මුලතිව් දෙපා කොටි
මාතරදී පාතාල වෙඩි පත්තු වන විට මුලතිව් ප්‍රදේශයෙන් කොටි නිල ඇඳුම් සමඟ ක්ලේමෝ බෝම්බ මතුවීම සැබවින් ම භීතිය දනවන්නකි. මුලතිව් මල්ලාවි මාර්ගයේදී පොලිස් නිලධාරීන්ගේ අත්අඩංගුවට පත් වූ ත්‍රිරෝද රථයකින් කොටි බෝම්බ පමණක් නොව කොටි කොඩි ද මතුවිය. මේ සිද්ධියට සම්බන්ධව හිටපු කොටි සාමාජිකයන් සිවුදෙනකු ත්‍රස්ත විමර්ශන ඒකකයේ අත්අඩංගුවේ පසුවේ. අලුයම් කාලයේ බෝම්බ ප්‍රවාහනය කරමින් මොවුන් උත්සාහ කළේ සංහිඳියාව පැතිරවීම නම් නොවේ. යළි කොටි කොඩි වනා ලේ වැගිරීමකට සූදානම් වීමටය. යළි රට ආපස්සට යෑවීමට විදේශගත වී සිටින කොටි හිතවාදීන් මෙන්ම උතුරේ යම් යම් තැන්වල ස්ථානගතව සිටින හිටපු කොටි සාමාජිකයන් උත්සාහ කරන බව හෙළි වූ පළමු අවස්ථාව මෙය නොවේ. එසේ නම් ආණ්ඩුව මේ ගැන වඩා විමසිලිමත්ව කටයුතු කළ යුතු නොවේද? සංහිඳියාව ගැන කියමින් මුලතිව් කොටි කොඩි අසුවීම සැඟවිය හැකිද? දිනපතා හමුදාවේ ඉඩම් උතුරේÊවැසියන්ට නිදහස් කරන අයුරු නම් පෙනේ. උතුරේ වැසියන්ට ඉඩම් නිදහස් කළ ද එය කිසිම විටෙක ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් වීමට ඉඩදිය යුතු නැත. මුලතිව්වලදී හමුවූ මේ බෝම්බ හා අනෙකුත් උපකරණ ජාතික ආරක්ෂාවට රතු එළි දැල්aවීමකි.
අත්අඩංගුවට පත් වූ පිරිස කොටි නිල ඇඳුමින් සැරසී කොටි කොඩි වනමින් බෝම්බ පුපුරුවන්නට කුමන්ත්‍රණය කළාද නැද්ද අපට පැහැදිලි නැත. එහෙත් මේ පුද්ගලයන්ට අවශ්‍ය කුමක්ද? යළි උතුර අස්ථාවර කිරීමට බව පැහැදිලිය. වාසනාවකට හෝ අවාසනාවකට එක් බෝම්බයක් හෝ පුපුරා ගියහොත් සිදුවන්නේ කුමක්ද? අස්ථාවර වන්නේ මුලතිව් දිස්ත්‍රික්කය පමණක්ද? නැත. රටම අස්ථාවර වීම වැළැක්විය නොහැකිය. රට 2009 මැයි මාසයෙන් ආපස්සට ගමන් කළ යුතු නැත. රට ගෙනයා යුත්තේ 2020 එපිටටය. ඒ සඳහා සාමකාමී වාතාවරණයක් අත්‍යවශ්‍යය. එක් අතකින් පාතාල භීෂණය සීඝ්රයෙන් පැතිරෙද්දී අනෙක් පැත්තෙන් කොටි බෝම්බ හසුවන විට රට ඉදිරියට යයි ද?
දකුණු ආසියානු කලාපයේ ම සාමකාමී රාජ්‍යයක් බවට ලංකාව පත්වූයේ 2009 දී ප්රභාකරන් ඇතුළු කොටි නඩය විනාශ කර දැමීමෙන් පසුවය. වර්තමානයේ ලක්ෂ ගණනින් සංචාරකයන් මෙරටට ඇදෙන්නේ ඒ සාමකාමී පාරාදීසයේ සුන්දරභාවය විඳ ගැනීමටය. නමුත් අපේ ඇඟේ හිරිගඩුq පිපෙන්නේ කොටි කොඩි මුලතිව් වලින් හමුවන විටය.
මුලතිව්වලදී පුපුරණ ද්‍රව්‍ය හමුවීම ගැන රජයේ පූර්ණ අවධානය යොමු විය යුතුය. කිසි විටෙක මේ සිද්ධිය සැහැල්ලුවෙන් ගත යුතු නැත. සර්පයා කොයි වෙලේ ක්‍රියාත්මක වන්නේද යන්න අනුමාන කළ නොහැකිය. සිදුකළ යුත්තේ ඔළුව තලා දැමීමය. කිළිනොච්චියේ මතු වූයේ කකුල් හතරේ දිවියෙකි. නමුත් මුලතිව්වලදී නම් මතු වූයේ කකුල් දෙකේ කොටි කිහිපදෙනෙකි. කිළිනොච්චියේ දිවියා මරා දැමූවන්ට දැඩි දඬුවම් පැමිණ විය යුතු සේම මුලතිව් කකුල් දෙකේ කොටින්ගේ අලගිය මුලගිය තැන් සියල්ලම හෙළිකර ගත යුතුය. අශ්වයා පැනගිය පසු ඉස්තාලය වැසීමෙන් පළක් වන්නේ නැත. හිටපු කොටි සාමාජිකයන් දොළොස් දහසක් උතුර - නැඟෙනහිර පුරා සමාජගතව සිටී. මොවුන්ගෙන් බහුතරයට යළි යුද්ධ කිරීමට අවශ්‍ය නැත. නමුත් ඩයස්පෝරාව වෙනුවෙන් රටට එරෙහිව කුමන්ත්‍රණය කරන පිරිසක් බිහිව ඇත. කොටි බෝම්බ ප්‍රවාහනය කරන්නේ මොවුන්ය. මේ සියලු දෙනාම වහා අත්අඩංගුවට ගෙන නිසි දඬුවම් දිය යුතුය.