මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘

Status
Not open for further replies.

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    image_7de678065d.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රටක් එක්ක සෙල්ලම් කරන දෙපත් නයා සහ ආර්ථික &#34



    හිටන්ගේ අත්සනින් අලුත්ම කැබිනට් පත්‍රිකාවක්

    ඌව වෙල්ලස්ස කාන්තාරයක් කරන්නට අක්කර 62,000ක උක් වගාවක්...
    :eek:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    fea8-1.jpg


    ඔබ අත ඇති මුදල් කොලය දෙස බලන්න. එහි සාමාන්‍යයෙන් අත්සන් දෙකක්‌ තිබේ. එක අත්සනක්‌ මුදල් ඇමැතිවරයාගේය. අනිත් අත්සන මහ බැංකු අධිපතිවරයාගේය. මේ දිනවල ව්‍යවහාරයේ තිබෙන මුදල් නෝට්‌ටු වැඩි ප්‍රමාණයක දක්‌නට ලැබෙන්නේ රවි කරුණානායකගේ සහ අර්ජුන මහේන්ද්‍රන් යන දෙදෙනාගේ අත්සන්ය. ඔබට මොන වගේ ආඩම්බරයක්‌ දැනෙනවා ඇතිද ? අගමැති රනිල් වික්‍රමසිංහගේ ගජමිතුරු මහේන්ද්‍රන් අද රටේත් නැත. ඔහු දැන් අධිකරණයේ වරෙන්තුකරුවෙකි. මාධ්‍ය වාර්තා කර තිබු පරිදි ඔහුට ජාත්‍යන්තර පොලිසිය මගින් රතු වරෙන්තුද නිකුත් කර ඇත. මෙසේ වරෙන්තු නිකුත් කර ඇත්තේ ඔහු අධිකරණය මග හැර සිටින නිසාය. අද රටින් බැහැරව ගොස්‌ අධිකරණ පවා මගහැර සිටින මේ අර්ජුන මහේන්ද්‍රන් රටේ මහ බැංකුවේ අධිපති ලෙස පත් කලේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනය. ඒ අගමැති රනිල් වික්‍රමසිංහගේ වුවමනාවට බව රටම දනී. බැඳුම්කර මගඩිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ විට පාර්ලිමේන්තුවේ විශේෂ ප්‍රකාශ පවා සිදු කරමින්, පාර්ලිමේන්තු වරප්‍රසාද පවා භාවිත කරමින් අද අධිකරණය මගහැර සිටින මහේන්ද්‍රන් රැක්‌කේ කව්ද? ඔහු කළ බැඳුම්කර නිකුතුවේ වරදක්‌ සිදුව නැති බවත් ඒ සම්බන්ධයෙන් වගකීම භාර ගන්නා බව රටටම කීවේ කවුද කියා ජනතාවට මතකය. එසේ අර්ජුන මහේන්ද්‍රන් වෙනුවෙන් ඇප වූ අය අද ඒ ගැන කතාවක්‌ නැතිව සිටී. ඔබ භාවිතා කරන මුදල් කොලයේ ඇති එක්‌ අත්සනක්‌ මේ කියන අර්ජුන මහේන්ද්‍රන්ගෙය. අනිත් අත්සන බැඳුම්කර කොමිසමට කැඳවූ ඒ සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ හිටපු මුදල් ඇමැති රවී කරුණානායකගේය. ඔහුට ඇමති කමින් අස්‌ වන්නට සිදුවූයේද මේ චෝදනා නිසාය. මේ නිසා මෙරට ජනයාට අපේ මුදල් නෝට්‌ටුවේ ඇති මේ අත්සන් දකින දකින වාරයක්‌ පාසා ඇති වන හැගීම ගැන අමුතුවෙන් විස්‌තර කළ යුතු නැත. එසේම බැඳුම්කර මගඩියෙන් ප්‍රතිලාභ ලැබූ තවමත් නම් හෙළි දරව් වී නැති සීතලයින් පිරිසක්‌ද සිටී. දයාසිරි කියන සෙසු මන්ත්‍රීවරුන් අයත් වන්නේ ද මේ සීතලයින්ගේ ගොඩටම බව අපේ හැගීමය.

    fea8 2ශ්‍රී ලංකාවට අවශ්‍ය සැකකරුවකු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා සිංගප්පූරුවේ රැඳී සිටින බව ජාත්‍යන්තර පොලිසිය විසින් ශ්‍රී ලංකාවට නිල වශයෙන් දැනුම් දී ඇතැයි නීතිපති දෙපාර්තමේන්තුව පසුගිය මැයි 24 දා කොටුව මහෙස්‌ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවියට දැනුම් දුන්නේය.මහ බැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් පවරා ඇති නඩුවේ පළමු වන සැකකරු ලෙස නම්කර ඇති හිටපු මහ බැංකු අධිපතිවරයා ශ්‍රී ලංකාවට උධර්පනය කර ගැනීම සඳහා අවශ්‍ය නීතිමය පියවර තම දෙපාර්තමේන්තුව විසින් ගෙන ඇතැයි ද නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ මහතා එහිදී අධිකරණයට දැනුම් දුන් බව මාධ්‍ය වාර්තා කර තිබිණි. එහෙත් බැඳුම්කර කොමිසම පැවැති සමයේ ඔහුට රටින් බැහැරවීමට නොහැකි වන ලෙස නිසා පියවර ගත්තා නම් අද ඔහු අල්ලා ගැනීමට මෙතරම් දැඟලීමේ අවශ්‍යතාවක්‌ මතු නොවනු ඇත.

    රට තුළ ඉමහත් ආන්දෝලනයට තුඩු දුන් බැඳුම්කර මගඩියට සම්බන්ධ වී ඇති ප්‍රධාන සමාගම හිටපු මහ බැංකු අර්ජුනමහේන්ද්‍රන්ගේ බෑනාට අයත් පර්පෙචුවල් ට්‍රෂෙරීස්‌ සමාගමයි. මේ පර්පෙචුවල් ට්‍රෂෙරීස්‌ සමාගම් සමූහයට අයත් සමාගමකින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා රුපියල් මිලියනයක චෙක්‌පතක්‌ ලබාගෙන ඇති බවට අධිකරණය ඉදිරියේ කරුණු වාර්තා වීමත් එසේම එම මුදල් ලබාගත් වෙනත් මන්ත්‍රීවරුන්ගේ ද නම් හෙළිදරව් කරන බවටපසුව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කිරීමත් සමග දේශපාලන ලෝකය ද උණුසුම් විය. ඒ ගැන තවමත් පුවත් පළ වෙමින් තිබේ. පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා රුපියල් මිලියනයක චෙක්‌පතක්‌ ලබාගෙන ඇති බව ද ඇතුළත් අදාළ වාර්තාව අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශය විසින් ඉකුත් මැයි 24 වැනිදා කොළඹ මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර තිබිණි. රහස්‌ පොලිස්‌ වාර්තාවේ සඳහන් වන අන්දමට හේරත් මුදියන්සේලාගේ අමිල කුමාර හේරත් යන අයගේ සාක්‌ෂිවලින් ඔහු සඳහන් කර ඇත්තේ එවකට වයඹ පළාත් ප්‍රධාන අමාත්‍යවරයාව සිටි වර්තමාන පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර වෙත කුරුණෑගල ලංකා බැංකු ශාඛාවෙන් චෙක්‌පත මුදල් කර භාර දුන් බවයි. වෝල්ට්‌ ඇන්ඩ් රෝ නම් සමාගමට අයත් ලංකා බැංකුවට අයත් ජංගම ගිණුම් අංක 0073900773 දරන ජංගම ගිණුමෙන් නිකුත් කරන ලද අංක 566635 දරන 2015.07.10 දිනැති චෙක්‌ පත්‍රයේ අන්තර්ගතය අනුව එය රු. මිලියනයක්‌ වටිනා මුදල් චෙක්‌ පතකි. එය අමිල කුමාර විසින් 2015 ජුලි මස 13 වැනි දින මුදල් කර ගැනීමෙන් පසු දයාසිරි ජයසේකර මහතාට භාරදුන් බවට කරුණු හෙළිදරව් වී ඇතැයි අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළවාර්තාවේ සදහන් කර තිබේ.

    මෙකීවාර්තාව මගින් උසාවියේ විභාග වන සිද්ධියට අදාළ තුන්වැනි සැකකාර සමාගම වන පර්පෙචුවල් ට්‍රෙෂෙරීස්‌ සමාගම විසින් උපයා ගන්නා ලද මුදල් නීති විරෝධී ආකාරයෙන් විවිධ පුද්ගලයන් වෙත බැහැර කර තිබේ ද යන්න ගැන විමර්ශනයක්‌ සිදු කිරීමට අවශ්‍ය බව ද අපරාධ පරීක්‌ෂණ දෙපාර්තමේන්තුව විසින් වැඩිදුරටත් අධිකරණයට දැනුම් දී තිබේ. තමාට ලැබුණු චෙක්‌පතක්‌ මාරුකරගත් බව දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයා විසින් පාර්ලිමේන්තුවේදී පිළිගෙන ඇති අතර ඔහු පවසා ඇත්තේ එය අත්සන් කර තිබුණේ අර්ජුන් ඇලෝසියස්‌ ද වෙනත් අයකු ද යන්න කියා තමා නොදන්නා බවයි. රුපියල් මිලියනයක්‌ වටිනා චෙක්‌පතක්‌ ලැබුණේ කාගෙන්ද යන්න නොදැන මුදල් කිරීමට දුන්නේය යන්න පිළිගත හැකි කතාවක්‌ද ? එය මහජනතාව විනිශ්චය කරනු ඇත. දයාසිරි මන්ත්‍රීවරයා කියූ තවත් කතාවක්‌ ද මාධ්‍ය වාර්තා කර තිබුණි. ඒ අනුව ඉකුත් මැයි 29 වැනිදා 'දිවයින' ප්‍රධාන පුවතේ මෙසේ සදහන් විය.

    'මහ බැංකු බැඳුම්කර වාර්තාවේ මෙතෙක්‌ හෙළි නොකළ පිටුවල අර්ජුන ඇලෝසියස්‌ගෙන් මුදල් සහ විවිධ වරප්‍රසාද ලබාගත් 118 දෙනාගේ නම් ඇති බවත් ජනාධිපති ලේකම්වරයා එම නම් හෙළි නොකර සඟවාගෙන සිටින බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා ඊයේ (28 වැනිදා) මාධ්‍ය හමුවේ කියා සිටියේය.

    එම 118 දෙනා රටට හෙළි කිරීමට ඉදිරි දින දෙක ඇතුළත තොරතුරු දැන ගැනීමේ පනත හරහා ජනාධිපති ලේකම්වරයාට ලි�ත ඉල්ලීමක්‌ කරන බවද මන්ත්‍රීවරයා කීය.

    මැතිවරණයකදී එදා පටන් සෑම ඡන්ද අපේක්‌ෂකයකුටම විවිධ ව්‍යාපාරිකයන්ගෙන් සහ හිත මිතුරන්ගෙන් උපකාර සහ මුදල් ලැබෙන බවත් තමාට අර්ජුන ඇලෝසියස්‌ ලක්‌ෂ දහයක චෙක්‌පතක්‌ ලබාදුන්නේ අල්ලසක්‌ ලෙස නොවන බවත් නිදහස්‌ මාධ්‍ය කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවකදී මන්ත්‍රීවරයා පැවසීය. එහිදී හෙතෙම වැඩිදුරටත් මෙසේ ද කියා සිටියේය.

    අර්ජුන ඇලෝසියස්‌ මගේ මැතිවරණ කටයුතුවලට මුදල් දුන්නා. අධිකරණයේ වාර්තා වූ පරිදි ඔහු මා අමතා තිබෙන්නේ 2015 ජුලි 10 වැනිදා. ඔහුගෙන් ලැබුණු රුපියල් දසලක්‌ෂයේ මුදල් චෙක්‌පත මා මාරු කරවාගෙන තිබුණේ 2015 ජූලි 13 වැනිදා. ඒ වන විට මා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුවත් කෝප් කමිටු සාමාජිකයකුවත් නොව මන්ත්‍රීධුර අපේක්‌ෂකයෙක්‌ පමණයි. 2015 අගෝස්‌තු 17 වැනිදා තමා මන්ත්‍රීවරයෙකු ලෙස තේරී පත් වුණේ. මහ බැංකු බැඳුම්කර වංචාව වනවිට මා සිටියේ වයඹ මහ ඇමැති ලෙසයි.

    මේ බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශනය කළ කෝප් කමිටුවේ සාමාජිකයකු ලෙස මා කටයුතු කළා. කෝප් කමිටු විභාගය පැවැත්වෙන විට ඇලෝසියස්‌ මට කතා කර උදව් කරන්න කියා ඉල්ලා සිටියත් මම ඒ සඳහා ඉදිරිපත් වුණේ නැහැ.

    අල්ලසක්‌ වශයෙන් මා මුදල් ලබා ගත්තේ නැහැ. එහෙත් කෝප් කමිටු වාර්තාවට අත්සන් කිරීමට පවා රන්ජන් රාමනායක මහතා ආවේ නැහැ. තවත් සමහරු බැඳුම්කරය පිළිබඳ පොත් පවා ලිව්වා.

    ආණ්‌ඩුවෙන් ඉවත් වුණ නිසා මා ඇතුළු 16 දෙනාට විශාල මඩ ප්‍රචාරයක්‌ සිදු කරන්න එක්‌සත් ජාතික පක්‌ෂය කටයුතු කරමින් සිටිනවා. ඇලෝසියස්‌ සමඟ ගනුදෙනු කරපු 118 දෙනා ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. ඔවුන් පිළිබඳව බැඳුම්කර වාර්තාවේ මෙතෙක්‌ හෙළි නොකළ පිටුවල සියලු විස්‌තර තිබෙනවා. ඒ නිසා වහාම මේ පිටු එළියට ගෙනත් ඒ සියලු දෙනාම රටට හෙළි කරන ලෙස ජනාධිපති ලේකම්ගෙන් ඉල්ලා සිටිනවා.

    දයාසිරි මන්ත්‍රීවරයා කියන පරිදිම මේ සියලු දෙනාම රටට හෙළි කළ යුතුව තිබේ. මේ ගැන මහජනතාව දැනගත යුතුව තිබේ. තවදුරටත් මේ අයට සීතලයින් ලෙස සැඟවී සිටින්නට ඉඩ දීම කිසිසේත්මඅනුමත කළ නොහැකිය. දයාසිරි මන්ත්‍රීවරයා දැන් මොනවා කීවත් ඔහු පසුව හෝ කෝප් සාමාජිකයෙකු ලෙස කටයුතු කළේ අදාළ මුදල් ලබා ගැනීමෙන් පසුවය. අඩු තරමේ කෝප් කමිටු සාමාජිකත්වයෙන් ඉවත්ව සිටීමේ සදාචාරයක්‌ හෝ ඔහු අනුගමනය නොකළ බව දැන් පැහැදිලිය. දයාසිරි මන්ත්‍රීවරයාගේ ඉහත සදහන් මාධ්‍ය ප්‍රකාශයෙන් පසු ජනාධිපති ලේකම් ඔස්‌ටින් ප්‍රනාන්දු මහතා ද මාධ්‍යට ප්‍රකාශයක්‌ කර තිබුණි. ඒ අනුව ඔහු කියා තිබුණේ දයාසිරි මන්ත්‍රීවරයා මෙසේකීවත් අර්ජුන් ඇලෝසියස්‌ගෙන් මුදල් ලබාගත් බව කියන 118 දෙනාගේ ලැයිස්‌තුව සඟවා තබා ගැනීමට තමාට අවශ්‍ය නැති බවත් එවැන්නක්‌ තිබෙනවාදැයි සොයා බලා අද හෙටම දැනුම් දෙන බවත් ය. ජනාධිපති ලේකම්වරයා වැඩිදුරටත් මෙසේද පවසා තිබුණි.

    'එම නම් ලැයිස්‌තුව මා ළඟ සඟවා තිබෙන බවට දයාසිරි ජයසේකර මහතා කර තිබෙන ප්‍රකාශය මාධ්‍ය මගින් මා දුටුවා. මම මේ ගැන දයාසිරිගෙන් ඇහුවා. එවැන්නක්‌ කාර්යාලයේ තිබෙන බවට හැඟවෙන ප්‍රකාශයක්‌ කළ බව ඔහු පැවසුවා. මෙහෙම දෙයක්‌ මා දන්නේ නැහැ. මෙම කාර්යාලයෙන් අයින් වෙලා ගිය අයත් ඉන්නවා. සමහරවිට ඔය නම් ලැයිස්‌තුව පටිගත කරපු කතාවක සඳහන් වෙන්නත් බැරි නැහැ. මෙම කතාවේ සැබෑ තත්ත්වය සොයා ගන්න ඕනෑ. ඒ ගැන සොයා බලා ඉදිරියේදී මාධ්‍ය මගින් ඒ පිළිබඳව දැනුම් දෙන්නම්.'

    මේ අතර ආණ්‌ඩුවෙන් ඉවත් වූ ශ්‍රීලනිප 16 කල්ලියේ සාමාජික එස්‌. බී දිසානායක මහතා පසුගියදා මාධ්‍යට ප්‍රකාශ කලේ මහින්ද රාජපක්‌ෂ මහතා සමඟ සාකච්ජා කර ප්‍රබල විපක්‌ෂයක්‌ ලෙස කටයුතු කිරීමේ එකඟත්වයක්‌ ඇති කර ගත් බවයි. මෙය පොහොට්‌ටුවට ජන්දය දුන් බැඳුම්කර මගඩියට එරෙහි ජනතා අපේක්‌ෂාවන්ට කෙතරම් එකඟද යන්න ද අවධානයට ගත යුත්තකි. එසේම දයාසිරි ජයසේකර මන්ත්‍රීවරයාද මේ ශ්‍රීලනිප මන්ත්‍රී කණ්‌ඩායමේ නිසා මහින්ද රාජපක්‌ෂ මහතාගේ නායකත්වයෙන් යුත් ඒකාබද්ධ විපක්‌ෂය සැබෑ ලෙස බැඳුම්කර මගඩියට විරුද්ධ ද යන ප්‍රශ්නයද මතු වෙයි. ඒ ගැන ඒකාබද්ධ විපක්‌ෂයද වහාම ජනතාවට ප්‍රකාශයක්‌ කළ යුතු බව අපේ හැඟීමය. එසේ නැතහොත් ඒකාබද්ධ විපක්‍ෂයේ මැතිවරණ ජයග්‍රහණයකින් පසු බිහිවන අලුත් රජයක්‌ යටතේ ද බැඳුම්කර මගඩියට එරෙහිව නිසි පියවර ගනු ඇතිද යන්න ගැන සැකසංකා මතුවීම වැළැක්‌විය නොහැකිය.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    p1-5.jpg


    ඉකුත් මැතිවරණ සමයේදී අර්ජුන් ඇලෝසියස්‌ තමාටද රුපියල් ලක්‍ෂයක පමණ මුදලක්‌ ලබාදුන් බව ඇමැති සරත් ෆොන්සේකා මහතා පැවැසීය.

    තමා එම මුදල මැතිවරණ කටයුතු වෙනුවෙන් යොදා නොගත් බවත් එය වෙනත් පක්‍ෂයක ආධාරකරුවන්ට ලබාදුන් බවත් හෙතෙම සඳහන් කර සිටියේය.

    ඊයේ (30 දා) මහනුවර ප්‍රදේශයේ සංචාරයක්‌ අතරතුර මල්වතු අස්‌ගිරි මහ නාහිමිවරුන් බැහැදැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස්‌ දක්‌වමින් හෙතෙම මේ බව කියා සිටියේය.

    එහිදී වැඩිදුරටත් අදහස්‌ දැක්‌වූ ඇමැති සරත් ෆොන්සේකා මහතා මෙසේද කීවේය.

    මගේ අමාත්‍යාංශයේ වැඩකටයුතු කිරීමට මුදල් හිඟයි කියලා මාධ්‍ය වාර්තා පළවුණා. නමුත් කිව යුතුයි එක්‌සත්ජාතීන්ගේ සංවිධානයෙනුත් මගේ අමාත්‍යාංශයට මුදලක්‌ හිමිව තිබෙනවා.

    මුදල් හිඟකමක්‌ නොමැති වුවත් පිරිස්‌ බලයේ යම් හිඟතාවයක්‌ තිබෙනවා. ඒවා ඉදිරියේදී පිරවිය යුතුයි.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සමහර දේශපාලකයන්ට රාජ උෂ්ණය වැදුනම තමන් කවුද කියලවත් මතක නෑ. ත්‍රස්‌ත යුද සමයේදී කැබිතිගොල්ලෑවේ බස්‌ බෝම්බයෙන් 66 ක්‌ අමු අමුවේ මරා දැමීම.

    අරංතලාවේදී 26 ක්‌ සංඝරත්නය ඝාතනය කිරීම, දළදා මාලිගාවට බෝම්බ ගැසීම, සිරිමා බෝ සමිඳු ඉදිරියේ පෙහෙවස්‌ සමාදන්ව සිටි 124 ක්‌ දෙනා මරාදැමීම, දියතිත්තවැවට වස දැමීම මෙවැනි අනත්ත අපරාධ කළ ප්‍රභාකරන් වර්තමාන දේශපාලකයන්ට මහත්මයා වෙලා ජනාධිපතිතුමා යුද්ද කරල රට බේරල දුන්නායින් පස්‌සේ එදා හැංගිලා හිටපු මිනිස්‌සු අද රජවෙලා. ඒකනෙ මේ අයට ප්‍රභාකරන් මහත්තයා වෙලා තියෙන්නේ. කතාවක්‌ තියෙනවා නරියා රජවුණත් උගේ නරි හඬින් මිදෙන්න බෑ කියල. දැන් සමහර අයට වෙලා තියෙන්නෙත් ඒකයි. අනුරාධපුර සාම විහාරාධිපති උතුරු මැද ප්‍රධාන අධිකරණ සංඝනායක මහවිලච්චියේ විමල හිමියෝ සාමවිහාරයේදී පැවැති මාධ්‍ය හමුවේදී පැවසූහ.

    සමහර අයට ජාතියත් ජම්මයක්‌ නෑ. ඔවුන්ගේ අක්‌මුල් සිඳිලා ඕපපාතික වෙලා. අම්මා, අප්පා, ජාතිය, ආගම, භාෂාව, දේශය අඳුරන්නෙ නෑ. රජ ඔටුන්න ඔළුවට දමා ගත්තම ඇත්ත නැත්ත පේන්නෙ නෑ.

    අද මේ රටේ ස්‌වාභාවික ධර්මය විකෘතිවෙලා තියෙන්නේ. පාලකයන් කරගෙන යන දේශෙද්‍රdaහී ජාති ෙද්‍රdaහී වැඩ නිසයි. පාලකයා ධර්මිෂ්ට වුණාම රට සෞභාග්‍යවත් වෙනවා. පාලකයා අධර්මිෂ්ඨ වුණාම රට පිරිහෙනවා. අද රටට සිද්ධ වෙලා තියෙන්නෙ ඒකයි. විමල නාහිමියෝ වැඩිදුරටත් පැවසූහ.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින අර්ජුන් ඇලෝසියස්‌ට අයත් කොළඹ 02, පාක්‌ ලෑන්ඩ් ගොඩනැඟිල්ලේ පිsහිටි පර්පචුවල් ට්‍රෙෂරීස්‌ ප්‍රධාන කාර්යාලයේ තිබූ බැඳුම්කර වංචාව සම්බන්ධ රහස්‍ය ලිපි ලේඛන කීපයක්‌ ඊයේ (30 දා) අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව බාරයට ගනු ලැබුවේය.

    බැඳුම්කර වංචාවට සම්බන්ධ රහස්‍ය ලිපි ලේඛන සොයා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව පර්පචුවල් ට්‍රෙෂරීස්‌ ප්‍රධාන කාර්යාලයේ සිදු කළ පුළුල් සෝදිසි මෙහෙයුමකින් මෙම ලිපි ලේඛන සොයා ගැනීම සිදුකර ඇත.

    සිද්ධියට අදාළ කොටුව මහෙස්‌ත්‍රාත් අධිකරණය වෙතින් ලබාගත් සෝදිසි වරෙන්තුවක්‌ අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (30 දා) පෙරවරුවේ සිට රාත්‍රි 10 පමණ දක්‌වා මෙම සෝදිසි මෙහෙයුම සිදු කළේය.

    බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් විමර්ශන කටයුතු සිදු කිරීමත් සමඟ මෙම කාර්යාලය වසා දමා තිබිණි.
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113


    කථානායකතුමනි මම දන්නේ නැහැ දින 100යේ වැඩසටහන හැදුවේ කවුද කියලා :lol:


    මූ බබා..තවම කුක්කු බොන්නේ
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඇලෝසියස්‌ගෙන් මුදල් ගත් ලේඛනාරක්‌ෂකයට ගිය 118 නම් ගන්න වසර 30 ක්‌ යයි​


    අර්ජුන ඇලෝසියස්‌ මහතාගෙන් මුදල් සහ නිවාස ලබාගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 118 ගේ නම් ලැයිස්‌තුව ඇතුළත් බැඳුම්කර ගනුදෙනුවට අදාළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභා වාර්තාව දැන් තිබෙන්නේ ජාතික ලේඛනාරක්‌ෂක දෙපාර්තමේන්තුව භාරයේ බව ජනාධිපති ලේකම් ඔස්‌ටින් ප්‍රනාන්දු මහතා ඊයේ (31දා) 'දිවයින'ට කීවේය.

    එම වාර්තාව ජනාධිපති ලේකම් කාර්යාලය විසින් මීට මාස ගණනාවකට පෙර ලේඛනාරක්‌ෂක දෙපාර්තමේන්තුවට භාරදුන් බවද එම දිනය කවදාදැයි ස්‌ථිර වශයෙන් කිව නොහැකි බවද ජනාධිපති ලේකම්වරයා ප්‍රකාශ කළේය.

    මෙම වාර්තාව ජාතික ලේඛනාරක්‌ෂක දෙපාර්තමේන්තුවේ තිබෙන බව දැනගත් තමන් අදාළ මන්ත්‍රීවරුන් 118 දෙනාගේ ලැයිස්‌තුව ඉල්ලා සිටි නමුත් එය ලබාදිය හැක්‌කේ අවුරුදු තිහකට (30) පසුව බව එම දෙපාර්තමේන්තුව විසින් පැවසූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා 'දිවයින'ට කීවේය.

    අදාළ නම් ලැයිස්‌තුව ලබා ගැනීමට අවුරුදු තිහක්‌ බලා සිටීමට අවශ්‍යතාවක්‌ නැතැයි පැවසූ දයාසිරි ජයසේකර මහතා එය ඉක්‌මනින් ලබාගත හැකි ක්‍රමවේද ඇති බවද කීය.

    අප මේ පිළිබඳව තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවේ අධ්‍යක්‌ෂ ජනරාල් පියතිස්‌ස රණසිංහ මහතාගෙන් විමසා සිටියෙමු.

    ලේඛනාරක්‌ෂක නීතියට අනුව ජනාධිපති කොමිෂන් සභාවක වාර්තාවක්‌ බාහිර පාර්ශ්වයන් වෙත නිකුත් කිරීමට ජාතික ලේඛනාරක්‌ෂක දෙපාර්තමේන්තුවට හැකියාව තිබෙන්නේ වසර තිහකට පසුව බව රණසිංහ මහතා ප්‍රකාශ කළේය.

    ජනාධිපති විමර්ශන කොමිෂන් සභාව විසින් මෙම වාර්තාව භාරදී තිබෙන්නේ ජනාධිපති ලේකම් කාර්යාලයට බැවින් පළමුව එම කාර්යාලයේ තොරතුරු නිලධාරියාගෙන් අදාළ වාර්තාව හෝ එහි කොටස්‌ තොරතුර දැන ගැනීමේ පනත යටතේ ඉල්ලා සිටීමට ඕනෑම කෙනකුට අයිතිය ඇතැයිද රණසිංහ මහතා කීවේය.

    අදාළ තොරතුරු ලබාදීම එම නිලධාරියා ප්‍රතික්‌ෂේප කළොත් ජනාධිපති ලේකම්වරයා වෙත අභියාචනයක්‌ ඉදිරිපත් කිරීමට තොරතුරු ඉල්ලුම්කරුට අයිතිය ඇතැයිද හෙතෙම කීවේය.

    ජනාධිපති ලේකම්වරයාද සති තුනක්‌ ඇතුළත අදාළ තොරතුරු ලබා නොදෙන්නේ නම් තොරතුරු දැන ගැනීමේ කොමිසම වෙත යළි අභියාචනයක්‌ ඉදිරිපත් කිරීමට ඉල්ලුම්කරුට අවස්‌ථාව තිබෙන බව කී අධ්‍යක්‌ෂ ජනරාල්වරයා එහිදී අදාළ පාර්ශ්වයන් කැඳවා මේ පිළිබඳ විමසීමක්‌ කරනු ඇතැයි ප්‍රකාශ කළේය.


    නූතන ලිඡ්චවි පාලනය

    සමගිව රැස් වෙමු

    සමගිව බැංකු කඩමු

    සමගිව බෙදා ගමු

    සුරකිමු හොරු සැමදා




    හොරුන්ගේ නම් හෙළිකිරීම ජාතික ආරක්ෂාවට තර්ජනයක්,මුන් එහෙම කිව්වොත් පුදුම වෙන්න එපා.​
     
    Status
    Not open for further replies.