මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘

Status
Not open for further replies.

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගිවිසුමේ කුමක් තිබුණත් සිංගප්පුරුවේ අපද්‍රව්‍ය මෙරටට ගෙන ඒමේ හැකියාවක් නැතැයි උපායමාර්ග සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    රටේ නීතිය අනුව පිටරටවල අපද්‍රව්‍ය මෙරටට ගෙන ඒමේ හැකියාවක් නැතැයිද ඔහු කීය.
    සමරවික්‍රම මහතා මේ බව පැවැසුවේ ශ්‍රී ලංකා සිංගප්පුරු ගිවිසුම පිළිබඳ විවාදයේදී ඒකාබද්ධ විපක්ෂයේ විමල් වීරවංශ මහතා මතු කළ ප්‍රශ්නයනට පිළිතුරු දෙමිනි.

    එහිදී විමල් වීරවංශ මහතා මෙසේ කීවේය.

    අපද්‍රව්‍ය ගෙන්නේ නැත්නම් ගිවිසුම දැම්මේ මොකටද? මේ ගිවිසුම ක්‍රියාත්මක වීමෙන් පසුව සිංගප්පූරුවේ නාගරික අපද්‍රව්‍ය, රෝහල් අපද්‍රව්‍ය, විකිරණශීලි අපද්‍රව්‍ය, ආවම අපේ රටේ ලොකු විනාශයක් ඇති වේවි. අපේ දරුවන්ට න්‍යෂ්ඨික අපද්‍රව්‍යවලින් මියැදෙන්න වේවි. මෙම ගිවිසුමට ගත්තු මුදල් වලට ශාප වෙනවා.

    එට්කා ගිවිසුමෙනුත් කිසිම හානියක් නෑ කියලා මේ පකයා කිව්වොත් පුදුම වෙන්න දෙයක් නෑ..

    බැදුම්කර වංචාවෙනුත් කිසිම හානියක් නෑනේ... රවියත් දැන් නිර්දෝෂීලු.චෝදනා ඔප්පු කරන්න සාක්ෂි නැතිලු.හෙට අනිද්දා අලුතින් ඇමතිකමක් ලැබෙයි.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551

    :angry::angry::angry:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    image_ec15c89660.jpg
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සම්බන්ධව වරදකරු වී වැලිකඩ බන්ධනාගාරයේ ජීවිතාන්තය දක්‌වා සිරදඬුවම් විඳින පුද්ගලයකු සිය ජංගම දුරකථනයෙන් එක්‌ මාසයක්‌ තුළ දුරකථන ඇමතුම් 3950 ක්‌ පිටතට ගෙන ඇතැයි පොලිස්‌ විශේෂ කාර්ය බලකාය සිදු කර විමර්ශන යකදී අනාවරණය කරගෙන ඇත.

    මෙලෙස දුරකථන ඇමතුම් ගැනීමට සිරකරුවන්ට හැකිවී ඇත්තේ දුරකථන පණිවුඩවලට බාධා කළ හැකි ජෑමර් යන්ත්‍ර සිරගෙදර නොතිබීම යෑයිද පොලිස්‌ විශේෂ කාර්ය බලකාය සඳහන් කරයි.

    ජෑමර් නෙමෙයි මොන මගුල හයි කලත් කුඩ්ඩන්ගෙන් කාලා ඇදලා පවුල් නඩත්තු කරන සෙට් එක ඇතුලේ ඉන්නකම් ඕවා නවත්තනවා බොරු :lol:
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ගිවිසුමේ කුමක් තිබුණත් සිංගප්පුරුවේ අපද්‍රව්‍ය මෙරටට ගෙන ඒමේ හැකියාවක් නැතැයි උපායමාර්ග සංවර්ධන හා ජාත්‍යන්තර වෙළඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

    රටේ නීතිය අනුව පිටරටවල අපද්‍රව්‍ය මෙරටට ගෙන ඒමේ හැකියාවක් නැතැයිද ඔහු කීය.
    සමරවික්‍රම මහතා මේ බව පැවැසුවේ ශ්‍රී ලංකා සිංගප්පුරු ගිවිසුම පිළිබඳ විවාදයේදී ඒකාබද්ධ විපක්ෂයේ විමල් වීරවංශ මහතා මතු කළ ප්‍රශ්නයනට පිළිතුරු දෙමිනි.

    එහිදී විමල් වීරවංශ මහතා මෙසේ කීවේය.

    අපද්‍රව්‍ය ගෙන්නේ නැත්නම් ගිවිසුම දැම්මේ මොකටද? මේ ගිවිසුම ක්‍රියාත්මක වීමෙන් පසුව සිංගප්පූරුවේ නාගරික අපද්‍රව්‍ය, රෝහල් අපද්‍රව්‍ය, විකිරණශීලි අපද්‍රව්‍ය, ආවම අපේ රටේ ලොකු විනාශයක් ඇති වේවි. අපේ දරුවන්ට න්‍යෂ්ඨික අපද්‍රව්‍යවලින් මියැදෙන්න වේවි. මෙම ගිවිසුමට ගත්තු මුදල් වලට ශාප වෙනවා.

    එට්කා ගිවිසුමෙනුත් කිසිම හානියක් නෑ කියලා මේ පකයා කිව්වොත් පුදුම වෙන්න දෙයක් නෑ..

    බැදුම්කර වංචාවෙනුත් කිසිම හානියක් නෑනේ... රවියත් දැන් නිර්දෝෂීලු.චෝදනා ඔප්පු කරන්න සාක්ෂි නැතිලු.හෙට අනිද්දා අලුතින් ඇමතිකමක් ලැබෙයි.

    තමන්ගේ පාඩුවේ කල බිල ඉන්න එක තියා හුස්ම ගන්න ටිකත් නැති කරන්න මේ සක්කිලියෝ හදන්නේ :angry::angry:
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    රටත් කා ගමත් කා අපත් කන එට්‌කා (1)

    (බාල්දි අංක 1 සහ බාල්දි අංක 2)

    නැසීගිය රෝහණ විඡේවීරට මල් තබා වැඳිය යුතු එක්‌ අවස්‌ථාවක්‌ ලංකා ඉතිහාසයේ තිබේ. ඒ වූ කලී ජනතා විමුක්‌ති පෙරමුණ සඳහා ඔහු විසින් සාදන ලද සුප්‍රසිද්ධ පන්ති පහෙන් තුන්වන පන්තියට ඔහු තැබූ නම සහ එම පංතියේ සංයුතියයි. පන්තියේ නම ඉන්දියානු ව්‍යාප්තවාදය ය. මෙයට සියවස්‌ දෙකකට පමණ පෙර තේ දලු කැඩීම සඳහා මෙරටට පැමිණි ඉන්දියාව අන්aතිමේදී අපේ කරටිය ද කඩා ගැනීමට තැත් කළ ආකාරය මේ පන්තියට සහභාගි වූ අය තේරුම් ගත්හ. එදා කඩා ගැනීමට බැරි වූ කරටිය මෙදා කඩා ගනු පිණිස ඉන්දියාව එන්නේ ළඟදීම ක්‍රියාත්මක වීමට නියමිත එට්‌කා ගිවිසුම හරහා ය. එට්‌කා යනු ඉන්දියාව කෙරෙහි ලංකාවේ ආණ්‌ඩුව දක්‌වන බිය (මෙය සාධාරණ භීතියකි) ප්‍රයෝජනයට ගනිමින් සකස්‌ කළ ගිවිසුමක්‌ බව මේ වන විටත් පාඨකයා දනී. ආර්ථික සහ තාක්‍ෂණික සහයෝගිතා ගිවිසුම යනුවෙන් මෙයට තබා ඇති නම සිත් වසඟ කරන සුළුය. එහෙත් ගිවිසුම ක්‍රියාත්මක වීමට පටන් ගත් විට කිසිදු ඩියුටියක්‌ නැතිව ඉන්දියන් බඩු ලංකාවට එන බැවින් දේශීය කර්මාන්තකරුවන්ට සහ දේශීය ව්‍යාපාරිකයන්ට සුළු දිය පහවීම වැළැක්‌වීමට බැරිය. එට්‌කා යනු ඉන්දියාව විසින් ශ්‍රී ලංකාවට පෙරළන ලද දෙවන බාල්දියයි. පළමුවන බාල්දිය වූ කලී කොටි සංවිධානය පෝෂණය කිරීමෙන් පසු ශ්‍රී ලංකාවට අහසින් පරිප්පු දමා බලෙන් අත්සන් කළ ඉන්දු ලංකා ගිවිසුමය. මේ ගිවිසුම නිසා ශ්‍රී ලංකාවේ උතුරු හා නැගෙනහිර දෙපළාත ඉන්දියන් සාම සාධක හමුදාවේ කාම ගින්න නිවන ගණිකා නිවාසයක්‌ බවට පත්විය. බීඩි බිබී, බුලත් විට කමින්, රබර් සෙරෙප්පු දාගෙන හිඟන්නන් මෙන් උතුරු නැගෙනහිර සැරි සැරූ කාලකන්නි ඉන්දියන් හමුදාව මංගල ගමන යන මනාල යුවළක්‌ දුටු සැනින් මනාලයාට පහර දී මනාලිය උස්‌සාගෙන කැලෑව පැත්තට ගියහ. ඉන්දියාව යනු මේ මොහොතේදී සුවිශාල ශ්‍රම හමුදාවක්‌ ඇති, ඒ ශ්‍රම හමුදාවටම රැකියා නැති, පිරවීමට කුසවල් බිලියනයක්‌ ඇති එහෙත් අතේ සල්ලි නැති රාජ්‍යයකි. අග්නිදිග ආසියාවට පැමිණි චීනුන් විසින් මේ දිනවල පෙන්වන චීන සර්කස්‌වලින් දස දහසෙන් එකක්‌වත් පෙන්වීමට ඉන්දියාවට බැරිය. එහෙත් එට්‌කා වැනි ගිවිසුමක්‌ හරහා ලංකාව වැනි රටක්‌ සූරා කා ගත්තොත් තනි රෝදේ බයිසිකලයක්‌ කඹය දිගේ පැදීම සහ රිලවකු ලවා කුඩා කරත්තයක්‌ ඇද්දවීම වැනි මූලික සර්කස්‌ කිහිපයක්‌ කිරීමට ඉන්දියාවට හැකිය. මේ සර්කස්‌ දෙක වැඩිදුර කිරීමට ඉන්දියාවට හැකි වන්නේ නැත. ඒ චීනය කඹය කපන බැවිනි. එවිට තනි රෝදේ බයිසිකලයෙන් එය පදින්නාද සමඟ රිලවාගේ ඇඟ උඩට ඇද වැටෙයි. සර්කස්‌ එක එතැනින් ඉවරය.

    එක්‌දහස්‌ නවසිය හැත්තෑ එකේ අප්‍රියෙල් කැරැල්ලෙන් පසු කොල්ලන් හිරේ යෑවීම සඳහා පිහිටුවන ලද අපරාධ යුක්‌ති විනිශ්චය කොමිසම නමැති විශේෂ උසාවිය ඉදිරියේ සාක්‍ෂි දෙමින් විඡේවීර මෙසේ කීවේය "ඉන්දියානු ව්‍යාප්තවාදය පිළිබඳ මූලික අදහස ඉදිරිපත් කරන ලද්දේ චීනයේ කොමියුනිස්‌ට්‌ පක්‍ෂය විසිනි. (විඡේවීර එක්‌කලෙක ශ්‍රී ලංකාවේ කොමියුනිස්‌ට්‌ පක්‍ෂයේ චීන පිලේ සාමාජිකයකු ලෙස සිටියේය.) චීන කොමියුනිස්‌ට්‌ පක්‍ෂයට අයත් දිනපතා පත්‍රය සහ පක්‍ෂයේ රෙන්මින් රේඩියෝව විසින් චීන ඉන්දියානු දේශසීමා අරගලය සහ නේරුගේ මතවාදය යනුවෙන් ලිපි දෙකක්‌ පළ කරන ලදි. ඉන්දියානු පාලක පන්තියේ පන්ති අවශ්‍යතාව ගැනත්, ඉන්දියානු ධනපති පන්තිය සිය යෑපීම සඳහා යාබදව පිහිටි කුඩා රටවල් පාවිච්චි කරන හැටිත් එම ලිපි වලින් පැහැදිලි විය. මේ ක්‍රියාවලිය හඳුන්වන ලද්දේ ඉන්දියානු ව්‍යාප්තවාදය ලෙසය. ම විසින් එනමින් පවත්වන ලද පන්තියේදී සාකච්ඡා කරන ලද්දේ මෙකී ක්‍රියාවලිය අපේ රටට කෙසේ බලපානු ඇතිද යන්නය. එකල මේ රට තුළ බලසම්පන්නව සිටි බෝරා නමැති ඉස්‌ලාමීය ප්‍රජාවට අයත් සුපිරි සහ බලගතු ධනපතින්ගේ පන්ති අවශ්‍යතා ක්‍රියාත්මක වන ආකාරයත් කඳුකරයේ සිටින ඉන්දියානු වතු කම්කරුවන් ලංකාවේ සෙසු කම්කරුවන්ගෙන් කඩා වෙන් කර ජාතිවාදී ඉන්දියානු දෙමළ දේශපාලනඥයන්ගේ පය පාමුල තබා ගැනීමට උත්සාහ කළ ආකාරයත් මම මෙහිදී පැහැදිලි කළෙමි."

    ඉන්දියාව විසින් ලංකාව සමඟ කරන ලද මුල්ම බිස්‌නස්‌ එක සොරබඩු ජාවාරමය. ප්‍රභාකරන්ගේ පළමු රස්‌සාව ද මෙය වූ අතර, ප්‍රභාකරන්ගේ මුත්තාගේ කාලයේ උතුරු පළාතේ මුහුදුකරයේ ජීවත් වූ අයගේ පාට්‌ ටයිම් රස්‌සාව ද මෙයම විය. ලංකාවේ එවකට නොතිබූ විවිධ බඩු, එනම් ඔරලෝසු, බැටරි, විසිතුරු බඩු, තුවක්‌කු, පතරොම්, පිස්‌තෝල, පෑන්, රෙදි, සරම්, දුම්කොළ, සුරුට්‌ටු, බීඩි වැනි ද්‍රව්‍ය මෝටර් බෝට්‌ටුවල පටවාගත් හොරබඩු ජාවාරම්කරුවෝ ඉන්දියාවේ රාමේෂ්වරම් වෙරළෙන් නික්‌මී උතුරේ වැල්වැටිතුරේ වෙරළට පැමිණියහ. එතැනින් ගොඩබා ගත් එම බඩු පිටකොටුවේ දෙමළ කඩවලටත්, සිංහල කඩවලටත් පටවන ලද්දේ කිසිදු රේගු බද්දක්‌ නැතිවය. ලංකාවෙන් බාන ලද බඩුවලට ලත් ලංකාවේ රුපියල්වලින් අරක්‌කු, පොල්තෙල්, සන්ලයිට්‌ සබන්, කරඳමුංගු, කරාබුනැටි යනාදිය ලබාගත් ජාවාරම්කරුවෝ තමන් පැමිණි බෝට්‌ටුවලට ඒවා පටවාගෙන රාමේෂ්වරම්වලින් ගොඩ බා ගත්හ. මෙය රටවල් දෙකටම පාඩු වූ වෙළෙඳාමකි. මේ වෙළ¹මෙන් රටවල් දෙකටම තුට්‌ටුවක රේගු බද්දක්‌ ලැබුණේ නැත. එහෙත් සමස්‌තයක්‌ ලෙස ගෙන බැලීමේදී ලංකාවේ ආර්ථිකය ඉතා කුඩා වීම නිසා ලංකාවට වූ පාඩුව වැඩිය. ඉන්දියාව පළමුවන බිස්‌නස්‌ එකෙන්ම අප කා දැමුවේ මෙසේය. හෙට සාකච්ඡා වන්නේ ඉදිරි බිස්‌නස්‌ වලින් ලංකාව ඉන්දියන් කොළනියක්‌ වන හැටිය.
     
    Status
    Not open for further replies.