මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘

Status
Not open for further replies.

dasss

Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    13501652_518858801634351_2429026983064698680_n.jpg


    පොන්න පබයට FB likes - 866,443 people like this
    මහින්ද රාජපක්ෂ FB likes - 1,003,066 people like this

    2016.06.21 දින වන විට...

    මාර්ක් සකර්බර්ක් FCID අත්අඩංගුවට.. මහින්දගෙන් අල්ලස් ගෙන ජනපති මෛත්රීගෙ ෆේස්බුක් ලයික් අඩු කරලා.. අපේ FCID හැකියාව ලෝකෙටම පේන්න ශෙයාර් කරන්න.
    13445245_1776098099292737_1695253884412592729_n.jpg
    .
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    මාර්ක් සකර්බර්ක් FCID අත්අඩංගුවට.. මහින්දගෙන් අල්ලස් ගෙන ජනපති මෛත්රීගෙ ෆේස්බුක් ලයික් අඩු කරලා.. අපේ FCID හැකියාව ලෝකෙටම පේන්න ශෙයාර් කරන්න.
    13445245_1776098099292737_1695253884412592729_n.jpg
    .

    ගරු ජනපති මෛත්රීපාල සිරිසේන මැතිදුන් ෆේස්බූක් ආයතනයට මුදල් ගෙවා ඇඩ් දමමින් , තූර්කී ලයික්ස් මිළදි ගනිමින් ඉතා අපහසුවෙන් ලයික්ස් මිලියනයක් එකතු කර ගත් එතුමාගෙ නිළ පිටුවෙ ලයික්ස් ප්රමාණය මේ වන විට එක් වරම ලයික්ස් ලක්ෂ අටක් දක්වා පහත වැටි තිබෙනවා.
    ජනපතිතුමාගෙ නිළ ෆේස්බූක් පිටුවෙ ඇඩ්මින් තුමෙක් වන හම්සා හනීෆා කල පැමිනිල්ලකට අනුව මේ පිළිබදව ගවේෂණය කල රංජන් රාමනායක බුද්ධි අංශයට ජනපතිතුමාගෙ ෆේස්බූක් ගිණුමෙ ලයික්ස් වලට සිදු වී ඇති දෙය සොයා ගත හැකි වූවා.
    එනම් මුදලට කෑදර ෆේස්බූක් හි හිමිකරු මාර්ක් සකර්බර්ග් නාමල් රාජපක්ෂගෙන් අල්ලස් ගෙන අතිගරු ජනාධිපති සිරිසේන මැතිදුන්ගේ නිළ පිටුවෙ තුර්කි ලයික්ස් ලක්ෂ දෙකක් අඩු කර ඇති බවටයි.
    පසුගිය රාජපක්ෂ සමයෙ කලු සල්ලි සුදු කල විදේශිකයන් අතර මාර්ක් සකර්බර්ග් ද සිටි බව ඔබට මේ අවස්තාවෙ අප කියා සිටිමු. ඒ හිතවත්කම්මත නාමල් ගෙන් මුදල් ලබා ගෙන ජනපතිතුමන්ගේ නිළ පිටුවෙ ලයික්ස් ඉවත් කල මාර්ක් සකර්බර්ග් ට අප විරෝධය පල කර සිටිමු.
    මෙය තහවුරු කිරිමට නාමල් රාජපක්ෂගෙ ෆේස්බුක් ගිණුමෙන් ලබා ගත් ස්ක්රීන් ශොටයක් ද මේ සමග පල කිරිමි. ස්ක්රීන් ශොටය ලබා ගැනීමට නාමල් ගෙ ෆේස්බූක් ගිණුම හැක් කිරිමටද රංජන් රාමනායක බුද්ධි අංශයට සිදු වූවා.
    ජනපති සිරිසේන ගේ ෆේස්බූක් ලයික්ස් වලට සිදුවූ දේ රටටම පෙනෙන සේ හැකිතාක් SHARE කරන්න.
    13529215_1620825874900308_2206933700729756806_n.jpg
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මහින්ද මුදල් සොරකම් කළ බවට
    තාමත් කිසිම චෝදනාවක්‌ නෑ

    - රාජිත සේනාරත්න


    රනිල් ධර්මසේන

    හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා මුදල් සොරකම් කළ බවට මෙතෙක්‌ කිසිදුÊචෝදනාවක්‌ නැති බව කැබිනට්‌ මාධ්‍ය ප්‍රකශක ඇමැති රාජිත සේනාරත්න මහතා පැවැසීය.

    එමෙන්ම තමා කිසිවිටකත් මුදල් සොරකම් පිළිබඳව පුද්ගලිකව හිටපු ජනපතිවරයාට චෝදනා එල්ල නොකළ බව ද ඊයේ (22 දා) පැවැති කැබිනට්‌ තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා කීය.

    එහෙත් තවත් රාජපක්‍ෂවරු සිටින බවත් ඔවුන්ට මේ චෝදනාව තිබෙන බවත් හෙතෙම පැවැසීය.

    මේ නිසා හිටපු ජනාධිපතිවරයාට උගුර කපා ගැනීම ගැන කිව හැකි වුවත් අනිත් රාජපක්‍ෂවරුන්ට එහෙම ප්‍රකාශ කිව නොහැකි බව ද කියා සිටියේය.

    http://www.divaina.com/2016/06/23/news14.html
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කොඳු බිඳනොගත් රාජ්‍ය නිලධාරීන් තවත් සිටී.. අගමැතිටත් ගණන් කියාදී විගණකාධිපති එයි..


    අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා විසින් ඊයේ දිනයේ විගණකාධිපති ගාමිණී විජේසිංහ මහතා පාර්ලිමේන්තුවට යට කැඳවා තිබිනි. එම හමුව සඳහා නියෝජ්‍ය විගනකාධිපතිවරයා ඇතුළු විගණකාධිපති දෙපාර්තමේන්තුවේ ඉහල නිලධාරීන් කිහිප දෙනෙකු පැමිණ සිටියහ.
    කෙසේ වෙතත් අදාල හමුදා සඳහා විගණකාධිපතිවරයා පමණක් සහභාගී කරවාගෙන ඇති අතර මුදල් අමාත්‍යංශ ලේකම්වරයාද අගමැතිවරයා සමඟ සහභාගී වී ඇත.
    පාර්ලිමේන්තුවේදී අනුමත කරන ලද ප‍්‍රමණයට වඩා ණය ගෙන ඇති බවට විගණකාධිපති වාර්තාවක් සකස් කලේ කෙසේදැයි එහිදී අගමැතිවරයා ඉතා තදින් විගණකාධිපතිවරයාගෙන් ප‍්‍රශ්ණ කර ඇත.
    කෙසේ වෙතත් පිළිතුරු ලෙස විගණකාධිපතිවරයා ඉතා සෘඩුව පවසා ඇත්තේ තමන්ගේ වගකීම වන්නේ ගත් ණය නිවැරදිව වාර්තා කිරීම බවත් තමන් සහ දෙපාර්තමේන්තුව ඉතා ඉහලින් එම වගකීම ඉටු කර ඇති බවත්ය.
    මේ වසරේ ගෙවන ලද ණයත් මෙම විගණනයට ඇතුලත් කර ඇත්දැයි අගමැතිවරයා විමසූ විට විගණකාධිපතිවරයා සඳහන් කර ඇත්තේ ‘ණය ගත් ඒවා සඳහන් කරල තියෙනව. ගෙවු නොගෙවු ඒවා වෙනම වාර්තාවක්. ගත් ණය කියන එකයි මගේ වගකීම’ කියායි. ‘මීට කලින් විගණකාධිපතිවරු එහෙම කරලා නැහැ’ අගමැති රනිල් කියා සිටිද්දී ‘ඒක මට අදාල ප‍්‍රශ්නයක් නොවෙයි. මගේ වගකීම මේ කරුණු හරියට වාර්තා කිරීම’ යයි පෙරලා විගණකාධිපතිවරයා සඳහන් කර ඇත.
    සාකච්චාව අවසානයේදී අගමැතිවරයා ‘ඔබතුමා රට ගැන හිතන්න අපි එයිඑම්එෆ් එකට මොකද කියන්නෙ’ යයි කියද්දී ‘මං රට ගැන හිතන නිසා තමයි මේ කරුණු හරියට වාර්තා කරන්නෙ. අයිඑම්එෆ් එකට කියන කතා මගේ වගකීමක් නොවෙයි’ යයි සැනෙකින් විගණකාධිපතිවරයා පිළිතුරු දී ඇත.
    පාර්ලිමේන්තුවෙන් අනුමත වූ ණය ගැනීම් ප‍්‍රමාණය රුපියල් මිලියන 1,511,138ක් වන අතර රජය විසින් ලබාගෙන ඇති ණය ප‍්‍රමාණය විගණකාධිපති දෙපාර්තමේතුවට අනුව මිලියන රුපියල් 1,788,892කි.
    මේ අතර මෙම හදිසි කැඳවීමට හේතු වී ඇතැයි වාර්තා වන්නේ මහ බැංකු අධිපතිවරයාට චෝදනා එල්ල වී ඇති බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් මේ දිනවල විගණකාධිපති දෙපාර්තමේන්තුව විසින් පරීක්‍ෂණ ආරම්භ කර ඇති නිසා බවයි.
    විගණකාධිපති වාර්තාව අර්ජුන් මහේන්ද්‍රන් වරදකරුවෙක් කලහොත් කොප් කමිටුවට ඔහු වැරදිකරුවෙක් කරන්නට සිදුවන නිසා විගණකාධිපති වාර්තාව සුමට කර ගැනීමට බලාපොරොත්තු වන්නට ඇතැයිද වාර්තා වෙයි.
    විගණකාධිපතිවරයාගේ මෙම එඩිතර හා සෘජු පෙනී සිටීම නිසා මේ වන විට විගණකාධිපති දෙපාර්තමේන්තුවේ නිළධාරීන් මහත් ප‍්‍රශංසාවෙන් සිය ප‍්‍රධානියා සම්බනධයෙන් අදහස් පල කරමින් තිබේ.
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    සිංහලයන් එකතු කිරීම


    සිංහලයන් එකතුවන්නේ කුමක් වටා ද? කා වටා ද? යන ප්‍රශ්න නැවතත් වැදගත් වෙලා. මෙයින් කියන්නේ සියළු සිංහලයන් එකතුවන්නේය යන්නවත් එකතුවිය හැකිය යන්නවත් නොවෙයි. ඉතිහාසයේ කවරදාවත් එසේ වී නැහැ. එසේ වන්නේත් නැහැ. අපට අවශ්‍ය වැඩි ශක්තියක් ගොනු කර ගැනීමයි. ඉතිහාසයේ සිංහලයන් ඉතා වැඩි ප්‍රමාණයක් එකතු වී ඇත්තේ ගැමුණු, විජයබාහු ආදී රජවරුන් වටා. දැන් අපට රජවරුන් නැහැ. දැන් ඉන්නේ දේශපාලනඥයන්. රජවරුන් නම් රට කරවීමට කුඩා කල සිට ඉගෙන ගත්තා. සිංහල කුමාරවරුන් භික්‍ෂූන්වහන්සේලා යටතේත් ඒ පුහුණුව ලැබුවා. ධාතුසේන කුමාරයා හොඳම උදාහරණය. ඒ පුහුණුවේ දශරාජ ධර්මයත් තියෙන්න ඇති. කොහොමටත් කල්ගත වන විට සිංහල රජු බෝසතකු විය යුතු ය යන අදහසත් එකතු වුනා. අපට අග්බෝ (බෝසත්) රජවරු ම කී දෙනකු සිටියා ද? මේ ක්‍රමය වැඩවසම් ක්‍රමයක් ය කියලා කියන්නෙ බටහිරින් සෑම දෙයක් ම ඉගෙන ගන්න පඬියන්. අපේ ක්‍රමය යුරෝපයේ තිබූ වැඩවසම් ක්‍රමය නොවන බවවත් මේ පඬියන් දන්නේ නැහැ.

    දැන් නම් අපට තියෙන්නෙ බටහිරින් ලැබුණු ප්‍රජාතන්ත්‍රවාදය කියන ක්‍රමය. ඒකෙ දේශපාලන පක්‍ෂ තියෙනවා. කවුද කියලා තිබුණා බටහිර විද්‍යාවට පහර දෙන වෙලාවෙදි බටහිරින් ලැබුණු පක්‍ෂ දේශපාලනය ප්‍රතික්‍ෂෙප කිරීමට කරුණු කියන්න කියා. අප යමක් පිලිගන්නෙ හරි ප්‍රතික්‍ෂෙප කරන්නෙ හරි බටහිරින් ලැබුණ ද නැද්ද කියන එක මත නෙවෙයි. ඒක අපට ගැලපෙනවාද, ඒක අපට අවශෝෂණය කරගන්න, එහෙම නැත්නම් උරාගන්න, පුළුවන්ද බැරිද කියන කාරණය මත. බටහිර විද්‍යාව අපට ඉගෙන ගන්න පුළුවන්. ඒත් ඒක අපේ චින්තනයට ගැලපෙන්නෙ නැහැ. කාලාම සූත්‍රයෙහි ඇති බටහිර විද්‍යාවක් නැහැ. චුල්ලහත්ථිපදොපම සූත්‍රයෙන් අපට කියන්නෙ අනුමාන මත, එහෙම නැත්නම් බටහිර විද්‍යාවෙ කියන විධියට නම් ප්‍රවාද මත, නිගමනවලට එළඹෙන්න එපා කියලා. අපට බටහිර විද්‍යාවෙ වියුක්ත සංකල්ප නිර්මාණය කරන්න බැහැ. ඒත් මෙයින් කියන්නෙන බටහිර විද්‍යාව ඉගෙන ගන්න එපා කියන එකවත් ඒක යොදාගන්න එපා කියන එකවත් නො වෙයි.


    පක්‍ෂ දේශපාලනයත් අපට ගැලපෙන්නෙ නැහැ. කොටින් ම අපට ඡන්දය ගැලපෙන්නෙත් නැහැ. අපේ ක්‍රමය ජනසම්මතය. ජනසම්මතය කියන්නෙ වැඩිපුර එක ඡන්දයක් ලබපු අය රට පාලනය කරන එක නොවෙයි. අද මහින්ද රාජපක්‍ෂට ලැබුණු ඡන්්ද පනස්අට ලක්‍ෂය කොහේවත් නියෝජනය වෙන්නෙ නැහැ. මේ පනස්අට ලක්‍ෂයට සිංහලයන්ගෙන් බහුතරය අයත්වන බවවත් කියන්නෙ නැහැ. සිංහල බෞද්ධයන්ගෙන් සියයට හැටකට වඩා ඡන්දය දුන්නේ මහින්දට කියන එක මහින්දවත් ඔහු වටේ සිටින ඒකාබද්ධ විපක්‍ෂයෙ කවුරුන්වත් කටඇරලා කියන්නෙ නැහැ. බටහිර පඬියන් ඔවුන්ගෙ කටවල් වහලා. බටහිර මතවාදවලින් අපව පාලනය කෙරෙනවා.


    මේකෙ කරුමෙ කියන්නෙ වෙනත් ඡන්දවලින් දිනපු මෛත්‍රිපාල රනිල් හවුල (නිවැරදිව නම් රනිල්ගෙ ආණ්ඩුව) සිංහල බෞද්ධ ඡන්දවලින් බහුතරය අමතක කරලා සිංහල බෞද්ධ රට වෙනුවෙන් තීරණ ගැනීම. රනිල්ට සිංහල බෞද්ධ රට වෙනුවෙන් තීරණ ගන්න කිසිම අයිතියක් නැහැ. එහෙම කියපු ගමන් පඬියන් කියන්නෙ මේක සිංහල බෞද්ධ රටක් නොවිය යුතුය කියලයි. වලංගු නැති පුස් කෑ සමසමාජයක අනුගාමිකයකු වන ලාල් විජේනායකට ඕන කරන්නෙ මේ ඇතිවිය යුතු සිංහල බෞද්ධකම නැති කරන්න. එයා කැමති ඇති රෝම ලන්දේසි නීතිය යටතෙ මැරෙන කන් නඩු කියන්න. ඔය නීතිය අප දවසක වෙනස් කරන්න ඕන. මේ ගොල්ලන් දඟලන්නෙ අපේ රට ඊනියා අනාගමික රාජ්‍යයක් කරන්න. එහෙත් එහෙම රටවල් කොහෙද තියෙන්නෙ. ඇමරිකාවෙ මුදල් නෝට්ටුවල තියෙන්නෙ අප දෙවියන් කෙරෙහි විශ්වාසය තියෙනව කියලයි. මේ දෙවියන් ශිවවත් විෂ්ණුවත් ඊශ්වරවත් නෙවෙයි. එහෙත් ලංකාව සිංහල බෞද්ධ රටක් කියලා පිළිගන්න අකමැති ලාල් විජේනායක විතරක් නෙවෙයි දෙමළ ජාතිවාදීනුත් ඇමරිකාව ක්‍රිස්තියානි රටක් හැටියට පිළිගන්නෙ නැහැ. ඔවුන්ට ඒක අනාගමික. දෙමළ ජාතිවාදින් යෙහෝවා දෙවියන් ගැන සඳහන්වන මේ සල්ලි හිලරි ක්ලින්ටන්ගෙ ජනාධිපතිවරණ ව්‍යාපාරයට දෙනවා. ලාල් විජේනායකලා ජාතික කොඩියෙ බෝපත් අයින් කරන්න හදනවා. ලාල් විජේනායකලා ධනවාදී රනිල් එක්ක එකතුවෙන්නෙ සිංහල බෞද්ධකම නැතිකරන්න මිස ධනපති ක්‍රමය නැතිකරන්න නෙවෙයි.


    සිංහලයන් එකතුකරන්නෙ මහින්ද ද බැසිල් ද විමල් ද ගෝඨාභය ද දිනේෂ් ද ප්‍රසන්න ද වෙල්ගම ද වෙනත් කවුරුන් ද කියන ප්‍රශ්නෙ අහන්න ඉස්සෙල්ල අහන්න ඕන ප්‍රශ්නය එකතුවෙන්නෙ මොකක් වටා ද කියන එක. අපි පළමුවෙන් එකතුවන්නෙ කුමකට ද යන ප්‍රශ්නයට පිළිතුරක් සොයමු. සිංහලයන් එකතුවිය යුත්තෙ සිංහල බෞද්ධ රාජ්‍යයක් ඇති කරන්න. ඒ රාජ්‍යය ඉතාමත් සාධාරණයි. අප එකතුවන්නෙ සිංහල බෞද්ධ රාජ්‍යය වටා. ඒකෙන් කියන්නෙ සිංහල ක්‍රිස්තියානි අයට හරි දෙමළ මුස්ලිම් අයට හරි මේ රට අයත් නැති බව නෙවෙයි. රුවන්වැලි සෑය ළඟට ගිහිල්ල මේක මගේ උරුමය කියල කියන්න පුළුවන් ඕනම කෙනකුට මේ රට අයිතියි. ගැමුණු කුමරු කිව්වෙ මාගේ මේ ව්‍යායාමය රජකම පිණිස නොව බුදුසසුනේ චිරස්ථිතිය සඳහා කියලයි. අප යටත්විජිතයක් වෙන්න ඔන්න මෙන්න කියලා තියෙන අවස්ථාවෙදි සුද්දන් සමග ගිවිසුමක් අත්සන් කෙළේ ඔවුන් බුද්ධාගම හා දේවාගම සුරක්‍ෂිත කරන බවට පොරොන්දු කරවාගෙන. මේ අවස්ථා දෙක අතරෙ මේ රටේ තිබුණෙ සිංහල බෞද්ධ රාජ්‍යයක්. සුද්දන් යටතේ ඒක ඇංග්ලිකන් ක්‍රිස්තියානි වුනා. නිදහසෙන් පස්සෙ නැවත සිංහල බෞද්ධ වුනේ නැහැ. අපි ඒක දැන්වත් සම්පූර්ණ කරගනිමු ඒ සඳහා එක්වෙමු. මේ ආරාධනය සිංහල ක්‍රිස්තියානි/කතෝලික ජනතාවට මෙන් ම යටත්විජ්ිත විරෝධී දෙමළ මුස්ලිම් ජනයාටත්. අද මේ රටේ යටත්විජිත විරෝධී වෙන්න පුළුවන් ජාතිකත්වය මත මිස කසිකබල් මාක්ස්වාදය මත නෙවෙයි. ලාල් විජේනායකලා පමණක් නොව අනුර දිසානායකලා ද පෙන්වන්නේ එයයි.


    සිංහලයන් සිංහල බෞද්ධ රාජ්‍යය වටා එකතු වූ විට එයට නායකත්වය දෙන්නේ කවුද කියන ප්‍රශ්නය විසඳාගැනීම පහසු වේවි. දැනට අපට කිව හැක්කේ රනිල්වත් මෛත්‍රීපාලවත් චම්පක ඇතුළු ආණ්ඩුවේ එක ඇමතියකුවත් අනුර කුමාරවත් ඒ සඳහා සුදුස්සන් නොවන බවයි.







    මේ ලිපිය ද තවත් ලිපි ද මුහුණු පොතෙන් ද කියවිය හැකි යි.

    (https://www.facebook.com/Nalin-de-Si...8511888194878/)




    නලින් ද සිල්වා


    2016 ජූනි 24
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    කට්ටියක් හිතුවලු පබයෙක් ජනාධිපති කරලා, හොද නැත්නම් දින 100 න් අයින් කරන්න පුළුවන් කියලා...



     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මචං, නමට සිංහල උන පරයන්ට ඕනම දෙයක් මතක සතියයි. ඒ නිසා උන්ට පේන්න මේ thread එක හැමදාම බම්ප් කරන්න ඕනේ.. එහෙම නැත්නම් ආයිත් වෙන්නේ ,

    "අනේ, මං MY3 ට චන්දෙ දුන්නේ, මහින්ද පරද්දන්න නෙමෙයි, නිකන් වෙනසකට වගේ...,"

    "කුඩු දුමින්ද හිරේ දාන්නයි මං MY3 ට දුන්නේ"

    "දින 100යි නේ බං.. එයා හොද නැත්නම් අපි දින 100 න් එයාව අයින් කරනවා"

    "බැසිල් ගහපු කොමිස් වල files ඔක්කොම ගිනි තියාවි, මහින්ද ආවොත්.. ඒ නිසා මං MY3 ට මේ පාර දෙන්නේ, මේ රටේ දූෂණය නැති කරන්න පුළුවන් එයාට විතරක් නිසා"

    "නාමල් ගේ රත්තරන් අස්පයා....." - (එක්කෝ ඒක ඕනේ නෑ..)


    ඔන්න ඔය වගේ excuses දෙන පො@න පුටාලා ටිකට ආයිත් ආයිත් මතක් කරන්න, මේ thread එක දිගටම බම්ප් කරන්න ඕනේ මචන්...

    මේ රට විනාස කරන්න MY3 පබයට චන්දෙ දුන්න උන් හැදිගෑවියන්...
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    sdivaina_logo.gif


    http://www.divaina.com/2016/02/07/politics05.html

    "මේ අතර සුළුතරයකගේ හැර අන් කාගෙ කාගේත් හිතට වධ දුන් තවත් කාරණාවක්‌ වූයේය. ඒ වූ කලී මෙවර නිදහස්‌ උළෙලේදී අපේ ජාතික ගීය දෙමළ භාෂාවෙන් ගායනා කරවන්නට කටයුතු සංවිධානය කිරීමයි. ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවට අනුව එය කළ නොහැක්‌කක්‌ බව සමහර නීතිවේදීන් පෙන්වා දී තිබිණි. ඒත් එය කරවීමට මහා බලවේගයක්‌ රජය තුළත් දෙමළ සමාජය තුළත් සමහර බලවත් රාජ්‍ය නොවන සංවිධාන තුළත් ක්‍රියාත්මක වෙමින් පැවතින. මෙවර නිදහස්‌ උළෙලේදී එය ක්‍රියාත්මක වන බැව් රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ද ඉහළම දෙතුන් දෙනෙක්‌ හැරුණු විට සාමාන්‍ය මෙහෙයුම් බාර නිලධාරීහු කිසිවක්‌ නොදත්හ.

    ජාතික ගීය නිදහස්‌ උළෙලේ ආරම්භයේදී සිංහලෙන් ගයන විට බොහෝ දෙනකු සිතුවේ මෙවර එම උත්සාහය ක්‍රියාත්මක නොවන බවකි. උළෙලේ වැඩ කටයුතු අවසන් වෙමින් තිබිණි. ගීය දෙමළෙන් කීමට සූදානම්ව ආ පාසල් ළමුන් ර`දවාගෙන ඇත්තේ උපක්‍රමිකවය. උත්සවය අවසන් වන බව නිලධාරීන්ට දැණින. උත්සවය අවසන් බැවින් තවත් ළමුන් ර`දවා තබා ගන්නේ මන්දැයි සමහරු අසද්දී තවත් සමහරු කීවේ ජනාධිපති අතින් ත්‍යාග දීමට ඇති නිසා තබාගත් බවයි.

    අන්තිමේ දෙමළ ජාතිsක ගීයට කැ`දවීමක්‌ ලැබිණි. එවිට දෙමළ මන්ත්‍රීවරියන්, මන්ත්‍රීවරු හා එන් ජී ඕ නියෝජිතයන් නව පණක්‌ ලැබ මෙන් ද`ගලන්නට වූහ. ගීය අවසන් වූවා පමණි... එම පිරිස එක පොදියට ගොනු වී සුබ පතා ගන්නට පටන් ගත්හ. සුමන්දිරන් දිව විත් විජයකලාට ''පහක්‌'' දමා සතුට ප්‍රකාශ කළේය. මේ කිසිත් නොදත් සුළු නිලධාරීහු විපිළිසරව බලා සිටියහ...."

    කොහොමද මයිත්‍රී ප@යා ජාතික ගීය දෙමලෙන් කියවන්න දුන්නු ගේම? ඌ අවුරුදු 2ක් ආණ්ඩුවේ ඉන්න ගමන් Viber වලින් චන්ද්‍රිකා එක්ක ආණ්ඩු පෙරලන්න කුමන්ත්රණය කලාට වඩා ලොකු ගේමක් ගහල තියෙන්නේ...
    මේවා දකිනකොට නම් ලේ රත් වෙනවා...
    සිරිසේන, උබට කවදාවත් හොදක් නම් වෙන්නේ නෑ...


    බලා සිටි වෙනස...
     
    Jul 5, 2012
    1,773
    265
    0
    චන්ද දෙකක් පැරදුනානේ. තව කොච්චර ඇඬුවත් 2030 වෙනකන් රාජපස්සලාට නං එන්ඩ බෑ. 2025 වෙනකං යූ එන් පී ආන්ඩුවක් හරි ජාතික ආන්ඩුවක් හරි තමයි. සොරි ඈ. කඳුලු පිහිදාන් පලයන්. ඥෑස් ඥෑස් ගැවට වැඩක් නෑ!
     
    • Like
    Reactions: choppe

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    ජිංතක ජිල්ලබකිට;20356267 said:
    චන්ද දෙකක් පැරදුනානේ. තව කොච්චර ඇඬුවත් 2030 වෙනකන් රාජපස්සලාට නං එන්ඩ බෑ. 2025 වෙනකං යූ එන් පී ආන්ඩුවක් හරි ජාතික ආන්ඩුවක් හරි තමයි. සොරි ඈ. කඳුලු පිහිදාන් පලයන්. ඥෑස් ඥෑස් ගැවට වැඩක් නෑ!
    ඥෑස් ඥෑස් :lol:
     

    dasss

    Well-known member
  • Jul 30, 2015
    3,131
    119
    63
    ජිංතක ජිල්ලබකිට;20356267 said:
    චන්ද දෙකක් පැරදුනානේ. තව කොච්චර ඇඬුවත් 2030 වෙනකන් රාජපස්සලාට නං එන්ඩ බෑ. 2025 වෙනකං යූ එන් පී ආන්ඩුවක් හරි ජාතික ආන්ඩුවක් හරි තමයි. සොරි ඈ. කඳුලු පිහිදාන් පලයන්. ඥෑස් ඥෑස් ගැවට වැඩක් නෑ!

    noka nobi merunath sepai unp anduwak nm.ned?:lol:
     

    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    13599875_1779823235586890_2350564385230989754_n.jpg


    මේ පරයින්ට මෙහෙම වෙලා මදි... ලම්බෝගිනියක් අරන් දීල නෑ මුට..
     
    Status
    Not open for further replies.