එජාප පෙළපාලිකරුවෝ වෙඩි තබා ගනිති මන්ත‍්‍

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    එජාප පෙළපාලිකරුවෝ වෙඩි තබා ගනිති මන්ත‍්‍

    පෙළපාලිකරුවෝ වෙඩි තබා ගනිති… එජාප මන්ත‍්‍රී වෙඩි වැදී රෝහලේ

    wb8bhc.jpg


    එජාප නායකත්වයෙන් රනිල් වික‍්‍රමසිංහ මහතා ඉවත් කිරීම සඳහා අද ආරම්බ වූ පා ගමනේදී එල්ල වූ වෙඩි ප‍්‍රහාරයක් හේතුවෙන් තුවාල ලැබූ එම පක්‍ෂ දකුණු පළාත් සභා මන්තී‍්‍ර නිෂාන්ත පූෂ්පකුමාර මහතාට බරපතල තුවාල සිදු වී ඇති බව වාර්තා වේ.
    මෛතී‍්‍ර ගුණරත්න හා ශිරාල් ලක්තිලක යන පළාත් සභා මන්තී‍්‍රවරුන්ගේ මූලිකත්වයෙන් සංවිධාන කෙරුණු පාගමනට විරෝධය පාමින් සහ රනිල් වික‍්‍රමසිංහ මහතා පක්ෂ නායකත්වයේ තවදුරටත් රැදිය යුතු බවට යෝජනා කරමින් එජාප මන්ත‍්‍රී මංගල සමරවීර මහතාගේ මූලිකත්වයෙන් සංවිධානය කරන ලද විරෝධතා දෙක නිසා මෙම ගැටුම ඇති වී තිබේ.
    රනිල් වික‍්‍රමසිංහ මහතාට සහය පල කිරීම වෙනුවෙන් සංවිධාන කෙරුණු පාගමනේ ප‍්‍රධාන සංවිධායකයෙකු ලෙසද එක්සත් ජාතික පක්ෂයේ දකුණු පළාත් සභා මන්තී‍්‍ර නිෂාන්ත පූෂ්පකුමාර මහතා කටයුතු කලේය.
    මෙම වෙඩි තැබීම සිදු වී ඇත්තේ පාගමන් දෙකම මාතරට පැමිණිමෙන් අනතුරුවයි. වෙඩි තුවාල ලැබු මන්තී‍්‍රවරයා මේ වන විට කරාපිටිය රෝහල වෙත ඇතුල් කර ඇති අතර වෙඩි වැදීම නිසා තවත්පුද්ගලයන් තිදෙනෙකු තුවාල ලබා තිබේ.
    වෙඩි තැබීමට සැක පිට දකුණු පළාත් සභා මන්ත‍්‍රී මෛත‍්‍රී ගුණරත්න මහතාගේ පියා හර්මන් ගුණරත්න පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ගිනිඅවියක කොටසක් සහ උණ්ඩ කිහිපයක් ද සමගිනි.
    පොලීසිය මැදිහත් වී පෙලපාලි දෙකම නවත්වා තිබේ.
    :oo::P:lol:
     
    Last edited:

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    එක්සත් ජාතික පක්‍ෂ නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පන්නා දැමීමට සහ ඊට එරෙහිව අද මාතරින් ඇරඹි පා ගමන් දෙකේ දෙපිරිස අතර සිදු වූ ගටි බැට හුවමාරුවෙන් තුවාල ලැබූ කීප දෙනෙක් මාතර මූලික රෝහලට ඇතුළත් කර තිබේ.
    දකුණු පළාත් සභා හිටපු එජාප මන්ත්‍රි මෛත්‍රි ගුණරත්න මහතාගේ පුත්‍රයාද රෝහල් ගත කර ඇත්තේ ඔහුගේ හිසේ පිටුපසට පොලු පහරක් වැදීම හේතුවෙනි.
    පළාත් සභා මන්ත්‍රි ශිරාල් ලක්තිලක, දකුණු පළාත් සභා මන්ත්‍රි මෛත්‍රි ගුණරත්න ඇතුළු කණ්ඩායමක් රනිල් විරෝධි පෙළපාලිය සංවිධානය කරන අතර රනිල්ට පක්ෂ පෙළපාලිය මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි මංගල සමරවීර ඇතුළු පිරිසක් මෙහෙයවයි.
    :lol:
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,512
    3,758
    113
    wedak kaloth itin 7 pole gagena oya UNP set eka karanne.

    dan balapan natapu netumakuth ne. bere paluwakuth ne
     

    DasunDe

    Well-known member
  • Aug 25, 2013
    2,581
    677
    113
    මේ පාගමන නිසා මුලු රටේම අනාගතය වෙනස් වෙනව කියල සිරස කිව්ව.
    මැක්ස ප්‍රචාරයක් දුන්න මාසයක් විතර
    අද උදේ ඉදල පැය බාගෙන් බාගෙට රේඩීයෝ එකේ සිරස ටීවී එකෙයි මැරෙන්න හදනව..
    මම හිතුවෙ මෙත්‍රී ගුනරත්න මීලග ජනාදිපති කරවයි සිරස එකෙන්...
    සිරසේ අකමැතිකෙනෙක් ජනාදිපති වෙන්න දෙන එකක් නෑ වගේ :lol::lol:
     

    cala94

    Well-known member
  • Sep 1, 2013
    1,898
    165
    63
    Sri Lanka
    මේ පාගමන නිසා මුලු රටේම අනාගතය වෙනස් වෙනව කියල සිරස කිව්ව.
    මැක්ස ප්‍රචාරයක් දුන්න මාසයක් විතර
    අද උදේ ඉදල පැය බාගෙන් බාගෙට රේඩීයෝ එකේ සිරස ටීවී එකෙයි මැරෙන්න හදනව..
    මම හිතුවෙ මෙත්‍රී ගුනරත්න මීලග ජනාදිපති කරවයි සිරස එකෙන්...
    සිරසේ අකමැතිකෙනෙක් ජනාදිපති වෙන්න දෙන එකක් නෑ වගේ :lol::lol:

    :lol::lol: