වැට් බදු වැඩි කිරීම:
ජනපති විරෝධයෙන් කිසිවක් වෙනස් වූයේ නැහැ
මුදල් ඇමැති රවි කරුණානායක කියයි
ශ්‍යාම් නුවන් ගනේවත්ත
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ වැට් බදු සංශෝධන යෝජනාව එලෙසම ක්‍රියාත්මක වූ බවත් එහි වෙනසක් සිදුවූයේ නැති බවත් මුදල් ඇමැති රවි කරුණානායක මහතා කීවේය.
එම බදු වැඩිකිරීමට එරෙහිව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පොලොන්නරුවේදී සිදුකළ ප්‍රකාශයෙන් පසු අගමැතිවරයා ඉදිරිපත් කළ මුල් වැට් යෝජනාවේ කිසියම් වෙනසක් වූයේ දැයි "දිවයින" කළ විමසුමකට පිළිතුරු දෙමින් මුදල් ඇමැතිවරයා මේ බව කීවේ මුදල් අමාත්‍යංශයේදී පසුගියදා පැවැති ප්රවෘත්ති සාකච්ඡාවකදීය.
ඉකුත් අප්‍රේල් 18 වැනිදා පොලොන්නරුවේ පුලතිසි බුද්ධි මණ්ඩපයේ පැවැති උත්සවයකදී ජනාධිපතිවරයා කීවේ රටේ පොදු ජනතාවට බරක් වන අන්දමේ කිසිදු බද්දක් පනවන්නේ නැති බවත් කිසිදු ආර්ථික විශේෂඥයකුට ඒ සඳහා ඉඩ නොදෙන බවත්ය. එහෙත් මුදල් ඇමැතිවරයා පවසන පරිදි ජනාධිපතිවරයා විරෝධය දැක්වූවද අගමැතිවරයාගේ මුල් වැට් බදු වැඩි කිරීමේ යෝජනාව මැයි 02 දින සිට එලෙසම ක්‍රියාත්මක වෙමින් තිබේ.