මෛත්‍රී ගුණරත්නගේ පියා හර්මන් ගුණරත්න සැ

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,137
    5,947
    113
    canada
    මෛත්‍රී ගුණරත්නගේ පියා හර්මන් ගුණරත්න සැ

    එක්සත් ජාතික පක්ෂයේ මංගල සමරවීරගේ මෙහෙයවීමෙන් පැවති පෙළපාලියට වෙඩි තැබූ බව කියන පළාත් සභා මන්ත්‍රී මෛත්‍රී ගුණරත්නගේ පියා හර්මන් ගුණරත්න සැකපිට අත් අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
    හර්මන් ගුණරත්න මහතා, හිටපු අමාත්‍යවරයකු වු දිවංගත ගාමිණි දිසානායක මහතාගේ සම්බන්ධීකරන ලේකම්වරයකුය. ඉඩම් හිමි වැවිලිකරුවෙකි.
    ඔහු පහර කෑමට ලක්වී ලේ පෙරාගෙන සිටියදී අත් අඩංගුවට ගෙන ඇත. වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය සොයා ගෙන නැතැයි පොලීසිය කියයි.
    මේ සිද්ධියෙන් පසු මංගල සමරවීර මෙහෙය වු කණ්ඩායමේ පෙළපාලිය අතහැර දැමූ අතර මෛත්‍රී ගුණරත්න හා ශිරල් ලක්තිලක මෙහෙයවීමෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාසට හිතවත් කණ්ඩායම කොළඹ බලා පිටත් වීම ඇරඹීය.