මෛත්‍රී තවමත් පාවා දී නෑ...!

Al Baik

Well-known member
  • Jan 5, 2011
    15,221
    12,235
    113
    Ohio, USA
    මෛත්‍රී තවමත් පාවා දී නෑ...!

    මහින්ද රාජපක්ෂට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කිරීම සඳහා නාම යෝජනා දීමට එක්සත් ජනතා නිදහස් සන්ධානය කැමැත්ත පළ කරන ලදැයි කියා මහින්ද රාජපක්ෂ පාර්ශවය වෙත යැවූ ලිපියට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකයා ලෙස සහ සන්ධානයේ විශාලතම පක්ෂය වූ ශ්‍රීලනිපයේ නායකයා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා අත්සන් කර නැතැයි LEN වෙත වාර්තා වේ.

    තමන්ට එජනිසයෙන් නාම යෝජනා ලැබුනා යැයි කීවිට වහලුන්ට විශාල සන්තෝෂයක් ඇතිවිය යුතු නමුත් එවැන්නක් ඔවුන්ගෙන් පළ නොවුනේද මෙම අත්සනේ ප්‍රශ්නය නිසා බවත් “මෛත්‍රී කවදාකවත් අපට නාම යෝජනා නොදෙන අතර ඔහු අපව වට වන්දනාවේ යවනවා“ යයි මෙකී ලිපිය දුටු ගෝඨාභය පැවසු බවත් වාර්තා වේ.

    අද දහවල් එවැනි ලිපියක් සකසා ඊට අත්සන ලබා ගැනීම සඳහා එජනිස මහ ලේකම් සුසිල් ප්‍රෙම් ජයන්ත ඇතුළු පිරිසක් ජනාධිපති මෛත්‍රී හමුවූවද ජනාධිපති වරයා එම ලිපියට අත්සන් තබා නැත. මහ ලේකම් ලෙස සුසිල් ප්‍රෙම් ජයන්ත පමණක් ඊට අත්සන් යොදා ඇත. මහින්ද රාජපක්ෂ පාර්ශවයට ලබා දී ඇත්තේ එම ලිපියයි.

    ඉන්පසුව එක්සත් ජනතා නිදහස් සන්ධානය නමින් සුසිල් ප්‍රෙම් ජයන්තගේ නමින් නිකුත් කරන ලද නිවේදනයටද ජනාධිපතිවරයාගේ කිසිදු සම්බන්ධයක් නැතැයිද එය ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිකුත් කරවා ගැනීමට සුසිල් ප්‍රේම් ජයන්ත කරන ලද උත්සාහයට ජනාධිපතිවරයා විරුද්ධ වී ඇතැයිද වාර්තා වේ.

    සුසිල් ප්‍රෙම් ජයන්ත මහින්ද රාජපක්ෂගේ වහලෙක් වී ඇති බව LEN මීට පෙර ද වාර්තා කර තිබිණ. සුසිල් ප්‍රේම් ජයන්ත ඛනිජ තෙල් ඇමැතිව සිටියදී වතුර සහිත බාල පෙට්‍රල් ගෙන්වා ගහන ලද ගැහිල්ලක වීඩියෝ සාක්කියක් මහින්ද රාජපක්ෂ සතුව ඇති අතර එය ප්‍රසිද්ධ කරන බවට කරන ලද තර්ජනයෙන් පසුව සුසිල් ප්‍රේම් ජයන්ත රාජපක්ෂගේ සදාකාලික වහලෙක් බවට පත්විය. ඒ අනුව එජනිස ලේකම් ධූරයද රාජපක්ෂලාගේ වහලෙක් වී තිබේ.

    ඒ අනුව එක්සත් ජනතා නිදහස් සන්ධානය මහින්ද රාජපක්ෂට නාම යෝජනා දෙනවා නම් මෛත්‍රීපාල සිරිසේන මහතා නායකත්වය දරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂය එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් ඉවත්වීමට තීරණය කරනු ඇතැයිද දැන ගන්නට තිබේ.

    විමල් වීරවංශලා දිනේෂ් ගුණවර්ධනලා වැනි ජාතිවාදී කුණු ගඳ ගහන කඳ පණුවන් විසින් ඇතුලතින් හප කර ඇති එජනිසය රාජපක්ෂලා වැනි හොරුන්ටම සින්න වන්නට දී එය අත්හැර පිරිසිදු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස ඉදිරි මැතිවරණයට ඉදිරිපත් වීමට මෛත්‍රීපාල සිරිසේන මහතා තමා සමග සිටින පිරිසිදු ශ්‍රී ලංකා නිදහස් පක්ෂ දේශපාලනඥයන් සමග සාකච්ඡා කරමින් සිටී.

    කෙසේ වෙතත් ජනවාරි 8 වෙනිදා තමාට ඡන්දය දුන් 62 ලක්ෂයක් ජනතා බලාපොරොත්තු කිසි සේත්ම පාවා නොදීමට මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි ද ඒ අනුව ඔහු තවමත් පාවාදීමක් කර නැතැයිද මෛත්‍රී ශ්‍රීලනිපයෙන් එළියට පැමිණ පැවැත්වූ ප්‍රථම මාධ්‍ය හමුවට සහභාගී වූ ශ්‍රී ලංකාවේ නම රැන්දූ පිරිසිදු දේශපාලනඥයෙක් LEN වෙත පැවසීය.

    LEN
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,221
    12,235
    113
    Ohio, USA
    මහින්දට එජනිසයෙන් නාම යෝජනා දෙන බවට නිකුත් කර ඇති නිවේදනය ජනාධිපති ප්‍රතික්ෂේප කරයි : මාදුලුවාවේ සෝභිත හිමියන් අමතා කියලා

    පරාජිත මහින්ද රාජපක්ෂට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කිරීම සදහා නාම යෝජනා ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි පවසමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ යැයි සැක කෙරන ලිපි ශීර්ෂයකින් සුසිල් ප්‍රේම් ජයන්ත් මහතාගේ අත්සන යැයි කියන සැක කටයුතු අත්සනකින් නිකුත් කර ඇති නිවේදනයේ ඇති කරුණු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

    ඔහු මෙම ප්‍රතික්ෂේප කිරීම කර ඇත්තේ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ නායක මාදුළුවාවේ සෝභිත හිමියන් අද සවස ඇමතූ අවස්ථාවේදී ය. සෝභිත හිමියන් ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාවක් ඉල්ලා තිබී ඇති අතර එම අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අද සවස මාදුළුවාවේ සෝභිත හිමියන් අමතා තිබේ. ඒ වන විට ඉහත කී සැක කටයුතු නිවේදනය මාධ්‍ය හරහා ප්‍රචාරය වී තිබීමෙන් කලකිරීමට පත්ව සිටි සෝභිත හිමියන් “දැන් ඉතින් ඔබ තුමා හමුවීමට මට අවශ්‍යතාවයක් නෑ, ඔබ තුමා නොකරන්න ඕනෑ දේ කරලානේ තියෙන්නේ “ යි පවසා හමුවීම ප්‍රතික්ෂේප කර තිබේ. එවිට ජනාධිපති වරයා සෝභිත හිමියන්ට පිලිතුරු දෙමින් කියා ඇත්තේ එම නිවේදනයේ සඳහන් කරුණු කාරණා වලට තමන්ගේ සම්බන්ධයක් නැති බවත් එය ඇත්තටම සුසිල්ගේ වැඩක්දැයි තමන් සොයන බවත් ය.

    එජනිසය නමින් නිකුත් කරන ලද නිවේදනයට පෙර දා එනම් ඊයේ(02) එජනිස පක්ෂ නායකයන් සමග සාකච්ඡාවේදී මෛත්‍රීපාල ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂට නාමයෝජනා ලබා නොදෙන බව ස්ථිරවම පැවසූ අතර අද උදෑසන වාසුදේව නානායක්කාර මාධ්‍යයට ප්‍රකාශ කර තිබුනේ ද මහින්ද රාජපක්ෂට නාම යෝජනා නොලැබෙන බව ඊයේ සාකච්ඡාවේදී තහවුරු වූ බවයි.

    නමුත් අද උදෑසන එජනිස ලේකම් සුසිල් ප්‍රෙම් ජයන්ත දිනේ්ෂ් ගුණවර්ධන සහ විමල් වීරවංශ හමුවක් සිදුව තිබිණ. ඉන් පසුව මෙකී සැක කටයුතු නිවේදනය මාධ්‍ය වෙත නිකුත් කරන ලද අතර මහින්ද රාජපක්ෂ පාර්ශවය විසින් අද සංවිධානය කරන ලද මාධ්‍ය සාකච්ඡාවේදී දිනේෂ් ගුණවර්ධන විසින් මෙකී මාධ්‍ය නිවේදනය කියැවූවා පමණි. ඉන්පසුව මාධ්‍ය හමුව කල් දැමිණ. සුසිල් ප්‍රෙම් ජයන්ත මහතා මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් මෙතෙක් කර නැත.

    මේ අතර මෙම මාධ්‍ය නිවේදනය සම්පූර්ණ අසත්‍යයක් නම් ජනාධිපති මාධ්‍ය අංශයට එය නිල වශයෙන් ප්‍රතික්ෂේප කිරීමට මේ වන විට ඕනෑ තරම් කාලය තිබූ නමුත් එවැන්නක් සිදුකර ද නැත.
    LEN මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගෙන් සහ ජනාධිපති මාධ්‍ය ලේකම් වරුන්ගෙන් විමසූ විට ඔවුන් දුරකථන ඇමැතුම් මග හරිති. ජනාධිපතිවරයාගේ පුද්ගලික දුරකථන අංකය ඇමතූවද එය ක්‍රියා විරහිත කර තිබේ. ජනාධිපතිවරයාට සමීප පුද්ගලයන් බොහෝ දෙනෙකු ද තම දුරකථන අංක ක්‍රියා විරහිත කර තිබේ.

    අද රාත්‍රී හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ උපන් දිනය වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වෙන අතර ජනාධිපතිවරයා ඊට සහභාගී වීමට නියමිත ය. එහිදී ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරක් දෙනු ඇත.

    එක්සත් ජනතා නිදහස් සන්ධානය මාධ්‍යයට නිකුත් කරන ලදැයි දිනේෂ් ගුණවර්ධන විසින් වහලුන්ගේ මාධ්‍ය හමුවේදී කියැවූ සැක කටයුතු මාධ්‍ය නිවේදනය මෙහි දැක්වේ. එහි යම් යම් දේ මකා ඇති අයුරු සහ කපා ඇලවූ කොටස් පැහැදිලිව දැක ගත හැක. මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණයේදී මෛත්‍රී සහ රනිල් අත්සන් කළා යැයි ව්‍යාජ ලියැවිල්ලක් මාධ්‍යයට ඉදිරිපත් කළ අතර එය ව්‍යාජ ලියැවිල්ලක් බව රජයේ රස පරීක්ෂක වරයාද තහවුරු කෙළේය. තිස්ස අත්තනායක ඒ සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරයේද පසුවිය.
     
    SLCRI

    Well-known member
  • Feb 28, 2011
    8,076
    1,060
    113
    හා හා ..... බයියෝ කලබල වේවි
    විශ්වාසය කඩ නොකරන මිනිසා MY3 ....
    ජය වේවා....!!!

    :yes::yes::yes:

    You must spread some Reputation around before giving it to Al Baik again.

    11.gif
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,221
    12,235
    113
    Ohio, USA
    හා හා ..... බයියෝ කලබල වේවි
    විශ්වාසය කඩ නොකරන මිනිසා MY3 ....
    ජය වේවා....!!!

    :yes::yes::yes:

    You must spread some Reputation around before giving it to Al Baik again.

    11.gif

    Elakiri Machan :yes::yes:
     
    Rasika212

    Well-known member
  • Jun 18, 2010
    3,967
    3,291
    113
    මහින්දට එජනිසයෙන් නාම යෝජනා දෙන බවට නිකුත් කර ඇති නිවේදනය ජනාධිපති ප්‍රතික්ෂේප කරයි : මාදුලුවාවේ සෝභිත හිමියන් අමතා කියලා

    පරාජිත මහින්ද රාජපක්ෂට එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් තරඟ කිරීම සදහා නාම යෝජනා ලබා දීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා තීරණය කර ඇතැයි පවසමින් එක්සත් ජනතා නිදහස් සන්ධානයේ යැයි සැක කෙරන ලිපි ශීර්ෂයකින් සුසිල් ප්‍රේම් ජයන්ත් මහතාගේ අත්සන යැයි කියන සැක කටයුතු අත්සනකින් නිකුත් කර ඇති නිවේදනයේ ඇති කරුණු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ප්‍රතික්ෂේප කර තිබේ.

    ඔහු මෙම ප්‍රතික්ෂේප කිරීම කර ඇත්තේ සාධාරණ සමාජයක් සඳහා වූ ව්‍යාපාරයේ නායක මාදුළුවාවේ සෝභිත හිමියන් අද සවස ඇමතූ අවස්ථාවේදී ය. සෝභිත හිමියන් ජනාධිපතිවරයා හමුවීමට අවස්ථාවක් ඉල්ලා තිබී ඇති අතර එම අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා අද සවස මාදුළුවාවේ සෝභිත හිමියන් අමතා තිබේ. ඒ වන විට ඉහත කී සැක කටයුතු නිවේදනය මාධ්‍ය හරහා ප්‍රචාරය වී තිබීමෙන් කලකිරීමට පත්ව සිටි සෝභිත හිමියන් “දැන් ඉතින් ඔබ තුමා හමුවීමට මට අවශ්‍යතාවයක් නෑ, ඔබ තුමා නොකරන්න ඕනෑ දේ කරලානේ තියෙන්නේ “ යි පවසා හමුවීම ප්‍රතික්ෂේප කර තිබේ. එවිට ජනාධිපති වරයා සෝභිත හිමියන්ට පිලිතුරු දෙමින් කියා ඇත්තේ එම නිවේදනයේ සඳහන් කරුණු කාරණා වලට තමන්ගේ සම්බන්ධයක් නැති බවත් එය ඇත්තටම සුසිල්ගේ වැඩක්දැයි තමන් සොයන බවත් ය.

    එජනිසය නමින් නිකුත් කරන ලද නිවේදනයට පෙර දා එනම් ඊයේ(02) එජනිස පක්ෂ නායකයන් සමග සාකච්ඡාවේදී මෛත්‍රීපාල ජනාධිපතිවරයා මහින්ද රාජපක්ෂට නාමයෝජනා ලබා නොදෙන බව ස්ථිරවම පැවසූ අතර අද උදෑසන වාසුදේව නානායක්කාර මාධ්‍යයට ප්‍රකාශ කර තිබුනේ ද මහින්ද රාජපක්ෂට නාම යෝජනා නොලැබෙන බව ඊයේ සාකච්ඡාවේදී තහවුරු වූ බවයි.

    නමුත් අද උදෑසන එජනිස ලේකම් සුසිල් ප්‍රෙම් ජයන්ත දිනේ්ෂ් ගුණවර්ධන සහ විමල් වීරවංශ හමුවක් සිදුව තිබිණ. ඉන් පසුව මෙකී සැක කටයුතු නිවේදනය මාධ්‍ය වෙත නිකුත් කරන ලද අතර මහින්ද රාජපක්ෂ පාර්ශවය විසින් අද සංවිධානය කරන ලද මාධ්‍ය සාකච්ඡාවේදී දිනේෂ් ගුණවර්ධන විසින් මෙකී මාධ්‍ය නිවේදනය කියැවූවා පමණි. ඉන්පසුව මාධ්‍ය හමුව කල් දැමිණ. සුසිල් ප්‍රෙම් ජයන්ත මහතා මේ සම්බන්ධයෙන් කිසිදු ප්‍රකාශයක් මෙතෙක් කර නැත.

    මේ අතර මෙම මාධ්‍ය නිවේදනය සම්පූර්ණ අසත්‍යයක් නම් ජනාධිපති මාධ්‍ය අංශයට එය නිල වශයෙන් ප්‍රතික්ෂේප කිරීමට මේ වන විට ඕනෑ තරම් කාලය තිබූ නමුත් එවැන්නක් සිදුකර ද නැත.
    LEN මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගෙන් සහ ජනාධිපති මාධ්‍ය ලේකම් වරුන්ගෙන් විමසූ විට ඔවුන් දුරකථන ඇමැතුම් මග හරිති. ජනාධිපතිවරයාගේ පුද්ගලික දුරකථන අංකය ඇමතූවද එය ක්‍රියා විරහිත කර තිබේ. ජනාධිපතිවරයාට සමීප පුද්ගලයන් බොහෝ දෙනෙකු ද තම දුරකථන අංක ක්‍රියා විරහිත කර තිබේ.

    අද රාත්‍රී හිටපු ජනාධිපතිනිය චන්ද්‍රිකා බණ්ඩාරනායක මහත්මියගේ උපන් දිනය වෙනුවෙන් රාත්‍රී භෝජන සංග්‍රහයක් පැවැත්වෙන අතර ජනාධිපතිවරයා ඊට සහභාගී වීමට නියමිත ය. එහිදී ජනාධිපතිවරයා මේ සම්බන්ධයෙන් නිශ්චිත පිළිතුරක් දෙනු ඇත.

    එක්සත් ජනතා නිදහස් සන්ධානය මාධ්‍යයට නිකුත් කරන ලදැයි දිනේෂ් ගුණවර්ධන විසින් වහලුන්ගේ මාධ්‍ය හමුවේදී කියැවූ සැක කටයුතු මාධ්‍ය නිවේදනය මෙහි දැක්වේ. එහි යම් යම් දේ මකා ඇති අයුරු සහ කපා ඇලවූ කොටස් පැහැදිලිව දැක ගත හැක. මහින්ද රාජපක්ෂගේ ජනාධිපතිවරණයේදී මෛත්‍රී සහ රනිල් අත්සන් කළා යැයි ව්‍යාජ ලියැවිල්ලක් මාධ්‍යයට ඉදිරිපත් කළ අතර එය ව්‍යාජ ලියැවිල්ලක් බව රජයේ රස පරීක්ෂක වරයාද තහවුරු කෙළේය. තිස්ස අත්තනායක ඒ සම්බන්ධයෙන් රිමාන්ඩ් බන්ධනාගාරයේද පසුවිය.

    https://en.wikipedia.org/wiki/Chandrika_Kumaratunga

    Born 29 June 1945 (age 70)

    :lol::lol::lol: chandrikatath upandina dekak tiynawada.:lol::lol: