ෂය තුළ ඔහු නායකයා වීම මගින් ලැබෙන බලය නිසාය යන්නයි. ලංකාවේ කිසිදු පක්ෂයක ව්‍යවස්ථාවක්, ලංකාවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී යයි කියන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තරම්වත් ප්‍රජාතන්ත්‍රවාදී නැත. ඒ අනුව, පක්ෂයක නායකයා ඉවත් කිරීම තබා ඔහුගේ මතයකට එරෙහිව යාමවත් ඇත්තෙන්ම නම් කළ නොහැකි දෙයකි. ලංකාවේ ජනාධිපතිවරු බලවත් වූයේ ඔවුන්ට තම පක්ෂ තම රිසි පරිදි පාලනය කිරීමට හැකිවීම නිසා මිස ජනාධිපති ධුරය මගින් අසහාය බලයක් ලබා දීම නිසා නොවේ. ජනාධිපති ක්‍රමයට යම් හෝ විවේචනයක් කළ හැකි නම් ඒ, එම පක්ෂ නායක ධුරය ස්ථාවර කර ගැනීම සඳහා ජනාධිපති ධුරයේ බලයත් භාවිත කරන්නේය කියා පමණකි. කිසිදු දිනක ජනාධිපති නොවූ රනිල් වික්‍රමසිංහ මහතා, ජනාධිපතිවරු තිදෙනෙකුට මුහුණ දෙමින්, වසර විසි හතරක් පුරා තම පක්ෂ නායකත්වය ආරක්ෂා කර ගැනීමට සමත් වීමෙන් පෙනී යන්නේ එම විවේචනයද එතරම්ම ශක්තිමත් එකක් නොවන බවයි.

    ජනාධිපතිධුරය කෙතරම් දුර්වල, බල විරහිත එකක්ද යන්න තේරුම් ගැනීමට නම්, ජනාධිපතිවරයාට පාර්ලිමේන්තු බලය අහිමි විය යුතුය. චන්ද්‍රිකා කුමාරතුංග ජනාධිපතිවරියට 2001 වර්ෂය අගදී එය සිදුවිය. රනිල් වික්‍රමසිංහ මහතාගේ එක්සත් ජාතික පක්ෂය මහමැතිවරණය ජය ගැනීම නිසා ඔහුට පාර්ලිමේන්තුවේ බහුතර බලය හිමි විය. එසේ පාර්ලිමේන්තු බලය අහිමි වීම නිසා චන්ද්‍රිකාට මුහුණ දෙන්නට සිදුවූ සෝචනීය තත්ත්වය තේරුම් ගැනීමට හොඳම සාක්ෂිය වන්නේ එස්. බී. දිසානායක මහතාගේ ඇමති ධුරය පිළිබඳ ප්‍රශ්නයයි. ඒ වනවිට චන්ද්‍රිකා සහ එස්. බී. අතර ඉතාමත්ම වෛරසහගත තත්වයක් ඇති වී තිබුණි. එස්. බී. ට තමන්ගේ ප්‍රියතම වූ සමෘද්ධි ඇමතිකම අවශ්‍ය වූ අතර, චන්ද්‍රිකා එය කිසිසේත්ම ඔහුට නොදෙන ස්ථාවරයක සිටියාය. නමුත් අවසානයේ සිදු වූයේ අසීමිත බලයක් ඇතැයි කියන 'විධායක' ජනාධිපතිනියට, තමන්ගේ පරම වෛරක්කාරයා වූ එස්. බී. ට ඔහු කැමති ඇමති ධුරය පිරිනමන්නටයි. චන්ද්‍රිකා අප්පිරියාවෙන් සහ කෝපයෙන් ඉවත බලාගෙන සිටියදී එස්. බී. ඇය ඉදිරියේ ජයග්‍රාහීව දිවුරුම් දෙන ඡායාරූපය ඔය කියන විධායක ජනාධිපතිට පාර්ලිමේන්තු බලය අහිමි වූ විට කෙතරම් අසරණ වන්නට සිදු වන්නේද යන්නට කදිම ශාක්ෂියකි.
    වත්මන් ජනාධිපතිවරයා දුර්වලව සිටින්නේ ඔහු ගැමි පසුබිමකින් පැමිණි, ඉංග්‍රීසි බැරි, හිටපු ග්‍රාම නිලධාරියෙකු වීම නිසා යැයි සමහරු අපහාසාත්මකව තර්ක කරති. එය එසේනම් ඔවුන් රදළ, ඉංග්‍රීසි බසෙහි චතුර, දෙමව්පියන් දෙදෙනාම අගමැතිවරුන් වූ චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග, මෛත්‍රීපාල සිරිසේනට සමාන සමාජ පසුබිමකින් පැමිණි, එස්. බී. ඉදිරියේ දන නැවීම ගැන කියන්නේ කුමක්ද? මේ ඇත්තේ පුද්ගල පෞර්ෂයේ ප්‍රශ්නයක් නොව, මේ ධුරයේ ස්වභාවය පිළිබඳ ප්‍රශ්නයකි. මෛත්‍රීපාල වෙනුවට ජේ. ආර්., ප්‍රේමදාස හෝ මහින්ද රාජපක්ෂ නොව ගෝඨාභය නැතිනම් හිට්ලර් හිටියත් ඔයිට වඩා දෙයක් කරන්නට නොහැකිය. මේ ධුරයට නිසඟ බලයක් නැත. ඔය ධුරය අහෝසි කිරීමෙන් අමුතු ප්‍රජාතන්ත්‍රවාදයක් ඇති වෙන්නේ නැති බව අප කියන්නේ එනිසාය.

    ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යන අංශයේ ජේෂ්ඨ කථිකාචාර්ය
    අනුරුද්ධ ප්‍රදීප් කර්ණසූරිය
    (අනිද්දා පුවත්පතට ලියන ලද්දකි)
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,898
    40,676
    113
    පක්ෂයේ බලයත් පාලනයට බලපාන එක ඇත්ත. ඒත් මෛත්‍රීපාල ගොඩක් සොෆ්ට් කෙනෙක්. මොන බලය තිබ්බත් ඒ මනුස්සයගෙ ස්වභාවික ගතිය නැති වෙන්නෙ නෑ. සොෆ්ට් වැඩි නිසා සමහර වෙලාවට රටේ දේවල් පාලනයක් නැතුව යනවා. සමහර වෙලාවට ඒ සොෆ්ට් ගතිය නිසා බොහොම ප්‍රජාතන්ත්‍රවාදීව වැඩ කරනවා. හැබැයි දැන් නම් කරන වැඩ වලින් 90% කටත් වඩා පිස්සු කෙලින එක තමයි කරන්නෙ. 2015දි ආපු මෛත්‍රී නෙවෙයි දැන් ඉන්නෙ. දැන් ඉන්නෙ වෙඩිකාපු ඌරෙක් වගේ මරු විකල්ලෙන් ඉන්න කෙනෙක්. ඔය පුටුවෙ වාඩි උනාම හැමෝටම වෙන දෙයක් වෙන්න ඇති. ඉස්සර මහින්දත් හොඳ මනුස්සයා.
     

    PMMM

    Member
    Jul 5, 2018
    313
    41
    0
    හැබැයි ඔහුට ස්වභාවයෙන්ම ඇත්තේද මෘදු ගතියක් බවත් පිලිගන්ට ඕනෑ..
     
    Last edited:

    rm1980

    Well-known member
  • Aug 15, 2012
    6,853
    700
    113
    පොරට ඇමතිකම් වගේ ජනාධිපති තනතුර ඔරොත්තු දෙන්නේ නැහැ
     

    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,067
    3,897
    113
    කොහොම හරි පඹයා ගොඩ දාන්න බලන තවත් එකෙක්.

    මේක ලියපු එකාගෙන් ඉගෙන ගන්න උන්ට අබ සරණයි.
     

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    avatar413392_2.gif
     

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,461
    25,731
    113
    කිසිම තීරණ තීන්දු නොගන්නා මොහු ball passing මගින් ඔක්කෝම කරගැනීමට සිතයි.
     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    කොහොම හරි පඹයා ගොඩ දාන්න බලන තවත් එකෙක්.

    මේක ලියපු එකාගෙන් ඉගෙන ගන්න උන්ට අබ සරණයි.

    My thoughts exactly :lol:
     

    Similar threads