මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘

Status
Not open for further replies.

sachi178

Well-known member
  • Dec 14, 2013
    2,001
    90
    48
    කො එ කලෙ කියපුව අහුවද අපේ ගොයියො,, ඇද්ද බොලාට දැන් කොහොමද පාලනේ ලොල් නේද? හොද වැඩේ බොලාට ගියා පිනට කන්ඩ :lol::lol::lol::lol:

    ඇයි මොකද බන් වෙලා තියෙන්නෙ. උබලට පට්ට දුක ඇති ඉස්සර වගේ අයවැයෙන් බලු කෑම මිල අඩු නොකරපු නිසා :lol: වසීම් වගේ එවුන් මරල නොදාන නිසා
     

    iresh041

    Well-known member
  • Oct 25, 2007
    6,166
    1,693
    113
    Dream World
    ඇයි මොකද බන් වෙලා තියෙන්නෙ. උබලට පට්ට දුක ඇති ඉස්සර වගේ අයවැයෙන් බලු කෑම මිල අඩු නොකරපු නිසා :lol: වසීම් වගේ එවුන් මරල නොදාන නිසා

    නොම්මර එකේ නිවට ලොල් සහගත කොළු කාරයෙක් මෙන්න...:shocked::shocked:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    රටකට ඕනෑ අපමණ අගයක් ...
    හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක් ...



    10151786_585497678250430_631740222182730931_n.jpg





    10410977_585473991586132_3877062115547031912_n.jpg

    රටකට ඕනෑ අපමණ අගයක් ...
    හෙටකට ඕනෑ මෛත්‍රී යුගයක් ...

    ආහ්...ඇත්තද? දැන් හම්බුනාද උබ ඉල්ලපු අපමණ අගය? සුට්ට සුට්ට අගය දැනෙනවා ඇති පෙන්දගේ.. නෙදකින් මේ වගේ රට පාවලා දුන්න වසලයෝ...:growl:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සාම්පූර් අතිශයින්ම 'අත්‍යාවශ්‍ය' වන්නේ ඇයි?


    saaaamap1.jpg





    මෙය නම් ඉවසිය නොහැකි විහිළු සිදුවන සමයකි. යහපාලනය විසින් විටෙක කබරගොයාව තලගොයකු කර අපට ගිල්වයි. තවත් විටෙක තලගොයාව කබරගොයෙකු කර අපව බයකරයි. කොළඹ අධි ආරක්‍ෂිත කලාප ඉවත්කරන්න යෑයි කියා අප කව්රුත් යහපාලනයට කතිර ගැහුවේ නැත. නමුත් කතිරයේ බලය ලැබූ සැනින් කොළඹ අධි ආරක්‍ෂිත කලාප රැසක්‌ ඉවත් කර ඒවා නිදහස්‌ කලාප බවට පත් විය. ඒ සමගින් වෙනදා වැසුණු පාරවල් ඇරුණි. අපිට දැනුණේ පහසුවකි. ඉතින් අපි චූන් වීමු. ලබ්බට තැබූ අත පුහුලටද තබන්නේ යෑයි පැරැන්නන් විසින් කීවේ කටකහනවාට විය යුතු යෑයි අපි සිතුවෙමු. වැඩි දවසක්‌ යන්නට නොලැබිණි. යුදමය වශයෙන් වැදගත් උතුරේ අධි ආරක්‍ෂිත කලාපද ඉවත් කිරීම ඇරඹුණි. ලබ්බට තැබූ අත පුහුලටද තැබුවේය. නමුත් ජාතීන් අතර සංහිඳියාව, සියල්ලන්ටම නිදහස්‌ රටක්‌ ආදී සුන්දර වචනවලින් මේ ජාතික ව්‍යසනය වසා දැමීමට හැදුවා විනා, තමන් විසින් මේ ඉටුකරනු ලබන්නේ බලය ලබාගැනීමේ ගනුදෙනුවේ 'දෙනු' කොටස බව කව්රුත් නොකීවේය. රාජ්‍ය බලය යොදමින් කබරයා, තලගොයා කර අපට ගිල්ලීමට දේශෙද්‍රdaහීන් පිරිසක්‌ සැදී පැහැදී සිටිති. සාම්පූර් 'විදුර' කඳවුර නිකම්ම නිකම් පුහුණු පාසලක්‌ බවට 'සුළුකොට' පෙන්වා, ඒ භූමියේ මුල් පදිංචිකරුවන්ට නැවත එම භූමිය ලබාදීමේ 'ජාතික යුතුකම' කරන්නට දැන් වෙස්‌සන්තර වෙස්‌ගත් අපේ කච්ජපුටලා පිරිසක්‌ කටයුතු යොදා හමාරය. උතුරේ ආණ්‌ඩුකාරවරයා ලෙසින් කටයුතු කරන (පුලිතේවන් බලන්න ඇපල් මලු ගෙනගිය) ඔස්‌ටින් ප්‍රනාන්දු :angry::angry::angry::angry::angry::angry: මහතා ඉකුත්දා පැවසුවේ 'විදුර' කඳවුර ඉවත් කරන්නේ ඉන්දියාවේ හෝ වෙනත් බලපෑමක්‌ නිසා නොව එම බිම මුල්පදිංචිකරුවන්ට නැවත ලබාදීම වෙනුවෙන් බවය.

    ඒ මහතා මෙසේ කියන කල්හී අපට දැනෙන්නේ මේ ඔස්‌ටින් මහතාණන් උතුරේ මිනිසුන්ගේ හදගැහෙන රාවයට අතිසංවේදී උතුම් ගනයේ මහතෙකු ලෙසිනි. සැබෑමය. ඒ මහතාණන් හරිම පරිත්‍යාගශීලීය. කිසිවෙකින් කෝප නොගන්නා, පංෙච්න්ද්‍රයන්ගෙන් අරමුණු වන සියල්ල අනිත්‍යයයි සිතා බැහැර කිරීමේ හැකියාව ඇති එතුමානෝ 'ක්‍ෂාන්තිවාදී' ජාතකයේ එන ක්‍ෂාන්තිවාදී බමුණා වැනි අත පය කැපුවත් ඉවසන පුද්ගලයෙක්‌ වන්නාහ. 2002/2004 සාම වකවානුවේ ආරක්‍ෂක ලේකම් පදවිය දරන්නේ මේ මහතාණන්ය.

    ජෙනරාල් කොබ්බෑකඩුව, ලකී අල්ගම ආදීන්ගේ යුද වීරත්වය මත රජයේ හමුදා යටතට පත්ව, 1997 වන තුරු අඛණ්‌ඩව රජයේ හමුදා පාලනය යටතේ පැවැති (97 ජයසිකුරු මෙහෙයුමට පිරිස්‌ බලය සැපයීම පිණිස එහි සිටි හමුදාවෝ යෑවීම හේතුවෙන් හමුදාවේ පාලනය තරමකින් ගිලිහුණු නමුත් හමුදාව විසින් විටින් විට පාලන බලය ලබාගත්) සාම්පූර් ප්‍රදේශය කොටියාගේ බල ප්‍රදේශයක්‌ ලෙසින් වෙන්කර 2002 ඊනියා සාමය වෙනුවෙන් පුදද්දී ඔස්‌ටින් මහතානෝ ඉවසා සිටියහ. එල්.ටී.ටී.ඊයේ පොලිසිය, උසාවිය, සුසානභූමිය, නැගෙනහිර මෙහෙයුම් මධ්‍යස්‌ථානය එකල්හී මෙහි සැදෙද්දී මේ මහතානෝ ක්‍ෂාන්තිපාරමිතාව පිරූ අයුරු අපූරුය. එල්.ටී.ටී.ඊ ය සාමයට මුවාවෙමින් සාම්පූර්හී සිය කාලතුවක්‌කු ස්‌ථානගත කර යුද්ධයේ හදවතක්‌ වන් ත්‍රිකුණාමලය වරායට කාලතුවක්‌කු උණ්‌ඩය වට්‌ටන්නට හැකි සීමාවට පැමිණිය ද ඒ මහතානෝ ඉවසා සිsටියහ. එල්.ටී.ටී.ඊ ය සාම්පූර් සිට කින්නියා දක්‌වා ත්‍රිකුණාමලයට දකුණින්, ත්‍රිකුණාමල වරාය වටකර කඳවුරු 13 ක්‌ පිහිටුවද්දී වුව සාමයේ නාමයෙන් ඉවසීමට තරම් මහත් වූ හැකියාවක්‌ ඒ මහතා සතුවිය. තමන්ගේ ක්‍ෂාන්ති පාරමිතාව ගැන නොදත් එදා සිටි හෙළ උරුම නායකයන් වූ චම්පික රණවක වැනි ජාතියට ආදරය කළ පිරිස්‌ ජාතික ආරක්‍ෂාව විෂයෙහි මෙය මහා වින්නැහියක්‌ බව කියමින් 'අවි තොපේය, බිම අපේය' කිය කියා මනිරාසකුලම්හී උද්ඝෝෂණ කරද්දී වුව ඔස්‌ටින් මහතාගේ ඉවසුම් සිත බිඳුණේ නැත. වෙනකක්‌ තබා කන්චියන්කුඩා හී කොටි සැමරුමක්‌ අවසානයේ සරම් ඇඳගත් කොටි පැමිණ එහි තිබූ හමුදා කඳවුර ගිනිබත් කර, අප හමුදාවන්ට සරම්උස්‌සා උන්ගේ පශ්චාත්භාගය පෙන්වා යද්දී වුව අවම වශයෙන් ගිනි අවියට පතුරමක්‌ හෝ ඇතුළු නොකර ඉවසා සිටීමට තරම් අප හමුදාවන් හික්‌මවීමට එතුමාණන්ට හැකි විය. (එකල්හී පනවා තිබූ ආඥාවට අනුව බලසේනාධිපතිගේ අවසරයකින් තොරව තුවක්‌කුවකට උණ්‌ඩයක්‌ ඇතුළුකිරීමද කළ නොහැක්‌කක්‌ විය) එය තුන්වැනි පාර්ශ්වයක්‌ විසින් සිදුකළ දෙයක්‌ ලෙසින් ගෙන ඉවසා දරාගන්නා ලෙසින් එකල්හී ඔස්‌ටින් මහත්තැනලා අපටද අපටද බණ දෙසූහ.

    ඔස්‌ටින් මහතාණන්ලාගේ ඉවසීම එපමණද? නැත, එය ක්‍ෂාන්තිවාදී තාපසයාටද වඩා වැඩිය. ත්‍රිකුණාමලය 22 වැනි බලසේනාවේ ගේට්‌ටුව ඉදිරියේ යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයන් දෙදෙනකු මරා දමද්දී එයද තුන්වැනි බලවේගයක්‌ ලෙසින් දරාගන්නා ලෙස අපට කී එතුමන්ලා තවදුරටත් ක්‍ෂාන්ති පාරමිතාව අපට පසක්‌ කර සිටිහය. එහෙව් ඔස්‌ටින් මහත්මයලා සාම්පූර් අධිආරක්‍ෂිත කලාපය සමග විදුර කඳවුර නැවත පදිංචිය පිණිස දන්දී බලාසිටීමට තරම් ඉවසීම ප්‍රගුණ කළ හැබෑ ආශ්චර්යමත් චරිත වීම පුදුමයක්‌ නොවේ.

    නමුත් කුමන කරුමයකටදෝ මන්දා අප තුළ නම් එතුමන්ලා තරම් ඉවසීමක්‌ පිහිටා නැත. අපට හිතෙන්නේම මෙවැනි ඉවසීම්හී එහා කොණ නෝන්ජල්කමය කියාය. නැතිනම් කාලකණ්‌ණිකමය කියාය. ඉවසා දරා සිටින්නට ඇති නොහැකියාව මතම අපි සාම්පූර් 'විදුර' කඳවුරේ වැදගත්කම සොයා ගියෙමු.

    සාම්පූර් යනු යුද මර්මස්‌ථානයකි. ජාත්‍යන්තර වශයෙන් පවා යුදමය වටිනාකමක්‌ ඇති ත්‍රිකුණාමලය වරායේ දකුණු පිවිසුම් මාර්ගය වැටී ඇත්තේ සාම්පූර් අසලිනි. සාම්පූර් හී බලය පැවතීම යනු තිSකුණාමලය වරායේ බලය අල්ලාගැනීම පිණිස මූලික සාධකයයි. ත්‍රිකුණමාල වරායේ බලය අල්ලා ගැනීම යනු උතුරු නැගෙනහිර සැපයුම් මාර්ගයක්‌ සහමුලින්ම අවහිර කර දැමීම වෙයි. මේවා හොඳින් දැනසිටි බැවිනි එල්.ටී.ටී.ඊ ය මෙහි සිය මෙහෙයුම් මධ්‍යස්‌ථානය පිහිටුවන්නේ. එපමණ්‌ නොව, ඔවුන් සිය නැගෙනහිර සන්නද්ධ නායකයන් මෙහි පදිංචිකරවන්නේය. කාලතුවක්‌කු රඳවන්නේය. ඔවුන් මෙහි මිනිසුන් පදිංචිකරවන්නේද යුදමය ආරක්‍ෂාවක්‌ සපයාගැනීම පිණිස හෙවත් මිනිස්‌ පළිහක්‌ වශයෙනි.

    එදා සිටම සාම්පූර් සහ ත්‍රිකුණාමල දකුණු ප්‍රදේශයේ සිට එල්.ටී.ටී.ඊ ය විසින් අප හමුදාවන්ට වද දුන්නේය. චන්ද්‍රිකා මැතිනියගේ සාම සමය බිඳ දමිමින් නාවික හමුදා නැව් 3 ක්‌ ගිල්වාදැමීම පිණිස කටයුතු කළේ මෙහි ලැග සිටි කොටිය. 2000 වසරේදී වරක්‌ ඔවුන් මෙහි සිට ත්‍රිකුණාමල වරයාට දැවැන්ත ප්‍රහාරයක්‌ එල්ල කරන්නේය. එහිදී එක්‌ නැවක්‌ ගිලීයන්නේය. යුද හමුදාවේ එම්. අයි 24 යානයක්‌ බිම හෙළන්නේය. නාවික හමුදාවේ 520 නැවට පහරදෙන්නේද සාම්පූර් සිට ක්‍රියාත්මක වෙමිනි. වරක්‌ හමුදාවේ 3000 ක්‌ රැගත් ජෙට්‌ලයිනර් නැවට පහරදීමේ ආසන්නයටම කොටි පැමිණෙන්නේද මෙහි සිටය. 2006 අගොස්‌තු පළමුවැනිදා සාම්පූර් සිට කාලතුවක්‌කු ප්‍රහාර එල්ල කරමින් ත්‍රිකුණාමල වරාය, ත්‍රිකුණාමලය නගරය මෙන්ම ගුවන්තොටුපළ ද පිහිටා ඇත්තේ සිය කාලතුවක්‌කු ප්‍රහාරක සීමාවේ බව එල්.ටී.ටී.ඊ ය විසින් බරපතළ අනතුරු ඇඟවීමක්‌ කළේය.

    එල්.ටී.ටී.ඊ ය මෙය යොදාගන්නේ යම් වැදගත්කමකින්ද, අපටද මෙය ඒ සාම වැදගත් බව රජයේ හමුදාවෝ දැනසිටියහ. නැගෙනහිර මුදාගැනීමේ මානුෂික මෙහෙයුමේ හතර අතින් තමන්ට පහරවද්දී දින 4 ක අඛණ්‌ඩව සටන් කරමින් මෙය රැකගැනීමට එල්.ටී.ටී.ඊ ය උත්සාහගන්නේ මෙහි ඇති යුදමය වැදගත්කම හොඳින්ම වැටහී තිබූ බැවිනි. නමුත් අප වීරෝදාර හමුදාවෝ සිය ජීවිත 70 ක පරිත්‍යාගයෙන් මේ භූමිය කොටියාගෙන් මුදාගත්හ.

    අනතුරුව අප හමුදාවෝ මෙය අධි ආරක්‍ෂිත කලාපයක්‌ බවට පත්කරනු ලබන්නේ ත්‍රිකුණාමලය වරාය සහ නගරය කාලතුවක්‌කු උණ්‌ඩ පතිත විය හැකි පරාසයකට අයත් නොවන තැනක්‌ වශයෙන් නිරුපද්‍රිත කිරීම පිණිසය. මූතූර් සිට කදිරවේලි දක්‌වා ත්‍රිකුණාමලය හමුදා මෙහෙයුම් මධ්‍යස්‌ථානය, ආඥාපති නිල නිවස ආදිය එහි පිහිටුවන්නේ ත්‍රිකුණාමලයේ ආරක්‍ෂාව 100% කින් තහවුරු කරමින්ය. අද සමහරෙක්‌ විසින් මෙය නාවික හමුදා පුහුණු පාසලක්‌ පමණක්‌ බවට පත්කර ඇතත් ඒ පුහුණු පාසලේ වටිනාකම ඔබ දන්නේද? පුහුණු පාසලක්‌ නම්ගත්තද සැබැවින්ම මෙය අවශ්‍ය අවස්‌ථාවකදී හමුදා පිරිස්‌ බලය අවටට විසුරුවාහැරීම පිණිස පිහිටුවූ 'සූදානම් ශරීරයකි ' එනම් අවට පිහිටි කුඩා අනුඛණ්‌ඩයකට ප්‍රහාරයක්‌ එල්ලවුවහොත් එකවර සෙබලූ 400 ක්‌ ආධාරක බලඇණි ලෙසින් යෑවීමේ හැකියාව මේ පුහුණු කඳවුර තුළ විය.

    මේ සා වැදගත් 'විදුර' කඳවුර සාමාන්‍ය ජනතාවගේ වාසභූමියක්‌ බවට පත්කිරීමට පිඹුරුපත් සකස්‌ කළේ ගිය රජය විසින් යෑයි මේ 'අපරාධයට' සැරසෙන්නෝ කියන්නට පටන්ගෙන තිබේ. යුද්ධය අවසන් වූ සැනින් මේ ප්‍රදේශය දැවැන්ත සංවර්ධනයකට ලක්‌කිරීමට ඉකුත් රජය ක්‍රියාකළේය. මාර්ග පහසුකම් සැපයිනි. හමුදාව විසින් අවතැන්වූවන්ට නව නිවාස තනාදුනි. ඔවුන්ගේ ගොවිතැන් කටයුතු කරගැනීමට අවසරය ලබාදුනි. අධිආරක්‍ෂිත කලාප භූමියේ පිහිටි කෝවිලට පවා උත්සව පිණිස පැමිණීමට අවස්‌ථාව ලබාදුනි. නමුත් එකක්‌ ලබා නොදුනි. ඒ වනාහී අධිආරක්‍ෂිත බිමෙහි පදිංචියයි.

    ඒ වෙනුවට සුදුසු වෙනත් ස්‌ථානයන් හී නිවාස ඉදිකර නැවත පදිංචි වන ලෙස කීවද එවකට සාම්පූර් කොටි බලකොටුවේ මිනිස්‌ පළිහ ලෙසින් සිටි මේ මිනිසුන් අලූත් තැනක පදිංචියට කිසිසේත් අකමැති විය. එසේ අකමැති වන ලෙසට බලකර සිටියේ එදා සාම්පූර්හී කොටි පොලීසි, උසාවී ඉදිවද්දී ඒවා විවෘත කිරීමට ගිය, මහවිරු සොහොනේ කොටි සැමරුම්වලට ගිය, කොටින්ගේ විසිර යැමේ පෙළපාලිවලට ගිය දෙමළ ජාතික සංධානය විසිනි. ඒ පසුපස දෙමළ ඩයස්‌පෝරාවද විය.

    එම වැසියන් 'විදුර' කඳවුරු බිමටම රිංගාගැනීම හැර වෙනත් විකල්ප ඉවත දැමීමේ කථාව සමග තවත් අතුරු කථාවක්‌ කියවේ. ඒ ඉන්දියාව විසින් ගල්අඟුරු බලාගාරයක්‌ ඉදිකිරීම සඳහා යෑයි සාම්පූර්හී වෙන්කරගත් බිමයි. යුද්ධය අවසන් වී වසර 6 ක්‌ ගෙවී ඇතත් එහි ඉදිවන බලාගාරයක්‌ නම් පෙනෙන්නට නැත. නමුත් සැබෑම කථාව නම් ත්‍රිකුණාමලය වරායේ ඇති ජාත්‍යන්තර යුදමය වැදගත්කම මත එයට ආසන්නයේම තමන්ගේ බිම්කඩක්‌ තිබීමේ වැදගත්කම ඉන්දියාව දන්නා බවය. පුදුමය වන්නේ මේ නොහැදෙන බලාගාරය සීමාවේ එදා සිටි මිනිසුන් තමන්ගේ නැවත පදිංචියට එතැනම අවශ්‍ය යයි නොකීමය. නමුත් සාම්පූර් අධි ආරක්‍ෂිත කලාපයේ සිටියා යෑයි කියන මිනිසුන් පමණක්‌ නැවත එහිම පදිංචි විය යුතුය. මේවා අමුතුම කෙළිය.

    මේ අතර තනතුරක්‌ පෙන්වූ විට කථාකරන ගිරවුන් වැනි ආරක්‍ෂක අංශ ප්‍රධානියෝ සමහරෙක්‌ මෙම කඳවුර මෙයටද වඩා ආරක්‍ෂිත තැනක ස්‌ථාපිත කරන බව පවසති. ඔවුන් ඒ පවසන තැන මුහුද අද්දරම පිහිටි නෝර්වේ තුඩුඩ නම් තැනකි. සාමාන්‍යයෙන් හමුදා මෙහෙයුම් මධ්‍යස්‌ථානයක්‌ මුහුද අද්දරක පිහිටුවන්නේ නැත. එවැන්නක්‌ පිහිටුවන්නේ මුහුද දෙසින්ද පරිවාර කඳවුරු පිහිටි තරමක්‌ ඇතූළත බිමකය. පරිවාර කඳවුරුවලින් වට වූ තැනකය. ඒ යම් ලෙසකින් සෘජුවම මෙහෙයුම් මධ්‍යස්‌ථානයට ප්‍රහාරයක්‌ එල්ලවීමේ හැකියාව වළක්‌වනු පිණිසය. එසේ නම් නෝර්වේ තුඩුවේ ඇති විශේෂ සංග්‍රාමික වැදගත්කම කුමක්‌ද. එපමණක්‌ නොවේ එවැනි මෙහෙයුම් මධ්‍යස්‌ථානයක්‌ පිහිටුවීමේදී පිවිසුම් හෝ පිටවීමේ මාර්ග මෙන්ම ජල මූලාශ්‍ර ගැනද සැලකිල්ලට ගනියි. විදුර කඳවුර තිබුණේ මේ සියලූ අවශ්‍යතා සපිරූ තැනකය. ප්‍රදේශයේ එකම ජල මූලාශ්‍රය වන සාම්පූර් වැව අසලය. මෙයට වඩා සංග්‍රාමික වැදගත්කමක්‌ නෝර්වේ තුඩුවේ ඇතැයි කියන්නේ මූලික සංග්‍රාමික භූමි සාධකද උඩු යටිකුරු කළ යුද ඔස්‌තාර් කෙනෙක්‌ විය යුතුය. නැවතත් කියන්නේ, අහිංසක දමිළ වැසියන්ට සිය ගම්බිම් ආපිට ලබාදී සාධාරණයක්‌ ඉටුකිරීම පිණිස සංග්‍රාමික වැදගත්කමක්‌ නැති නිකම්ම් නිකම් පුහුණු පාසලක්‌ වූ සාම්පූර් විදුර කඳවුර ඉවත් කරන බව පැවසීම කබරගොයා තලගොයා කර ඉදිරිපත් කිරීමකි.

    තොප්පිගල යනු කැලයකැයි සිතන, අලිමංකඩ යැම යනු පාමංකඩට යැම වැනි පහසු ගමනකැයි සිතූ, ඕනෑම ගොනෙකුට සටන් කරන්න පුළුවන් යෑයි කියන උන්දැලාට නම් සාම්පූර්හී වැදගත්කමක්‌ නොමැති බව අපි දනිමු. ඒත් ජීවිත පරිත්‍යාගයෙන් කළ සටනින් ගත් දේ බංදේසියක තබා සතුරා වෙනුවෙන් පුදන නපුංසකයාට වඩා සටන් කරන ගොනා තුළ පැහැදිළි පෞරුෂයක්‌ ඇත. හයවෙනි පරාක්‍රමබාහු රජ සමයෙන් පසු පළමුවරට රට එක්‌සේසත් කිරීම පිණිස සිදුකළ ඒ උත්තම සටනට අර වැනි කථා කියමින් වචනයකින් හෝ දායකත්වයක්‌ නොදුන් පිරිසක්‌ ඒ විශ්මිත යුද ජයග්‍රහණයේ උරුමයන් සතුරාගේ අවශ්‍යතා උදෙසා පුදදෙමින් සිටින්නේද? යහපාලනය මේවා කරන්නේ රෙදි ඇඳගෙනදැයි අසනවාට වඩා, එවන් යහපාලනයකට රෙද්දකින් වහගැනීමට තරම් දෙයක්‌ තිබේදැයි ඇසීම කාලෝචිතය.

    අවසානයේදී නැවත කියමු. ඔස්‌ටින්
    ප්‍රනාන්දුලා තරම් ඉවසීමක්‌ අප ප්‍රගුණ කර නැත. එබැවින් හිත රිදුණු දෙයක්‌ කියවුණා නම් නොකිපෙන්න. ඔබතුමන්ලා එදා කොටියා ඉරියේ රැකි ක්‍ෂාන්තිය, කොටියාගේ බෝම්බයකට කැබලි නොවී ජීවිතය බේරාගන්නට පින තිබුණු අප වෙනුවෙන්ද පාන්න.

    තේ කෝප්පයේ කිඹුලන් දකිනවා යෑයි අපට අවලාද නොනගන්න. හැලිය නටන තුරු ආතල් ගන්නවාට වඩා, තේ කෝප්පයේ කිඹුලන් දකිනාවුන් අතිශයින් සුරක්‍ෂිත බව පමණක්‌ මතක තබාගන්න.

    ඉන්ද්‍රජිත් සුබසිංහ



    http://www.divaina.com/2015/05/17/feature10.html


     

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    කෝ එන්න හස ලකුණ හද ලකුණ කරගත්ත අය බලන්න...
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    කොල්ලට උදව්වක් විදියට බම්ප් එකක් දන්නා හැමෝම
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කොල්ලට උදව්වක් විදියට බම්ප් එකක් දන්නා හැමෝම

    අනිවා... දවස ගානේ බම්ප් කරන්න වටිනා කාලකන්නි ත්‍රෙඩ් එකක්...
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ඇයි මොකද බන් වෙලා තියෙන්නෙ. උබලට පට්ට දුක ඇති ඉස්සර වගේ අයවැයෙන් බලු කෑම මිල අඩු නොකරපු නිසා :lol: වසීම් වගේ එවුන් මරල නොදාන නිසා

    ane manda bn.waseem la thajudeen la wage aya nomara.balu kema wage de ayaweyen adu kalanm.mewage prashna enne.eewa nokaran nisa thama anduwat me wage dewal wenne
     

    nadeeraLK

    Banned
    Sep 25, 2015
    2,978
    157
    0
    කොල්ලට උදව්වක් විදියට බම්ප් එකක් දන්නා හැමෝම
     
    Status
    Not open for further replies.