මෛත්‍රීපාල සිරිසේන‍: කැතයි! තුච්ඡයි!! නීචය&#35

pmmali

Well-known member
  • Jul 22, 2008
    1,015
    312
    83
    මෛත්‍රීපාල සිරිසේන‍: කැතයි! තුච්ඡයි!! නීචය&#35

    මෑත කාලීන ශ්‍රී ලංකා ඉතිහාසයේ දැවන්තතම කැතම කැත දේශපාලන පාවාදීම දැන් සිදුවී හමාරය. මහින්ද රාජපක්ෂ පාලනයේ භීෂණය සහ දූෂණය නැති කිරීමට මෙරට මහා ජනතාවගෙන් ජනවරමක් ලබා ගත් සිරිසේන දැන් එම ජනවරම සහමුලින්ම පාවා දී තමා විසින්ම මෑත කාලීන ශ්‍රී ලංකාවේ භයානකම පාලකයා ලෙස හඳුන්වන ලද රාජපක්ෂ සමඟ දැන් යහන් ගත වී හමාරය. වඩාම තුච්ච සහගත වන්නේ ඔහු විසින් මෙම පාවාදීම සිදු කරන ලද ආකාරය යි. එනම් සිය මිතුරු බලවේග ලෙස සළකනු ලැබූ සියලු පාර්ශවයන් බොරු සහ වංචා මගින් මුලා කරමින් බොරු බේගල් දෙසා බාමින් ඉතාමත් නීව ලෙස රාජපක්ෂ සමඟ දේශපාලන යහන්ගත වීම ය.

    සිරිසේනගේ වචනයෙන්ම සිරිසේන දැන් සිය පාර්ලිමේන්තු මැතිවරණයේ නායකත්වය බාර දී ඇත්තේ මෙරට පහල වූ නින්දිතම සහ දුෂ්ඨතම දේශපාලනඥයා වූ රාජපක්ෂට ය‍.

    එය කැත ය. තුච්ඡ ය. නීච ය.

    ඔහු යහන් ගත වී ඇත්තේ රාජපක්ෂ සමඟ පමණක් නොවේ. තමා විසින්ම හොරුන්, වංචාකාරයින්, දූෂිතයින්, මිනීමරුවන් ලෙස හඳුන්වන ලද පාපතර දේශපාලනඥයින් රැළක් ද සමඟ ය. මේ වනාහී එකිනෙකා සමඟ හැමකෙක්ම උන්මාදයෙන් ලිංගිකව නිදිවදින සාමූහික වියරු සහ අශිෂ්ඨ රංගනයක් වැන්න. එම තුච්ච රංගනයෙහි ලා කවරකු කවරකු සමඟ වියරුවෙන් නිදි වැදිය යුතු දැයි අණ දෙන්නා බවට සය මසකට පෙර මෙරට ප්‍රජාතන්ත්‍ර අපේක්ෂාවන්හි ද්වජ ධාරියා වූ මෛත්‍රීපාල සිරිසේන පත්වීම, අහෝ කොතරම් බේදයක් ද?

    කැත ය. තුච්ඡ ය. නීච ය.

    මේ මිනිසා ජනාධිපති බවට පත් කරන ලද්දේ මෙරට අනෙක් ප්‍රධාන දේශපාලන පක්ෂය වූ එක්සත් ජාතික පක්ෂයේ පනස් ලක්ෂය ඉක්මවූ ඡන්ද දායකයින්, පන් ලක්ෂය ඉක්මවූ දෙමළ ජාතික සන්ධානයේ ඡන්ද දායකයින්, එවැනිම වූ මුස්ලිම් ඡන්ද දායකයින්, ලක්ෂ ගණනාවක් වූ සහ ජනතා විමුක්ති පෙරමුණේ ඡන්ද දායකයින් විසිනි. දැන් ලැජ්ජා සහගත ලෙස මේ සිරිසේන නම් මිනිසා විසින් පවා දී ඇත්තේ එම සියලු දේශපාලන පක්ෂයන් විසින් තමාට ලබා දෙන ලද සහාය යි. ඔහු දැන් කටයුතු කරන්නේ තමා ජනාධිපතිවූයේ මහඹබුගේ මුඛයෙන් උද්පාද වීමෙනැයි සිතාගෙන වත් ද?

    සිරිසේන විසින් කරන ලද මෙම දේශපාලන පාවාදීම විළිලැජ්ජාවක් ඇති මිනිසෙකුට කළ නොහැකි එකකි. ඇත්ත වශයෙන්ම නම් මේ සා පාවාදීමකට වඩා සිය දිවි නසා ගත්තේ නම්, එය සිරිසේනටත් රටටත් යහපතක් වීමට ඉඩ තිබුණු බව, සිරිසේන අප ඔබට කියා සිටිය යුතු ය.

    තමා ජනාධිපතිවරණයෙන් පරාජය වූයේ නම් රාජපක්ෂ විසින් අඩි හයක් යට තමන් වළදමන්නට ඉඩ තිබුණැයි අපට කී, රාජපක්ෂ අගමැති වුවහොත් ඔහුට ජනාධිපතිවීමට ඇත්තේ එක් පතුරමක දුරක් පමණක් යැයි රටට කී සිරිසේන දැන් එම රාජපක්ෂ සමඟ එක්වී ප්‍රජාතන්ත්‍රවාදී ජනතා අපේක්ෂාවන් මත පහරමින් සිටින්නේ මේ ආත්මයේ දී ම බලු වූ සෙයකිනි. -රාජ්‍ය දේපල සොරකම් කරන්නවුන් ඊළඟ ආත්මයේ දී බල්ලන් සහ කපුටන් ලෙස උපදින්නේ යැයි සිරිසේන කීයේ පසුගිය 07දා ය.- සිරිසේන බලු වීමට ඊළඟ ආත්මය වන තෙක් නොසිටීමට තරම් පව්කාර වී තිබේ.

    සිරිසේන නම් මෙම වංචාකාරී කපටි දේශපාලකයා විසින් අද වන විට පාවා නොදී ඇති කෙනෙකු නැති තරම් ය. සිරිසේනගේ පාවාදීමේ අභ්‍යාගයක මහත කොතෙක් ද යත් ඔහු සමඟ එක්ව දිවි පරදුවට තබා රාජපක්ෂ අධිපත්‍යට අභියෝග කළ රාජිත සේනාරත්න, දුමින්ද දිසානායක, එම්. කේ.ඩී. එස්. ගුණවර්ධන වැනි පිරිස් අද අල්ලපු අත්තත් නැති පය ගහපු අත්තත් නැති දේශපාලන අනාථයින් බවට පත්ව සිටිති. තමා සමඟ එක්ව සටන් කළ සගයින් අනාථ කරනු ලබන දේශපාලකයෙකුට නීචයකු හැර කිව හැකි අන් විශේෂණයක් වෙත් ද?

    සිරිසේන බලයට පත් වූයේ ශ්‍රී ලංකාව දූෂණයෙන් සහ භීෂණයෙන් තොර දේශයක් බවට පත් කිරීමේ පොදු මහජනතාවගේ අපේක්ෂාව නිසා ය. ඔහු එම අපේක්ෂාවේ සංකේතය බවට පත්විය. දැන් ඔහු විසින් පා පහර දී ඇත්තේ එකී පොදු ජන අපේක්ෂාවටයි.

    සිරිසේන - රාජපක්ෂ සැලැස්ම වනු ඇත්තේ දැනටමත් දිනා ගෙන ඇති සියලු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් ආපස්සට හරවා යළි රාජපක්ෂ අඥාදායකත්වය මෙරට පිහිටුවීම යි.

    සිරිසේන දැන් දේශපාලන වංචාකාරයෙක් පමණක් නොව අන්තර් ජාතික බොරුකාරයකු ද බවට පත් ව සිටී. ඔහු විසින් යුද සමයෙහි මානව හිමිකම් කෙළෙසීම් සම්බන්ධයෙන් අන්තර් ජාතික ප්‍රමිතීන්ට යටත්ව පිළිගත හැකි දේශීය යාන්ත්‍රණයක් පිහිටුවන බවට දෙන ලද පොරොන්දුව දැන් හිස් ය. එකී මානව හිමිකම් කෙළෙසීම්හි මුලික චූදිතයින් වන රාජපක්ෂවරු සමඟ නිදිවදින සිරිසේන කෙසේ එම පොරොන්දුව දැන් ඉටු කරන්න ද? පසුගිය මාර්තු මාසයෙහි ජිනීවාහි මානව හිමිකම් කොමිසම ඉදිරියෙහි ශ්‍රී ලංකාන්ඩුව දුන් පොරොන්දු කිසිවක් ඉටු කිරීමට ජනාධිපති සිරිසේනට දැන් නොහැකි ය. මෙරට දෙමළ ජනයාට සාධාරණය ඉටු කිරීමට කිසිදු සිංහල නායකයකු සමත් නොවන බවට දේශීය සහ අන්තර් ජාතික දෙමළ ප්‍රජාව විසින් ගෙනෙන ලද තර්ක සිරිසේන- රාජපක්ෂ සමඟ යහන්ගතවීම මගින් දැන් සනාථ කර තිබේ.

    අන්තර් ජාතික තලයෙහි රනිල් වික්‍රමසිංහ ආන්ඩුව විසින් දිනා ගන්නා ලද මහඟු ජයග්‍රහණයන් නොපිට පෙරළීම ජනාධිපති සිරිසේනගේ මෙම පාවාදීමෙහි තවත් දරුණු විපාකයක් විය හැකි ය.

    ජනාධිපති සිරිසේන ශ්‍රී ලංකාව යළි බිහිසුණු අගාධයකට ගෙන යාහැකි දේශපාලනයකට පාර කපා තිබේ. මෙරට දෙමළ සහ මුස්ලිම් ජනයා තමා කෙරෙහි තැබූ විශ්වාසය අලුයම ලූ කෙළ පිඩක් සේ තූ තූ කර දැමූ සිරිසේන ශ්‍රී ලංකාව යළි වාර්ගික අවිශ්වාසයේ එලිපත්ත මතට ගෙනැවිත් තිබේ.

    මෙරට අබිමුව ඇති සමස්ත අගාධයෙන් අපට ගොඩ යා හැක්කේ සිරිසේන මෙන්ම රාජපක්ෂවරුන්ද ප්‍රතික්ෂේප කැරෙන මහා මැතිවරණ ප්‍රතිඵලයක් මගිනි. ඒ සඳහා ගොනු කළ හැකි සියලු බලවේග එක් කර ගැනීමත් සියලු ශක්තීන් එක මිටකට ගැනීමත් අද දවසේ අභියෝගය යි.

    සිරිසේන ඉතිහාසීය වශයෙන් කැතයෙක්, තුච්චයෙක් සහ නීවයෙක් බවට පත් වීම දැන් සහතිකය. දැන් අප හමුවේ ඇත්තේ එම ක්‍රියාදාමය වේගවත් කොට අයිතීන් දිනා ගැනීමේ අරගලය පෙරට ගැනීමයි.


    සුනන්දගේ සටහන
     

    HinoPower

    Member
    Jul 10, 2015
    56
    3
    0
    තාම මොකක් වෙනවද කියලා හරියටම අදහසක් කියන්න බෑ. මොකද ගිය අවුරුද්දේ නොවැම්බර් 21 ට කලින් තත්වේ කොහොමද. මම කියන්නේ මයිත්‍රී පොදු අපේක්ෂකයා කියලා ඉල්ලන්න එන්න කලින්. රනිල් එනවා කිව්වා, සෝභිත හාමුදුරුවෝ එනවා කිව්වා,ශිරාණි බණ්ඩාරනායක එනවා කිව්වා. කවුරුත් හිතුවේ නෑනේ මයිත්‍රී එයි කියලා.

    අනික ඒ දවස් වල කිව්වේ මංගල සමරවීර මහින්දට එකතුවෙන්න යනවා කියලා.

    පස්සේ බලද්දී ඒ ඔක්කොම එකතුවෙලා ගේමක් නේ ගහලා තියෙන්නේ. මෙතනත් මොකක් හරි සීන් එකක් යනවා වෙන්න ඕනි. මයිත්‍රී මොකුත් නොකියා කටවහගෙන ඉන්නේ ඒ නිසයි. රනිලුත් එහෙමයි.

    බලමු මොකද වෙන්නේ කියලා. නාම යෝජනා භාර දුන්නම පස්සේ.
     

    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    thread_is_worthless.jpg~320x480
     

    Green Brigade

    Banned
    Jul 19, 2015
    132
    32
    0
    මැදමූලන වල් බල්ලයි උගෙ බලු හැතිකරෙයි ඉවරායි

    ජය වේවා අපේ මෛත්‍රී ජනපතිතුමනි. ඔබට චිරං ජයතු!!!

    හෙණ ගහපන් මහින්ද සක්කිලි වල් බල්ලට