මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘

Status
Not open for further replies.

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    image_73262ba2de.jpg
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඔඩ්ඩුසුඩාන් කල්ලිය මෙහෙයවන්නේ ප්‍රංශ කොටියෙක්‌

    කොටින්ගේ තවත් අවි තොගයක්‌ මුතූර්වල - අල්ලාගත් කොටි වමාරති

    මුලතිව් ඔඩ්ඩුසුඩාන් පේරාරු ප්‍රදේශයේදී ක්‌ලේමෝ බෝම්බයක්‌, පුපුරන ද්‍රව්‍ය, එල්. ටී. ටී. ඊ. ඇඳුම් ඇතුළු ද්‍රව්‍ය රැසක්‌ රැගෙන යමින් සිටි කණ්‌ඩායම මෙහෙයවා ඇත්තේ ප්‍රංශයේ සිටින කොටි සාමාජිකයකු බව ත්‍රස්‌තවාදී විමර්ශන කොට්‌ඨාසය සිදුකළ විමර්ශනවලදී හෙළිකර ගෙන ඇත.

    මෙම පුපුරන ද්‍රව්‍ය රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගත් සාමාජිකයන් තිදෙනා හිටපු කොටි සාමාජිකයන් බව හෙළිකර ගෙන තිබේ. 24 දා වන විට මෙම සිද්ධියට සම්බන්ධ තවත් සැකකරුවන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන ඇත.

    සැකකරුවන්ගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම අවි ආයුධ තොගය ගොඩගෙන ඇත්තේ වවුනියාව උළුවන්කුලම ප්‍රදේශයේ වළදමා තිබියදී බවත් මේ සමග ගොඩගත් තවත් ආයුධ තොගයක්‌ මුතූර් ප්‍රදේශයේ කොටි ත්‍රස්‌තයන් සඟවා සිටින බවත් හෙළිකර ගෙන තිබේ. එම ආයුධ අතර ගිනිඅවි, සැහැල්ලු ගිනිඅවි තිබෙන බවත් හෙළිකරගෙන තිබේ. පොලිසියට හමුවූ මෙම අවි තොගයද වෙනත් ප්‍රදේශයකට ප්‍රවාහනය කරමින් තිබියදී අසුවී තිබෙන බව ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්‌පති නාලක සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් ක්‍රියාත්මක නිලධාරී කණ්‌ඩායම හඳුනාගෙන ඇත.

    2016 වසරේ චාවකච්ෙච්රිය ප්‍රදේශයේදී අවි ආයුධ තොගයක්‌ හමුවී තිබූ අතර එම අවි තොගයද ප්‍රංශයේ සිටින මෙම කොටි ත්‍රස්‌තවාදියාගේ මෙහෙයවීමෙන් සිදුවූවක්‌ බව හෙළිවී ඇත. ඔහුගේ මෙහෙයවීම මත තවත් ආයුධ වළදමා ඇතිදැයි පොලිසිය පුළුල් විමර්ශනයක්‌ ආරම්භ කර තිබෙන බවද එම නිලධාරියා කීය.

    අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා අතර සිටින සෙල්වලිංගම් යනුවෙන් හඳුන්වන එල්. ටී. ටී. ඊ. සාමාජිකයා යුද සමයේදී කොටි මෙහෙයුම් ගණනාවකට සම්බන්ධ වී එක්‌ මෙහෙයුමකදී තුවාල ලැබීමෙන් අතක්‌ අහිමි වී ඇතැයි හෙළි කරගෙන ඇත.

    රජයේ පුනරුත්ථාපන වැඩසටහන යටතේ මේ එල්.ටී.ටී.ඊ. සාමාජිකයා පුනරුත්ථාපනය වී නොමැති අතර පුනරුත්ථාපනය නොවූ කොටි එල්.ටී.ටී.ඊ. සාමාජිකයන් 700 ක්‌ පමණ මුලතිව්, කිලිනොච්චි පළාත්වල සිටින බවට රජයේ බුද්ධි අංශ ඉදිරිපත් කර ඇති තොරතුරුවල මොහුගේ නමද සඳහන් වන බව ආරක්‍ෂක අංශ ප්‍රකාශ කරයි.

    සෙල්වලිංගම් නමැති මෙම එල්.ටී.ටී.ඊ. සැකකරු පොලිසිය ඔවුන් ගමන් කරමින් සිටි ත්‍රිරෝද රථය නැවැත්වීමත් සමඟ ත්‍රිරෝද රථයෙන් බැස කැලයට දුවගොස්‌ තිබේ. පසුව ඔහු අත්අඩංගුවට ගෙන තිබිණි.

    පොලිසිය විසින් සිද්ධිය වූ අවස්‌ථාවේදීම අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කළ අවස්‌ථාවේදී තවත් පුද්ගලයන් දෙදෙනකුගේ නම් සඳහන් කොට තිබේ. ඔවුන් දෙදෙනා මුලතිව් පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී සෙල්වලිංගම් නමැත්තා පිළිබඳවත් ඔහු සිටින ස්‌ථානයත් එම සැකකරුවන් විසින් පොලිසියට පවසා තිබේ.

    මුලින්ම අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කළ අවස්‌ථාවේදී ඔවුන් පොලිසියට පවසා ඇත්තේ තමන්ට මෙම ද්‍රව්‍ය හමුවූයේ මුලතිව් ඔඩ්ඩුසුඩාන් පළාතේ කැලයක වළ දමා තිබියදී බවයි.

    සෙල්වලිංගම් ඔවුන් දෙදෙනා කැඳවාගෙන පැමිණියේ ඔහු එල්.ටී.ටී.ඊ. සංවිධානයේ සිටි කාලයේදීම එම ප්‍රදේශයේ එක්‌ ස්‌ථානයක රත්තරන් තොගයක්‌ වළලා ඇති බැවින් ඒවා ගොඩගැනීමට බව පවසා යෑයිද කියා තිබේ. නමුත් තමන් එක්‌ ස්‌ථානයක්‌ හැරීමේදී මෙම අවි හා පුපුරන ද්‍රව්‍ය හමුවූ බවත් පොලිසියට පවසා ඇති සැකකරුවන් දෙදෙනා ඉතිරි සියලු විස්‌තර දන්නේ පලාගිය සෙල්වලිංගම් යෑයිද ප්‍රකාශ කොට තිබේ.

    නමුත් පොලිසිය පවසන්නේ ඔවුන් දෙදෙනා පොලිසියට කළ එම ප්‍රකාශය පිළිගැනීමට තරම් සාධාරණ හේතූන් නොමැති බවයි.

    ඔවුන් විසින් රැගෙන යන ලද භාණ්‌ඩ හා අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් පස්‌ දෙනා පොලිස්‌ ත්‍රස්‌ත විමර්ශන ඒකකයේ නිලධාරීන් වෙත භාරදී ඇති අතර ත්‍රස්‌තවාදී විමර්ශන ඒකකයේ නියෝජ්‍ය පොලිස්‌පති නාලක සිල්වා මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.
     
    Status
    Not open for further replies.