මෛත්‍රී පාලනයක් වෙනුවෙන් එක්වෙමු ✘

Status
Not open for further replies.

Dr.Amdan

Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    image_f364fcb4cc.jpg
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අමාත්‍ය ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා ලංකාදීප හා නෙත් නිව්ස් වෙබ් අඩවියේ මාධ්‍යවේදීන්ට තර්ජනය කිරීම කිසිසේත්ම සුළුවෙන් තැකිය නොහැකි යැයි පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඉන්දික අනුරුද්ධ මහතා අද (19) පැවසීය.

    එහිදී මන්ත‍්‍රීවරයා මෙසේද කීය.

    එමෙන්ම මාධ්‍යයත් එක්ක ගනුදෙනු කිරීමේදී අපි කවදාවත් වෛරී චේතනාවෙන් කටයුතු කරන්නේ නැහැ. නමුත් සරත් ෆොන්සේකා මහත්තයා නෙත් නිව්ස් වෙබ් අඩවියට හා ලංකාදීප පුවත්පතේ මාධ්‍යවේදීන්ට බැන වැදුණ හැටි මුළු රටම දැක්කා. කැලණිය ප‍්‍රදේශයේ යම් යම් පුද්ගලයන් තමන් සමඟ විවිධ ගමන් ගිය බව ඔහුම පිළිගන්නවා.

    මාධ්‍යවේදී කීත් නොයාර්ට පහරදීම, එක්නැලිගොඩ අතුරුදන් වීම, ලසන්ත වික‍්‍රමතුංග ඝාතනය වීම වැනි කරුණු ගැන අපිට සුළුවෙන් හිතන්න බැහැ. මේ හැම සිදුවීමක් සම්බන්ධයෙන්ම සරත් ෆොන්සේකා මහත්තයාගේ නම කියවෙනවා. ඒ නිසා මේ තර්ජන ගැන අපිට සුළුවෙන් හිතන්න බැහැ.

    එවැනි පුද්ගලයෙක් යහපාලන ආණ්ඩුවේ ඉඳගෙන මාධ්‍යයට තර්ජනය කිරීම යහපාලන ප‍්‍රතිපත්තිය නෙවෙයි. මහින්ද රාජපක්‍ෂ මහත්තය ළඟ හිටියේ මාධ්‍යවේදීන්, සරත් ෆොන්සේකා මහත්තයා ළඟ ඉන්නේ පාතාල සාමාජිකයන්. අනුරාධපුර සිද්ධියේදිත් කැබිනට් අමාත්‍යවරයකුගේ නමක් ගැන අසාධාරණයට ලක්වූ පාර්ශවයෙන් කියන්න උත්සාහ ගත්තා.

    නමුත් තර්ජන නිසා ඔවුන්ට ඒ නම කියාගන්න බැහැ. යහපාලන ආණ්ඩුව යටතේ ඇමැතිවරුන්ට මෙහෙම හැසිරෙන්න ඉඩදිය නොහැකි යැයිද කීය.

    ඒකාබද්ධ විපක්‍ෂය විසින් බොරැල්ල, ආචාර්ය එන්.එම් පෙරේරා කේන්ද්‍රයේ අද (19) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ඇලෝසියස්‌ රඳවා සිටි සිර මැඳිරියෙන් සොයා ගත් සිම් කාඩ්වලින් අපරාධකරුවන්ට කතා කරලා

    මහ බැංකු බැඳුම්කර වෙන්දේසි දෙකකදී අයුතු ලෙස මුදල් උපයාගත්තේ යෑයි කියන පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමේ හිමිකරු වන අර්ජුන් ඇලෝසියස්‌ මහතා අතුළු සැකකරුවන් රඳවා සිටි සිර මැදිරියේ සඟවා තිබියදී අත්අඩංගුවට ගත් සිම් කාඩ්පත් උපයෝගී කරගනිමින් විවිධ අපරාධවලට සම්බන්ධ අපරාධකරුවන් සමග සබඳතා පැවැත් වූ බව පෙනී යන්නේ යෑයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය ඊයේ (19 දා) කොටුව මහෙස්‌ත්‍රාත් අධිකරණය හමුවේදී ප්‍රකාශ කළාය.

    මෙතෙක්‌ ලැබී ඇති දුරකථන විශ්ලේෂණ අනුව ඒ බව පෙනී යන්නේ යෑයි ද පැවසූ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය ඉතුරු දුරකථන සමාගමෙන් ද දුරකථන විශ්ලේෂණ වාර්තා ලැබුණු පසුව ඒ සම්බන්ධයෙන් දීර්ඝ ලෙස විමර්ශනය කර ඒ බව තහවුරු වන්නේ නම් සුදුසු අධිකරණ හමුවට.කරුණු වාර්තා කිරීමට විමර්ශන නිලධාරීන් පියවර ගනු ඇතැයි ද ප්‍රකාශ කළාය.

    ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රාථමික අලෙවිකරුවකු ලෙස කටයුතු කළ පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම ප්‍රශ්නගත මහ බැංකු බැඳුම්කර වෙන්දේසිවලදී නීති විරෝධී ලෙස කටයුතු කර මුදල් පනතේ වගන්ති උල්ලංඝනය කිරීමේ වරද සිදුකර ඇති බව මෙතෙක්‌ සිදුකළ විමර්ශනවලදී අනාවරණය වී ඇතැයි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එහිදී ප්‍රකාශ කළාය.

    එකී බැඳුම්කර වෙන්දේසිවලදී නීතිවිරෝධී ලෙස කටයුතු කර උපයාගෙන ඇති මුදල් පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගමට මහ බැංකුවේ අතිශය රහස්‍ය දත්ත ලබාදුන් පුද්ගලයන් ඇතුළු තෙවැනි පාර්ශ්වයක්‌ වෙත ලබාදීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවලට අවශ්‍ය වවුචර්පත් ඇතුළු ලේඛන අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට ලබාදෙන ලෙසට පී. ටී. එල්. සමාගමට හා ඊට අනුබද්ධිත සමාගම් හතරකට නියෝග කොට ඇතත් එම නියෝගය අනුව ජෙµaරි ඇලෝසියස්‌ මහතා විසින් කටයුතු කර නොමැති බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය එහිදී අධිකරණයට දැනුම් දුන්නාය.

    එකී කරුණු දැක්‌වීමට පිළිතුරු දෙමින් පර්පෙචුවල් සමූහ ව්‍යාපාරයේ සභාපති ජෙµaරි ඇලෝසියස්‌ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ජීවන්ත ජයතිලක මහතා පෙන්වා දුන්නේ අධිකරණය විසින් ලබාදුන් සෝදිසි වරෙන්තුව අනුව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් එකී සමාගමේ තිබූ ලේඛන හා පරිගණක බහුතරයක්‌ රැගෙන ගොස්‌ ඇති බැවින් විමර්ශන නිලධාරීන් ඉල්ලා සිටින තොරතුරු ලබාදීමේ හැකියාවක්‌ නොමැති බවයි.

    පර්පෙචුවල් සමාගමේ මේ වනවිට ඉතුරු වී ඇත්තේ කාපට්‌, පුටු හා මේස පමණක්‌ බව ද එහිදී පෙන්වා දුන් නීතිඥ ජීවන්ත ජයතිලක මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් රැගෙන ගිය ලේඛන හා පරිගණක ආපසු ලැබුණ පසු එම වාර්තා ලබාදීමේ හැකියාවක්‌ ඇති බවයි.

    ශ්‍රී ලංකා මහ බැංකුව විසින් බැංකු ගිණුම් තහනම් කර තිබීම නිසා සේවකයන්ට වැටුප් ගෙවීමට හෝ නොහැකි වූ බැවින් ඔවුන් රාජකාරියට වාර්තා නොකරන බවත් විමර්ශන නිලධාරීන් ඉල්ලා සිටින වාර්තා සකස්‌ කිරීමට කිසිවකුගේ සහායක්‌ ලබාගැනීමේ හැකියාවක්‌ සිය සේවාදායකයාට නොමැති බව ද පෙන්වා දුන්නේය.

    ඒ සම්බන්ධයෙන් අධිකරණය මේ වනවිටත් නියෝගයක්‌ නිකුත් කර ඇති බැවින් කුමන ආකාරයකින් හෝ සහායක්‌ ලබාගෙන එකී නියෝගය අනුව කටයුතු කිරීම ජෙµaරි ඇලෝසියස්‌ගේ වගකීමක්‌ බව මහෙස්‌ත්‍රාත්වරිය එහිදී පෙන්වා දුන්නාය.

    මහ බැංකුව විසින් සිය සේවාදායකයාගේ සමාගමේ බැංකු ගිණුම් තහනම් කර ඇත්තේ ප්‍රශ්නගත බැඳුම්කර වෙන්දේසි සමයේදී උපයාගත් මුදල් සම්බන්ධයෙන් පමණක්‌ බැවින් ඊට පෙර උපයාගත් රුපියල් බිලියනයකට අධික මුදල් නීතිපති දෙපාර්තමේන්තුවේ අධිකරණය යටතේ හෝ ආපසු ලබාගෙන අවශ්‍ය පරිපාලන කටයුතු සඳහා යෙදවීමට අවසර ඉල්ලා සිටීමට ඉදිරියේදී පියවර ගන්නා බව දෙවැනි සැකකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා එහිදී අධිකරණයට පෙන්වා දුන්නේය.

    අර්ජුන් ඇලෝසියස්‌ හා කසුන් පලිසේන යන සැකකරුවන් දෙදෙනා අගෝස්‌තු 02 වැනිදා දක්‌වා යළිත් රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමට මහෙස්‌ත්‍රාත්වරිය එහිදී නියෝග කළාය. එම අවස්‌ථාවේදී අධිකරණය ඇමතූ විත්තියේ නීතිඥවරුන් අධිකරණයට පෙන්වා දුන්නේ උදැසන 8.00 ට පමණ අධිකරණයට රැගෙන පැමිණි එම සැකකරුවන් දෙදෙනාට අවශ්‍ය දිවා ආහාරය හෝ ජලය ලබාදීමට බන්ධනාගාර නිලධාරීන් පියවර නොගැනීම ඉතා අවාසනාවන්ත තත්ත්වයක්‌ බවයි.

    එම අවස්‌ථාවේදී විත්ති කූඩුවේ සිටි සැකකරුවන් ඇමතූ මහෙස්‌ත්‍රාත්වරිය එම කරුණු සත්‍ය දැයි සැකකරුවන්ගෙන් විමසූ අතර ඔවුන් පැවසුවේ උදැසන 7.00 සිට තමන්ට මේ දක්‌වා නිරාහාරව සිටීමට සිදු වී ඇති බවයි. ජලය හා ආහාර ලබාගැනීම සෑම අයකුගේම මූලික අවශ්‍යතාවක්‌ බව පෙන්වා දුන් මහෙස්‌ත්‍රාත්වරිය අධිකරණයට පැමිණ සිටි බන්ධනාගාර නිලධාරීන් කණ්‌ඩායමේ ප්‍රධානියා කැඳවා මෙතෙක්‌ වෙලා එම සැකකරුවන් දෙදෙනාට ආහාර ලබා නොදුන්නේ ඇයි දැයි ප්‍රශ්න කර සිටියාය.

    ඔවුන් දෙදෙනාට මෙතෙක්‌ ආහාර ලබා නොදුන් බව එම බන්ධනාගාර නිලධාරියා පිළිගත් පසුව මින් මතු එවැනි අකටයුතුකමක්‌ කිසිම සැකකරුවකුට නොකරන ලෙසට තරයේ අවවාද කළ මහෙස්‌ත්‍රාත්වරිය අවශ්‍ය ආහාර සැකකරුවන්ට කඩිනමින් සපයන ලෙසට නියෝග කළාය.

    රජයේ අධිනීතිඥවරියන් වන සහන්‍යා නාරංපනාව මෙනවිය, චතුරි විෙ-සිංහ මෙනවිය, රජයේ ජ්‍යෙෂ්ඨ අධිනීතිඥ ලක්‌මිණි ගිරිහාගම මෙනවිය සමග ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටියාය. උප පොලිස්‌ පරීක්‍ෂක සුනිල් ජයවීර ඇතුළු නිලධාරීන් සමග පොලිස්‌ අධිකාරී ප්‍රියසෙන් අම්පාවිල මහතා අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව නියෝජනය කළේය.

    තුන්වන සැකකරු ලෙස නම් කොට ඇති පර්පෙචුවල් ට්‍රෙෂරීස්‌ සමාගම වෙනුවෙන් නීතිඥ අසේල සේරසිංහ මහතා සමග නීතිඥ සජිත ජයවර්ධන මහතා පෙනී සිටියේය.

    නීතිඥ සනත් විෙ-වර්ධන මහතාගේ උපදෙස්‌ පරිදි ජනාධිපති නීතිඥ අනිල් සිල්වා, ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්‌ස මහතා ඇතුළු නීතිඥ මණ්‌ඩලයක්‌ විත්තිය නියෝජනය කළේය.
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    එල්ලා මරණ ලැයිස්‌තුවේ කුඩු කෙරුමෝ කිසිවෙක්‌ නැහැ

    බන්ධනාගාර දෙපාර්තමේන්=ව මගින් අධිකරණ අමාත්‍යාංශය වෙත යොමු කළ එල්ලා මැරීමට නියමිත බව කියන මත්කුඩු ජාවාරම්කරුවන්ගේ ලැයිස්‌තුවේ රට වැනසූ මහා පරිමාණ කුඩු ජාවාරමුන් කිසිවකුත් නොමැති බව අනාවරණය වී තිබේ.

    මහා පරිමාණයේ කුඩු ජාවාරමේ යෙදුණු ජාවාරම්කරුවන් විසිතුන් දෙනකු මේ වන විට බන්ධනාගාරගතව ඇතත් ඉන් දහඅට දෙනකුට එරෙහිව දැනට නඩු විභාග වෙමින් තිබෙන අතර ඉතිරි පස්‌දෙනා මරණ දඬුවම හා ජීවිතාන්ත සිර දඬුවම් හිමිවීමෙන් පසු අභියාචනා ඉදිරිපත් කර ඇත.

    එසේ අභියාචනා ඉදිරිපත් කර ඇත්තේ වෙළේ සුදා, සුසෙයි, නවාස්‌, ඡේසුදාසන් සහ කැමිලස්‌ යන ජාවාරම්කරුවන්ය. ඔවුන් අතරින් සිව් දෙනකුට මරණ දඬුවම හිමිව තිබෙන අතර පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශය මගින් පසුගියදා කළුබෝවිලදී සිදු කළ වැටලීමෙන් පසු නම කියෑවුණු සුසෙයිට හිමිවී ඇත්තේ ජීවිතාන්ත සිර දඬුවමකි.

    මෙසේ බන්ධනාගාරගතව සිටින මහාපරිමාණ මත්කුඩු ජාවාරම්කරුවන් 23 දෙනා අතරින් විසිදෙදෙනකුම අත්අඩංගුවට ගෙන ඇත්තේ දැනට රක්‍ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස්‌ මත්ද්‍රව්‍ය කාර්යාංශයේ රාජකාරී කළ පොලිස්‌ පරීක්‍ෂක නියොමාල් රංගජීව මහතා විසිනි.

    කුඩු ජාවාරම පසුපස හඹා යමින් මෙම ජාවාරමුන් පිරිස අත්අඩංගුවට ගත් පොලිස්‌ පරීක්‍ෂක රංගජීව මහතා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු ඔහු දැඩි මානසික ආතතියකට ගොදුරුවී සිටින බව මේ වන විට කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී සහ මානසික රෝහලේ වෛද්‍ය ප්‍රධානියකු විසින් නිර්දේශ කර ඇතැයිද වාර්තා වේ.

    මෙම මහා පරිමාණ ජාවාරම්කරුවන්ට එරෙහි නඩු විභාගවලදී ප්‍රධානම සාක්‍ෂිකරු වශයෙන් සිටින්නේ පොලිස්‌ පරීක්‍ෂක නියොමාල් රංගජීව මහතාය. ඇතිව තිබෙන මානසික ආතතිය හමුවේ දැනටමත් ඔහුට කුඩු ජාවාරම්කරුවන් සම්බන්ධ නඩු කිහිපයකදීම සාක්‍ෂි දීමට නොහැකි වී ඇත.

    බන්ධනාගාරගතව සිටින මෙම මහා පරිමාණ කුඩු ජාවාරමුන් අතර විදේශිකයෝ දහහතර දෙනක්‌ද සිටිති. පොලිස්‌ පරීක්‍ෂක රංගජීව මහතා ඇතුළු නිලධාරීන් කණ්‌ඩායමක්‌ එම විදේශිකයන් පිරිස අත්අඩංගුව ගෙන ඇත්තේ ධීවරයන් සේ වෙස්‌වලාගෙන ගොස්‌ ශ්‍රී ලංකාවට ආසන්න ජාත්‍යන්තර මුහුදේ සිදුකළ වැටලීමකිනි.

    එහිදී මත්කුඩු කිලෝ ග්‍රෑම් 140 ක්‌ සමඟ නෞකාවක්‌ සහ සිංහල ජාතිකයන් තිදෙනකුද අත්අඩංගුවට ගෙන තිබේ.

    එල්ලා මරා දැමීමට නිමිත බව කියමින් අධිකරණ අමාත්‍යාංශයට ඉදිරිපත් කෙරුණු නම් ලැයිස්‌තුවේ සිටිනුයේ මෙම මහා පරිමාණ ජාවාරම්කරුවන්ගේ ඉත්තන් වෙමින් මත්කුඩු ප්‍රවාහනයේ යෙදුණු සහ අලෙවියේ යෙදුණු 18 දෙනකු බවද වාර්තා වේ.
     
    costaxxx

    Well-known member
  • Nov 12, 2008
    1,801
    238
    83
    32
    Wennappuwa
    mewa dekama duka htihnwa ban okma pinguthrayo ekai rata wikunala and wikunan kanwa sakkli ballo mun ratata kelawala china walata okma deela ape job walth kelawa munge badapuroganna yane :(
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ගෝඨා බය ද? ගෝඨාට බය ද? ගෝඨා - අභයද?

    ගෝඨා සම්බන්ධයෙන් ප්‍රශ්න තුනකි. පිළිතුරු ගොඩකි. රට විපතට පත් වී තිබීම හා ශීඝ්‍රයෙන් තවත් ඒ වෙත ගමන් කිරීම ගැන ගෝඨා පමණක්‌ නොව රටවැසියාම බයට පත් වී ඇත. මින් මුදා ගැනීමේ මඟක්‌ සම්බන්ධව දිවා - රාත්‍රි නොබලා ඔහු කටයුතු කරන්නේ එහෙයිනි. උතුරේ පමණක්‌ නොව මුළු රටේම ආරක්‍ෂක තත්ත්වය ද විනාශව ගොසිනි. මහින්ද හා ගෝඨා එක්‌ව යුද්ධය නිම කළ බව තවමත් හැමෝටම මතකය. කවුරු හිටියත් ඒ දිනවල යුද්ධය ඉවර වෙන බව අනුර කුමාර මැතිතුමා කියයි. එය ඇත්තය. එහෙත් යුද්ධය අවසන් වන්නේ වෙනත් ආකාරයකටය. එක්‌ වතාවක්‌ යුද්ධය කරගෙන යන අතරතුර ඉන්දියාවෙන් පරිප්පු දැමූ අවස්‌ථාවේ සාමාන්‍ය එඩිතරකමට වඩා එඩිතර ජන නායකයකු වූ ෙ-. ආර්. ජයවර්ධන උතුමාණන්ට බහිස්‌ස්‍රාව පහ නොවූයේ ජාතියේ පිනටය. ප්‍රේමදාස මහතා නම් හොඳවයින් දෙකක්‌ ඉන්දියාවට කිව්වේය. ඒ අවස්‌ථාවේ සාමය උදාවිය යුද්ධය නිමා විය. සාම සාධක හමුදා පැමිණියහ. ජාත්‍යන්තර සාම නොබෙල් ත්‍යාගය ජයවර්ධන උතුමාණන්ට අහිමි වුණේ නූලෙනි. එම සාමය කිමෙක්‌දැයි යළි පහදා දිය යුතු නැත. සාම සාධක හමුදාවට එරෙහිව දකුණ ගිනි ගත්තේය.

    රනිල් වික්‍රමසිංහ මැතිතුමා අගමැති වූ අවස්‌ථාවක යළිත් සාමය උදාවිය. ඒ උතුරු නැගෙනහිර කොටස ගිවිසුමක්‌ මගින් කොටියාට භාරදීමෙනි. ප්‍රභාකරන් උතුරේ සිට ගිවිසුම අත්සන් කළේය. රනිල් වික්‍රමසිංහ මහතා කොළඹ සිට ගිවිසුම අත්සන් කළේය. යුද්ධය නැවතිණ, සාමය උදාවිය. මිනීමරු ත්‍රස්‌ත කල්ලියකට රටෙන් තුනෙන් එකක්‌ භාර විය. රටට වුණ හා වෙන්නට යන වින්නැහිය දුටු මහින්ද මහතා එයට විරුද්ධව ඉවසුවා ඇති යනුවෙන් දකුණේ සිට කොළඹට පා ගමන් ආවේය. පාර්ලිමේන්තුව විසුරුවා අලුත් රජයක්‌ පත් කෙරිණ. චන්ද්‍රිකා මැතිනියගේ කාලයේදී එල්. ටී. ටී. ඊ. ප්‍රශ්නය යුද්ධ කිරීමෙන් අවසන් කිරීමට ගියත් නිසි සැලසුමක්‌ නොතිබූ හෙයින් විශාල වශයෙන් හමුදා භටයන් පොලිස්‌ නිලධාරීන් හා සිවිල් ජනතාව මියගියහ. ඉලක්‌කය වෙත ළඟාවීමට නොහැකි විය.

    මහින්ද මහතා ඉතා සුළු වැඩි ඡන්ද ප්‍රමාණයකින් රටේ ජනාධිපති බවට පත්විය. ගෝඨාභය මහතා සමඟ එක්‌ව අති විශාල ජාත්‍යන්තර ජාලයකට හිමිකම් කියන එල්. ටී. ටී. ය පැරදවීමට සූක්‍ෂම පිඹුරුපත් සැකසීය. ත්‍රිවිධ හමුදාව සඳහා හමුදාපතිවරුන් පත් කිරීමේදී ගෝඨාභය මහතාගේ නුවණ මනාව ප්‍රකට විය. යුද හමුදාපති වශයෙන් සරත් ෙµdන්සේකා මහතා පත් කිරීමට විරුද්ධව එක්‌සත් ජාතික පක්‍ෂය විශාල හඬක්‌ නැඟීය. ඔවුන් කීවේ ඒ සඳහා නියම සුදුස්‌සා ජානක පෙරේරා මහතා බවයි. ගෝඨාභයගේ පෞද්ගලික ඕනෑ එපාකම් ඉටුකර ගැනීමට මේ සඳහා නුසුදුස්‌සකු පත්කර ගත් බවට එජාපය චෝදනා නැඟීය. ගෝඨාභය මේ සියල්ල ඔහුගේ සුපුරුදු නිහතමානී සිනාවෙන් ඉවත දැමීය. යුද්ධය එවර යුද්ධයක්‌ ලෙස කළේය. දිනෙන් දින අසන්නට ලැබුණේ ජයග්‍රහණ පිළිබඳ ප්‍රවෘත්තිය. ඒවා දරා ගැනීමට අපහසු අය මැදවච්චි යනවා කියා පාමංකඩ යනවා යෑයි උපහාස නැඟූහ. තිස්‌ අවුරුද්දක්‌ රට විනාශ කළ යුද්ධය අවසන් කළ පසු එය කෙසේවත් දරා ගැනීමට අපහසු වූ වැදගතෙක්‌ යුද්ධ කිරීම ඕනෑම ගොනෙකුට කළ හැකි යෑයි ගොන් කතාවක්‌ කීවේය. තම අයියා භාරදුන් කටයුත්ත හරියටම ඉටු කළ ගෝඨාභය මහතා ඊළඟට පිවිසුණේ අවුරුදු තිහක්‌ තුළ බිඳ වැටී තිබුණ ජාතීන් අතර සමගිය ගොඩනැඟීමේ අපහසු කාර්යයටය. නිලධාරීන් තෝරා ගැනීමේදී ගෝඨාභය අති දක්‍ෂයෙක්‌ විය. ඒ ඒ කටයුත්තට අදාළ නිලධාරියා ඔහු තෝරාගත්තේ ඒ නිසාය. ලුතිනන් කර්නල් රත්නප්‍රියගෙන් එය මෑතකදී ද හොඳටම පැහැදිලි විය.

    කොළඹ නගරය සංවර්ධනය කිරීම ඔහුට භාර වුණ ඊළඟ කටයුත්ත විය. ඉතා සුළු වැස්‌සකදී පවා යට වී යන පාරවල්, අති දුර්ගන්ධ ජලාශ, අක්‍රමවත් මාර්ග පද්ධති, අක්‍රමවත් නිවාස ඉදිකිරීම් ඔහුගේ නෙත ගැටිණ. ඉතා කෙටි කලකින් මේ කොළඹ දැයි සිතා ගැනීමට නොහැකි ආකාරයේ ආකර්ෂණීය නුවරක්‌ තැනීමට ඔහුට හැකි විය. කොළඹ ඉතා පිරිසිදු නගරයක්‌ බවට පත් කිරීමට පවිත්‍රතා ජාලය සකස්‌ කෙරිණ. එකතු වන කුණු පුත්තලම ප්‍රදේශයේ හුණු ගල් හෑරූ විශාල වළවල් ගොඩ කිරීම සඳහා දුම්රිය පෙට්‌ටි මගින් යෑවීමට සැලසුම් සැකසිණ. ඒ මගින් ඒ ප්‍රදේශ කෘෂිකාර්මික කටයුතු සඳහා යොදා ගැනීමට ද හැකිවනු ඇත. එහෙත් අද වනවිට කොළඹ නගරයේ පාරවල්වල වැස්‌සට වතුර පිරෙන්නේය. ජලාශ සියල්ල යළිත් දුර්ගන්ධවත් වෙමින් පවතී, අපද්‍රව්‍ය බැහැර කිරීමේ ක්‍රමවත් වැඩපිළිවෙළට තිත තැබිණ. මේ සියල්ලට හේතුව සාදා දුන් කොළඹ නගරය නිසි පරිදි නඩත්තු නොකිරීමය. වැඩ කිරීමේදී පූර්ණ කැපවීමකින් වැඩ කළ නායකයකු සිටියා නම් ඒ ආර්. ප්‍රේමදාස මහතාය. පවරන ඕනෑම වැඩක්‌ හරියටම කරන ගෝඨාභය මහතා දැන් රටට සිදුවන හානිය හේතුවෙන් කනගාටුවට මෙන්ම බයට පත්ව ඇත.

    ගෝඨාභයට විරුද්ධ දේශපාලනවාදීන් අතිශය බිය වී ඇති බවක්‌ පෙනේ. ඔහු ජනාධිපතිවරණයට ඉල්ලන බවක්‌ හෝ එහෙම අදහස්‌ කරන බවක්‌ ගැනවත් කියා නැත. එහෙත් මේ රට යළි ගොඩනඟන වැඩපිළිවෙළක්‌ ගැන විද්වත් කථිකාවක නියුක්‌තව සිටී. සියලු පාරිසරික හා දේශගුණික යහපත් තත්ත්වයන්ගෙන් ආඨ්‍ය වූ මෙම දේශය ගොඩනැංවීම අපහසු කටයුත්තක්‌ නොවේ. අවශ්‍ය නිවැරදි ආදර්ශවත් දේශපාලන නායකත්වයයි. පරාජය කළ නොහැකි බවට බොහොමයක්‌ ඉහළ පෙළේ පුද්ගලයන් පුන පුනා කිවූ එල්. ටී. ටී. ඊ. ය වසර තුනකින් නිවැරදි දේශපාලන නායකත්වය යටතේ පරාජය කළ අයුරු මීට නිදසුනක්‌ වේ. එහිදී වූ ගනුදෙනු හා වංචාවන් ගැන කතා කරන්නට ඒ දිනවල යුද්ධය ජය ගැනීමට නොහැකි වූ බොහෝ අය දැන් ඉදිරිපත් වී සිටිති. එහෙත් ඊට පෙර වසර විසි හතක්‌ තිස්‌සේ විනාශ කළ අති විශාල ධනස්‌කන්ධය සහ ජීවිත ගැන ඒ අයට වගක්‌ නැත. මෙය දේශපාලන කුහකකමයි. ගෝඨාභය මහතා යුද්ධයෙන් උපයාගත් ධනයෙන් තැන් තැන්වල වතු සහ ගෙවල් මිලයට ගත් බවක්‌ තවමත් කියති. එවැන්නක්‌ ඇතොත් එය වහාම සොයාදෙන තැනැත්තාට ලියා පවරා දෙන බැව් ගෝඨාභය මහතා පුන පුනා කියද්දී එවැන්නක්‌ සොයාදෙන තැනැත්තෙක්‌ ද නැත. හරීන් ප්‍රනාන්දු අමාත්‍යතුමා ප්‍රකාශ කරන්නේ ගෝඨාභය ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙතොත් එක්‌සත් ජාතික පක්‍ෂය තරගයකින් තොරවම ජයගන්නා බවයි. එසේ නම් එතුමා කළ යුත්තේ ගෝඨාභය මහතාට මෙම තරගයට ඉදිරිපත් වීම සඳහා උදව් කිරීමයි. නමුත් එතුමා කරන්නේ ගෝඨාභය මහතාගේ පැමිණීම වැළැක්‌වීම සඳහා හැකි තරම් කරුණු කාරණා දෙඩවීමය. ඉදිරියේදීත් තව කරුණු ඉදිරිපත් කරන බව ද කියයි. ගෝඨාභය මහතාට ඉදිරිපත් විය නොහැකි යෑයි කියමින් තලතා මැතිනිය සංතෝෂ වන්නීය. හිට්‌ලර් කතාවත් වේඬරුවේ ස්‌වාමින් වහන්සේ මිස ගෝඨාභය කීවේ නැත. තවද එම කතාවට නොයෙකුත් වැරදි අර්ථකථන දෙමින් සහ එය ගෝඨාභය කිවූ දෙයක්‌ තරමටම අර්ථ ගන්වන්නේ පරාජයෙන් බේරීමට නොව ලැබෙන පරාජයේ බලවත්කම අඩුකර ගැනීමටය. එය අසාර්ථක උත්සාහයක්‌ බව හැමෝටම තේරෙන කරුණකි. ගෝඨාභය ජයගනිතැයි මෙපමණටම බය වී ඇත්තේ ඔහුගේ ජයග්‍රහණයෙන් පසු රට ශීඝ්‍ර දියුණවක්‌ කරා යැම නිසා ඔවුනට යළිත් කිසි දින බලයට පැමිණීමට නොහැකි හෙයිනි. එතුමන්ලා තේරුම් ගත යුතු කරුණ වන්නේ මේ තරම් පහත් තත්ත්වයකට වැටී ඇති මෙම රටේ බලය ලබාගන්නවාට වඩා ගෝඨාභය මහතා සවි ශක්‌තිමත් කර දෙන රටක ලිපිකරුවෙක්‌ හෝ වශයෙන් රැකියාවක්‌ කරගෙන ජීවත් වීම උතුම් සහ සැනසිලිදායක බවයි.

    මහින්ද ගෝඨාභය ද්විත්වයේ ප්‍රඥවන්ත හා එඩිතරභාවය හේතුවෙන් රටට අභය ලැබිණ. සිංහල, දෙමළ, මුස්‌ලිම් සහ අනෙකුත් ජනයාගේ බිය තුරන් විය. ආරක්‍ෂක හමුදාවල ජීවිත අවදානම පහව ගියේය. මෙම අභය ලැබීමේදී පක්‍ෂ විපක්‍ෂ භේදයක්‌ නොවීය.

    මෙනයින් බලන කල මාතෘකාවේ සඳහන් ප්‍රශ්න තුනටම එකම කෙටි පිළිතුර "ඔව්" යන්නය.
     
    Last edited:

    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala

    :cool::cool::cool::yes::yes::yes:
     
    Status
    Not open for further replies.