මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘

Status
Not open for further replies.

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ccc-13-06-2018-1.jpg
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සිය පුත්‍රයා පැදවූ කැබ් රිය අනතුරකට ලක්වීමෙන් පසු ඇතැම් 'මාධ්‍ය' තමන්ට එළව එළවා පහරදෙන බව ඇමැති රංගේ බණ්ඩාර පවසා තිබුණේ මෙවර පහ වසර ශිෂ්‍යත්ව විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් සංවිධානය කර තිබූ අධ්‍යාපන වැඩසටහනකට සහභාගි වූ අවස්ථාවේදීය. ඇමැතිවරයා එහිදී අවධාරණය කර තිබුණේ ව්‍යාපාරිකයන්ගේ හමුවකට සහභාගි වී පෙරළා නිවෙස බලා එමින් සිටියදී අනතුර සිදුවී ඇති බවත්, රිය
    ඇතුළේ තිබි හමුවූ වොඩ්කා ලේබලය සහිත බෝතලයේ පුරවා තිබී ඇත්තේ උණුකර නිවාගත් ජලය බවත්ය
    . පොඩි පරහකට ඇත්තේ අනතුර සිදුවන අවස්ථාවේ සිය පුත්‍රයා බීමත්ව සිටියාද? නැද්ද? යන්න ඇමැතිවරයා පවසා නොතිබීමය. වාහනයේ තිබී හමුවූ කඩුව සහ විකට් පොල්ල අනතුර සිදුවූ පසු පුත්‍රයාට පහරදීමට පැමිණි පිරිස විසින් කැබ් රිය ඇතුළට දමා ගොස් ඇත.

    ඊට පෙර යශෝධ පුත්‍රයා අතින් රිය අනතුරු දෙකක් සිදුවූ බව කීම පල් බොරුවකි. ඒ රිය අනතුරු සිදුවී ඇත්තේ වෙනත් දෙදෙනකු අතිනි. පුත්‍රයා පැදවූ වාහනය රජයට අයත් වුවද ඇමැතිවරයාගේ මාධ්‍ය ලේකම්වරයකුට රජයේ නිල වාහනයක් ලබාදීම රාජ්‍ය දේපළ අවභාවිතයක් නොවන බවද හෙතෙම එහිදී කියා තිබිණි.

    පොලිසියේ හිටපු නිලධාරියකු නිසා පොලිසියේ පැටිකිරිය ඇමැතිවරයාට කියාදිය යුතු නැත.

    මාධ්‍යකරුවන් හැටියට මාධ්‍යයේ කෙරුවාව ගැන අවබෝධයක් අපට ඇත. එනිසා ඇමැතිවරයා පවසන ආකාරයට පොලිසිය නීතිය නැව්වාද? මාධ්‍ය; කෙන්ද කන්ද කළාද යන්න පිළිබඳ සහතික දීමට යන්නේ නැත. එහෙත් පොලිසියට හා මාධ්‍යට 'වරද' පටවා ගැලවී යෑමට ඇමැතිවරයාට ඉඩ දිය නොහැකිය.

    ලංකාවේ තිබෙන ඉහළම පාසල ලෙස සැලකෙන රාජකීය විද්‍යාලයට පමණක් නොව පිටරටකටද යවා පුත්‍රයාට ඉගැන්වුවද ඇමැතිවරයාට නිවනක් ලැබී නැත. ඔහුම පවසා ඇති පරිදි සිතාමතා හෝ නොසිතා හෝ දරුවන් කරන වැරැදිවලට බැනුම් ඇසීමට සිදුවන්නේ මවුපියන්ටය. සහජාත හෝ අතිජාත දරුවන් වෙනුවට අවජාත දරුවන් සමාජයට දායාද කිරීමේ වරද මවුපියන් භාරගත යුතුය. මෙවැනි ජරාජීර්ණ සමාජයක 'හොඳ' දරුවකු හදාවඩා ගැනීම ලෙහෙසි පහසු ද නැත. එහෙත් දේශපාලනඥයන් සිය දරුවන්ට වඩාත් ආදර්ශවත්ව විනයගරුකව සමාජයේ හැසිරීම ගැන වඩාත් උනන්දු විය යුතුය. පළාත් පාලන මන්ත්‍රිවරුන්ගේ දරුවන්ගේ සිට ජනාධිපතිවරුන්ගේ දරුවන් දක්වා විවිධ ප්‍රශ්නවලට ඔවුන් මැදිවීම කලෙක සිට දකින්නට ලැබෙන්නකි. එනිසා ඇමැති රංගේ බණ්ඩාරගේ පුත්‍රයා පමණක් දඬුකඳේ ගැසීමේ අවශ්‍යතාවක් අපට නැත. ප්‍රශ්නය වන්නේ දරුවකු අතින් වරදක් වූ විට ඒ වරද පිළිගැනීමට තරම් දේශපාලනඥයන් නිහතමානී නොවීමය. පොලිසිය හෝ මාධ්‍ය හෝ පක්‍ෂග්‍රාහීව වැඩ කරනවා විය හැකිය. එහෙත් ඒ පිට තියා අත සෝදා ගැනීම
    මැති-ඇමැතිවරුන්ට තරම්
    නොවේ.

    මහදවල් ඡන්ද කොල්ලකා ජනතාව ඉදිරියට පැමිණ 'ප්‍රජාතන්ත්‍රවාදයේ මුර බල්ලන්, මෙන් හැසිරෙන, මහදවල් ජනතා මුදල් කොල්ලකා 'පිරිසුදු මහත්වරුන්' ලෙස පෙනී සිටින දේශපාලන චෞරයන් අතරේ දරුවන් අතින් සිදුවන 'වැරැදි' සාධාරණීයකරණය කරන දේශපාලනඥයන් සිටීම පුදුමයට කරුණක් නොවේ.

    පුදුම විය යුත්තේ මේ අශිෂ්ට දේශපාලන සංස්කෘතිය පවත්වාගෙන යන ඊනියා දේශපාලනඥයන්ගේ දරුවන් මෙලෙස නොහැසිරෙන්නේ
    නම් ය.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මියගිය කොටි වෙනුවෙන් වන්දි ගෙවීමට ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාව

    යුද සමයේ ගැටුම්වලින් පීඩාවට පත්වූවන්ට වන්දි ගෙවීම යටතේ යුද්ධයේදී මිය ගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයින් වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන්ටද වන්දි ගෙවීම සඳහා පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ ඇමති ඩී.එම්.ස්වාමිනාදන් මහතා විසින් ඉදිරිපත් කරන ලද කැබිනට් පත්‍රිකාවට ඇමතිවරුන් කිහිප දෙනෙකු විරෝධය පළ කර ඇතැයි වාර්තාවේ.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද (12) පැවති කැබිනට් රැස්වීමේදී ඇමතිවරයා මෙම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

    යුද්ධයේදී මිය ගිය සිවිල් වැසියන්ට , හානි වු ආගමික ස්ථානවලට හා ගැටුමින් මිය ගිය එල්.ටී.ටී.ඊ සටන් කරුවන් වෙනුවෙන් ඔවුන්ගේ ඥතීන්ට වන්දි ගෙවීමට අවසර ඉල්ලා මෙම කැබිනට් පත්‍රිකාව ඉදිරිපත් කර තිබූ බව වාර්තා වේ.

    ස්වාමිනාදන් ඇමතිවරයා මීට මාස කිහිපයකට ඉහතදී ද මෙම යෝජනාව ඉදිරිපත් කර තිබූ අතර යුද්ධයේදී මිය ගිය එල්.ටී.ටී.ඊ සාමාජිකයින් වෙනුවෙන් ඔවුන්ගේ ඥතීන්ට වන්දි ගෙවීමේ යෝජනාවට එහිදී ද ඇමතිවරුන් විරෝධය පළ කර තිබේ.

    මෙම කැබිනට් පත්‍රිකාව අද සාකච්ඡාවට ගත් අවස්ථාවේදී ඊට විරෝධය පළකර ඇති ඇමතිවරයෙකු ප්‍රේමදාස හිටපු ජනාධිපතිවරයා , ලලිත් ඇතුළත් මුදලි සහ ගාමිණි දිසානායක යන නායකයින් ඝාතනය කරන ලද එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදීන් වෙනුවෙන්ද මෙම වන්දි මුදල් ගෙවන්නේ දැයි ප්‍රශ්න කර ඇති බව දැන ගන්නට තිබේ.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    Edath adath kiyanna thiyenne me para mage chande my3 ta

    මෛත්‍රී පාලනයක්...!!!

    jaya wewa

    මෛත්‍රී යුගයට පෙලගැහෙමු
    :lol::lol::lol::lol::lol:
    කොසොල් රජු -
    "මහ ගැල්වල පළපුරුදු නැති ළපටි ගොනුන් බැද තිබුණා. එම ළපටි ගොනුන්ට ගැල් ඇද ගන්න බැරිව ගැල් ටික ඔක්කොම නතර වෙලා තිබුණා"

    බුදුන් වහන්සේ -
    අනාගතයේ දැන උගත්කම් නැති මැති ඇමති වරු පාලන තන්ත්‍රයට පත්වෙයි. දස්කම් ඇති බුද්ධිමත් අයට තැන නොලැබෙයි. දැන උගත්කම් නැති නූගත් අය පාලන තන්ත්‍රයට එක්වීම නිසා රටේ පාලන තන්ත්‍රය අවුල් වෙයි.

    :love::love:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    සිංගප්පුරු ගිවිසුම හරහා ලංකාව ආසියාවේ කුණු ගොඩ බවට පත්කරන්න ආණ්ඩුව කටයුතු කරනවා - වසන්ත සමරසිංහ

    සිංගප්පූරු වෙළෙඳ ගිවිසුමට අදාළවන බදු පනත් දෙකක් පාර්ලිමේන්තුව මගින් සම්මත කර ඇත්තේ එම වෙළෙඳ ගිවිසුම අත්සන් කිරීමෙන් පසුව බව ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික වසන්ත සමරසිංහ පවසනවා.

    මෙහිදී වසන්ත සමරසිංහ කියා සිටියේ මෙම ගිවිසුම මගින් ඉදිකිරීම් ක්‍ෂේත‍්‍රය, බලශක්ති ක්‍ෂේත‍්‍රය පරිසර ක්‍ෂේත‍්‍රය, මූල්‍ය ක්‍ෂේත‍්‍රය, බුද්ධිමය දේපළ වෙළඳ ප‍්‍රචාරණය, නිෂ්පාදන ක්‍ෂේත‍්‍රය, විද්‍යා හා තාක්‍ෂණ, සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්ත, ප‍්‍රවාහන හා යටිතල පහසුකම් ඇතුළු ක්‍ෂේත‍්‍ර ගණනාවක් ආවරණය වෙන බවයි.

    ගිවිසුමට අනුව සිංගප්පූරුවට අපේ රටේ සියලූම ආර්ථික ක්‍ෂේත‍්‍රයන්වලට මැදිහත්වීමට අවස්ථාව උදාවනවා. ඊට අමතරව මෙම සිංගප්පුරු ගිවිසුමට ආණ්ඩුව අපද්‍රව්‍ය වර්ග 64ක් ලංකාවට ගෙන ඒමේදී බදු නිදහස් කොට තිබෙන බවයි.

    " ඇතැම් අපද්‍රව්‍ය පරිසරයට මුදා හරින්න බැහැ. ලොකයේ අපද්‍රව්‍ය බැහැරකිරීම් පිළිබඳව සීමා තිබෙනවා. එසේ තිබියදී මෙම ගිවිසුම මගින් ලංකාව ආසියාවේ කුණු වළ බවට පත්කරන්න අවස්ථාව හදලා දීලා තිබෙනවා. කොණ්ඩය කැපීමෙන් ඉවතලන ද්‍රව්‍යවල සිට නාගරික අපද්‍රව්‍ය, වැසිකිලි අපද්‍රව්‍ය, රෝහල් අපද්‍රව්‍ය වැනි සියලූම අපද්‍රව්‍ය සඳහා බදු නිදහස් කොට තිබෙනවා" යැයි ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියා.

    එමෙන්ම මෙම සිංගප්පුරු ගිවිසුම කාල සීමාවක් නොමැතිව කි‍්‍රයාත්මක වීමට නියමිතව තිබෙනවා. ලංකාව විසින් මෙම ගිවිසුම අවසන් කිරීමට තීරණය කළහොත් සිංගප්පූරුවට ආර්ථිකය සම්බන්ධයෙන් ඇති ආරවුල් බේරුම්කරණ අධිකරණයට ගොස් වන්දි ලබාගත හැකියි. ඒ අනුව සිංගප්පූරුව තීරණය කරන අලාභයක් ලංකාව විසින් ගෙවීමට සිදුවෙනවා. අසීමිත කාල සීමාවකට සිංගප්පූරුව ලබන පාඩුව අපි වැනි රටක් ගෙවන්නේ කොහොමද? ඒ අනුව අකැමැත්තෙන් හෝ ගිවිසුම පවත්වා ගෙන යාමට සිදුවෙනවා. විවිධ සම්මුතීන් හරහා මෙම ගිවිසුමට අපේ රට හිර කරලා තිබෙනවා. එම නිසා මෙම ගිවිසුමේ කරුණු වෙනස් කළ යුතුව තිබෙනවා. මෙම ගිවිසුම පාර්ලිමේන්තුවේ සාකච්ඡාවට බඳුන්කළ යුතුව තිබෙනවා. ඒ වගේම මෙම ගිවිසුමට එරෙහිව නඩු ගොනුකොට තිබෙනවා. එම නිසා ගිවිසුමේ කරුණු සමාලෝචනය කර වෙනස් කළ යුතුව තිබෙනවා. අපේ රටේ ගොවියාගේ සිට කාර්යාල සහකාර දක්වා මෙම ගිවිසුමෙන් අවදානමට ලක්කොට තිබෙනවා. සියලූම ශ‍්‍රමිකයින් පිටරටින් ගෙන්වන්න අවස්ථාව තිබෙනවා යැයි වසන්ත සමරසිංහ වැඩිදුරටත් කියා සිටියා.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551

    ඇසට නොපෙනෙන සංවර්ධනය දැන් ඇගට දැනෙන්න ඇරන් නේද?
     
    Status
    Not open for further replies.