මෛත්‍රීපාල හිටං

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ලංකාවේ සිටි ජනාධිපතිවරුන් අතර මෛත්‍රීපාල සුවිශේෂ තැනක් ගන්නෙකි. ඒ, තම පාලන කාලය තුළ ඔහු තරම් ආතල් දුන් වෙනත් ජනාධිපති කෙනෙකු නැති නිසාය.

    අපේ රටේ රාජ්‍ය නායකයිනට විවිධ නම් පට බැදී ඇත.

    ඩී.එස්. ජාතියේ පියාය.
    ඩඩ්ලි බත් දුන් පියාය.
    ජේ.ආර්. ඇට දුන් පියාය.
    සියල්ලම පිනට ලද බැවින් ඩී.බී. පිං පියාය.
    මෛත්‍රීපාල විතරක් නිකංම නිකං ආප්පයාය.

    මේ රටේ ග්‍රාම සේවක රාළහාමිලාගේ පරමාදර්ශය මෛත්‍රීය. ඒ, වැරදීමකින් හෝ ග්‍රාම සේවකයෙකු රටේ ජනාධිපති පදවියට පත්වීම නිසාය.

    මෛත්‍රී අවුරුදු 4 ක් ජනාධිපතිකම කළ ආකාරය දුටු විට ඔහු ග්‍රාම සේවකකම කොහොම කළාදැයි සිතාගත හැකිය.

    කෙසේ වෙතත් රනිල් හා ජයම්පති වික්‍රමරත්න එක්ව 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ජනාධිපති මෛත්‍රීගේ ධුර කාලය වසරකින් අඩු කිරීම පිළිබඳව අප ස්තුතිවන්ත විය යුතුය. මේ රටට සතර වරම් දෙවිවරුන්ගේ ඇල්ම බැල්ම තාමත් තියෙන බවට හොදම උදාහරණයකි එය.

    මක් නිසාද යත් මෛත්‍රී තව අවුරුද්දක් හිටියා නම් මුළු ලංකාවම මුල්ලේරියාවක් විය හැකිව තිබුණු බැවිනි.

    මෛත්‍රීගේ පාලන කාලය තුළ ඔහු බම්බලපිටිය ඩී.එස්.අයි. සාප්පුවෙන් සෙරෙප්පු කුට්ටමක් ගන්න ගිය සිද්ධිය වැනි සිද්ධි හැරෙන්නට වෙනත් රටට වැදගත් සිද්ධියක් වූයේ නැති තරම්ය.

    2019 ජනවාරි 08 වැනිදා මෛත්‍රී හා විශ්වවිද්‍යාලයීය ආචාර්ය මහාචාර්යවරුන් අතර හමුවක් ජනාධිපති නිල නිවසේ පැවැත්විණි. එහිදී ඔහු කියූ දෑ ඇසූ විට එම මහාචාර්යවරුන්ටද දෙයියෝ බුදුන් සිහිවන්නට ඇත.

    එම කතාවේ සමස්තය ගත් විට ඔහු පැවසුවේ මෙපමණකි.

    'මම දන්නේ නෑ... මට කිව්වේ නෑ... මං දැක්කේ පත්තරෙන්...'
    '..මම දන්නෙවත් නෑ ජයම්පති වික්‍රමරත්න උසාවියට ලියුමක් දීලා විධායක ජනාධිපති ධුරයේ බලතල අඩු කරනවට මං කැමතියි කියලා..'

    මේ මෛත්‍රී එදා කතා කළ හැටිය.

    මෛත්‍රී දුන් භෝජන සංග්‍රහයද භුක්ති විඳ එළියට පැමිණි ආචාර්ය මහාචාර්යවරුන් ටික ඔළුවේ අත ගසා ගත්තේ 'යකෝ, මේ රටේ ජනාධිපතිද මේ' කියමිනි.

    මෛත්‍රීව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් කරන්නට වැඩියෙන්ම වැඩ කළේ මහින්ද ය.

    නුගේගොඩ පිහිටි නිවසේදී බැසිල්, මහජන බැංකුවේ හිටපු සභාපතිවරයකු වූ අභාවප්‍රාප්ත ඩබ්ලිව්. කරුණාජීව සමග පැවසුවේ පක්ෂයේ මහ ලේකම් වීමට වඩා සුදුස්සා මෛත්‍රී බවයි.

    මෛත්‍රී ආප්පයක්ද කා රනිල් හා එක් වන්නේ මේ සියලු ඉතිහාසය අමතක කරමිනි.

    නම මෛත්‍රී වුවත්, මෛත්‍රී පාලනයක් ගෙන යන බව පැවසුවත් රාජපක්ෂවරුන් අරභයා කතා කරද්දී මෛත්‍රීගේ කටේ මෛත්‍රීය තිබුනේම නැත.

    රනිල් හම්බන්තොට වරාය චීනුන්ට විකුණුවේ එම මුදල්වලින් වරාය හදන්නට ගත් සියලු ණය පියවන බව පවසමිනි. අදටත් ඒ ණය ගෙවන්නේ වරාය අධිකාරිය උපයන මුදලිනි. මෛත්‍රී මේ ගැන කිසිත් නොකළේ තමාට බලය ලබා දුන් එකේ කෙළෙහිගුණ පියවන්නට විය යුතුය.

    අඩුම තරමේ මත්තල ගුවන් තොටුපලේ වී වනන විටත් මේ පොළොවෙන් මතු වූ ගොවි පුතා කටක් ඇරියේ නැත.

    මහ බැංකුව සිද්ධියේදී වූයේ අශ්වයා පැනයන තෙක් බලා හිඳ ඉස්තාලය වසා දැමීම වැනි වැඩකි.

    රනිල්ට කලින් ප්‍රශ්න ලබා දී රහස්‍ය ලෙස කට උත්තර ලබා දීමට ඉඩ දීමෙන් සිදු වූයේ කොමිසමේ කලිසම ගැල වී යාම පමණක්මය.

    මෛත්‍රීගේ කාලය ගැන කියන්නට ඉතිරිව ඇත්තේ පාස්කු ප්‍රහාරය, මීතොටමුල්ල කුණු කන්ද, මහ බැංකුව මංකොල්ලකෑම, ෆොක්ස්වැගන් වැනි කාරණයන්ය.

    මෛත්‍රී තම පාලන කාලය තුල බෙර ගැසුවේය.
    කවි කිව්වේය.
    සිංදුත් කිව්වේය.

    ඔහු රටත් පාලනය කළාදැයි දන්නේ උඩ ඉන්නා දෙවියන්ම පමණකි.

    මෛත්‍රී ළග සිටි ශිරාල් වැඩ කළේ සජිත්ටය.
    මෛත්‍රී ළග සිටි තිසුරි වැඩ කළේ හර්ෂද සිල්වාටය.
    නිශාද් උපේන්ද්‍ර වැඩ කළේ ගෝඨාටය.
    අන්තිමට බලන විට මෛත්‍රී ළග මෛත්‍රීට වැඩ කරන්න එකෙක්වත් සිට නැත.

    මෛත්‍රී කවි කියන්නට ගොස් ලොකුම අපහාසය කළේ මේ රටේ බිහිවූ විශිෂ්ටතම ප්‍රවෘත්ති නිවේදකයා වූ අමරබන්දු රූපසිංහටය.

    මෛත්‍රී ගැන ලියපු පොත ජනාධිපති තාත්තාය. එහි උක්ත කර්තෘ චතුරිකා සිරිසේනය. ඇත්ත කර්තෘ නොදනී.

    චතුරිකා ලිව්වා නම් ඇය මේ පොත අවසන් කරන්නේ 'මෛත්‍රී, මෛත්‍රී බුදුන් දැක නිවන් දකීවා..!' කියායි. ඒ චතුරිකාගේ ඇඩ්වර්ටයිසිං බිස්නස් එක ගොඩ දාගන්නේ ජනාධිපති තාත්තා නිසාය.

    කෙසේ වෙතත් චතුරිකාගේ ජනාධිපති තාත්තාට වඩා ජනප්‍රිය වූයේ සෝෂල් මීඩියාවල ගිය ජනාධිපති තාත්තාය. එය කොච්චර නැගලා ගියාද කියනවා නම් දවසක් මහ රෑ උදය ගම්මන්පිල ජනාධිපති තාත්තා පොතක්ද රැගෙන මහින්ද හමුවට ගියේ උදයත් බොරු ජනාධිපති තාත්තාට අහු වූ බැවිනි.

    මෛත්‍රී ශ්‍රී ලංකා එක ඉවර කළේය.
    යූ.එන්.පී. එකත් ඉවර කළේය.
    රටත් ඉවර කළේය.

    විධායක ජනාධිපති වූ මෛත්‍රී දැන් නිකං මන්ත්‍රී කෙනෙක් වී සිටින්නේ කෙසේදැයි කෙනෙකුට ප්‍රශ්නයක් ඇති විය හැකිය.

    එය එතරම් ප්‍රශ්නයක් කරගත යුතු නැත. මොකද මෛත්‍රී ජනාධිපති කාලයේත් වැඩ කළේ නිකං මන්ත්‍රී කෙනෙක් වගේ බැවිනි.

    ආපස්සට හැරී බලන විට මෛත්‍රී යුගයෙන් කියා දැන් ඉතිරි වී ඇත්තේ 'හිටං' යන්න පමණි.

    ඇටමැස්සා
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,280
    29,998
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    117721543_3524654707586139_350651622647076538_n.jpg
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,338
    49,718
    113
    සේදවත්ත
    ඇමතිවරු 30 මදිද ලංකාවට ?

    රටට බොක්කෙන් ලවු එකෙක් බෙලෙක්කෙන් ඉන්න විදියර ඩුවල් සිටිසන් වෙන්නේ නැ

    නීතීපති පක්ශයකින් පත්වෙන ජනධිපති කෙනෙක් පත් කරන එක හරිද ?

    ජනාධිපති ඇමතිධූර දරණ එකට වඩා ඕනේම අමාත්‍යාංශයක , නිදේශ බලය මගින් තීරණ ගැනීම ඇති කිරීම හොද නැද්ද , එය පාර්ලිමේන්තුවට විවාද කිරීමට සැලැස්වීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය රැ
    කෙන් නැද්ද ?

    රටේ රාජ්‍ය ආයතන වල ඉහලම පත්වීම් සියලු පක්ශ සමාජිකයන්ගේ ස්වාධීන කොමිසමකින් පත් වීම වැරදිද ?

    ලංකාවේ විධායක හෝ අගමැති නැමති එක ක්‍රමයකට යා හැකි නොවේද , දූපතක් වර්ග කිලොමිටර් 65000 🤦.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ඇමතිවරු 30 මදිද ලංකාවට ?

    රටට බොක්කෙන් ලවු එකෙක් බෙලෙක්කෙන් ඉන්න විදියර ඩුවල් සිටිසන් වෙන්නේ නැ

    නීතීපති පක්ශයකින් පත්වෙන ජනධිපති කෙනෙක් පත් කරන එක හරිද ?

    ජනාධිපති ඇමතිධූර දරණ එකට වඩා ඕනේම අමාත්‍යාංශයක , නිදේශ බලය මගින් තීරණ ගැනීම ඇති කිරීම හොද නැද්ද , එය පාර්ලිමේන්තුවට විවාද කිරීමට සැලැස්වීමෙන් ප්‍රජාතන්ත්‍රවාදය රැ
    කෙන් නැද්ද ?

    රටේ රාජ්‍ය ආයතන වල ඉහලම පත්වීම් සියලු පක්ශ සමාජිකයන්ගේ ස්වාධීන කොමිසමකින් පත් වීම වැරදිද ?

    ලංකාවේ විධායක හෝ අගමැති නැමති එක ක්‍රමයකට යා හැකි නොවේද , දූපතක් වර්ග කිලොමිටර් 65000 🤦.


    mata kiyapan dan ai uba me tika methane ketuwe
     
    • Haha
    • Love
    Reactions: vito and nicjosh83

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    copy paste ban. dakkoth dannam.
    a unata sirage seen tharam athal ne kagewath.

    issarahata ape viruwa mona athal deida danne ne
     

    nicjosh83

    Well-known member
  • Oct 19, 2018
    30,635
    17,044
    113
    අපේ විරුවට මුකුත් කියලා තිබ්බොත් උම්බට dislike 100 ක් විතර දෙනවා.....
     
    • Like
    Reactions: ElaMalli

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    ai ban kiyanna be, thama patan gaththa witharai. dekkane parliament eke seen eka prabuwarayekge bag check karai kiyala police officers 3 k transfer karala.

    police karayantath ona nethi weda ahaka balan inne nethuwa bag check karanawa.
    Saharan wath kilo 40 ellan awanam santhose be mata
     

    naleen rox

    Well-known member
  • Jun 2, 2011
    3,339
    853
    113
    Ceylon
    ජනාධිපති තාත්තා ලිව්වේ ටිකිරි හේරත් කියලත් කතාවක් තියෙනවා
     

    John Dutton

    Well-known member
  • Feb 11, 2023
    2,231
    2,985
    113
    @SLK_sri රනිල්ට කඩේ ගිය කාලේ රනිල්ට ස්තුති කරලා දාපු thread එකක් 😂
     
    Last edited:

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    2774.jpg



    හොරු හිරේ දාන්න හදපු එකම ජනාධිපති හිටන් විතරයි. රනිල් එතකොටත් කකුලෙන් ඇද්දා හොරු බේරගන්න
     

    OnDaRock

    Well-known member
  • Feb 21, 2010
    944
    624
    93
    Milo eke sugar wediyi kiyala ledak edda, okkogema sugar quantity daanna kiwwa
    cigarette packet eke pinthure loku kara